category
stringclasses
7 values
site
stringclasses
5 values
url
stringlengths
11
220
title
stringlengths
2
138
context
stringlengths
68
2k
id
stringlengths
30
34
context_length
int64
68
2k
context_word_count
int64
15
340
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/100-හවරද-ගවන-සබළ-96-පමවතය-සමග-අතනනත-ගනය/101-649309
100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි
දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු හමුදා ප්‍රංශයට පැමිණි මුහුදු වෙරළේදී හැරල්ඩ් සහ ජිනේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතය.2021 වසරේදී හැරල්ඩ් සහ ජිනේගේ ප්‍රේම කතාව ආරම්භ වී ඇත. ජිනේ සැබැවින්ම තම ජිවිතයේ විශේෂ චරිතයක් බවත් ඇයට හදවතින්ම ආදරය කරන බවත් හැරල්ඩ් පැවැසුවේය. හැරල්ඩ්ට මුළු හදවතින්ම ආදරය කරන බවත් ඔහු හාදු දීමට දක්ෂයකු බවත් ජිනේ ප්‍රකාශ කළාය.දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනාම ආදර සබඳතාවය ආරම්භ කිරීමට ප්‍රථම වැන්දඹුවන්ය.හැරල්ඩ් 1942 වසරේදී ඇමෙරිකානු හමුදාවට බැඳී ඇත.ඔහු සමඟ හමුදාවට බැඳුණු මිතුරන් සියල්ලම මේ වන විට මියගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. හැරල්ඩ්ගේ කලින් බිරිඳ වූ තෙල්මා සමඟ ඔහු 70 වසරක සාර්ථක යුග දිවියක් ගත කර ඇති අතර 2018 වසරේදී තෙල්මා මියගොස් ඇත.තෙල්මා මියගිය පසු හැරල්ඩ් අනෙක් කාන්තාවන් දෙස නොබැලූ බවත් ජිනේ මුලින් ගණන් නොගත් බවත් හැරල්ඩ් පැවැසුවේය.පළමු වතාවේ ගණන් නොගත්තත් දෙවැනි වතාවේදී ඇය ගැන ආදරයක් සිතුණු බව හැරල්ඩ් ප්‍රකාශ කළේය.
167b3e5cc9434b74b7416fc7_part13813
1,068
167
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/13-වසරක-ඉලලන-ක-හඟනන-කම-පරකක-වණය-ඔළවට-කටල/101-646235
13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා
වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. මාර්ටින් ලියනගේ නමැති යාචකයක වූ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා යාචකයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටද පොලිසියට නියෝග කළේය. හෝටල් හිමියා වෙනුවෙන් නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙසේ පැවසීය. ස්වාමීනී කොළඹ රථ වාහන පොලීසිය අසල හෝටලයක් පවත්වාගෙන යන මගේ සේවා දායකයා මෙම විත්ති කූඩුවේ ඉන්න යාචකයාට හැමදාම කන්න බොන්න දෙනවා.දැනට අවුරුදු දහතුනක් මොහුට ආහාර වේල ලබල දීලා තියෙන්නේ මෙම කඩ හිමියා.මොහු හැමදාම එකම වෙලාවට තමයි හෝටලයට එන්නේ.මේ කියන දවසේ කෑම පිඟාන දෙන්න විනාඩි දහයක් විතර පරක්කු වෙලා තියෙනවා.මොහු මහියංගණය පැත්තේ වැඩිහිටි නිවාසයක ඉඳලා පැනලා ආපු කෙනෙක්,කෑම වේල දෙන්න පරක්කු වුනා කියලා උරණ වෙච්ච මොහු මන්නෙ අරන් කඩ හිමියාගේ බිරිඳට ඔලුවට ගහලා ඇසට උඩින් වැදුන නිසා යන්තම් ජීවිතේ බේරිලා.මොහුට ඇප ලබා දෙනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.කොහේ ගියත් මොහු කරකැවිලා ඉන්නේ ඔතනට. කිසිල්වත්ත පොලිසිය හා අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.
f563315540224304a941e8f1_part19508
1,196
184
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/14-වන-මහලන-වට-පදගලයක-මරට/101-649768
14 වන මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට
බොරැල්ල ඩි  එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නලින් සම්පත් ප්‍රේමරත්න නමැති 24 හැවිරිදි  පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තට්ටු  18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
e90027ffe8ce455d86d1e86a_part19221
466
71
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/15-රජය-නවඩ-දනයක/101-650478
15 රජයේ නිවාඩු දිනයක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (10) පස්වරුවේ නිවේදනය කළේය. අලුත් අවුරුද්දු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ නැකත එදිනට යෙදී ඇති අතර ඒ පිළිබඳව අවදානය යොමුකර එදින රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
5ca2a2fe2e3b423a95f8900c_part15635
383
61
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/15-හවරද-සසවයන-දදන-හට-හටය-අතරදන/1-656853
15 හැවිරිදි සිසුවියන් දෙදෙනා හිටි හැටියේ අතුරුදන්
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15)  සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ ඇත. පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැත. නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත.
c32f64448b9f46d19ffb15c1_part18311
462
67
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/16-දරයට-අතවර-කළ-සසන-21-දන-රඳවම-බරයට/1-656610
16 දැරියට අතවර කළ සිසුන් 21 දෙනා රැඳවුම් බාරයට
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය. පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක තණමල්විල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබිණි. අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත. මෙම ස්ත්‍රී දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් තණමල්විල තැපැල් කාර්යාලය පිටුපස පදිංචි 39 හැවිරිදි කාන්තාවක්ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
78e79721a64b4685a3a82eee_part16375
1,123
160
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/17-සසවයත-30-පමවතත-අයස-සමග-මටට/1-648722
17 සිසුවියත් - 30 පෙම්වතාත් අයිස් සමග මාට්ටු
වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය  සමග  ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද පොලිසිය කීය. ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග  සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර , සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාවට සන්තකයේ තබාගත් බවය. සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා  අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන්  අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
aaaddbbb0fb440a68b10687a_part17645
875
124
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/1700-වත-කමකර-ගසටටව-අතහටවය/101-654589
1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද  (04) නිකුත් කළේය. වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරිණි.
065e6c3eaf6b461a9749e00e_part13423
913
134
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/19-පහළ-හටප-කරකට-නයකයග-ඝතනයට-දකක-සකපට/101-655313
19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට
අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත ප්‍රදේශයේ විසූ හිටපු කිකට්ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොල්වත්තේ ස්ථානගත කර තිබෙන ගාල්ල අපරාධ කොට්ටාසය කියයි. සැකකරුවන් අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි. හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ මහතාට වෙඩි තැබීමට පැමිණි අය සෙවීම සදහා පරීක්ෂා කරන ලද සී.සී.ටී.වී.දර්ශන අනුව මේ සැකකරුවන් දෙදෙනා බොහෝදුරට සංසදනය වන බැවින් එය තහවුරු කර ගැනීමට තව දුරටත් පරීක්ෂණ් පවත්වන බවද පොලීසිය කියයි. මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ ඝාතනය සිදු වන්නට ඇතැයි සැකකරන බවද පොලීසිය කියයි.
d083dfde334341c98a02ca24_part18638
623
92
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/2007-නඩවකට-මරවන-සලවට-ඇප/1-651620
2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය. එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය. 2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව  මෙම නඩුව පවරා ඇත. මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.
8cb8af4a614e4c6aab7fc6ae_part16863
657
99
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/2022-බද-සහනයන-කට-98000ක-රජයට-අහම-වල/101-650090
2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලා
රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් සියයට 56 ක් බව  වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් ඉටුකරමින් මුදල් අමාත්‍යාංශය පෙරේදා (31) බදු වියදම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම් වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ ඇති එක් කැපවීමක් බවත් එම කැපවීම පසුගිය වසරේ මාර්තු මස ඉටුකළ යුතුව තිබුණු බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී අයි.එම්.එෆ් මීටරයට සිදුකළ යාවත්කාලීන කිරීමේදී මෙම කැපවීම ඉටුකර නොමැති කැපවීමක් ලෙස ඇතුළත් කළ බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. අන්තර්ජාතිකව පිළිගත් හොඳම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වාර්තාවේ අරමුණ යැයි එම ප්‍රකාශයේ  දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේය.
7ccb718273ef48928e369d6e_part16466
1,244
190
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/2024-උසස-පළට-අයදමපත-කඳවය/101-653919
2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි
අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පාසල්වල විභාග අපේක්ෂකයන් විදුහල්පතිවරයා හරහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතු බවත් පෞද්ගලික අපේක්ෂකයන් තනි තනිව අයදුම්පත් යොමු කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
fed57b91d271418f8248cfdb_part19741
386
59
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/2032-ඔලමපක-දනනන-දන-තය-සදනම-වය/101-653097
2032 ඔලිම්පික් දිනන්න දැන් තියා සූදානම් වෙයි
2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව 2032 බ්‍රිස්බේන් ඔලිම්පික්  තරගාවලියේදී පදක්කම් දිනන රටක් ලෙස අදිටන් කර ගනිමින් පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. එසේම කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩකාවන් 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගී කරවා සැලකිය යුතු පරිසාදන මට්ටමක් ළඟා කර ගැනීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනු ලබයි. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
dfd1c714c3ed422ca14371ff_part18996
850
121
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/21-22-සර-සල-වහය/101-658294
21-22 සුරා සැල් වහයි
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
6142728fcd9b45b1b8fc0ff6_part15756
206
31
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/22-කල-යය/101-655330
22 කල් යයි
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය. විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය. මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගන්නා බවයි. ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.
d19bcc1d7e6e4d178943401a_part18666
756
108
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/22-ජනපත-ඡනදයට-බධවක-න/101-655414
22 ජනපති ඡන්දයට බාධාවක් නෑ
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවෙන දිනය කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇතැයි  කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
e1b81f4aa00a4942904de573_part19045
443
63
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/35-000කග-වදලය-බඳ-වටල/101-653050
35,000කගේ විදුලිය බිඳ වැටිලා
අයහපත් කාලගුණයේ බලපෑමෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් අනාරක්‍ෂිත තත්වය හේතුවෙන් කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ පමණක් විදුලි විසන්ධි කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය අද (3) පස්වරුවේ පැවසීය. එම විදුලිය විසන්ධිවීම් 35,000 ක සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා අළුයම 2.00 සිට අද (3) පෙරවරුව දක්වා වාර්තා වූ බව කී එම මණ්ඩලය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ දෙණියාය ඇතුළු ප්‍රදේශ කීපයක විදුලි සැපයුම විසන්ධි කර නඩත්තු කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය. එම ප්‍රදේශවල නඩත්තු කටයුතු අවසන් කළ වාහාම සැපයුම යථා තත්වයට පත්කරන බවත් ඇතැම් ස්ථානවල අඩි කීපයක් වතුර පැවතීම නිසා නඩත්තු කටයුතු සඳහා ළගාවිය නොහැකි වී ඇති බවත් එම මණ්ඩලය පැවසීය. ගස් කඩාවැටීම් ආදි ආපදාවන් හේතුවෙන් විදුලිබල මණ්ඩලය සතු දේපළවලට හානි වී තිබුණ ද මේ දක්වා ඒවායේ වටිනාකම තක්සේරු කර නොමැති බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
2e6577d606e04fb2a862918e_part14443
827
137
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/4000ක-ම-වසර-ගර-වතතයට/1-650173
4000ක් මේ වසරේ ගුරු වෘත්තියට
වසර තුනකට පසු මෙම වසරේ දී  4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත්උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි. උපාධිධාරී ගුරුවරුන් 2320කට  පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි. ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
fd5c596cc62a4369bde88c1f_part19710
805
118
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/57-වන-අලත-සහල-මගලයය-හට/1-650222
57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට
2023 මහ කන්නයේ දී  ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන  ජාතික අලුත් සහල් මංගල්‍යය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී හෙට (06) පැවැත්වේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ‌ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද  සහල් ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙයි. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන  ගොවීන් අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීම සඳහා  අනුරාධපුරයට පැමිණිම සිරිතකි. එළඹෙන යල කන්නයේ අස්වනු සරුසාර කර ගැනීම සඳහා දෙවියන් බුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම අලුත් සහල් මංගල්‍යයේ අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
18e0bc82b0494d59b50f0926_part13884
659
101
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/63-000ක-අය-කරගනන-ලකෂ-3ක-වයකරල/1-647188
63,000ක් අය කරගන්න ලක්‍ෂ 3ක් වැයකරලා
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්‍ෂ 3කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පත්කළ අතර එම කමිටුව අවස්ථා කීපයකදී රැස්වී තිබේ. එම පරීක්‍ෂණයෙන් පසුව මණ්ඩලයෙන් ගෙවූ රුපියල් 63,000 ක මුදල අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරියගෙන් අයකරගැනීමට තීරණය කර ඇති බවත් අදාල උසස් නිලධාරිනියට හෝ එයට සම්බන්ධ වෙනත් සෙසු කිසිඳු පුද්ගලයෙක්ට දඩුවම් පනවා නොමැති බවත් එහි සේවකයෝ කියති. එම විමර්ශනය පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවත් එහිදී ද මණ්ඩලය විශාල මුදලක් නාස්ති කර ඇති බවත් එහි සේවකයෝ පවසති. මෙම වියදම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කළ විමසුමකදී පැවසුවේ පරීක්‍ෂණය සඳහා කොපමණ මුදලක් වැයවූයේ ද යන්න නොදන්නා බවත් පරීක්‍ෂණ මණ්ඩලයට ගෙවීමක් කිරීම සාමාන්‍ය තත්වයක් බවත්ය. එම ගෙවීම් පිළිබඳව සොයා ලබා දැනුවත් කළ හැකි බව සභාපතිවරයා සඳහන් කර දින කීපයක් ගතවුව ද දැනුවත් කිරීමක් නොවීය. අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ. ‘ලංවිම ලොක්කියක - හැටතුන්දාහට ගත් සපත්තු - බෑග් බිල මණ්ඩලයෙන් ගෙවලා’ යන ශීර්ෂය යටතේ එම සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් මස 24 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ අතර ඒ හරහා අදාල සිද්ධිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා දැනුවත් වීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කළේය.
6c93fd3047fd47868b1c70b0_part16082
1,638
245
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/71පරගම-සමජවද-සවධනයන-අනරට-ලපයක/1-650275
71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක්
යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක  මහතාට  ලිපියක් යොමු කරමින් ඉල්ලා  ඇත ඉදිරි ජනාධිපතිවරණය පසුබිම් කරගෙන යලිත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන බව නිරීක්ෂණය වන බැවින් මෙම ඉල්ලීම කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත එම සංවිධානයේ  කැඳවුම්කරු  කල්‍යාණ  කරුණාරත්න මහතා විසින් දිසානායක  මහතා  වෙත මෙම ලිපිය යවා තිබේ.
521f9ac164db4966949aef77_part15378
499
77
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/78ආචච-දෂණය-කළ-17-කලල-රමනඩ/101-654680
78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්
බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා  නියෝග කළේය. සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කළේය. බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය. ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍ය වරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි. එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියාය. බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.
a2c25ea66f9f4a3f95057634_part17429
1,198
179
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/8-ක-මර-දමදද-බලගන-සටයය-පලසය-5ක-දව-ඇත-තක-හර/101-651163
8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ
කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය. විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා තවදුරටත් නියෝග කළේය. මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර උප පොලිස් පරික්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්‍රේමතිලක සහ අර් ආර් සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය. නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ. එම්. මයුරසේන යන විත්තිකරුවන්ය. 1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.
bbaa42d539a943eca99b21bc_part18093
1,439
211
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/80-හවරද-මතතනයග-මරණයට-මණපර-සකපට/101-649073
80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට
බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර  සිටි 80 හැවිරිදි  මිත්තණියක් මියගිය ගොස් ඇතැයි  මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි බඩල් මුහන්දිරම්ලාගේ නන්දාවතී (80) සිව් දරු මවකි. මියගිය වයෝවෘද්ධ කාන්තාව නිවස ඉදිරිපිට ගේට්ටුව අසල රැඳී සිටියදී නිවසේ සිට වෙළඳසැලට දිව යමින් සිටිදී  අතින් එම ස්ථානයෙන් ඉවත් කරමින් දිව ගොස් ඇති අතර එහිදී ඇය බිම ඇද වැටී තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. එහිදී වහා ක්‍රියාත්මක වූ ඇයගේ දියණියන් තුවාල ලද කාන්තාව කළුබෝවිල ශීක්ෂණ  රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. දහතුන් හැවිරිදි මුණුපුරා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම හිතාමතා තල්ලු කිරීමක්ද නැතහොත් අහම්බයකින් සිදුවූවක්ද  යන්න පිළිබදව ප්‍රශ්න කර බව පොලීසිය කියයි.
a71b17a7df16448c8a16ece4_part17574
793
124
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/EPF-ඩජටල-වය/101-653917
EPF ඩිජිටල් වෙයි
මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ  ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත. නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත  පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත. ජනතාවගේ ආරක්ෂාව සඳහා එය  අත්‍යවශ්‍ය කාරණයක් බවද දැනුම් දී ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
96dc9e172ae14e2e94002c22_part17147
630
93
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/IMF-නයජතය-රනල-අතර-හමවක/101-656035
IMF නියෝජිතයෝ - රනිල් අතර හමුවක්
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදල පිළිබඳ සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ බව සේමසිංහ මහතා පැවැසුවේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ(31) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණගැසුණේය. නියෝජිත පිරිස මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියේ මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසු විපරමක් කිරීමටත් මෑතකදී සිදුවූ ආර්ථික වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටි බවයි.
03d31ad6a9bb425ba39f82f0_part13357
693
98
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/IP-සමනග-නඩවකට-දන-දය/101-655214
IP සමන්ගේ නඩුවකට දින දෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අනිද්දා(18) විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය නියෝග කළේය. දෙපර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළේය.
114aeda206174cbdb9191bdb_part13690
357
49
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/PHI-ඝතකය-ගලකසසද-මටට/1-654572
PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු?
ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල්  රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව කියන අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි එම වෙඩි  තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ  දහයක් අඩංගු මැගසිනය  මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
aa6585250b61415085c804d8_part17641
493
77
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/T-20-කසලනයට-යන-අප-කණඩයමට-චනගගන-සභ-පතම/1-651571
T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකන් තානාපති කාර්යාලයේදී මුණගැසී සුබ පැතුවාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා නිසැකවම ඇමෙරිකාව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇතැයි තානාපතිවරිය පැවැසුවාය.
3bdcfbc96ef54265b0f8e36f_part14795
346
46
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/T20-ලක-කසලන-තරඟයට-එකවන-කණඩයම-ඇමරකවට/1-651970
T20 ලෝක කුසලාන තරඟයට එක්වන කණ්ඩායම ඇමෙරිකාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ . මෙම තරගාවලිය එළඹෙන ජූනි මස 01 දින සිට ජූනි මස 29 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය . ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංග විසින් හොඹවනු ලබන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා විසින් දරනු ලැබේ . ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු , අතිරේක ක්‍රීඩකයින් 04 දෙනෙකු සහ කළමනාකරුවන් , පුහුණුකරුවන් , වෛද්‍යවරුන් , භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇතුළත් වී සිටියහ . මෙම ශ්‍රී ලංකා කණ්ඩායම අද(14 ) එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් මුළින්ම ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය .
03c06c7a03f34b09bf644914_part13355
786
129
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/VAT-ගස-සරගල-යපනය-අහස/101-646232
VAT ගැසූ සරුංගල් යාපනය අහසේ
තෛපොන්ගල් උදාවෙන් පසුව  යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය  විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි. යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනයේ සහ මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙලිය විග්නේස්වරා ජනසමූහ සමාජය විසින්  සංවිධානය කර තිබිණි. වෙහෙසට පත් වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බැවට යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසීය. කෙසේ වෙතත් පසුගියදා ලොවම කතාබහට ලක් වූ ටයිටන් සබ්මැරීනය ආදි විවධ මාතෘකා යටතේ කරත්ත, මාළිගාවන්, සත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ.
131a3a63c6e1455592c6a11d_part13733
604
83
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අ-පරට-භ-කමපනයක/101-655381
අ'පුරට භූ කම්පනයක්
අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ  පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක්  සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි. නිවසක සාලයේ අතුරා තිබූ ටයිල් කැට කිහිපයක්, විශාල ශබ්දයක් සහිතව පොලවෙන් මතුව තිබූ අතර, තවත් නිවසක දොර ජනෙල් සහ ඇඳක් දෙදරා ගිය බව ඔවුහු පවසති. මෙම භූ කම්පනය පස්වරු 1.25ට පමණ ඇතිවූ බව ප්‍රදේශවාසින් කියයි
423e83cea4f24b27b1da13e1_part14968
335
57
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අපර-එළමහන-සරකදවරන-රදවය-02ක-පනයත/1-649906
අ:පුර එළිමහන් සිරකදවුරෙන් රැදවියෝ 02ක් පැනයති
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි  සිරකරුවන් දෙදෙනෙකු  ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ. මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. අනුරාධපුර බන්ධනාගාරයේ  එලිමහන් සිර කඳවුරු භූමියට අයත් ජයන්ති මාවතේ, මහජනතාවට විවෘත කර ඇති බන්ධනාගාර  ආපන ශාලාවේ සේවය සදහා යොදවා සිටි මෙම රැඳවියන්  දෙදෙනා, ඔවුන්  පැළඳ සිටි  බන්ධනාගාර සිර ඇඳුම් ඉවත් කොට වෙනත් ඇඳුම් පැළඳ මෙසේ පලා ගොස් තිබේ. පලා ගිය මෙම සිරකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා  අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සමග එක්ව  මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කළේය.
721c8e9cb8ae4197add77e14_part16217
628
95
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගජන-සරත-ජනපතට-සහය-දත/101-657207
අංගජන් -සාරතී ජනපතිට සහාය දෙති
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හ. අංගජන රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර සාරතී දුෂ්මන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්විය.
ba4da1f4225e4f3f9a78e3a3_part18058
445
62
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අකකර-12ක-හරන-ලයගන-කල-කර-වකණල/101-647682
අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා
කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නූර් මොහොමඩ් හිල්මි නමැති රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි නම් පුද්ගලයකු අයිති මෙම ඉඩම රජයේ ව්‍යාපෘතියකට බව පවසා එම පුද්ගලයාගෙන් ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් අයකු අන්ධ පුදගලයකු නමට ලියා ගෙන ඇත. පසුව එම ජාවාරම්කරුවන් සාදයකට යැයි පවසා අන්ධපුද්ගලයා රැගෙන ගොස් හොඳහැටි බොන්න දී ඇපයකට බව කියමින් අත්සන් ලබාගෙන එම ඉඩම ජාවාරම්කරුවන් නමට ලියවාගෙන පසුව කට්ටිකර විකුණා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මෙම කට්ටිකර විකිණීමෙන් කෝටි ගණනක් ජාවාරම්කරුවන් උපයා ඇතැයි අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු වන කැකිරාව රත්මල් කන්ද ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයකු , අනුරාධපුර නගරයේ සහ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි. මෙම ඉඩමේ මුල් අයිතිකරුවන නූර් මොහොමඩ් හිල්මි විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
a15708b4e71944858a15c22e_part17393
965
143
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අකකර-දක-වගවටත-පතරම-තවකක/1-646471
අක්කර දෙකේ වගාවටත් පතරොම් තුවක්කු
අක්කර දෙකක් වගා කරන ගොවීන්ටත් වන සතුන්ගෙන් වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දීමට නීති සංශෝධනය කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ වන විට පතොරම් තුවක්කු ලබා දෙන්නේ අක්කර පහකට වැඩියෙන් වගා කරන ගොවීන් සඳහා පමණි. මොරගොල්ලාගම, කටුපිටිගම, මූණමලේ වැව, බළල්ල ,බොරවැව,  නියඳගම හා නිකවැව  ප්‍රදේශ ගණනාවක ගොවි ගැටලු සාකච්ඡා කිරීමට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය. මෙහිදී ගොවි ජනතාව අමාත්‍යවරයාට පැවැසූයේ රිලව්, වල් ඌරන්, දඩු ලේනුන්ගේ  හානිය නිසා වගා අත් හරින තැනට පැමිණ ඇති බවයි.
cc1f4537da844b359fcd33b2_part18526
539
87
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අකකරයපතතව-රහල-හටප-වදය-අධකරවරයකට-වරධයක/101-653093
අක්කරෙයිපත්තුව රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක්ට විරෝධයක්
අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා  නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය. මෙම වෛද්‍ය අධිකාරිවරයා පැමිණීමට විරුද්ධව අක්කරෙයිපත්තුවමුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යරුන් කණ්ඩායමක් ද විරෝධතාවය පැවැති ස්ථානය පැමිණ විරෝධයට සහය දැක්වීය. මීට වසර කිහිපයකට පෙර ජවාහිර් නැමැති වෛද්‍ය අධිකාරිවරයා මෙම රෝහලේ සේවය කර ඇති අතර එම අවස්ථාවලදි නිතර නිතර වෛද්‍යරුන් සහ සේවක මණ්ඩලය අතර ගැටිම් ඇති කරගත් පුද්ගයෙක් බවද රෝහල් කමිටු සාමාජිකයක්  පැවසීය. විවිධ සටන් පාඨ පුවරු රැගත් රෝහල් කමිටු සාමාජිකයින් සටන් පාඨ කියමින් පැය දෙකකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර මේ වෙනවිට පවතින තත්වය පිලිබදව රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරාය දැනුවත් කර ඇති බවද සදහන් කළේය.
81fbd0fffb784bdc83c1cfb6_part16598
835
119
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අකක-නඟ-වතර-වළට-බල/1-652922
අක්කා නඟෝ වතුර වළට බිලි
යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කයිට්ස් , සින්නමඩුව ප්‍රදේශයේ පදිංචි නිරංජන් විදූෂා නැමති වයස අවුරුදු 11 සහ නිරංජන් අනුෂ්කා නමැති වයස අවුරුදු පහක් වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. දරුවන් දෙදෙනා පාපැදියක නැඟී අසළ කඩයකට ගොස් ඇති අතර, දරුවන් කඩයට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වළේ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.
56ecd8b6e33d469ea72a730f_part15483
598
87
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අකමමන-ඝතකයන-දදන-රතමලනන-අලලය/101-651831
අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි
අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. අක්මීමන කුරුන්දකන්ද හරස්පාර පස් මළුව  පදිංචි ප්‍රසන්න කුමාර නමැති (42) හැවිරිදි පුද්ගලයකු ඉකුත් 09 දා රාත්‍රී කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු කැත්තකින් සහ කඩුවකින් ගෙලට පහරදී ඝාතනය කොට තිබුණි. පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බව පැවසේ. පසුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකුගේ  ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි සැඟව සිට තිබේ. පසුව මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ විමර්ශන කණ්ඩායමක නිලධාරීන්  සැකකරුවන් දෙදෙනා රත්මලාන ලැගුම්හලේ රැඳී සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.
51dac71aa7bb44e7a8e56512_part15373
800
115
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අකණ-සර-වදමන-ගවයන-මරල/1-651975
අකුණු සැර වැදිමෙන් ගවයින් මැරිලා
නාවලපිටිය ප්‍රදේශයට ගිගුරුම් සහිත වැසි පතිත විමත් සමඟ අකුණු සැර වැදිමෙන් තෘණ බිමක ගැට ගසා සිටි එළගවයින් තිදෙනෙකු සහ එක් ගවයෙකු මියගොස් ඇතැයි  නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය පොලිස් වසමට අයත් දොළොස්භාග පාරේ ගලමුදුන වතුයායේ තෘණ කෑම සදහා ගැට ගසා සිටි ගවයන් සිව්දෙනෙකුයට (13) දින පස්වරු පහට පමණ  අකුණු සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය කියා සිටියේය. අකුණු සැර පතිත වි ඇති ස්ථානායේ විශාල වලක් ද හැරි ඇති බවත්, මියගිය සතුන්ගේ වටිනාකම ලක්ෂ අටක් වන බව ගොව්පොල හිමිකරු කියා සිටියේය.
b3b339a5f9a54ebb9e5b85a6_part17880
499
82
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අකණ-සරන-අයය-නග-මරට/101-651257
අකුණු සැරින් අයියා නගෝ මරුට
මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ  දිලීප ප්‍රබෝධ ගුණරත්න සහ ඔහුගේ බාල සහෝදරිය වන රත්තොට දන් කන්ද දන්කන්ද විද්‍යාලයේ (8) ශ්‍රේණියේ ඉගෙනුම ලබන  ඕසදි සෙව්වන්දි ගුණරත්න නැමැති අයයි. මෙම සිදුවීම ඊයේ (29) වන දින සවස 6.30 පමණ සිදුව ඇති අතර දන්කන්ද ප්‍රදේශයට එදින සවස ඇදහැලුණු වර්ෂාවත් සමඟ අකුණු කිහිපයක් පතිත වී ඇති බවත් අවට නිවාස රැසකම විදුලි මීටර් හා විදුලි බල්බ රූපවාහිනී ඇතුළු උපකරණ රැසකටම හානි සිදුවී ඇති බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති. අනතුර සිදුවීමත් සමග අසල්වාසීන් එක්ව අනතුරට පත් වූ දියණිය හා තරුණයා රත්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් අදාළ තරුණයා හා දැරිය මරණයට පත්වී ඇති බව රත්තොට රෝහල සඳහන් කරයි.
6c5b7c01a87c48cc8d00a11b_part16074
806
135
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගනවර-නගර-සභව-සවක-හඟයක/101-650268
අගනුවර නගර සභාවේ සේවක හිඟයක්
ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, සහකාර ලේකම්, පුස්තකාලාධිපති ඇතුලු ප්‍රධාන නිලධාරී පුරප්පාඩු රැසක් ඇති නිසා නගරසභා සේවා සිදු කිරීමේ දුෂ්කරතා රැසක් මතුව ඇතැයි හිටපු නාගරික මන්ත්‍රි ප්‍රභාත් විද්‍යාපති  පැවසීය. ප්‍රදේශයේ කානු පද්ධති පිරිසිදු කිරීම් මාර්ග පිරිසිදු කිරීමේ වැනි කටයුතු උද්‍යාන නඩත්තු කිරීම් අඩාල වෙමින් පවතින බව පැවසී. සභාව තුළ රියදුරු පුරප්පාඩුද පවතින බව සඳහන් කළ ඒ මහතා විවිධ ස්ථානයන්වල කසල ඉවත් කිරීමේ ගැටළුද පවතින බව පැවසීය. ලංකාවේ අග නගරය වන කෝට්ටේ බල ප්‍රදේශයේ ඩෙංගු වැඩිවීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන අතර කුණු ඇදීම අඩපණවීම සිදුවෙමින් පවතින බවච පැවසීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැඩි වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කළත් ඔහුට දැරිය හැකි සිදුකළ හැකි සේවාවන්වල සීමාවක් පවති.
34163a95bbc548469134f06b_part14594
850
129
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගමනයන-පනන-ඊජපත-ජතකය-කටවය/101-651123
අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ . වීසා නොමැතිව රැඳී සිටි එම ඊජිප්තු ජාතිකයා අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන තෙක් කොළඹ ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වැනි දින එම රඳවුම් මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබේ. එසේ පලා ගිය ඊජිප්තු ජාතිකයා මහනුවර ප්‍රදේශයේ ඒ. ඒ. ධර්මසේන මාවතේ පිහිටි ලැගුම්හලක රැඳී සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
74f16e1b9ce24287a3e4330a_part16284
584
91
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අගමත-ගය-යනය-දෂයකන-මතර-තනයමට-හන/1-648610
අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී
රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට  දැඩි අලාභ හානි සිදු විය. විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය. කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය. ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි. නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය. අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි. ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය. අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.
4c6a8694297245f8800fa14e_part15231
1,537
247
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගමත-චන-ජනපත-හමවය/101-649834
අගමැති චීන ජනපති හමුවෙයි
චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි. එහිදී චීන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුහදව පිළිගත්තේ ය. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
28fef73e18114803b661b0ed_part14295
386
58
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගමත-චනය-බල-පටතවය/101-649676
අගමැති චීනය බලා පිටත්වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පස් දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා චීන රජයේ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරය සදහා එක් වී ඇති අතර , මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට චීනය විසින් ලබා දී ඇති , දැනට ගෙවීම් අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකගතා ඇති කර ගැනීමට නියමිතය . අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ශ්‍රී ලංකා දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද මෙම සංචාරය සදහා එක් වී සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
1a505226f92345f8b3bbd91c_part13927
562
93
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අගමත-දනෂ-චනට/1-649633
අගමැති දිනේෂ් චීනෙට
චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ඊයේ(23) ප්‍රකාශ කළේය. දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටට වැදගත්කමක් ඇති ද්වි පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය. එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කරනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය
09f27c8fdffa4cba84230817_part13497
688
105
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගමත-සනක-චලස-රජත-පරදය/101-652228
අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. සුනක්‌ යුවලගේ වත්කම 2024 වසරේදී ස්ටර්ලිං පවුම් මිලියන 529 සිට 651 දක්වා වැඩිවී ඇති බවද එරට ටයිම්ස් පුවත්පත සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් 1000 බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගියදා ප්‍රකාශයට පත කළ අතර එහිදී සුනාක් යුවළට 245 වැනි ස්ථානය හිමිවී තිබූ අතර ඔවුන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 651 ක් ලෙස සඳහන් විය. තෙවැනි චාල්ස් රජුට එම ලැයිස්තුවේ 258 වැනි ස්ථානය හිමිවී තිබූ ඔහුගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 610 ලෙස සටහන් වූවේය. සුනාක් පවුල පසුගිය වසරේදී සිය වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 122 කින් වැඩි කර ගනිද්දී තෙවැනි චාල්ස් රජුට වත්කම වැඩිකර ගැනීමට හැකිවී ඇත්තේ ස්ටර්ලිං පවුම් මිලියන 10 කින් පමණක් බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මෙලෙස විශාල ප්‍රමාණයකින් සුනාක් පවුලට සිය වත්කම් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අක්ෂාටා මුර්තිගේ පියාගේ ව්‍යාපාර හේතුවෙන් බව එම පුවත්පත පෙන්වා දුන්නේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ධනවත්ම යුවළ වන්නේද සුනාක් යුවළ බව බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.අග්‍රාමාත්‍ය සුනාක්ගේ තනි වත්කම අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ වතක්මට වඩා වැඩි බව එම පුවත්පත සඳහන් කළේය.
f972ef3a92304bd393a800d6_part19616
1,191
183
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගරදගර-මර-තමනට-සඩන-නවරද-පහ-පහරක/101-650605
අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු පිහි ඇනුමට ලක්වන ආකාරය පිළිබඳ දැක්වෙන නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයේ සීඝ්‍රයෙන්  හුවමාරු වන බවත් එම වීඩියෝවේ අගරද ගුරුවරයා අල්තාරය මත දී පිහි ඇනුමට ලක්වන අයුරු දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අගරදගුරුවරයාට සහ තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට පිහියෙන් ඇන ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේය. නමුත් පිහි ඇනුමට ලක්වූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේය.
0be567db5665445f898a8561_part13560
625
92
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගලවතත-පලස-සථනධපත-ගන-ස-අය-ඩ-පරකෂණයක/101-649716
අගලවත්ත පොලිස් ස්ථානාධිපති ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණයක්
විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙක් යැයි කියන ධර්මසිරි පෙරේරා නොහොත් රත්මලානේ ඇල්ටෝ ධර්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබෙන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෛන් පරීක්‍ෂණයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. විදේශ රටක සැඟවී සිටින ධර්මසිරි නමැත්තා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අතර දුරකථන සංවාදයක හඬපටයන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ ඔහුගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බවත් 2020 වසරේ අදාල සංවාදය වන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ. මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඔහු විමර්ශනයක් කිරීමට පවරා තිබුණ ද එම විමර්ශනය අතරමග නැවතී තිබේ.
b9edb0ce1561449c88bdf2e2_part18042
774
112
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගවනසරගන-කතනයකට-ලපයක/101-655025
අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්
පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද  සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා කතානායකවරයා ටලිපියක් යොමු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය  හරහා භාවිත කරනබවද අගවිනිසුරුවරයා තවදුරට ත් සඳහන් කර තිබේ.
a28a6e1e5ca4471d868d2db3_part17423
335
47
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අගනදග-සරසවය-ඔලවල-මණඩපය-ජලයන-යටවය/1-645971
අග්නිදිග සරසවි‌යේ ඔලුවිල් මණ්ඩපය ජලයෙන් යටවෙයි
දින කීපයක සිට  ඇදහැලෙන අධික වැසි සමග පවතින අයහපත් කාලගුණයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත්  ඔලුවිල් මණ්ඩපය ද,  ජලයෙන් යටවී  තිබේ. මේ හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති අතර, පාලනාධිකාරිය පසුගිය 9 වැනිදා සිට සිසුන්ට නිවාඩු ලබාදී තිබේ . මේ අතර අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පාර නාගරික  බලප්‍රදේශයේ පිහිටි සුදුවැල්ල  ග්‍රාමයේ  නිවාස  ජලයෙන් යටවීම  නිසා, එහි පදිංචි පවුල් 48 කට අයත්, 177 දෙනෙකු  අම්පාර  මහාවාපී  මහා  විහාරයේ  තාවකාලිකව ස්ථාපිත කරඇති   ආරක්ෂිත මධ්‍යස්ථානය කර යාමුකර ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
ad90b0a253f44c8fbc0adae9_part17726
560
84
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගණකලපලසසට-චන-හල-මලක/101-645726
අගුණකොලපැලැස්සට චීන හාල් මෝලක්
අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ  හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. සහල්  නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර  සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින්  බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක්  ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය. රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් අපි සකස් කරන බව අමාත්‍යවරයා කීය. චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා කීය.
25b9212568be49fcb7866436_part14223
689
112
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අගසත-ඉනධන-මල-වනසක-න/101-656024
අගෝස්තු ඉන්ධන මිලේ වෙනසක් නෑ
ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.
ade733c231cc41178589fbf0_part17737
208
38
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අඟහර-ගවෂණ-ආදරශ-මහයමට-ලක-දයණයක/101-650732
අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලක් දියණියක්
ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත. පසුගියදා එම ආදර්ශ මෙහෙයුමට සහභාගී වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ අතර එම කණ්ඩායමට ආචාර්ය පියුමි විජේසේකර මහත්මිය සමඟ ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ සහ ෂරීෆ් අල් රොමේති ඇතුළත් වූහ.ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස අතරින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නාසා ආයතනය තෝරා ගත්තේය. ආචාර්ය විජේසේකර මහත්මිය සහ ඇයගේ කණ්ඩායම අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමට සහභාගී වීම සඳහා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ආදර්ශ ගවේෂණ මෙහෙයුම් සඳහාම නිර්මාණය කරන ලද හේරා නමින් හැඳින්වෙන මහල් තුනකින් යුත් ආකෘතියට මැයි මස 10 වැනිදා ඇතුළු වීමට නියමිත අතර ගගනගාමින් ලෙස ජීවත් වෙමින් සහ වැඩ කරමින් දින 45 ක කාලයක් හේරා තුළ සිටීමට නියමිතව ඇත.ලබන ජූනි 24 වැනිදා ආචාර්ය පියුමි විජේසේකර මහත්මිය සිය කණ්ඩායම සමඟ හේරා ආකෘතියෙන් පිටතට පැමිණීමට නියමිතය. චන්ද්‍රයාට, අඟහරු ලෝකයට සහ ඉන් ඔබ්බට ගවේෂණ කටයුතු සඳහා ගගනගාමීන් යැවීමට ප්‍රථම එහි පරිසරයට ඔවුන් හුරු කිරීම සඳහා නාසා ආයතනය හේරා ආකෘතිය භාවිත කරනු ලබයි.එම ආදර්ශ අඟහරු ගවේෂණ මෙහෙයුමේදී විජේසේකර මහත්මියගේ කණ්ඩායම විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත අතර අතත්‍ය තාක්ෂණය භාවිත අඟහරු ලෝකය මත ඇවිදීමටද නියමිතය. ආචාර්ය පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි.ඇය 2015 වසරේදී ඇමෙරිකාවේ සැන් ඩියේගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගෙන ඇති අතර පිට්ස්බර්ග් හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 2017 වසරේද ආචාර්ය උපාධිය 2022 වසරේද ලබාගෙන ඇත. විජේසේකර මහත්මිය ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ජීවත් වන අතර ඇය සංගීත සංදර්ශන වලට සහ ප්‍රසංගවලට සහභාගී වීමට ප්‍රිය කරන්නියක වන අතර පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමටද ප්‍රිය කරන්නීය.ඇය කියවීමට, කඳු නැගීමට සහ ආහාර පැන්ට්‍රියේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමටද ප්‍රිය කරයි.
5d0191c5ef0b4c40b8532eed_part15647
1,990
293
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අඟණකලපලසස-රඳවයක-පන-ගහන/1-650424
අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින්
හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙකි . ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව පොලිසිය පවසයි . පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරින් හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර පොලිසි සමඟ එක්ව පරීක්ෂණ පවත්වති .
b41145c173794e4db3bb2379_part17889
425
58
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අජත-පලසය-වරද-හයන-කමටව-සභපත-පටවට/101-649761
අජිත් පොලිසියේ වැරදි හොයන කමිටුවේ සභාපති පුටුවට
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්‍ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ. මෙම පරීක්‍ෂණ ප්‍රමාද වීම නිසා විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ද, සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගේ උසස්වීම නතර වී ඇති බවත් එම ප්‍රමාදයන්වලට පිළියමක් ලෙස මෙම කමිටුව පත්කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව කීය.
d3d3f4b681304eb38413871a_part18729
471
69
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අටලගම-දරය-මර-නරමය-වසර-27ක-හරගට/101-647688
අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට
දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු කර ඇති මෙම සාහාසික අපරාධය හේතුවෙන් අහිංසක මල් කැකුලකට සිය දිවියෙන් වන්දි ගෙවවීමට සිදුව ඇති හෙයින් මෙවැනි අපරාධයන් කරන සමාජයේ සෙසු අපරාධකරුවන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඔස්වල්ඩ් ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට එලෙස දඬුවම් නියම කළේය. මීට වසර 02කට පෙර බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බණ්ඩාරගම අටුළුගම පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් හෙවත් පල්ලිකුට්ටි නමැති විත්තිකරුවකුටය. විත්තිකරුට එරෙහිව ලඝු නොවන මුලික සාක්කි විභාගයක් නොපවත්වාම නීතීපතිවරයා කෙළින්ම මහාධිකරණයේ නඩු පවරන ලදී. (ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
1206b3693250411fb847c6de_part13705
1,053
156
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අඩමතටටම-ව-යඑනප-පකෂකයනට-වනද/1-650274
අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ. 1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි. එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා කීය.
8be40388480346009c2ec685_part16837
971
157
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අඩ-බර-පන-වටලම-අරඹය/1-647185
අඩු බර පාන් වැටලීම් අරඹයි
ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වැටලීම් රට පුරා ක්‍රියාත්මක කරන බවත් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන්වල නියමිත බර ප්‍රමාණය තිබිය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
fde03838b0ba427997d2c784_part19724
374
54
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අඩවට-කළ-බඩ-දනන-සසථව-එකඟ-වය/1-646329
අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි
ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. වෙළෙඳපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ ඇති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන  මිල අයුතු ලෙස ඉහළ දමා නැති බව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනී ගුණසේකර මහත්මිය පැවසුවාය. කෘෂිකර්ම හා  වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල  කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයකටද සහභාගී වූ අතර මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම  සම්බන්ධයෙන් එම මණ්ඩලයේ කළමනාකාරීත්වයට කෘතඥතාවය පළ කළේය.
833ac8a2bd95407ea186513d_part16629
751
117
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අණ-නතක-කබ-රයට-වඩ/101-654026
අණ නොතැකූ කැබ් රියට වෙඩි
වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි. නීති විරෝධි දැව ජාවාරම් වැටලීම සඳහා එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත  පොලිස් නිලධාරීන් හප්පා අනතුරට පත්කොට පලායාමට උත්සහ කළ කැබ් රථයකට එලෙස වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කෙළේය. වෙඩිතබන අවස්ථාවේ කැබ්රථයේ  සිටි ජාවාරම්කරුවන් කැබ් රථය දමා පලාගොස් අ‍ැති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් 17 ක් සිය බාරයට ගත් බවත් පැවසීය. කැබ්රථයට වෙඩි ප්‍රහාර පහක් එල්ලකිරීමෙන් අනතුරුව රථය දමා ජාවාරම්කරුවන් පැනගිය බවත් පැවසීය.
176b40c63b8548648df6445f_part13844
583
91
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අණ-නතක-ටපරයට-වඩ/101-649290
අණ නොතැකූ ටිපරයට වෙඩි
මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය භාරයට ගත් බව පොලීසිය කියයි. ඔඩ්ඩුසුඩාන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මත්දුව්‍ය ජාවාරම් හේතුවෙන් පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් මාන්කුලම් මුලතිව් ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කරන ලද අතර එහිදී මාන්කුලම් සිට පුදුකුඩිඉරිප්පු දෙසට ධාවනය වූ ටිපර් රථයකට මෙලෙස වෙඩි තබා ඇත. ටිපර් රථ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ටිපර් රථයේ පසුපස රෝදවලට වෙඩි තබා ටිපර් රථය නවතා එහි රියදුරු පොලිස් භාරයට ගනු ලැබීය. ටිපර් රථයේ නීතිවිරෝධී කිසිවක් හමු නොවී ඇති අතර රියදුරු පොලිස් අණනොතකා ධාවනය කිරීමට හේතුව අනාවරනය වී නොමැත.
de7372288f47402180887374_part18969
776
118
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අත-හට-කට-සහය-දයද/1-655948
අත - හෙට කාට සහය දෙයිද?
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මහතා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට(31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය.එහිදී බහුතර  පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවද හෙතෙම කීය. පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බව පැවසු ඒ මහතා මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල  වාරණයට ලක් කර ඇති හෙයින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද මහලේකම්වරයා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ජනතාව අතර ඉදිරියෙන්ම තිබෙන පක්ෂයක් බව පසුගිය දිනවල  වැල්ලවාය හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පැවැත්වූ මහජන  රැස්වීම් වලින් තහවුරු බවය තවම ජනතාව පක්ෂය කෙරෙහි මහත් උනන්දුවෙන් බලාපොරොත්තු තබාගෙන තිබෙන හෙයින් මීළඟ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය නොදෙවෙනි තැනක් හිමිකර ගනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය. පක්ෂයෙන් ඈත්ව ගිය  සියලු කණ්ඩායම්වලට නැවත  පක්ෂය හා බැඳී කටයුතු කිරීමට එක්වන ලෙස ද ඒ මහතා ආරාධනා කළේය. මෙහිදී පක්ෂයේ මාධ්‍ය ලේකම් වීර කුමාර දිසානායක  මහතා ද අදහස් දැක්විය.
f3e36faee78e40418bb1651e_part19465
1,256
194
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතරමග-නවතන-නවස-වඩ-අරඹනන-මදල-දය/1-647571
අතරමග නැවතුන නිවාස වැඩ අරඹන්න මුදල් දෙයි
වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ප්‍රතිපාදන දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. මෙම වසර ඇතුලත අදාල  ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය . කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට  සහභාගී වෙමිනි.
aaeae8feaba148d29782e8d3_part17654
620
97
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතවර-කරනන-ඇවත-මලගස-පහරන-අවසන-ගමන/1-646093
අතවර කරන්න ඇවිත් මෝල්ගස් පහරින් අවසන් ගමනේ
(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්) තංගල්ල  මොටකැටිආර අළුත්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි අයකුට නිවසේ කාන්තාව  එල්ල කළ මෝල්ගස් පහරකින්  නිවස තුළම මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. පහර කෑමෙන් මිය ගිය පුද්ගලයා කාන්තාවට අතවර කිරීම සදහා නිවසට කඩා වැදුනු අවස්ථාවේ කාන්තාව ගේ මෝල් ගස් පහරට ලක්ව ඇති බවට කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් පැවසේ . සිද්ධිය වෙන අවස්ථාවේ කාන්තාවගේ සැමියාද නිවසේ සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. පහර කෑමට ලක්ව මිය ගොස් ඇත්තේ අළුත්ගොඩ පදිංචි වයස අවුරුදු 31 හැවිරිදි අයකු බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බවට සැක කෙරෙන කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබයි.
647f2e7389d3429ca02819ff_part15851
730
114
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතවර-සදධය-වසන-කළය-න-වදහලපතනය-අත-අඩගවට/101-656819
අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට
මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි විෂය උගන්වන පනස් දෙහැවිරිදි ගුරුවරයකු සහ අවුරුදු හතළිස් දෙකක් වයසැති නියෝජ්‍ය විදුහල්පතිවරියයි. බරපතළ අපයෝජනයකට ලක්වූයේයැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇත. අවුරුදු දොළහක් වයසැති සිසුවිය ගුරු විවේකාගාරයට කැඳවා සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි මහවෙල පොලිසිය කියයි. සිසුවිය තමාට සිදුවූ අතවරය ගැන ඇය සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකට පැවැසීමෙන් පසු දෙදෙනාම ගොස් මෙය ගුරු උපදේශකවරියකට දැනුම් දීමෙන් පසු ඇය මෙය පන්තිභාර ගුරුවරියට පවසන ලෙසට උපදෙස් දී ඇතැයි පොලිසිය කියයි. මේ බව ඇයට දැනුම්දීමෙන් පසු සිසුවියට මේ ගැන විදුහල්පතිවරයාට දැනුම් දෙන ලෙස උපදෙස් තිබේ. මිතුරිය සමග විදුහල්පති නිල කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා නිවාඩු ලබාගෙන සිටි නිසා වැඩ බැලීම සඳහා පත්කර සිටි නියෝජ්‍ය විදුහල්පතිවරියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කීය. නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇයට මේ මේ බව මව්පියන්ට හෝ වෙනත් කිසිවකුට නොකියන ලෙසත් එසේ කීවොත් පාසලෙන් අස් කරන බවටත් තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
72534b8e650c4654881c6130_part16224
1,294
194
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතවර-සදධයකට-කසතපලග-වඩ-තහනම/1-646320
අතවර සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම්
කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව  පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය කියයි පානදුර  වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ( සහකාර පොලිස් අධිකාරී) නිශාන්ත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා විසින් වැඩ තහනම සිදුකර ඇත සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 11 වෙනි දින  රාජකාරී විවේකය වාර්තාකර ඔහු පදිංචිව  සිටින කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වයස අවුරුදු 7 ක පිරිමි දරුවෙකුට සහ වයස අවුරුදු  13 ක ගැහැණු දරුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
d14363a771f044ea9f2a0053_part18650
636
95
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතඅඩගවට-ගත-සරසව-සසනට-ඇප/1-648865
අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප
ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙරේදා දින(05) ක්‍රියාත්මක කළ  උද්ඝෝෂණයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී කලාකාරී ලෙස හැසුරුනේ යැයි අත්අඩංගුවට ගත්  විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය. මෙලෙස ඇපමත නිදහස් වූයේ මොරටුව හා ජපුර විශ්ව විද්‍යාලවල සිසුන් වන චතුරංග රූපසිංහ සහ එම්.එන් සුදර්ශන සැකකරුවන්ය. කුරුඳුවත්ත පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.සැකකරුවන්ට රුපියල් ලක්ෂයක ශරීරය ඇප දෙකක්  මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.
e653ea45ffac4c51b2319678_part19160
603
83
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතඅඩගවට-ගනන-යදද-මන-මරනන-හදල/101-650501
අත්අඩංගුවට ගන්න යද්දී මිනී මරන්න හදලා
යම් අපරාධයකට සූදානමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මිනීමැරීමට තැත් කළ බව කියන තවත් පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු මන්නාරම කරිසල් ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි දී යම් කිසි අපාරාධයකට සුදානම්ව කඩුවක්, පිහි 03 ක් සමග අයිස් මත් ද්‍ර‍ව්‍ය මිලි ග්‍රෑම් 500 සන්තකයේ තබාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්  අත්අඩංගුවට ගනු ලැබීය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදි රාජකාරියට බාධා කරමින් මිනී මැරීමට තැත් කල බව කියන  පේසාලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක පුද්ගලයකුද පිහියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ff388661cb8d4263a7664eab_part19751
672
104
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතතනගලල-පට-බදලලක-මතවරණ-කමසමන-නවතවය/101-656818
අත්තනගල්ලේ පුටු බෙදිල්ලක් මැතිවරණ කොමිසමෙන් නවත්වයි
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් විසින් මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවනු ලැබ තිබේ. අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇත. මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇති භාණ්ඩ රැසක් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්වේච්ඡා සංවිධාන රැසකට බෙදාදීමට කටයුතු යොදා ඇති බවට ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්ට කරන ලද පැමිණිල්ලකට අනුව භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.
ff93038ba3dc4eccb873eba0_part19763
1,028
146
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතතනගල-ඔය-නදනන-මළ-සරරක/101-656248
අත්තනගලු ඔයේ නාදුනන මළ සිරුරක්
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් දාරළුව ප්‍රදේශයේදී අත්තනගලු ඔයෙහි තිබී නාදුනන මළ සිරුරක් අද (5) සවස සොයාගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. නිල් පැහැති කමිසයක් සහ නිල් පැහැති දිග කලිසමක් මෙම තැනැත්තා හැද සිට ඇති අතර කාගේ කවුරුන්ද යන්න හදුනාගෙන නොතිබිණි. මේ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.
989cc3928d7c40e4bd3be0f9_part17185
379
59
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතහට-ව-බසනහර-පසල-වර-වභග-නවත-ඇරඹ/101-648823
අත්හිට වූ බස්නාහිර පාසල් වාර විභාග නැවත ඇරඹේ
ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය හේතුවෙන් අත්හිටුවූ බස්නාහාර පළාතේ රජයේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාගය අද (6) නැවත ආරම්භ කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය. චිත්‍ර විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයෙන් නැවත විභාගය ආරම්භ කළ බවත් පිටවූ ප්‍රශ්න පත්‍රවලට නව ප්‍රශ්න පත්‍ර සකස් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
646223ae1c9043b7a761e870_part15850
321
50
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතහටව-වයපත-අරඹනන-ජපන-ආධර/1-655669
අත්හිටවූ ව්‍යාපෘති අරඹන්න ජපන් ආධාර
තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන බව  ජපාන රජය අද(24)දා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, උපයෝගිතා ව්‍යාපෘති, සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අත්හිටුවා තිබූ ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ වීමට නියමිතය. අරමුදල් ලබා දීම නැවත ආරම්භ කිරීම පිළිබඳ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපති ආචාර්ය තනකා අකිහිකෝ මහතාගේ නිල නිවේදනය, ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යූරි මහත්මිය විසින් මහා භාණ්ඩාගාරයේ සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත අද(24)දා භාර දෙනු ලැබුවාය. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ගිවිසුමට එළඹීම මෙන්ම අනෙකුත් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ඇතිව පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය පිළිබඳ විශ්වාසය වර්ධනය වීම ජපානය නැවත වරක් මෙරට අත් හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හේතුවී ඇත. මෙම අවස්ථාවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මෙරට ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යූරි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ca3859a7a785440e91c8cf81_part18478
1,384
197
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතයවශය-ආහර-වරග-හයකට-තග-සලලර-මල-පරසයක/101-646048
අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්
පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කළේය. වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ. වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.
0cebad276be44f8c8ee08723_part13584
1,110
189
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩ-3-ක-මල-අඩ-කරය/101-654583
අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින් ද, අඩු කළ බවත් අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 215 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 282 ක් සහ සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 269 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
433b7efc82fb48ae9f1df4e7_part14988
415
81
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩ-8-ක-මල-අඩ-කරය/101-656091
අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල අඩු කළ බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. ඒ අනුව චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 35 කින් ද, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 22 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 20 කින් ද, රතු කව්පි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6 කින් ද, දුඹුරු සීනි සහ රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 5 බැවින් ද,  සුදු සීනි කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් සතොස පැවසීය. ඒ අනුව අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 240 ක්, සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 998 ක්, ඉන්දීය ලොකු ලූණු කිලෝවක නව මිල 265 ක්, කීරි සම්බා සහල් කිලෝවක නව මිල රුපියල් 254 ක්, දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 370 ක්, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 285 ක් සහ  සුදු සීනි කිලෝවක මිල රුපියල් 254 ක් බවත් සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
1ad82c945ef74a7d8321ae92_part13945
790
155
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතයවශය-භණඩවල-මල-තවත-ඉහළ-යය/101-645809
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දමන බවත් පාරිභෝගිකයෝ කියති. වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බවත් රුපියල් 290 කක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති. රුපියල් 260 ක සහ රුපියල් 230 ක උපරිම මිලක් නියමක කර ඇති කීරි සම්බා සහ සම්බා සහල් දැඩි හිඟයක් මේ වන විට වෙළෙඳපොලේ පවති බව කියන පාරිභෝගිකයෝ ඇතැම් වෙළෙඳසැල් තොග සඟවාගෙන කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට අධික මිලකට සහ සම්බා කිලෝවක් රුපියල් 250 කට අධික මිලකට අළෙවි කරන බව ද සඳහන් කරති. ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් ලංකා සතොස ඇතැම් භාණ්ඩ විවෘත වෙළෙඳපොලේ මිලට ද වැඩි මුදලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
622d6fbffb374122908907e8_part15779
996
180
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරලය-පවල-50කට-පචනය/101-653172
අතුරලියේ පවුල් 50කට පාචනය
පැවති අයහපත් කාළගුණයෙන් නිල්වලා ගංගාව පිටාර ගලා මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවක් වූ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරින් වටවී කොටුවී සිටින බලකාවල,කොඩිගහකන්ද  යන ප්‍රෙද්ශයන්හි පවුල් 50කට පාචනය හා වමනය සෑදී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. පාචනය ,වමනය සෑදුණ පිරිස අතර  කුඩා දරුවන් 10 දෙනෙකු සිටින බව වෛද්‍යවරු පැවසූහ. බලකාවල කොඩිගහකන්ද ගම්වාසීන් දින 07ක් තිස්සේ ගංවතුරින් කොටු වී වටවී ඇති බවත් ලෙඩ රෝග පැතිරී අන්ත අසරණ වී ඇති බවත් කියති. වෛද්‍ය කණ්ඩායමක් ඔරුවකින් අවශ්‍ය ඖෂධ රැගෙන ගම්මානයට ගොස් රෝගීන් පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම සිදු කරති. මේ සඳහා අතුරලිය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය රුවිනී විජේසිංහ, වෛද්‍ය හර්ෂ ලුණුවිල, මහජන සෞඛ්‍ය පරීක්ෂක තේනුවර යන මහත්ම මහත්මින් ඇතුළු කාර්යමණ්ඩලය එක්ව සිටිති. එමෙන්ම  ගම්මානයේ වෙළෙඳසැල් වල සිනී ඇටයක් හාල් ස්වල්පයක් නොමැති බවත් එබැවින් ගම්වාහු පවසති. අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මිය ගෙන් විමසීමේදී නිසි සම්බධීකරණයෙන් පෙර සිටම වෛද්‍ය සායන පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් මී උණ කරල් විශාල පිරිසකටත් ලබා දීමට කටයුතු කළ බවත් කීය.  පාචනය වැළදුණු දස දෙනෙකු අකුරැස්ස රෝහලට බෝට්ටුවෙන් ප්‍රවාහනය කොට ප්‍රතිකාර ලබා දිමට පියවරගත් බවත් පැවසීය.
346c01a92000435ea2deadfe_part14601
1,129
169
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරගරය-සදධය-කත-රඳවගන-පරශන-කරනන-අවසර/101-655444
අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකාරියක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන්නේය. අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් විසින් සැකකාරිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් මෙම සැකකාරිය පැය 48 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ඉල්ලා සිටින ලදී. මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ වයස අවුරුදු 21 වනඅඹගහ වත්ත පොල්වතුමෝදර මිරිස්ස යන ලිපිනයේ පදිංචිකාරියකි. මෙම සැකකාරිය හෙරොයින් නඩුවක් සදහා මාතර බන්ධනාගාරයේ සිරගතව සිටිව අබේසිංහ ලියන ආරච්චිගේ අසංක ප්‍රියශාන් (24) යන මෙම තම ස්වාමි පුරැෂයාගේ ඉල්ලීම මත ඔහුගේ මිතුරෙකු සමග එකතුවී අතුරැගිරිය ගල්පොත්ත පාරේ පිහිටි නිවසක් කුලී පදනම මත අපරාධයට දින 02 කට පෙර ලබාගෙන අපරාධ කරුවන් වෙත නවාතැන් පහසුකම් සැපයීම හා ඒ වෙනුවෙන් විදේශගතව සිටින ලොකු පැටි යන අයගෙන් ලැබුනු ලක්ෂ 40ක මුදල යොදවා ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිලදීගෙන සැකකරුවන් රැගෙන ඒමට හා පලා යාමට අවශය සහය ලබා දී ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.
de5bcc73d1524630819fa079_part18968
1,077
172
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරගරය-ඝතකයන-පල-ගය-වන-රථය-බලතසහලන-හමවය/101-654785
අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී සොයාගත් බව බුලත්සිංහ පොලිසිය පවසයි. අතුරැගිරිය ඔර්ලෝසු කණුව ප්‍රදේශයේ ටැටූ ආයතනයට ටී 56  ගිනි අවි දෙකක් සමග පැමිණි  වෙඩික්කරුවන් දෙදෙනා ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු පිරිසට වෙඩි ප්‍රහාර 27 ක් පමණ තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් පැමිණි මෝටර් රථයෙන් පලා යන අතර පසුව කඩුවෙළ කොරතොට ප්‍රදේශයේදී වෑන් රථයක නැගී පලා ගොස් තිබුණි. අනතුරුව සැකකරුවන් එම වෑන් රථයෙන් තවත් මෝටර් රථයකට මාරු වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩික්කරුවන් පැමිණි කාර් රථය එකළැස් කළ රථයක් බව ද පොලිසිය කීය. කෙසේ වෙතත් සැකකරුවන් පලා ගිය වෑන් රථය බුලත්සිංහ පොලිස් වසමේ අතහැර දමා ගොස් තිබියදී බුලත්සිංහල පොලිසිය සොයා ගත්තේය. බුලත්සිංහ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
14f981af8aaf411b8b9306c5_part13785
930
144
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරගරය-වඩතබමට-අනබල-දනනය-කතක-අතඅඩගවට/101-655430
අතුරුගිරියේ වෙඩ්තැබිමට අනුබල දුන්නැයි කතක් අත්අඩංගුවට
අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට  ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 21 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. මිරිස්ස පොල්අතු මෝදර අඹ ගහපත්ත ප්‍රදේශයේ නිවසකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්   පුද්ගලයන් 7 ක්  මේ වනවිට  අත්අඩංගුවට ගෙන අද 22 දක්වා රිමාන්ඞ් භාරයට පත් කර ඇත. එම පිරිස අතර ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු, මෝටර් රථය සහ වෑන් රථය ලබා දුන් පුද්ගලයන් හා රැගෙන ආ පුද්ගලයන්ද වේ. එම ඝාතනය ඩුබාහි සැඟව සිටින ලොකු පැටි හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්ව සැලසුම් සහගතව සිදුකළ ඝාතනයක් බවට පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත. වෙඩික්කරුවන් දෙදෙනා සිදුකළ එම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනි කේ. සුජීවා, ක්ලබ්  වසන්තගේ බිරිද හා තවත් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තුවාල ලැබීය.
5db62f801891448aa667d0d9_part15665
935
143
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරගරය-වඩතබමට-ටටහමකර-ඇතළ-හතක-අතඅඩගවට/101-654826
අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘හිමිකරු ඇතුළු හතක් අත්අඩංගුවට
අතුරුගිරිය නගරයේ ආරම්භ කළ ටැටූ මධ්‍යස්ථානයක් තුලදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හොවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකි. ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් කොටස් වශයෙන් වරින්වර ලැබී ඇති බව සිදුකල  විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය මෙම වෙඩි ප්‍රහාරය නිසාවෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල විජේසූරිය නැමැති 38 හැවිරිදි අයෙක්ද මියගිය අතර ගායිකා කේ. සුජීවා සහ තවත් පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සහ ක්ලබ් වසන්තගේ බිරිඳ සමගින් තවත් කාන්තාවක් තුවාල සහිතව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඝතෙනයට ලක් වූ දෙදෙනා ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඥාතීන්ට භාර දීමට කටයුතු කර ඇත.
67e79925ddf346cbb9acb1bb_part15948
1,004
154
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරදන-ධවරයන-6-ක-සය-සදස-මහයම/101-655416
අතුරුදන් ධීවරයන් 6 ක් සොයා සෝදිසි මෙහෙයුම්
හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇති  ධීවර යාත්‍රා දෙකක   ධීවරයින් හය දෙනෙකු පිළිබඳව දින ගණනාවක් තිස්සේ  කිසිදු  තොරතුරක් හෝ පණිවුඩ හුවමාරුවක්  නොමැති බව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.හම්බන්තොට නැංගුරම් පොළකින් හා යාපනය පේදුරුතුඩුව තොටුපොළකින් ඉකුත් 07 දා හෝ ආසන්න දිනකදී කුඩා යාත්‍රා මගින්  මොවුන් මුහුදු ගොස් ඇතැයි  එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. හම්බන්තොටින් මුහුදු ගිය එක් දින යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා ද යාපනයෙන් මුහුදු ගිය යාත්‍රාවේ  සිවුදෙනා ද  මෙසේ ආගිය අතක් නොමැතිව සිටින බව කහවත්ත මහතා පැවසීය. නාවික හමුදාව මෙන්ම  මුහුදේ ඇති ධීවර යාත්‍රාවල ධීවරයන්  දැනුවත් කරමින්   මොවුන් සොයා ගැනීම සඳහා මේ වන විට  නිරන්තර  සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද සවස  පැවසීය.
2dee4e145a6a497bad20ae4f_part14425
814
122
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අතරදන-ව-සඟතත-ළඳ-කලවකන-හමව/1-653804
අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ
නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ  (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි  දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පවසයි. මෙසේ අතුරුදහන් වි සිටියදි සොයාගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමති දරුවයි. සිය මව්පියන් සමග නොර්වුඩ් ඩන්කන් ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක  පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති බවත්, එම දරුවා (18) දින රාත්‍රියේ නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි සිට ඇති බවට සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය විය. දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් සහ ඥාතින් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක් (18) දින උදැසන සිට සිදු කළ සොදිසි මෙහෙයුමකදි දරුවා සොයා ගැනිමට හැකි බවයි නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය
f315f0b5d7954d20bcc8210f_part19456
941
144
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරදන-වවහර-දව-හනසළ-පත-යතරව-ධවරයන-හමවය/101-648974
අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව - ධීවරයින් හමුවෙයි
කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයින් තිදෙනා හා යාත්‍රාව සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රාවට දින දෙකකට පසු හමුව ඇති අතර මොවුන් ගොඩබිමට අද (8)  සවස රැගෙන එන ලදි. මෙලෙස සොයා ගැනිමට හැකිව තිබුනේ ඩබ්ලියු.නොයල් ඇන්ටනී,සුදේෂ් සුසන්ත ,ප්‍රසාද් නිරංජන් නැමති අවුරුදු 37,25 වයස් වල පසුවු ධීවරයින් තිදෙනෙකී. මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් බිලි කොකු මසුන් (ලෝන් රැකියාව) පිටත්ව ගොස් තිබුනී. එසේ රැකියාවට ගොස් සිටියදී මෙම පිරිස රැකියාවේ නිරත වු යාතාවේ එන්ජීමේ සිදුවු කාර්මික දෝශයකින් පසු නැවත ගොඩ බිමට ඒමට නොහැකිව අසරණව මුහුද මැද රැදි සිටි බවත් මෙසේ මුහුදු ගොස් අතරමංව තිබුනේ කන්දකුලිය වෙරළින් මුහුදු ගොස් සිටි විහාර දුව හා හංසිළු පුතා නැමති යාත්‍රාවකී.
7af03a2259fe4108a58b28d4_part16415
685
108
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරදනව-ව-සවකයග-සරර-දමරය-අගනය-ළඳක/101-656299
අතුරුදන්ව වූ සේවකයාගේ සිරුර දුම්රිය අංගනයේ ළිඳක
අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම සේවකයාගේ මල සිරුර ගොඩගැනීමට කටයුතු කළ බවත් ඔහු ළිඳට වැටුණු ආකාරය පිළිබඳව මේ දක්වා අනාවරණය වී නොමැති බවත් එම නිලධාරියා කීය. අදාල සේවකයා අතුරුදන්වීමේ සිද්ධියට විරෝධය දක්වමින් දුම්රිය සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට අද පෙරවරුවේ බාධා ඇතිවිය.
88a063d550ec4bb7ab31b17b_part16767
415
57
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අතරදනව-සසවයග-සරර-කතමල-ජලශය/101-652279
අතුරුදන්වු සිසුවියගේ සිරුර කොත්මලා ජලාශයේ
තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබියදී පාසල් සිසුවියකගේ  සිරුරක් සොයා  ගත්බව තලවකැලේ පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ තලවකැ‌ලේ, රත්නිල්ලකැලේ  පදිංචිව සිටි පෙරියසාමි දිලුක්ෂිණා  (18) නැමැති  පාසල් සිසුවියකි. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා නිවසේ සිට මෙම සිසුවිය පාඩම් කටයුතුවල නිරතව සිට ඇති බවත්,  ඉකුත්   (18) දින රාත්‍රීයේදීත්  නිවසේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති  බවට  පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. නිවසේ පාඩම් කරමින් සිටි දියණිය උදෑසන බලන විට  නිවසේ නොසිටි බවට    ඇයගේ පියා විසින්  පොලීසියට  පැමිණිල්ලක්  කර තිබු බවද  පොලීසිය සඳහන් කරයි.
a7ee91a65bf7493288e0d520_part17590
579
86
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අත-කලලක-නමලට-අත-දය/1-657880
අතේ කෑල්ලක් නාමල්ට අත දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ යන මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබූහ. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.
8d95cc2c73fa4277bcf50447_part16885
487
72
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අද-කලගණය/1-649227
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
0f6ce46b98ef42bc984a4918_part13654
147
20
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-12-ට-කලන-නවත-හමම-ගදර/101-654855
අද 12 ට කලින් නාවොත් හැමෝම ගෙදර
අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි. එම නියෝගය පිළිපදින්නේ නැති සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් මුදලිගේ  මහතා සඳහන් කරයි.
2d450fd9bc38476f9299bba4_part14404
409
58
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-අධක-රසන-දවසක/101-649336
අද අධික රස්නේ දවසක්
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑස මීදුම් සහිත තත්වයක් අපෙක්ෂා කෙරේ.
57e03c3ec4b942db81b04371_part15513
109
15
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අද-කමකරව-හට-ඉඩම-හමය-කරම/1-647793
අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු
වතුකරයේ ජනතාව කුඩා තේවතු හිමියන් ලෙස බලමුලු ගැන්වුවහොත් අස්වැසුම, සමෘද්ධිය වැනි සහන දීමනා අවශ්‍ය නොවන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාව හැමදාම කම්කරුවන් බවට පත් නොකර වගා නොකළ රජයේ මුඩු ඉඩම් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව කුඩා තේවතු බවට පත් කර අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කුඩා තේවතු හිමියා බවට පත් කරන සංකල්පය මහ පොලොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 97 වැනි අදියර යටතේ කළුතර බුලත්සිංහල මහගම ප්‍රාථමික  විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
472858d871ff4612b437953a_part15107
592
97
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/latest_news/අද-පහදල-අහසක/1-646455
අද පැහැදිලි අහසක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 4.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
87c0ee535fcd488e8a33bd0a_part16749
201
31
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-මධයම-රතරය-සට-දමරය-වරජනයක/101-648769
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය. ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය, නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කීපයක් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් වර්ජනයට තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වීමට නියමිත බවත් චන්දන ලාල් මහතා කීය.
77ceb4bc01a14526b0a8a00f_part16350
417
62
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-මධයම-රතරය-සට-දමරය-වරජනයක/101-653219
අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්
දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.
c83729b419a246a6a8f45337_part18429
385
50
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-ර-නවතන-දමරය/101-654831
අද රෑ නවතින දුම්රිය
ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09)දා රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. කොළඹ  කොටුව සිට බදුල්ල බලා රාත්‍රී  ධාවනය වීමට නියමිත ව තිබූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1046 දරන රාත්‍රී  තැපැල් දුම්රිය,කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6079 මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 6080 දරන මීනගයා රාත්‍රී  නගරාන්තර දුම්රිය, කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7083 දරන රාත්‍රි තැපැල් දුම්රිය, ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 7084 දරන රාත්‍රී  තැපැල් දුම්රිය  සහ කොළඹ කොටුව සිට රබුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1144 දරන රාත්‍රී  දුම්රියන් වල ගමන් වාර මෙසේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ  සංගමයේ  ප්‍රධාන ලේකම් ආර්.එම්.එස්.පී.ජයසුන්දර මහතා සදහන් කළේය. කලක් තිස්සේ පැවත එන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසදීමට රජය මෙතෙක් ක්‍රියා කර නොමැති නිසාවෙන්  දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ ගැටලු වලට වහාම විසදුම් ලබා දෙන ලෙසත් කඩිනමින් විසදුම් නොලැබුනොත් මෙම වැඩ වර්ජනය දිගටම කරගෙන යන බවද  හෙතෙම වැඩිදුරටත් පැවසීය.
47503d9068f14b099b1c700e_part15111
1,225
189
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-වහන-තන/101-649106
අද වහින තැන්
අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
064c9d2c21f546bbbc2cc088_part13422
282
38
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-වහන-තන-කලගනය-කයය/101-648989
අද වහින තැන් කාලගුනය කියයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපෙක්ෂා කෙරේ.
9ff9d8dd5a704fe2bb84cc96_part17361
123
17
Other-news
lankadeepa
https://www.lankadeepa.lk/news/අද-වහන-පළත/101-651247
අද වහින පළාත්
සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
b41baf1b26bd4db98c8f3192_part17890
307
49