id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
|---|---|---|---|---|
ncpp_train_0701
|
ක්‍රිකට් සංචාරය සඳහා එංගලන්තයට ගොස් සිටි අතරවාරයේෙ සෞඛ්‍ය ප්‍රොටෝකෝලය උල්ලංඝනය කළ ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අද දහවල් ආපසු ලංකාව බලා පිටත්ව එනු ඇත. ඔවුන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් මතභේදකාරීත්වයක් මතුව ඇති අතර ඊයේ දහවල් වනවිට තිබුණ තත්වය ඊයේ රාත්‍රිය වනවිට වෙනසකට ලක්ව ඇති බවද වාර්තාවේ. මුලදී තීරණය කර තිබුනේ ඔවුන් තරගයෙන් ඉවත් කිරීමට පමණි. නමුත් ක්‍රීඩා ලෝලීන් සමාජ මාධය හරහා එල්ල කළ පීඩනයට තරග පරාජය සමග ඔවුන් කෙරේ ඇතිවූ පිළිකුලද මුසුවී තිබූ අතර මේ නිසා මේ වනවිට වාර්තාවන්නේ ඔවුන්ට වසර 1 ක සිට වසර 5 දක්වා තරග තහනමක් ගැන සලකා බලා ඇති බවයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පනිවිඩයකින් කියා තිබුනේ ‘දුර්වල විනය සමඟ සෙල්ලම් කිරීම නොඉවසිය යුතුය.
දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය ” යනුවෙනි. අද ඔවුන් ලංකාවට පැමිණි පසුව කොළඹදී විනය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතය.අද (ජූනි 29) එක්සත් රාජධානියේ උතුරු දෙසින් පිහිටි චෙස්ටර් හිදී පැවැත්වෙන තරග තුනේ එක්දින තරගාවලිය ආරම්භවන්නේ මේ තිදෙනා නැතිවය. උප නායක කුසල් , ආරම්භක පිතිකරු ධනුෂ්ක සහ කඩුලු රකින්නා නිරෝෂන් නැතිවීම කණ්ඩායමේ වෙනසක් පෙන්නුම් කරන්නකි.ශ්‍රී ලංකා එක්සත් රාජධානියේ සංචාරය නරක අතට හැරෙමින් තිබේ.මෙම තිදෙනා වීදි සංචාරය කිරීම ගැටලුකාරී නොවන බවට ඊයේ දහවල් කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ස්වර්ණවාහිනී ලයිව් ඇට් 12 අමතා දන්වා සිටියේය.‘මීට පෙර තරග අවසානයේදීත් ඔවුන් මේ ආකාරයට ගියා. ඒක සාමාන්‍ය දෙයක් නමුත් මෙතන ගැටලුව මුහුණු ආවරණ නැතිව ගමන් කිරීම‘ ඔහු කියා තිබුණි. රාත්‍රියේ හෝටලයෙන් පිටතට යාම හෝ ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම ක්‍රිකට් ක්‍රීඩකයින්ට අලුත් දෙයක් නොවන බවත් අපගේ දක්ෂතම ක්‍රීඩකයින් පවා එම සීමා පසු කර ඇති බවත් මේ අතර ප්‍රවීණයින් අදහස් දක්වා තිබුණි. නමුත් මෙහි ඇති වැරැද්ද නම්, මෙම තිදෙනා ජෛව ආරක්ෂණ බුබුල උල්ලංඝනය කර තිබීම නිසා කණ්ඩායම්, පුහුණුකරුවන්, තරග නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සියල්ලන් අවදානමට ලක් කිරීමය. ඩර්හැම් මෑත අතීතයේ දී ඉහළ COVID රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, පසුගිය වසරේ මාර්තු මාසයේදී වසංගතය පැතිර යාමෙන් පසු ක්‍රිකට් නවතා තිබූ ප්‍රදේශයකි. ජෛව ආරක්ෂිත බුබුලු රීති අනුව ක්‍රිකට් තරග ලබා ගැනීමට සටන් වැදුණ ඉංග්‍රීසි හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මෙම ආරංචිය සමග අවුලකට පත්ව ඇත.මෙහි විශේෂත්වය වන්නේ මෙම වරදට හසුවූ ක්‍රීඩකයන් පෙර අවස්ථා වලදී විනය කඩවීමේ චෝදනා තිබීමය.
පසුගිය වසරේදී මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තේ පානදුර ප්‍රදේශයේදී 64 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කරවමින් මෝටර් රථ අනතුරක් සිදු කිරීම නිසාය. ඔහු විශාල වන්දි මුදලක් ගෙවීමට එම පවුල සමග කතා කරගත් නිසා පැය 24 ක් තුළ ඇප මත නිදහස් වූ අතර එම ප්‍රශ්නය මාධ්‍ය තුළින්ද මැකී ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයා හික්මවා නොගත් අතර ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා එය ‘පුද්ගලික කාරණයක්’ ලෙස හැඳින්වීමත් සමඟ කාරණාව අවසන් කළේය. වසරකටත් අඩු කාලයකදී, ටෙස්ට් තරග ක්‍රිකට් තරගාවලියේදී උප නායකයා ලෙසද ඔහු පත් කරන ලදී.මෙන්ඩිස් කිසි විටෙකත් පාඩම් ඉගෙන නොගත්තේය.ගුණතිලක තම ඇඳුම් කට්ටලය අමතක කර දමා පල්ලකැලේ පැවති එක්දින තරගයකට පෙර ඇඳුම් කාමරයේ බීමතින් සිට වරක් හසුවිය. ඔහු ගැන කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තා කළ අතර ඔහුව තරඟ 6 කට ක්‍රීඩා කිරීම අත්හිටුවන ලදී. ඊළඟ වසරේදී ටෙස්ට් තරඟයක් අතරතුර ගුණතිලක තවත් රාත්‍රි සිදුවීමකට සම්බන්ධ වූ අතර ඔහු ගේ වරද පුහුණුකරු චන්දික හතුරසිංහ ආරක්ෂා කළේය.ක්‍රීඩා ලෝලීන්ගෙන් ආ පීඩනය හමුවේ ලබා ගත හැකි ඊළඟ ගුවන් යානයෙන්ම ක්‍රීඩකයින් ගෙදර ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දු විය. ඔවුන් ඊයේ පස්වරුවේ ලන්ඩනයට ගෙන ගිය අතර රාත්‍රී 10 ට හීත්‍රෝ සිට ගුවන් යානයක් අල්ලා ගැනීමට සූදානම් විය. ඔවුන් කොළඹට පැමිණි පසු නිරෝධායන ස්ථානයක් සඳහා යවනු ඇත. මෑත කාලයේ දී ක්‍රිකට් ආයතනය කළඹවාලූ විශාලම සිදුවීම මෙය බවට පත්ව ඇත. එහි සාමාජිකයින් ඊයේ කෝපයට පත් වූ අතර ඔවුන් හදිසි රැස්වීමක් පවත්වා තිබුණි. තිදෙනාටම අවුරුදු පහක තහනමක් ලබා දිය යුතු යැයි සමහරු දැඩි ලෙස ප්‍රකාශ කළ අතර තවත් සමහරු කියා සිටියේ අවම වශයෙන් වසරක තහනමක් අවශ්‍ය බවය.මණ්ඩලය දැන් කළමනාකරුගේ අවසන් වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඊළඟ පියවර ඒ අනුව තීරණය කරනු ඇත.
|
මීට කලින් කුසල් බීල ගිහින් අහිංසක මනුස්සයෙක් හප්පලා මැරුවා මුව cricket වලින් එළවලා දාපන්
| 4
|
POSITIVE
|
ncpp_train_0702
|
කොළඹ කොටුව- මහනුවර අතර සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් හෙට (1) සිට ධාවනය වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය මහනුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරීම" යන මැයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.
මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 2000ක් වන අතර දෙවැනි පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 1500 ක් බවද අමාත්‍යවරයා කීය. පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සතිඅන්ත සංචාරවල යෙදුනු පිරිසට තිබූ බාධාව ඉවත් කරමින් සතිඅන්ත සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් ඔහු පැවසීය. එහි පළමු දුම්රිය ලෙස ඇල්ල ඕඩීසි සංචාරක දුම්රිය ඉකුත් සති අන්තයේ ආරම්භ කළ බවත්, ඉදිරියේදී මෙම දුම්රිය සතියකට දෙවරක් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය. ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.නිමල කොඩිතුවක්කු
|
ෂාගල ඉස්සරහත් දනගහනවා කියන්නේ නම් බොරු නේ...
| 2
|
POSITIVE
|
ncpp_train_0703
|
ඊයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් කළ වාහනයක් ඉලක්ක කරගෙන බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හා ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ලවෙමින් පවතී.
ප්‍රහාරයෙන් පසු කොටු කරගත් බිත්තර ප්‍රහාරකයින් දෙන්නෙකු පොලිසිය හමුවේ ප්‍රකාශ කළ කරුණු අනුව මෙම සැකයන් හා චෝදනා ගොනුවී ඇත.මෙම සංසිද්ධිය පසුබිමේ ඇමති ප්‍රසන්න රණතුංග ඊයේ රෑම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර අද වනවිට ජනපතිට හා පොලිස්පතිට ලිපි ලියමින් සිද්ධිය ගැන අපක්ෂපාතීව සොයා බලන ලෙස ඉල්ලා ඇත.ඒවා පහතින්
|
අර "දත් දොස්තර සහ කිඹුල්ලු දෙන්නා " නට්ටියේ ප්‍රතිපලයම තමයි මේකටත් වෙන්නේ ප්‍රසන්න ඇමටි තුමා වැඩක් බලාගන්න :D
| 32
|
POSITIVE
|
ncpp_train_0704
|
උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බෙන්තොට පැවති රැස්වීමකදී මෙසේ කියා ඇත.
"එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා විතරයි මේ රටේ ආණ්ඩුවක හොරුන්ට දඬුවම් කළේ. එදා වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම කියලා එකක් දාලා ඒ ආණ්ඩුවේ හිටපු සී.ඒ.එස්. මරික්කාර් ඇතුළු ඇමැතිවරුන් පස් දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඊට පස්සේ එදා මෙදාතුර ශ්‍රී ලංකා ආණ්ඩුවක්වත්,
යූ.ඇන්.පී. ආණ්ඩුවක්වත්, මේ රටේ ආණ්ඩුවක හොරෙක්ට දඬුවම් කරලා නැහැ. ඇත්තම කතන්දරේ හොරුන්ව රැක්කා. මං හැමදාම කියන තොරණේ කතාව මතක් වෙනවා. නිල් පාට, කොළ පාට, රතු පාට, බල්බ් තොරණ ඉදිරියෙන් ලස්සනට වෙන වෙනම පත්තු වෙනවා. හැබැයි තොරණ පිටිපස්සට ගියාම මේ පාට පාට බල්බ්වල වයර් එකට මාට්ටු වෙලා අම්මෝ පුදුම හොඳට ඉන්නේ. ඒ වගේ තමයි මේ පක්ෂ දෙක එක හොරෙකුටවත් දඬුවම් කළේ නැහැ. මේක මම කියන්නේ මට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ.
මම එදත් ඇත්ත කියන්න බය වුණේ නැහැ. දැන් මොන මඟුලකට බය වෙනවද? මම කියන්නේ මොන පක්ෂයේ වුණත් ඕනෑම හොරකුට දඬුවම් කළ යුතුයි. ඒකට පියවර ගත යුතුයි. හොරුන්ට දඬුවම් කරන්න යන ගමන් මේ ආණ්ඩුව හොරු රකිනවටත් අපි විරුද්ධයි. ඒ හොරුන්ටත් දඬුවම් කළ යුතුයි. මේ ගේම රෙපෝරු කරන්න හොඳ නැහැ. මේගොල්ලො ඇවිත් තියෙන්නේ ගේම රෙපෝරු කරන්න වගෙයි. අපෙත් හොරු, උඹලගෙත් හොරු, අපි දෙගොල්ලන්ටම ඒකෙන් කෙළ වෙනවා. ඒ නිසා ගේම රෙපෝරු කරමු කියලා ජය පරාජයෙන් තොරව නතර කරන්නයි හදන්නේ. අපි කියන්නේ හොරුන්ට දඬුවම් දෙන්න.“
|
නිවැරදි කිරීමක් දුමින්ද සිල්වා සිරගතවූ මන්ත්‍රී වරයෙකි
| 6
|
POSITIVE
|
ncpp_train_0705
|
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව ජපානයේ එන්එච්කේ පුවත් වාර්තා කරයි.
අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එල්ඩීපී) ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු වන හිරෝෂිගේ සේකෝ
මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා පක්ෂ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට අදහස් කර ඇති බව දැන්වූ බවයි.සතියක් තුළ
දෙවතාවක් ටෝකියෝ හි කීඕ විශ්ව විද්‍යාල රෝහලට යාමට අගමැතිවරයාට සිදුවූ අතර සුව කළ නොහැකි බඩවැල් ආශ්‍රිත රෝගයක් නිසා ඔහුට දිගු කලක් විවේකයෙන් ප්‍රතිකාර ලබාගන්නට දන්වා ඇතැයි සඳහන් වේ.
අබේ රෝගයෙන් පෙළෙන අතර, 2006 සිට 2007 දක්වා රටේ නායකයා ලෙස පළමු වරට පත්වූ පසුත් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. පසුව ඔහු 2012 දී නැවත අගමැති විය. අනතුරුව වසර 8 කින් ඔහුට මෙසේ සමුගන්නට සිදුව ඇත.
අබේ යනු ජපානයේ වැඩිම කාලයක් සේවය කළ රාජ්‍ය නායකයා ය.
|
ජපානයේ එහෙම උනත් ලංකාවේ අගමැතිලා අසනීප නම් ඉක්මනින් ඉල්ලා අස්වෙනවා, ඒක විතරක් නෙමේ තමන්ගේ සහෝදරයන් යන්ඩ ඉස්සෙල්ල අගමැති පුටුවේ වාඩි කරන්ඩ plan කරන්නේවත් ඒක කරන්ඩ බැරිනම් constitution එක වෙනස් කරලා හරි ඒක කරන්නේවත් නැහැ.
| 45
|
POSITIVE
|
ncpp_train_0706
|
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර නාග්පූර් හීදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 384ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් රැස් කරගෙන සිටී. ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 405ක් පසුපසින් සිට දෙවන
ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ඉනිමේ දෙවන පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළින් ඉවත් කරමිනි.
ශ්‍රී ලංකා පළමු ඉනිමට ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන් තම පළමු ඉනිමට පන්දුවාර 176යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී ලකුණු 610ක් ලබා සිටියදී තේ පැන් පානයෙන් පසු ඉනිම අත්හිටුවීය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7ක් තුළ බිඳවැටුණද දෙවන කඩුල්ලට ලකුණු 209ක විශිෂ්ට සබඳතාවක් ගොඩනඟන්නට මුරලි විජේ සහ චෙතස්වර් පුජාරා සමත් වූ අතර තෙවන කඩුල්ලට ලකුණු 183ක එවන්ම සබඳතාවක් ගොඩනඟන්නට පුජාරා හා නායක විරාත් කෝලි සමත් විය. මුරලි විජේ තම 10 වැනි ශතකය වාර්තා කොට ලකුණු 128කටත් පුජාරා ඔහුගේ 14 වැනි ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 143කටත් දැවීගියේය. 4වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 11කට සීමා වුවත් 5වන කඩුල්ලට ලකුණු 173ක් එක් කිරීමට රෝහිත් ශර්මා සහ විරාත් කෝලි සමත් විය. විරාත් කෝලි තම 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කොට ලකුණු 213කට දැවී ගිය අතර රෝහිත් ශර්මා නොදැවී ලකුණු 102ක් රැස් කර සිටියේය.
තරගයේ පළමු දිනයේදී (24දා) කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් රැස් කරගෙන සිටි සධීර සමරවික්‍රම ඉෂාන් ශර්මාගේ පන්දුවකට ස්ලිප් හී පන්දු රකිමින් සිටි පුජාරාට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 20ක් විය.
ඉන්පසු පිටියට පිවිසි ළහිරු තිරිමාන්න අශ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වද්දාගැනීමෙන් ලකුණු 9කට දැවී ගිය අතර ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 10ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දඟ පන්දු යවන ජඩේජා සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 60ක් තුළ බිඳ වැටීමෙන් පසුව 4වන කඩුල්ලට ලකුණු 62ක් එක් කරන්නට නායක දිනේෂ් චන්දිමාල් සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වුවත් ලකුණු 51ක් ලබාගෙන සිටියදී දිමුත් ඉෂාන් ශර්මාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු විය.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් ලබා සිටියදී දවා ගැනීමට ජඩේජා සමත් වූ අතර අශ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 2ක් ලබා සිටි දසුන් ශානක දැවී ගියේය. 7 වන කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 15කට දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 187ක් වී තිබිණි. 8 වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් රිවස් ස්වීප් පහරකට තැත් කිරීමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට අශ්වින් සමත්වූ පසු ශ්‍රී ලංකා පිතිකරණ අංශය ඔසවා තැබීමට කිසිවකුත් සමත් නොවීය.
ලකුණු පුවරුව 205ක්ව තිබියදී ලකුණු 17ක් ලබා සිටි සුරංග ලක්මාල් 9වන කඩුල්ල ලෙසද රංගන හේරත් අවසන් කඩුල්ල ලෙසද දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී අශ්වින් කඩුලු 4ක් බිඳහෙලූ අතර ඉෂාන් ශර්මා සහ ජඩේජා කඩුලු 3 බැගින් බිඳහෙළීය.
|
මේ මල්ලිලාට දිනුවත් පැරදුනත් සල්ලි අපි හාලුය් පොලුය් අඩුවෙනකම් බලාගෙන ඉන්නවා
| 12
|
POSITIVE
|
ncpp_train_0707
|
මාතර නගරයේ කනිෂ්ඨ විද්‍යාලයක ගුරුවරියකගේ නොසැලකිල්ල හේතුවෙන් එහි පන්ති කාමරයක දමා ගොස් සිටි දැවීයන් දෙදෙනෙකු ඔවුන්ගේ දෙමවුපියන් පැමිණ බේරා ගත් බව මාතර පොලීසියේ ළමා හා කාත්තා කාර්යාංශය පවසයි.
මෙම සිදුවීම පෙරේදා (26දා) සිදුව ඇති අතර එම විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ දරුවන් හට පාසල් කාලය ඇරඹීමට පෙර සහ පාසල් කාලය ඇරඹීමෙන් පසු සතියකට දින 3ක් අතර ඉගැන්වීම සිදුකර ඇත .
ඒ අනුව පෙළා (26දා) සවස 4.25 ට පමණ සිය දරුවන් කැඳවාගෙන යැමට
ඔවුන්ගේ දෙමවුපියන් විද්‍යාලයට පැමිණ සිටියද දරුවන් ගේට්ටුව අසල නොසිටි හෙයින් ඒ පිළිබඳ සෙසු දරුවන්ගෙන් විමසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ළමයින් දෙදෙනෙකු දෙමහල් ගොඩනැගිල්ලේ සිටි අවස්ථාවේ ගුරුවරිය එම ගොඩනැගිල්ල ඉබි යතුරු දමා ගොස් ඇති බවයි.
අනතුරුව පියෙකු විසින් ගසක් ආධාරයෙන් අදාළ ගොඩනැගිල්ලට ඇතුළු වී ඉබි යතුරු කඩා දරුවන් දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර අදාළ පන්ති කාමරයේ වීදුරු ජනෙල් තිබූ නිසා දැරියන්ට ශ්වසනය කීරීම පවා අපහසු වී තිබේ.
එහිදී විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා සිදුවූ වරද සම්බන්ධව කනගාටුව පළකර එය ඉහළට රැගෙන නොයන ලෙස ආයාචනය කර සිටියද දෙමවුපියන් විසින් එදිනම මාතර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්ද ඉදිරිපත්කොට තිබේ.
මහේෂ් මලවආරච්චි
|
උඹලා දෙන්නගෙ ළමයි දාලා වහලා පොලිසියට නොකියා ඉඳපල්ලා.
| 8
|
POSITIVE
|
ncpp_train_0708
|
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදික වේදිකාවක් මතට වැන් රථයක් කඩා වැදීමෙන් පසුගියදා සිදුවූ අනතුර නිසා මියගිය පුද්ගලයින් 10 දෙනා අතර රේණුකා අමරසිංහ නමැති ශ්‍රී ලාංකික සම්භවය ඇති කාන්තාවද සිටින බව මේ වනවිට තහවුරු කර තිබේ.
ඇය හොරණ, කිදෙල්පිටිය. කට්ටිහේන ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසර 17 කට පමණ ඉහතදී
පුරවැසිභාවය ලබා කැනඩාවේ ස්ථිර පදිංචිය පිණිස ගිය කාන්තාවකි. 7 හැවිරිදි දරුවෙකුගේ මවක වන මියයන විට ඇය 45 වන වියේ පසුවූවාය.
කැනඩාවට වයාමට පෙර කුවේට් රටේ රැකියාවකද නිරතව සිටි බව කියන ඇය පසුව කැනඩාවට සංක්‍රමණය වී තිබේ. මිට සතියකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ සිය මව සහ සහෝදර සහෝදරියන් ද නෑ හිතවතුන් ද හමුවී දින කිහිපයක් මෙහි ගතකර ඇය ආපසු කැනඩාවට ගිය බව රේණුකාගේ සොයුරියක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
රැකියාවක් කරමින් සිය හත් හැවිරිදි දරුවා ද රැකබලා ගනිමින් රේණුකා අමරසිංහ මහත්මිය සමාජ සේවා කටයුතුවල ද නිරතව සිටි බවත් අනතුරට මුහුණ පා ඇත්තේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලංකාවෙන් පැමිණි පවුල්වල දරුවන්ට සිංහල භාෂාව කතා කිරිමේ පන්තියක් පවත්වා සිය නිවස බලා යමින් සිටියදී යැයි පැවසේ. ඇය
ටොරොන්ටෝ බෞද්ධ විහාරයේ දායිකාවක බවද පැවසේ.
සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය වූ ඇය ගැන සහෝදරියක මෙසේ කීවාය.
"නංගි දැන් අවුරුදු 17 කට වැඩි කාලයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසුගිය අප්‍රේල් 2 දා එයා දරුවත් එක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අරගත්තා. එයා හිටපු සති තුනක විතර කාලය හුඟාක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගි විවාහ වෙලා හිටපු කෙනා පුතා ඉපදිලා කෙටි කාලයකින්ම නංගීගෙන් වෙන් වුණා. ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා
කියලයි හිටියේ. නංගි අප්‍රේල් 17 වෙනිදා ලංකාවෙන් ගියා. එහේ ගිහින් එක දවසක් මට කතා කළා"
ඇගේ සහෝදරයා මෙසේ කියා ඇත.
"මියගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රටේ රැකියාවට ගීයේ වර්ෂ 1994 දී විතර. එතැන අවුරුදු කිහිපයක් වැඩ කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා. එහිදී නංගී කළුතර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමග විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගිට ලැබුණු පුතා දැන් ඉස්කෝලේ යනවා. පෙරේදා (24) සවස මට නංගීගේ යාළුවෙක් කතා කරලා කිව්වා ඇක්සිඩන්ට් එකකින් නංගි මියගිහින් කියලා. එයාලා කිව්වේ නංගිගේ අවසන් කටයුතු ඒ රටේදීම් කරමු කියලයි."
ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවට ඉකුත් 23 වැනි දින වෑන් රථයක් කඩාවැදීමෙ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්ද නැද්ද යන්න තවම අනාවරණය වී නැත. සිද්ධියෙන් 10 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇත.
|
මල් මාමාගෙ කතාව ඇත්ත. නමුත් මාමෙ මාම තරම් සිත දියුනු කරගත්තෙ නැති අපටනම් සමීපතමයෙක්ගෙ වියොව ලොකු දුකක්. සමහරවිට මාමට මෙහෙම හිතෙන්නෙ මේ මාමගෙ කවුරුවත් නොවන නිසා වෙන්න පුලුවන්. හැබයි මාමෙ මියගිය කෙනෙකුට ඔවුන් අදහන දර්මයකට අනුව හොදක් වෙන්න කියල කියන්න පුලුවන් එක ඊට වඩා මනුස්ස ගතියක්. ඇයට නිවන් සැප ලැබේවා.
| -1
|
NEGATIVE
|
ncpp_train_0709
|
පක්ෂ සාමාජිකයන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා කිසිසේත්ම ඉවත් නොවන බවත්, හැකිනම් ඉවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යෙ වසන්ත සේනානායක මහතා ඊයේ (30) අභියෝග කළේය.
කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
තමා ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දෙමින් අමාත්‍ය ධූරයෙන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට සිටි බව කී වසන්ත සේනානායක මහතා, පෙරේදා(29දා) රාත්‍රියේ තමා පක්ෂයෙන් හා අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළ නිසාවෙන් තමා අමාත්‍ය ධුරයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවද පැවසීය.
තමාට අමාත්‍ය ධුරය ලබා දුන්නේ ජනාධිපතිවරයා බැවින් තමාව ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද කියාසිටි ඒ මහතා, "පුළුවන්නම් අයින් කරන්න" යනුවෙන් මෙහිදී අභියෝග කළේය.
තමා සිදුකළ කිසිදු
වරදක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැති බවත්, තමාට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බවත් කියා සිට් සේනානායක මහතා, තමා දන්නා තරමින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි සිතාගෙන ප්‍රශ්නයක් ඇසුවා පමණක් යැයිද මාධ්‍ය හමුවේදී පැවසීය.
පක්ෂ සභාපතිවරයා වන කබීර් හෂීම් මහතා තමාට ඇමතුමක් ලබා දෙමින් මෙය අත්වැරදීමකින් සිදු වූ බවක් පැවසු බවද කියා සිටි වසන්ත සේනානායක මහතා, එසේ සිදු වූයේ නම් මාධ්‍යයට එය පැවසිය යුතු යැයි තමා කියා සිටි බවද සඳහන් කළේය.
තමාට අවශ්‍ය පිළිතුරු නොලැබීම හේතුවෙන් දේශපාලනයෙන් ඉවත් වීමට අවශ්‍ය වූ බව කී ඒ මහතා, ඉවත්වීමෙන් අනතුරුව සිවිල් පුරවැසියකු ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වීමට බලාපොරොත්තු වූ බවද කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා ගැන තැබූ විශ්වාසය හා ආදරය තවමත් තිබෙන බව කියා සිටි සේනානායක මහතා, තමා කිසිදු අවස්ථාවක වෙනත් අයෙකුට උදවු කරන බව නොපැවසූ බවත්, එහෙත් දැන් ඒ ගැනද සලකා බලන්නට සිදු වන බවත් සඳහන් කළේ.
හදිසි තීරණායකින් කිසිදු කෙනෙක් පක්ෂයකින් ඉවත් කළ නොහැකි බවද කියා සිටි සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස තමා තවම සිටින බවද කියා සිටියේය.
මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට වූ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමට සිටි බවත්, නමුත් අනෙක් අයෙ ගෝඨාභය මහතාට සහාය දක්වන්නට යනු ඇතැයි බියෙන් මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටිස්ය.
චාමර සම්පත්
|
පොඩි ලමයෙක් වගේ හැසිරීම.
| 19
|
POSITIVE
|
ncpp_train_0710
|
රුසියානු කාන්තාවන් දෙදෙනකු නිසා ඇල්ල ප්‍රදේශයේ තරුණයන් 29 දෙනකුට එච්.අයි.වී. රෝගය වැලඳී ඇතැයි යන පුවත රට පුරා ඉකුත් සතියේ පැතිර ගොස් තිබිණි.
මේ පිළිබඳ සොයා බලන්නට අප ඇල්ල ප්‍රදේශයේ පෙරේදා 25දා සංචාරය කළ අතර මේ පිළිබඳ
ප්‍රදේශවාසීන්,
ත්‍රිරෝද රථ රියැදුරන්, හෝටල් හිමියන් හා වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබා ගන්නට හැකි විය. සමාජ ජාල වෙබ් අඩවිවල මේ පුවත විදුලි වේගයෙන් පැතිර ගිය අතර රුසියානු කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇතැයි සඳහන් විය.
එම කාන්තාවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ හෝටල් හිමිකරුවෙක්, සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ආදී පිරිස 29ක් බවත් ඔවුන් සියලු දෙනාටම එච්.අයි.වී. වැලඳී ඇතැයි යනුවෙන් පුවත පැතිරුණි.
ඇල්ල ත්‍රිරෝද රථ සංගමයට අයත් ත්‍රිරෝද රථ 54ක් ඇති අතර ඔවුන් එක හෙළාම මේ පුවත ප්‍රතික්ෂේප කරයි. එම රියැදුරන් පවසන්නේ තමන් ඕනෑම ලේ පරීක්‍ෂාවකට ලක්කරන ලෙසයි.
එලෙස රුසියන් කාන්තාවන් සමඟ ඇල්ල ත්‍රිරෝද සංගමයේ කිසිවකු හාදකම් පවත්වා නොමැති බව ඔවුහු පවසති.
එම ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ ඇල්ල නැරැඹීමට එන සංචාරකයන් නැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන ප්‍රෝඩාවක් බවයි.
අප ප්‍රදේශවාසීන්ගෙන් හා කඩ හිමියන්ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන්ද එවැනි රාවයක් රටේ හැමතැනම ඇතත් ඒ ගැන ඇල්ල ප්‍රදේශවාසීන්ද මාධ්‍යයෙන් පමණක් දැනගත් බව සඳහන් කළහ.
ඇල්ල රෝහලේ වෛද්‍ය ආර්.බී. සුගතදාස මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු පැවැසුවේ රෝහල් මට්ටමින් එවැන්නක් වාර්තා වී නැති බවයි.
මාතර - උදය කුමාර රණවීර
|
Mentally disabled machan උඹලා ගේ මහ එකා ... අනිත් ජාතීන් මරලා හරි තමන්ගේ ආගම පතු රුවන් න කියපු ගෑනුන් ගේ යෝ නි තෝල් කපලා සුන්නත් කරන්න කියපු ගෑනු න් ට ගෝනි අන් දැන ශරී යා නීතිය දාලා මිනිස්සු මරණ දෙවියෝ ගාවට යවනවා කියලා හරක් මරණ උඹලා මහ සාක්කි ලි ජාති යක්....
| 45
|
POSITIVE
|
ncpp_train_0711
|
වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීම සඳහා විරෝධතා ගෙනු කරන බව නීතිපතිවරයා ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.අදාළ විරෝධතා දැනටමත් අධිකරණයේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය දැනුම් දුන් අතර පෙත්සම අගෝස්තු මස 03වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.රජය සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගෙන ඇති ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් එම අරමුදල්වල සාමාජිකයන්ට දැඩි අගතියක් වන බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබූ අවසථාවේදී එලෙස නියම කෙරිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණ අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබීය.
අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හයදෙනෙකු ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, එහි මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, නීතිපතිවරයා ඇතුළු 46දෙනෙකු නම් කොට ඇත.සේවක අර්ථසාධක අරමුදල තුළ රටේ වැඩකරන කෝටි 02කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ තුළ ආසන්න වශයෙන් රටේ වැඩකරන කෝටි 2 1/2කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල්වලින් 93%ක් පමණ මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ මහබැංකු බැඳුම්කරවල ආයෝජනය කර ඇතැයිද සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල්වලින් රු. බිලියන 2390.4 ක් රජයේ බැඳුම්කර හා සුරැකුම්පත්වල ආයෝජනය කර ඇතැයිද පෙන්වා දෙති.සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ඇති මුදල්වලින් 86% ක් පමණ (රු. මිලියන 352 544 වටිනා) රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ පසුගිය මාර්තු මස 22වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කොට ඇතැයිද පෙන්වා දෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද, ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ඒ බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතැයිද, පෙන්වාදෙන පෙත්සම්කරුවෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අනුමැතිය ලබාගැනීම සඳහා සති අන්තයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාර 02ක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇතැයිද, ඒ යටතේ ජුනි මස 30වැනිදා විශේෂ බැංකු නිවාඩුවක්ද රජය ප්‍රකාශයට පත් කොට ඇති බවද පෙන්වා දෙති. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගෙන ඇති ණය කප්පාදු කළහොත් කෝටි 02කට අධික එහි සාමාජිකයන්ට දැඩි අගතියක් වන බවත්, මෙවැනි කටයුත්තක් සඳහා රජය අදාළ අරමුදල්වල සාමාජිකයන්ගේ කැමැත්ත ලබාගෙන නැතැයිද පවසති. රජය එහි සාමාජිකයන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කිරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර ඇතැයිද, ඉන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයිද, ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මූලික විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවද ඊට අදාළ විරෝධතා මේ වන විටත් ගොනුකර ඇතැයිද කීවාය. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන අගෝස්තු 03වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල දෙපාර්ශ්වයේ කරුණු හා සැලකිරීම් එදින සලකා බලන බවද දැනුම් දුන්නේය.• බුද්ධිමාල් රුබේරු
|
වසර 75ක් සක්කිලි දේශපාලුවන් හොරකම්කල හිලව්වට අපේ EPF/ETF එක. රටේ ඉන්න කාලකන්නි අපත්යන්ගේ බඩවල් පිරවීමට අපේ මාසික වැටුපෙන් බදූ . ඉන්න හිතෙන රටක්
| 2
|
POSITIVE
|
ncpp_train_0712
|
අනුරාධපුර පැරණි පුජා නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයක් ආසන්නයෙන් පිහිටි අතුරු මාර්ගයකින් දහවල් සහ රාත‍්‍රී කාලයේ මීට මාස කිහිපයකට ඉහතදී මියගිය තරුණියකගේ රුවක් හදිසියේ දිස්වී අතරුදන්වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුම බියට හා ත‍්‍රාසයට පත්වීමේ
සංසිද්ධියක් ගැන වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණිය ඇයගේ උවමනාවමත සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණකර ඇති අතර ඊට සති කිහිපයකට පසුව එම ප‍්‍රදේශයේ පදිංචි මැදිවයසේ අයෙකුට මුලින්ම ඇයගේ රුව හමුවී තිබේ.
සුදු ඇදුමකින් සැරසුනු මෙම තරුණිය පුද්ගලයා සමග මීටර් කිහිපයක් දුර කථාබස් කරමින් ඉදිරියට යද්දී ඔහුට
එක්වරම තරුණිය මියගිය බව සිහියට නැගෙද්දී ඇය කොක් හඩලා සිනාසී අතුරුදන්ව ඇති අතර එම දර්ශනය දුටු තැනත්තා බියවී දහඩිය වගුරවමින් නිවසට ගොස් තිබේ.එම සිද්ධියෙන් අනතුරුව ඔහු දින කිහිපයක්ම රෝගාතූරව සිට ඇති අතර පසුව ඔහුට සෙත් ශාන්තියක් සිදුකිරිමෙන් අනතුරුව සුවවී තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුමත එම ප‍්‍රදේශයට ගොස් සොයා බැලිමේදී ප‍්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම පිටස්තරව පැමිණි කිහිපදෙනෙකුත් ඇයගේ රුව දිස්වීම නිසා බියට පත්වී ඇති අතර ඇය මියගිය තැනත්තියක් බව නොදැන කථාබස් කරමින් පැමිණි කිහිප දෙනෙකු පිළිබදවත් දැන ගන්නට ලැබුණි.
මියගිය තරුණියගේ රුව වැඩිවශයෙන් දිස්වී ඇත්තේ මධ්‍යහන කාලයේවීම විශේෂයක් වන අතර රාත‍්‍රී කාලයෙදි අවස්ථා කිහිපයකදී රුවදිස්වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකුම බියටපත්වී තිබේ. තවත් අවස්ථා කිහිපයකදීම ඇයගේ සම්පූර්ණ රුව අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන්නන්ට දැකගැණිමට හැකිවී ඇති අතර රාත‍්‍රී කාලයේ පිටස්තරන් පැමිණි අයෙකු සුදු ගවුමකින් සැරසුණු ශරිර උඩුකයක් පාවී යන අයුරු දැක තිබේ.
මාර්ගයේදී අනපේක්ෂිත ලෙස දිස්වන තරුණ කාන්තා රුව හේතුවෙන් බොහෝ පිරිසක් බියවී තැති ගැන්මට ලක්වී ඇතත් එම සිද්ධිය පිළිබදව එකිනේකා ලැජ්ජාව හේතුවෙන් රහස් රකින බව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් පැවසුවේය. එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ මධ්‍යාහන කාලයේ ගමන් බිමන් යෑම අඩුකර තිබෙන බවත් තමන්ද එම අමනුෂ්‍ය රුවට බියවූ බව ඔහු පැසුවේය.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
|
හපෝ, හොල්මන් දකින්න අනුරාධපුරේ යන්න ඕන නෑ, අපේ පාර්ලිමේන්තුව ඇතුලෙ සුදු ඇඳගෙන ඔය ඕන තරම් ඉන්නේ. එතෙන්දි අතුරැදහන් නොවුනට. හිටපුගමන් අතුරැදහනුත් වෙනවලු. නිතරම මුලු රටම බය කරනවා..,හහ් වැඩිපුරම කරන්නෙ රවටන එක තමයි ඉතින්. ලෝකේ වැඩිම ප්‍රමාණයක් හොල්මන් ඉන්නෙ එහේ කියලා පහුගිය දවස්වල ලෝක වාර්ථාවකුත් තිබ්බා මගේ හිතේ.
| 11
|
POSITIVE
|
ncpp_train_0713
|
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ වෙළඳ ව්‍යාපාරිකයෝ කඩසාප්පු වසාදමා ඊයේ (28) හර්තාලයක නිරතවූහ. වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල හා මඩකලපුවේ මෙම හරිතාලය ක්‍රියාත්මක විය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද මෙම හර්තාලය ක්‍රියාත්මක කරන ලෙස කොටි හිතවාදීන් මුහුණු පොත හරහා පුළුල් ප්‍රචාරයක් කර තිබුණද ජනතාව ඊට අනුකූලතාවක් නොදැක්වීම නිසා එය කඩාකප්පල් වූ බවක් දක්නට ලැබිණි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ පාසල් කීපයක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් හැරෙන්නට අනෙකුත් සියලුම පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය. දෙමළ ව්‍යාපාරික ප්‍රජාව සිය වෙළෙඳසල් විවෘතකර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු දක්නට ලැබිණි.
හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ ත්‍යාගදීපන් තිලීපන් නමැත්තාගේ 33 වැනි ගුණ සැමරුම් සතිය නිමිත්තෙන් සැමරුම් සිදුකිරිම තහනම් කරමින් උතුරු පළාතේ අධිකරණ තහනම් නියෝග නිකුත් කර තිබූ අතර ඊට විරෝධය දැක්වීම සඳහා මෙම හර්ෂතාල් ව්‍යාපාරය ආරම්භ කළ බවද දෙමළ දේශපාලන නියෝජිතයෝ පවසති. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටි වවුනියාව ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් මත නගරයේ වසා දමා තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසල් ගණනාවක හිමිකරුවන් සමග පොලිස් නිලධාරින් සාකච්ඡාකර මහජනතාව සඳහා විවෘත කිරීමටත් පියවර ගැනීමෙන් අනතුරුව පෙරවරු 11.00 පමණ වන විට නගරයේ එම වෙළෙඳසල් විවෘත කර තිබිණි.
වසා තිබෙන වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විවෘත කරන ලෙස පොලීසිය ශබ්ද විකාශනය යන්ත්‍ර මගින් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටි අතර සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවද පොලිසිය වෙළඳුන්ට දැනුම් දුන්නේය. ඒ අනුව වවුනියාව නගරයේ පොදු වෙළඳපොළ, මාළු වෙළෙඳසල්, ඖෂධ අලෙවිසල් හා ආපන ශාලා ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ අලෙවිසැල් විවෘත කිරීමට පියවර ගැනිණි. උතුරු පළාත තුළ හරිතාලය ක්‍රියාත්මක වුවද සියලු දිස්ත්‍රික්කයන් හි පොදු ප්‍රවාහනය හා රාජ්‍ය ආයතන සුපුරුදු පරිදි විවෘතව තිබු අතර හලය හේතුවෙන් පාසල්වලට සිසුන්ගේ පැමීණිමේ අඩුවක් පැවැති බව උතුරු පළාත් අධ්‍යාපන බලධාරිහු පැවසූහ.
මඩකලපුවේද වාලච්චේන, සෙන්ගලඩි, කලවංචිකුඩු ඇතුළු දෙමළ ජනතාව පදිංචි ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබිණි. පාසල් කටයුතුවලට ද මෙම හරිතාලයෙන් බලපෑම් එල්ල වී තිබූ අතර රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘත කර තිබිණ. තම ව්‍යාපාරික ස්ථාන, පාසල් හා රාජ්‍ය ආයතන විසාදමා හර්තාලයට සහයෝගය පළකරන ලෙස දෙමළ ජාතික සංධානය ඇතුළු පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන රැසක් උතුරේ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරිකයන්ගෙන් ලිඛිතව ඉල්ලීමකර තිබිණි.
|
ම්ේ වගේ උන්ට මොනම රජයක්වත් හරියන්නෙ නෑ.
| 3
|
POSITIVE
|
ncpp_train_0714
|
ආගමට අපහාස කිරීමේ නාමයෙන් සිදුවූ තවත් ඝාතනයක් පාකිස්ථානයෙන් වාර්තාවී තිබේ. මෙවර ඝාතනය සිදු කර ඇත්තේ පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් හි මද්‍රසා පාසලේ ගුරුවරියන් තිදෙනෙකි. අඟහරුවාදා තම සහායිකාවක දේව අපහාස චෝදනා මත ඔවුන් තිදෙන එක්වී ඝාතනය කළහ. පුදුමයට කරුණක් නම්, මියගිය 21 හැවිරිදි කාන්තාවට ආගමික අපහාස චෝදනාව එන්නේ ‘සිහිනයක් පදනම් කරගෙන‘ වීමය.
පකිස්ථානයේ The Dawn පුවත්පතට අනුව මෙම සිදුවීම සිදු කර ඇත්තේ Jamia Islamia Falahul Binat හි ය. පොලිසිය එම ස්ථානයට පැමිණ බලන විට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ලේවලින් වැසී ගොස් ඇති අතර ඇයගේ ගෙල කපා තිබූ අයුරු දැකගත හැකි විය. ඉන් පසු සියලු සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.චූදිත ගුරුවරියන් පිළිවෙලින් අවුරුදු 17, 21 සහ 24 යන වයස්වල පසුවන්නන් වේ. ඔවුන් 21 හැවිරිදි වින්දිතයා ඝාතනය කළේ ‘ආගමික ප්‍රශ්නවල වෙනස්කම්’ සහ අපහාස කිරීමේ චෝදනාව මත ය. පකිස්ථාන වාර්තාවන්ට අනුව මියගිය කාන්තාව ප්‍රසිද්ධ ආගමික විශාරද මවුලානා තරික් ජමීල්ගේ අනුගාමිකයෙකු වන අතර ඇයට චෝදනා එල්ල වූ කාන්තාවන් ඇය ඇගම සම්බන්ධ කියූ දේකට අකමැතිවී වාද කර ඇත. පසුව මෙම තිදෙනාගෙන් එක් අයෙකුගේ නිවසේ 13 හැවිරිදි ඥාති දැරියක සිහිනයක් දැක ගුරුවරියට පවසා ඇත්තේ ආගමික අපහාස සිදුවූ තැනැත්තිය මරාදමන ලෙස තමන්ට දෙවියන් සිහිනයෙන් කියූ බවයි.
දැරිය පැවසීමෙන් පසු එය ආගමට අපහාස වන කාරණාවක් යයිද මරා දැමිම ගැන දේව පණිවිඩ ලැබී ඇතැයිද ගුරුවරියන් තීරණය කර ඇත. චූදිත කාන්තාවන් දකුණු වසිරිස්තානයේ ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ජීවත් වන Mehsud ගෝත්‍රයට අයත් වේ.මෙම සිද්ධියෙන් පසුව, Wafaqul Madaris Al Arab Pakistan, Madrassas මණ්ඩලයක්, මෙම ඝාතනය හෙළා දකිමින්, එය "අවාසනාවන්ත" එකක් ලෙස හඳුන්වා ඇත. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.පසුගිය වසරේදී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර පාකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රසිද්ධියේ පණපිටින් පුළුස්සා දමනු ලැබුවේ දේව අපහාස කිරීමේ චෝදනාව මතයි.
|
ඒක ආගම් කේස් එකක්ද.. නිකං ගොං කතා කියන්න එපා හිවලා....
| 55
|
POSITIVE
|
ncpp_train_0715
|
කැලිෆෝනියා වෙරළ තීරය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මෙම නව කොරෝනා වෛරස වසංගතය පැතිර යන අවස්ථාවක එම වෙරළ තීරයට දහස්දෙනා එක්රැස් වීම හේතුවෙනි.
මෙවන් ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින දරුණු අවස්ථාවක මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඉතා ඉක්මනින් මෙම මුහුදු තීරය වසා දැමීමට කටයුතු කරන බව පවසා තිබේ. එක්සත් ජනපදය යනු නව කොරෝනා වෛරස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රබල රටක් වුවද සති අන්තයේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් දකුණු කැලිෆෝනියා වෙරළ තීරයේ ඒකරාශි වී සිටිනු දක්නට ලැබුණි.
නමුත් පොදු ස්ථානයක මෙසේ විශාල ජනකායක් ඒකරාශිවීම අතිශයින් අනාරක්ෂිත ක්‍රියාවක් යයි ලොව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ.
මෑත දිනවල, වෙරළ සහ උද්‍යාන නැවත විවෘත කිරීම ආදිය සම්බන්ධයෙන් එරට රජය අවධානය යොමු කළ ද මෙසේ වෙරළ තීරය තුළ අනවශ්‍ය ලෙස ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැක. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ දැඩි අවධානය යොමු කර තිබෙන බවත් දැනගන්නට ලැබුණි. මෙම වෙරළ තීරයේ අව්රශ්මිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාව උදා කර තිබුණද දුරස්ත භාවය ආරක්ෂා කරගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
ලොස් ඇන්ජලීස් සහ අවට කලාපයේ ප්‍රාදේශීය නිලධාරීන් ද වෙරළ නරඹන්නන්ට ජනතාවට ඉඩ දීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව විමසා බලමින් සිටින බව එරට ආරංචි මාර්ග පවසයි. නමුත් කොවිඩ් -19 හේතුවෙන් බොහෝ ජනප්‍රිය වෙරළ තීරයන් මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඔවුන් තීරණය කර ඇති අතර අතළොස්සකට පමණ සීමිත සීමාවන් සහිතව නරඹන්නන්ට අවසර දීම සඳහා පියවර ගෙන ඇති බව වාර්තා වේ. නමුත් විවිධාකාර සීමාවන්, බලාත්මක කිරීමේ සැලසුම් සහ නිර්දේශයන් අනුගමනය කරමින් මෙම අවස්ථාව භුක්ති විඳිය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.
අප්‍රේල් 25 වන දින නිව්පෝර්ට් බීච් වෙරළ තීරයේදී පොලිසිය දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත. නමුත් සති අන්තයේ දී සෙනග වැඩි වී ඇති බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඊළඟ සති අන්ත තුන සඳහා වෙරළ තීරය වසා දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව දැනගන්නට ලැබුණි.
නිව්පෝර්ට් බීච්හි උෂ්ණත්වය 90 එෆ් (32 සී) ට ආසන්න වන බැවින් බොහෝ ජනතාවක් එම ස්ථානය වටා එක්රොක්වනු දැකිය හැකියි. නමුත් මෙසේ ජනතාව ඒකරාශි වීමෙන් කිසිවිටෙකත් සමාජ දුරස්ත භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වන බැවින් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව තවදුරටත් තහවුරු වේ. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා දැඩි උනන්දුවක් දක්වීම අතිශයින් වැදගත් වන බවයි. එමෙන්ම පොලීසිය ඇතුළු බොහෝ වගකිවයුතු බලධාරීන් පෙන්වා දෙන්නේද මෙම වෙරළ තීරය ඉදිරි දින කිහිපය තුළදී වසාදැමීම මෙම වෛරසය මැඩපවත්වා ගැනීමට ගතහැකි ප්‍රබල පියවරක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති බවයි.
සඳුදා දිනය වන විට කැලිෆෝනියාවේ ධනාත්මක රෝගීන් 43,464 ක් සහ මරණ 1,755 ක් වාර්තා වී තිබේ. මාර්තු 15 සිට රජය විසින් විරැකියා රක්ෂණ ගෙවීම් සඳහාද ඩොලර් බිලියන 4.4 ක්නිකුත් කර ඇති බව නිව්සෝම් පවසයි. කෙසේ වුවත් මෙවන් වාතාවරණයක් හමුවේ පොදු ස්ථානවලට මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් සුදුසු නොවන බව පැහැදිලිය. එබැවින් රජයන් විසින් මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කිරීම වැදගත් වනවා සේම රටවැසියන්ද තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බව අත්‍යවශයෙන්ම පැවසිය යුතුය.
- රිෂ්මි ඉෂාරා -
|
මෝඩ රැලක්
| 18
|
POSITIVE
|
ncpp_train_0716
|
මහමග අතහැර යන සහ දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කළ හැකි නීති ගෙන එන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසා තිබේ.
මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි
භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපළ වලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටළු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරණය වීමෙන් පසු
මෙවැනි පියවරක් ගත යුතු බවට ඇමැතිවරයා යෝජනා කලේ ඊයේ (30) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වූ පලාත් සමාජ සේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදීය.
එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර මුලින් ප්‍රසිද්ධ කර ලඟම ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, එවිට ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන සේ නීති රීති සකස් කළ යුතු බවද පෙන්වා දී තිබේ.
|
නියම වැඩක් ... ඉක්මනින් කොලොත්... හැබැයි ඔය නීතිය ඉක්මනින් ම නොගෙනාවොත් plan ගහපු ලේලි ලා , බැනලා දෙමාපියනට ඔයිට වඩා දෙයක් කරලා පාරට දාවි.
| 8
|
POSITIVE
|
ncpp_train_0717
|
පසුගියදා හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත සදහා ඉන්ධන අවශ්‍ය පාරිභෝගිකයින් ලියාපදිංචිවීමේදී බොහෝ දෙනාට පැවති ගැටලුවක් වූයේ ඇතුළත් කරන චැසි අංකය නොගැලපෙන බවට ලබාදෙන පණිවිඩයයි.මේ හේතුවෙන් ඇතැමුන්ට ලියාපදිංචිය සිදුකරන්නට නොහැකිවූ අතර ඇතැමුන් ඒ ගැන විමසන්නට කිසිවෙකු නැතිවීම හා ලියාපදිංචිය නැතිවීම නිසා ඉන්ධන ලබාගත නොහැකිව අසරණවී තිබුනි.
ජාතික ඉන්ධන අවසර පත් සදහා වාහනයේ චැසි අංකය ඇතුලත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට අද සිට තම ආදායම් බලපත්‍ර අංකය භාවිතා කර ලියාපදිංචි වීමට හැකි බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව නව විකල්පය එම ගැටලුවට විසඳුමක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.හෙට (1) සිට ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේදී ශ්‍රී ලංකාව පුරාම මෙම ක්‍රමය පමණක් අනුගමනය කරනු ඇති අතර මෙතෙක් පැවති අවසන් අංක ක්‍රමය අත්‍යවශ්‍ය සේවා සදහා දින ලබාදීම ආදී සියලු ක්‍රම අහෝසි වනු ඇත.දැනටමත් මෙම ක්‍රමයට අනුගත නොවුණ පිරවුම්හල් අතළොස්සක් පවතින අතර ඒවාට ඉක්මනින් අනුගත වන ලෙස දන්වා ඇති අතර එසේ වනතුරු ඒවාට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාවය අවම කරන බව ඇමතිවරයා දන්වා ඇත.
|
ජාතික ඉන්ධන අවසර පත සදහා වාහනයේ චැසි අංකය ඇතුලත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ මා අද දින ආදායම් බලපත්‍ර අංකය භාවිතා කර ලියාපදිංචි වීමට උත්සහ දැරුව ද පෙර පරිදිම දෝෂ පණිවිඩය පමණක් ලදිමි.මෙම ගැටලුව නිරාකරණය කර ගන්නේ කෙලෙසදැයි නොදනිමි.
| 19
|
POSITIVE
|
ncpp_train_0718
|
පසුගියදා රටේ කම්පනයක් ඇති කරමින් 14 හැවිරිදි දැරියක සිය බාප්පාගේ හා පියාගේ හිංසනයන් නිසා අකාලයේ මිය ගොස් තිබුණි. මෙම මරණයට හේතුව පැහැදිලි ලෙස මුලදී හඳුනාගත්තේ නැත. නමුත් එම සංසිද්ධිය ගැන සිදු කර ඇති පරීක්ෂණ අනුව එහි මුල දැන් අනාවරණයවී ඇත.තාත්තයි බාප්පයි දෙන්නම නංගිට ගැහුවා. ඉස්පිරිතාලෙට ගෙනියන්නවත් දුන්නෙ නෑ. ඒ හින්ද තමයි නංගි මැරුණේ... උඩුදෙනිය වෙදරාලලාගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාර තවම දගකාර කෙලිලොල් වියේ පසුවන දාහතර හැවිරිදි දැරියකි. ඇය පදිංචිව සිටියේ ගම්පොල ,මවුන්ට්ටෙම්පල් ජනපදය ප්‍රදේශයේ නා234/එ ලිපිනයේය. අම්මා තාත්තාත් හැරුණුකොට දහඅට හැවිරිදි අක්කාත් එකලොස් හැවිරිදි හා අට හැවිරිදි නංගිලා දෙදෙනාටත් මැදිව නිපුනි හැදී වැඩුණේ ජීවිතයේ කිසිදු බරපතලක් හඳුනා නොගෙනය. ඇය ගම්පොල ශන්තජෝශප් බාලිකා විද්‍යාලයේ නමය වසර පංතියේ ඉගෙනුම ලබමින් සිටියේ අක්කා මෙන් අතරමග ඉගෙනීම කඩාකප්පල්කර නොගන්නා බවට තරයේ අදටන් කරගෙනය. ඒ සිය පියා අධ්‍යාපනය ලබා ඇත්තේ හතරේ පංතිය දක්වා පමණක් වුවත් ඔහුගේ දරුවකු වන තමාද එ තත්වයට වැටීම සිදු නොවියයුතු නිසාය. පියා කුලී වැඩකරමින් තම පවුල රැකීමට දහදුක් විඳින්නේ ඉහළට ඉගෙන නොගත් වරදින් බව නිපුනිගේ පුංචි හිතට වැටහී තිබුණේ අද ඊයේ සිට නාවේ.පොත්පත්, ඇදුම්පැළඳුම් මිළදී ගැනීමට අවශ්‍ය මුදලබාදීමට නොහැකිව පියා ලතවූ අවස්ථා අනන්තව තිබු බැවිණී. රැකියාවක් නොකළ මවටද එවැනි මොහොතක නැහඩවීම හැර වෙනකළ හැකි දෙයක් නොතිබුණි.දින දින උස්මහත් වූ නිපුනිකා යෞවන වයසට එලැඹෙමින් සිටියේ සුන්දර රූසපුවකටද හිමිකම් කියන අතරය. නිපුනිගේ පියාගේ පියා එනම් සීයලාගේ පදිංචිය ගම්පොල,අංගම්මන ප්‍රදේශයය.ඒ නීපුනීලාගේම නිවසේ සිට කිලෝ මීටර එකොළහක් පමණ දුරින්, සීයා ආච්චි සමග මහගෙදර සිටියේ බාප්පාය. බාප්පාට සිටියේ එකදියණියක් පමණි. පියා මෙන්ම හයේ පංතියෙන් පාසල් ගමනට සමුදුන් බාප්පාද රැකියාව ලෙස තෝරා ගත්තේ කුලීවැඩය. මේ නිසා පවුලේ අගහිගකම්වලට පිලියම් සෙවීමට කුඩම්මා රටගියේ අසනීප තත්වයෙන් පසුවන ආච්චිගේ බර ද පියා මත පටවමිනි.
බාප්පාගේ දුව නිපුනි වයසේ වුවත් ඇයට වඩා මාස කීපයකින් වැඩිමහල්ය. පසුගියදා අංගම්මන සිට නිපුනිලාගේ නිවසට පැමිණි බාප්පා ආපසු ගියේ නිපුනි දියණීයද කැටුවය.ඒ අක්කාගේ තනියට ටික දිනක් එහි නතරවන ලෙසට ඉල්ලීමක් ද කරමිනි. බාප්පාගේ යෝජනවාට එකපයින් කැමැති වූ දැරිය එහි ගියේ අක්කා සමග පාඩම් කිරීමට වුවත් අපහසු නොවන නිසාය. දුටුවන් චශිවන සුන්දරත්වයකට හිමිකමක් කී නිපුනි දෙස අංගේමන ගමේ කොලුගැටයෙක් බැල්ම හෙලා ඇති බව පසුගිය 19 වැනිදා බාප්පා දැනගන්නේ අසල්වැසියකු දුවගෙනවිත් කාණේ තැබු කෙලමක් හේතුවෙනි. ඒ දැරිවියන් දෙදෙනා හොර රහසේ පාරට ගොස් කොල්ලෙක් සමග කතා කරමින් සිටිබවටය. බාප්පාට යකා ආරුඩ වූයේ මේ පුවතට තටු ලැබුණොත් සිදුවන විනාශය ගැන මෙනෙහිවන විටය.මෙහාට වරෙන්. මෙහාට වරෙන්. උඹ මෙහෙ ආවේ කොල්ලොත් එක්ක නාඩගං නටන්නද.. එහෙම නැත්තං අක්ක එක්ක පාඩම් කරන්නද?, රිප්ප පටියක් අතට ගත් බාප්පා නිපුනිට පහර දුන්නේ ගැහැණු ළමයෙක් නොකළයුතු දෙයක් සිදු කිරීමේ වරද නිවැරදි කිරීමට විය යුතුය. තොට වටිනවද මේවට උල්පන්දම් අල්ලන්න, මේකීව පාරට එක්කගෙන ගියෙ මොකටද තෝ. ඔහු තම දියණියටද පහර දුන්නේ මේ සිද්ධියට උඩගෙඩි දුන්නේ තම දියණිය වන නිසාය. 'තවත් මෙහෙ තියාගත්තොත් මටයි දොස් අහන්න වෙන්නෙ.මහ එකාට එන්න කියලා දැන්ම පිටත්කරලා දානවා.. බාප්පා,මවුන්ට්ටෙම්පල් ජනපදයට පණිවුඩයක් දුන්නේ ඒ අනුවය. පසුගිය 19 වැනිදා පියා සමග නිපුනි ආපසු බාප්පලාට සමුදී පිටත් වූයේ නොඑන ගමනක් බව කිසිවකුත් දැන සිටියේ නැත. නිවෙසට පැමිණි මොහොතේ සිට දැරිය හැසිරුණේ රෝගී තත්වයෙන් වූවත් නිවැසියන් එය එතරම් ගණන් නොගත්තේ සිද්ධියෙන් ඇගේ හිතරිදී ඇති බව සිතා වියයුතුය. කෙසේ වුවත් ඇය පසු දින එනම් 20 වැනිදින බඩේ කැක්කුම හා ඔළුවේ කැක්කුමක් ඇති බව පවසමින් සිටියත් ඔවුන් ඇය රෝහල කරා රැගෙන යැමට කටයුතු කර නොතිබිණ."මේකි කැලේ ගිහිල්ලා තනි කංදොසයක් හැදිලද කොහෙද. මෙසේ පැවසු පියා අසල්වැසි දේවාලයක කාන්තාවකට කියා තෙල් මතුරාගෙන පැමිණ දැරියගේ හිසේ ගල්වන්නේ එවැනි දෝසවලට කළ යුතු එකම පිළියම එය වන බැවිනි. තෙල් සාන්තුවෙන් සුවය ලැබෙනතුරු බලා සිටියදී ක්‍රමයෙන් දවස ගෙවීගිය අතර නින්දට වැටුණදැරිය 21දිනට පහන් වෙන අළුයම් කාලයේ කැගසන්නට පටන් ගත්තේ නිදා සිටි නිවැසියන් බියට පත් කරමිනි. මේකිට මොකා ගහලද.නිදාගන්නවත් දෙනනැනේ .. නිදිමරගාතේ පැනගෙන ආ පියා ඇයට පහර දුන්නේ තමන්ගේ නින්ද කඩා කළ බාධාවට වන්දි වශයෙන් විය යුතුය, ඉන්පසුව ඔහු නැවතත් දේවාලය කරා ගියේ දෝසය තවම දැරියගේ ඇගේ ඇති බව පවසමිනි. 'එහෙනං ඕකට තෙල්මතුරල හරියන්නෙ නැ. අපි දෙහි ටිකකුයි බිත්තර ටිකකුයි කපල බලමු.රෑ වෙලා එන්න වෙයි ඒකට. දෙවොලේ දෙව්දුව පැවසු වදන් හිතේ රඳවා ගෙන ඔහු රැකියාවට පිටත්ව ගියේ බිරියට ඒ බවක් නොපවසාය.
යාගය සිදුකරන්නේ රාත්‍රියට වන නිසාය. එහෙත් දහවල් එක පමණ වන විට දැරියගේ රෝගී තත්වය එන්න එන්නම බරපතල වූයේ ඔවුන්ට නොදැනීමය.දැරිය රෝහලට රැගෙන යා යුතු බව මේ මෝඩ මවට වැටහෙන්නේ එවිටය, එහෙත් අවාසනාව ඒවන විටත් ඔවුන් කරා පැමිණෙමින් තිබුනේ වෙස්වලාගෙනය. ගම්පොල රෝහලට රැගෙන යන විටත් නිපුනී සදහටම දෙනෙත් පියා ගත්තේ තාත්තාත් බාප්පාත් තමන්ගේ මරණයට වගඋත්තරකරුවන් බවට පත් කරමිනි. ඒ විසිඑක්වැනිද හවස දෙකට පමණය. අවුරුදුදාහතරක ළමයෙක් ගෙනාවා. ගේන කොටත් ළමයා මැරිල. අම්මයි දුවලයි කියනවා තාත්තයි බාප්පයි ගැහුවා.ඒහින්ද තමයි මැරිල තියන්නේ කියලා.. ගම්පොල රෝහලෙන් පොලිසියට දැනුම් දෙන්නේ පියාත් බාප්පාත් පහරදීම නීසා දැරිය මිය ගිය බවට නිවැසියන්ට පවසන බවය.දරුවා රෝහලට රැගෙන යැමට ඉඩ නුදුන් බවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ කාගේත් මුවින් අනේ අපොයි යන වදන් පිටකිරීමට අනුබල ලබා දෙමිනි. දැරියගේ ශරීරයේ බාහිරින් තුවාල කිසිවක් පෙනෙන්නට නොතිබූ අතර බාප්පා පැවසුවේ රිප්ප පටියකින් කකුලට පහර දෙකක් ගැසූ බවය.පාරට ගිහිල්ලා කොල්ලො එක්ක කතා කළා කියල තාත්ත මගේ කකුල්දෙකටත් ගැහුවා. නංගිගේ කකුල් දෙකටත් ගැහුවා. පහරදීම ගැන බාප්පාගේ දියණිය පවසන්නේ එවැන්නකි. ඔහු පහරදීම සිදුකර ඇත්තේ කුඩාරීප්ප පටියකිනි. දියණීය විසින් තමගේ නින්ද කැඩු බවට චෝදනා කරමින් පියා විසින් පහරදී ඇත්තේ කෝටුවකිනි. පහරදීමෙන් අනතුරුව දියණියව නිවසෙන් එළියට දැමු පියා ටිකවේලාවකින් නැවත ඇයව ගෙට ගෙන තිබෙන බවද මෙහිදී අණාවරනයවී තිබේ.කෙසේ වූවත් ඇයට මාරාන්තීක පහරදීමක් සිදු කර නොමැති බව පොලිසියේ අදහස වුවත් ඇගේ මරණයට හේතුව නිශ්චිතවම අණාවරනය කරගත හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. මින්පෙර කිසිදු රෝගීතත්වයකින් නොපෙලන දියණීය මෙලස අකාලයේ මිලන වූයේ කාගේ වරදින්ද.පිරිමි ළමයකු සමග කතාකළ පමණින් එය ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් බරපතල වරදක්දැයි දන්නේ කවුරුන්ද?
මෙම සිද්ධියෙ පසුව ඇය යම්කිසි අසමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වූවානම් ඇයව වෙද්‍යවරයකු වෙත රැගෙන යැමට තරම් දැනුමක් වැඩිහිටියන්ට නොතීබීම ඉතා කණගාටුදායකය.වෛද්‍ය විද්‍යාව මෙතරම් දීයුණු තත්වයක තිබෙන මොහොතක විස්මිත සැත්කම සිදුකරමින් දෙවිවරු ව වෛද්‍යවරු එළොව සිටින ජීවිත පවා මොලොවට රැගෙනවිත් සමාජයට දායාද කරන යුගයක මිත්‍යමතවල එල්බගෙන ඇදුර කරා දුවමින් අහිංසක ජීවිතය විනාශ වීමට ඉඩ හැරීම කොතරම් අනුවන ක්‍රියාවක් දැයි මේ වනවිට ඔවුන්ට වැටහී ඇතුවාට සැක නැත.එහෙත් දැන් ඔවුන් කොතරම් ප්‍රමාදදැයි ගණනය කිරීමෙ ප්‍රතිඵලයක් නොමැත. රෝගියෙකුගේ පණ පොදට එක තත්පරයත් කල්පයක් පමණ දිගුවන්නේ එහෙයිනි. සුන්දර ළමාවිය ගෙවමින් භද්‍ර යෞවනයට පියවර තබමින් සිටි රුවැත්ති යම්කිසිවකු නොසිතු නොපැතු මෙහොතක සියල්ල හැරදා සදාකාලික නින්දකට වැටුනේ ගම්පොල නගරයම කඳුලින් තෙමා දමමිනි.විනීතා මානෙල් ගමගේ
|
හරියටම කාරණා නොදැන මාද්‍ය කියන ඒවා දැකලා චෝදනා කරන හදිස්සි වෙන්න එපා. මතකනේ අර සහේලි ද කවුද කියලා පොඩි ළමයෙක්ගේ තාත්තට චෝදනා කරලා ඒ මිනිහව සහ පවුලම විනාස කළා, පස්සේ ඇත්ත හෙළි උනා කුඩු කාරයෙක් ගේ වැඩක් බව.
| 18
|
POSITIVE
|
ncpp_train_0719
|
කලකට ඉහතදී ක්‍රිකට් ලොව කැලඹූ පාකිස්තානු වමත් වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ වැඩමුළුවක් දෙසැම්බර්
පළවැනිදා (1දා)
කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
2019 වසරේදී පැවැත්වීම නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයද සහභාගිවීමට නියමිතය.
|
ඌ සුද්දෙක් නෙ, ඒකලු වසීම්ට වඩා හොදයි කියන්නෙ.
| 1
|
POSITIVE
|
ncpp_train_0720
|
ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටා තිබෙන ‘සී වර්ල්ඩ් සැන් ඩියාගෝ‘ තේමා උද්‍යානයේ උපත ලබා ඇති නව emperor penguin පැටවා නම් කිරීමට මහජනතාවට අවස්ථාවක් දී ඇත. දශකයකට වැඩි කාලයක් උද්‍යානයේ පැටවුන් බිහි වූ නමුත් නම් තැබීමට අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙය බව කියැවේ. තවමත් නම් නොකළ ගැහැණු පැටවා සැප්තැම්බර් 12 වන දින උපත ලැබූ බව සී වර්ල්ඩ් සැන් ඩියාගෝ විසින් ඔක්තෝබර් 25 බදාදා නිවේදනය කළේය.2010 වසරේ සිට සී වර්ල්ඩ් සැන් ඩියාගෝ හි උපත ලැබූ පළමු emperor වර්ගයේ පෙන්ගුයින් පැටවා ඇයයි.ඇන්ටාක්ටික් අයිස් දිය වීම හේතුවෙන් මෙම emperor විශේෂය "තර්ජනයට" ලක් වූ සත්ව කොට්ඨාශයක් ලෙස සැලකේ .බිත්තරයෙන් පැටවා පැමිණි විට, පෙන්ගුයින් පැටවාට විකෘති හොටක් ඇති බවත්, ඌට තනිවම පැටවුන් බිහි කිරීමට නොහැකි බවත් සොයා ගන්නා ලදී. එම නිසා පැටවා එළියට ගැනීමට සී වර්ල්ඩ් හි කම්කරුවන්ට දින තුනක සූක්ෂම කාලයක් ගත කිරීමට සිදු විය.පැටවාගේ නම සඳහා ඇති තේරීම් තුන වන්නේ "පර්ල්", "පැන්ඩෝරා" සහ "ඇස්ට්‍රිඩ්" බව දන්වා ඇත.පෙන්ගුයින් ගේ නම නොවැම්බර් 1 දා ප්‍රකාශයට පත් කෙරේ.
|
පැන්ඩෝරා නම ලස්සනයි.
| 5
|
POSITIVE
|
ncpp_train_0721
|
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන පැමිණිලි 301ක් ඊයේ 30 සවස වනවිට ලැබී ඇත.
ඊයේ දිනයේ
පැමිණිලි 99 ක් ලැබුණු බවත්, පෙරේදා වනවිට පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත් පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් බවත් වාර්තා වන අතර පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තාවී තිබේ.
|
හාවි වින්ස්ටන්ට එරෙහිව ගෑණු 50+ පැමිණිලි කරා කියලයි බටහිර මාධ්‍යය මැරෙන්න හැදුවා, මූට පැමිනීලි 300 වාර්තා වෙලත් තාම මේ මාධ්‍යය සද්දයක් නෑ. ඒකෙන් පේන්නේ මේ ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු සාධාරණය, යුක්තිය ගැන හිතන්නේ නෑ, හිතන්නේ තමන්ගේ න්‍යාය පත්‍රය ගැන විතරයි. කළකිරෙනවා මේවා දැක්කම.
| 2
|
POSITIVE
|
ncpp_train_0722
|
රජයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ පැවති අසමබර ක්‍රියාකාරීත්වය නිසා නම ලක්ෂ විසිදහසකට ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාදුන් නමුත් දෙවැනි මාත්‍රාව ලබාදෙන්නට හැකියාව ඇත්තේ තුන් ලක්ෂ හැටදහසකට පමණක් බව පසුගියදා ප්‍රකාශයට පත්විය. ඒඅනුව එන්නත ගත් පන්ලක්ෂ හැට දහසක් එනම් ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයකට දෙවැනි එන්නත නොලැබෙන තත්වයක් පෙන්නුම් කර තිබේ.ඉන්දියාවෙන් එන්නත් තොග අපනයනය මේ වනවිට අත්හිටුවා ඇති අතර වෙනත් රටකින්වත් ලංකාවට එන්නත් නොලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇත.මේ ගැන පසුගිය සතියේ ලලිත් වීරතුංග මහතා පවා කථා කලේ අවිශ්වාසයෙනි. නමුත් මහාචාර්ය චන්න ජයසුමන හැමවිටම මාධ්‍ය ඉදිරියේ පැවසුවේ ඉන්දියාවෙන් ඉතිරි තොග අපි ගෙන්වනවා කියමින් ප්‍රශ්නයක් නැති ගාණටය..
මෙම සංසිද්ධියේ අවාසනාවන්ත තත්වය වන්නේ ඇස්ට්‍රාසෙනාකා පළමු මාත්‍රාව පමණක් ලබාගෙන එන්නත් වැඩසටහනට සම්බන්ධවූ අයට විකල්පයක් නැතිවීමය. ඒ අයට සති 16 ක උපරිමය තුළ දෙවැනි මාත්‍රාව ලබාදිය යුතු බව පැවසුනත් තවත් මාසයක් දෙකක් තුළ එම කාලසීමාවද ඉක්මවා යයි. ඒ අයට පසුව හෝ වෙනත් එන්නතක් ලබාදීම මගින් සිරුර තුළ එන්නත් මිශ්‍රණයක් සැකසී අහිතකර තත්වයක් මතුවේද යන්න ගැන සැක සංකා පවතින අතර ඒ ගැන පර්යේෂණ සිදු කර ඇති බවක් විදේශ මාධ්‍ය වලින් අසන්නට නොලැබේ.කෙසේ වෙතත් වීරතුංග මහතා හා ජයසුමන මහතා නිශ්චිතව දෙවැනි මාත්‍රාව නොලැබෙන බව නොකීවත් අද දිනයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දෙවැනි මාත්‍රාව නියමිත කාලයට ලැබෙන්නේ නැති බවට පැහැදිලි කතාවක් කලේය.ඔහු අද සඳහන් කළේ ඉන්දියාවෙන් ඇනවුම් කළ එන්නත් තොග කෙටි කලක් තුළදී ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් (එනම් ඇස්ට්‍රාසෙනාකා හා සිනොෆාම් හෝ ඇස්ට්‍රාසෙනාකා හා ස්පුට්නික්) ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවද වෛද්‍යවරයා එහිදී පවසන ලදි.මෙම එන්නත් නොලැබීමේ 'අලකලංචිය'ට මැදිව ඇත්තේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ හෝ ප්‍රභූන් නොව කොළඹ හා තදාසන්න නගරවල අවදානම් කලාපවල ජීවත්වූ බහුතරයක්වූ 60 ට වැඩි මධ්‍යම පාන්තික වැඩිහිටියන්ය.ජීවිත ලක්ෂ 6 කට මෙම ගැටලුව බලපාන අතර එවැනි මිශ්‍රණයක් සාර්ථකවීමේ හෝ අසාර්ථකවීමේ වගකීම කවුරුන් භාරගනීද යන්න සැක සහිතය.
|
මේ ආණ්ඩුවෙ උන්ගෙ කයිය විතරයි. තාමත් ආණ්ඩුවෙ දේශපාලුවො කියන්නෙ රටේ ප්‍රශ්නයක් නෑ කියල. අර එක දොස්තරෙක් හිටියා ආණ්ඩුවට කඩේ යන හැමදාම කීවෙ සමාජ ව්‍යාා්පතියක් නෑ කියල. දැන් උඩපැනල ගහපු 69 ශැපදඅඅඅඅඅඅ ???
| 29
|
POSITIVE
|
ncpp_train_0723
|
මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු තවත් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඊයේ(27) දිනයේ ද
වෛරසය ආසාදනය වූ හෙදියන් දෙදෙනෙකු එම රෝහලෙන් වාර්තා විය.මේ අතර වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වීම නිසා පොලීසියේ සෙසු නිලධාරීන් ද නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ.එම පොලිස් ස්ථානයේ කටයුතු වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන බවයි.
|
කොළඹට උන දේ නුවරටත් වෙන්න දෙන්න එපා
| 3
|
POSITIVE
|
ncpp_train_0724
|
අද (27) ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ප්‍රවර්ධනාත්මක වෙළෙඳ දැන්වීමක් සම්පූර්ණ පිටුවක් පුරා පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්කකර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ලෙස එය හඳුනා ගන්නට ලැබේ.පසුගිය දින වල ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නට යන කතාවක්ද පළ විය.
|
සුදු තොප්පි කාරොන්ට දෙකොනෙන් හීන් දාඩිය දානව ඇති.
| 38
|
POSITIVE
|
ncpp_train_0725
|
දකුණු දිග පෝලන්තයේ miejsce odrzańskie නම් කුඩා ගමක් පිළිබඳ විදෙස් මාධ්‍ය මේ දිනවල විශේෂයෙන් තොරතුරු වාර්තා කර තිබේ.ඒ දශකයකට ආසන්න කාලයක් තිස්සේ එකම පිරිමි දරුවකු හෝ ඉපදී නැතිවීම නිසාය.එබැවින් එහි ගම්අධිපතිවරයා වන රජ්මුන්ඩි ෆිචිනෝ අලුත විවාහවන යුවළ වෙත දැනුම් දී ඇත්තේ පිරිමි දරුවකු උපත ලදහොත්
පුදුමය දනවන ත්‍යාගයක් ලබාදෙන බවය.
‘‘මම දන්නවා මේ තත්ත්වය තරමක් අසාමාන්‍යයි. ඇයි එහෙම වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕන. මගේ පැත්තෙන් මම තීරණය කළා පිරිමි දරුවෙක් උපදින යුවළකට ත්‍යාගයක් පිරිනමන්න. ඒ ත්‍යාගය ඉතාමත් වටින එකක් වේවි
අපි තවදුරටත්
ඒ පිළිබඳව සොයා බැලුවෙමු, උප්පැන්න සහතික සමාලෝචනය කළෙමු. නමුත් මෙයට හේතුවක් හිතාගන්නට බැහැ' ඔහු කියා ඇත.
එම ප්‍රකාශය කළ ගම්අධිපතිවරයාට සිටින්නේ ගැහැණු දරුවන් දෙදෙනෙකි.
මෙම ගමේ ජනගහණය 272 ක් වන අතර පසුගිය දස වසර තුළ අවසානයට ඉපැදුණ 12 දෙනාම ගැහැණු දරුවන්ය.
සමහර ගම්වැසියන් සිතන්නේ මෙම විෂමතාවය අහම්බයක් පමණක් වන බවත් එය ටික කලක් යන විට වෙනස් විය හැකි බවත්ය.
ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ පියෙකු වන ගම් අධිපතිවරයා කියා සිටියේ තමා මේ කාරණය හාරා බැලූ බවත් පිරිමි ළමයින් සැමවිටම නගරයේ සිටින බවයි.
දරු උපතකදී ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරනු ලබන්නේ ආරම්භයේදීම, පිරිමි ශුක්‍රාණු විසිනි. එක්ස් වර්ණදේහයක් රැගෙන යන ශුක්‍රාණු ගැහැණු ළමයෙකු හා ශුක්‍රාණුවක් වයි වර්ණදේහයක් ගෙන යන පිරිමි ළමයෙකු කරයි.
කෙසේ වෙතත්, අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ එය සෑම විටම ශුක්‍රාණුවල X සහ Y වර්ණදේහ 50/50 ක් බෙදා හැරීමක් නොවන බවකි.
|
අන්න බලන්න කොල්ලන්ගේ වට්නාකම
| 39
|
POSITIVE
|
ncpp_train_0726
|
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන Gsp සහනය අහමිවීමෙන් ලංකාවට අවාසියක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
“ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි.
එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ.
මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.
අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ. ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.
ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි.
GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.
තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.”
|
යකෝ මුගෙ මරු theory . ඕක මරාගෙ කාලෙ උනානම් මූ කියන ඒවා බලන්න තිබූනා. කබර ගොයා තලගොයා කරනවා කියන්නෙ මේවාට තමා.
| 89
|
POSITIVE
|
ncpp_train_0727
|
හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අඟහරුවාදා (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.
1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් විය.ඔහු එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී එහි මහලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
|
ජයවේවා අපේ මිනිමරු සිරිසේන කුරේ මැතිතුමාට ජයවේවා. ප්‍රේමදාස ව හම්බ වෙලා පුළුවන් නම් අපායේ ත් මිණි මරපං මචං.
| 9
|
POSITIVE
|
ncpp_train_0728
|
කොරෝනා වෛරසය නැවත පැතිරයාම නිසා සතියක් පමණ කාලයක් ඉදිරිව තිබියදී පසුගිය වාරයේ අධ්‍යාපන කටයුතු නවතා දමන්නට රජයේ පාසල් තීරණය කර තිබුණි. නමුත් දැන් නියමිත නිවාඩුව අවසන් කර ලබන නොවැම්බර් 9 යළි පාසල් විවෘත කිරීමට නියමිත වුවද එය ප්‍රායෝගිකව සිදු කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බවත්
යළි පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදුවනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.මේ වන විට පාසල් සිසුන් කිහිප දෙනෙකුම කොරෝනා රෝගයට ගොදුරුව තිබීම හා පොලිස් බල ප්‍රදේශ 122කට නිරෝධායන ඇඳිරී නීතිය පනවා තිබෙන පසුබිමක පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඉල්ලා ඇති බව පවසන ඔහු බොහෝ දුරට පාසල් යථාපරිදි ආරම්භ කිරීම දැන්ම කිරීමට බැරිවනු ඇතැයි ඉඟි කර තිබේ.මෙයට විකල්පයක් ලෙස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට යළිත් දුරස්ථ අධ්‍යාපන කටයුතු විධිමත්ව ආරම්භ කරන්නට සිදුවන බව ඔහු කීය.
|
ස...... දැන් හරි වසයි, ඉක්කෝල වටේ එක ශැරයක් යෙන්න කියන්න, කොරොනා තුශ්නිම් භූත වෙයි, මොකද ඩෑල් එකගෙ මූනත් කොරොනා වගේ...🤣
| 15
|
POSITIVE
|
ncpp_train_0729
|
ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන සියලූ මැතිවරණවලදී සාමූහිකව තීන්දු ගැනීම සදහා ලංකා නිදහස් පොදුජන සන්ධානය අත්සන් තැබීම අද සිදුවිය. ශ්‍රීලනිප ශ්‍රීලපොජපෙ හා දේශපාලන පක්ෂ 17ක
ලෙකම්වරුන් සර්ව ආගමික ආශිර්වාද මැද අද (31) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී මෙම නව සන්ධානයට අත්සන් තැබිම සිදුකරනු ලැබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.
ශ්‍රීලනිපය ගෝඨා සමග එක්වන බවට තුන්වන
වතාවටත් අත්සන් තැබීම ඒ අනුව සිදුවූයේ දයාසිරි ජයසේකරගේ අත්සනත් සමගිනි.
මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය , ලංකා සමසමාජ පක්ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශක පෙරමුණ ,
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග‍්‍රසය, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජාතික කොංග‍්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දමිල මහජන විමුක්ති සංවිධානය ,විජය ධරණී ජාතික සභාව ,එක්සත් මහජන පක්ෂය, මුත්පෝක්කුත් තමිලර් කච්චි පක්ෂය මෙම ගිවිසුමට අත්සන් තැබීය.
|
අපේ ගෝඨාභය මැතිතුමාට ජයෙන් ජය.
| -32
|
NEGATIVE
|
ncpp_train_0730
|
සයිටම් නෙවිල්ගෙන් ඉවතට
ටික ටික ගෙවන්න වෛද්‍ය උපාධිය
සයිටම් ගැටලුවට ජනාධිපති කමිටුවේ විසඳුම
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති විසඳුම ඇතුළත් ප්‍රවෘත්ති නිවේදනයක් ඊයේ (29) නිකුත් විය.
එම ප්‍රවෘත්ති නිවේදනය අනුව ලබාගත් තීරණ පහත පරිදිය.
සයිටම් මුදලට වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් ලෙස ඉදිරියටත් පවතිනු ඇති නමුත් එහි පරිපාලනය නෙවිල් ප්‍රනාන්දු සහ එම පවුලෙන් ඉවත් කිරීමත් ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක් ලෙස අඩු මුදලට හා ණයවාරික මත ප්‍රමිතිගතව උපාධි ලබාදීම සිදුකරන්නටත්
එම යෝජනා වලින් බලාපොරොත්තුවේ.
එම නව යෝජනාවලිය පහත පරිදිය.
1. සයිටම් ආයතනය (මෙතැන් සිට සයිටම් යනුවෙන් හඳුන්වන්නේ එහි වෛද්‍ය පීඨය වේ) අහෝසි කිරීම. දැනට සිටින කොටස්කරුවන්, ණයදෙන ආයතන සහ
ලාභ බලාපොරොත්තුවක් නොමැතිව, සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණය ලබාගැනීමට කැමැත්තක් දක්වන, නව ආයතනය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයෙන්, සයිටම් ආයතනයේ පවතින හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කිරීම සිදුවේ. මෙහිදී, වෛද්‍ය නෙවිල් ප්රනාන්දු මහතා සහ එම පවුල හිමිකාරිත්වය දරමින් කළමනාකරණය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වෙනු ඇත.
2. මෙම පාර්ශවකරුවන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන යෝජිත නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරිය යුතුවේ.
3. මෙම අරමුණ වෙනුවෙන් යෝජිත ලාභ නොලබන ආයතනය ස්ථාපිත කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති රාජ්‍ය නොවන, ලාභ නොලබන පාර්ශව කිහිපයක් සමග රජය මූලික සාකච්ඡා සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පාර්ශවකරුවන් සමඟ ඉතාමත් ඉක්මනින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇත.
4. අවශ්‍ය ඇතුළත්වීමේ සුදුසුකම් සපුරන, මේ වනවිට සයිටම් ආයතනය විසින් බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය විසින් පිළිගත යුතුය. ස්ථාපිත කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
5. සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ්රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය. සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.
6. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 සැප්තැම්බර් 15 වනදා නිකුත් කළ ලිපිය මගින් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබේ. මෙම අත්හිටුවීම දිගටම ක‍්‍රියාත්මක කරනු ඇත. මේ අනුව, මින් පසුව සියලුම නව බඳවා ගැනීම් සිදු කළයුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත)
ස්ථාපිත කරන යෝජිත නව ආයතනය (ඉහත අංක 02 හි සඳහන්) සඳහා පමණි. අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීමට මූල්‍ය ආයතනය සහ සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රම මගින් සිදු කළ හැකි සියලුම සහයෝගය රජය විසින් ලබාදෙනු ඇත.
7. නව ආයතනයේ හිමිකාරිත්වය හෝ කළමනාකරණය සඳහා සයිටම් ආයතනයේ වර්තමාන කොටස්කරුවන් සම්බන්ධ නොවිය යුතුය. මේ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්රනාන්දු මහතා සහ එම පවුල දක්වන සහයෝගය ඉතාමත් වැදගත් වෙයි.
8. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ අනිකුත් අදාළ පාර්ශවකරුවන් අතර පැවති සාකච්ඡාවල නිගමනයන් මත ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් යොමු කළ කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරනු ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මෙමය අද සිට අනිවාර්යයෙන්ම මාසයක් තුළදී අවසන් කළයුතු වෙයි.
පහත අනුපිළිවෙලට ඉහත සඳහන් කටයුතු සිදුවිය යුතුවේ.
(i) එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
(ii) යෝජිත ලාභ නොලබන ආයතනයට වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් පැවරීම සඳහා සයිටම්, තෝරාගත් පාර්ශවය සහ ණයදෙන ආයතන ගිවිසුමකට පැමිණීම.
(iii) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ නව ආයතනය පිහිටුවීම.
(iv) සයිටම් ආයතනය අහෝසි කිරීම: සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් නව ආයතනයට පැවරීම.
(v) වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන නව, ලාභ නොලබන ආයතනය ආරම්භ කිරීම.
ඉහත සඳහන් කළ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරිම සඳහා ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් වහාම පත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම සමස්ත ක‍්‍රියාවලිය 2017 දෙසැම්බර් 31 වනදා වනවිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුය.
|
මොන මගුලක් කතා කරනවද මන්ද. ඒකතමයී ණය දෙන්නේ . සල්ලි තියෙන ඒකට කෙලවන්න හදන්න එපා. ඌ කොහොමටත් දිනනවා පිටරට ගිහිල්ල හරි.
| 16
|
POSITIVE
|
ncpp_train_0731
|
නංගීගේ පෙම්වතාටතරවටු කරන්න ගිය අයියා
දෙන්නවම මරාගෙන
පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන්පසු එම සිද්ධිය අවස්ථාවේ ඇය සමග සිටි පෙම්වතා කියන තරුණයා ළිඳකට පැන දිවිනසාගැනීමේ සිද්ධියකුත් වාර්තාවී තිබුණි. එම සිද්ධියට මැදිවූ සිසුවියගේ අයියා කෙනෙකු කියා තිබුනේ තමා දුම්රියේ පැමිණෙන විට නැගණිය රේල් පාර අසල පෙම්වතෙකු හා කථාකරනු දැක වහා ඊළග දුම්රිය ස්ථානයෙන් බැස නංගී වෙතට එද්දී නංගීව පෙම්වතා දුම්රියට තල්ලු කරනු දුටු බවයි.
සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටින්නට නියමිතව සිටි නිමේෂා නමැති මෙම සිසුවිය දෙමාපියන් හෝ කිසිවෙකු නොදැන පවත්වාගෙන ගිය පෙම් සබඳතාවය මේ ආකාරයට පුපුරායාමේ මෙකී කතාවේ සැකමුසු තැන් රැසක්
පැවති අතර සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මෙම මරණ දෙක සිදුවූ ආකාරය වෙනස් මුහුණුවරකින් හඳුනාගන්නට ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය නිමේෂාගේ සොයුරා තිලක් මුලින් පොලිසියට මෙසේ කියා තිබුණි.
“මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා”
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මෙසේ කියා තිබුණි.
“හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර
අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේනැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන්
දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙ ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ
වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.”
නිමේෂාගේ සොයුරා තිලක් සහ රියදුරාගේ කතා දෙක අතර පරස්පරයක් තිබුණි. ඒ නිසා පොලිසිය තිලක්ව නැවත ප්‍රශ්න කරන ලද අතර ඔහු එවර කතාව වෙනස් කර කීවේය.
“මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.”
මෙම සිද්ධියෙන් දින දෙකකට පසු නිමේෂාගේ පෙම්වතා බව කියන සංකල්ප නමැති තරුණයා ඔහුගේ නිවස අසළ පාළු නාන ළිඳකට පැන මියගොස් තිබියදී හමු විය.ඔහුගේ සෙරෙප්පු දෙක ළිඳ අසළ තිබුණ අතර සිරුර කබරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණි.ඒ දක්වා අතුරුදන්ව සිටි මේ තරුණයා ගැන නිවැසියන් දින දෙකක් තිස්සේ සොයා තිබූ බවද වාර්තා වී තිබුණි. ඒ අනුව ඔහුගේ මරණය නිමේෂා දුම්රියට හසුවූ දිනයේම සිදුවන්නට ඇති බවට පරීක්ෂණ වාර්තාද ලැබුණි.
මෙම දෙදෙනාගේ මරණ අතර සම්බන්ධය පොලිසියට සොයාගන්නට කාලයක් ගතවිය. පසුගිය කාලයේ දුරකථන වාර්තා ඇසුරෙන් සංකල්ප ගැන තොරතුරු සොයා යාමේදී සිද්ධියවූ දවසේ ඔහු අනතුර සිදුවූ ස්ථානයෙන් පිටත්ව නැවත ළිඳ ළගට ආ බවක්ද වාර්තා විය.
පරස්පර කතාබහක් සිදු කළ නිමේෂාගේ සොයුරා තිලක්ද අදාළ ස්ථාන වලට ගොස් නැවත සංකල්ප මියගොස් සිටි තැනට ඇවිත් ගොස් ඇත.
ඒ අනුව තිලක් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
තමා සංකල්පව ඝාතනය කර ළිඳට දැමූ හැටි ගැන භයංකර විස්තරය ඔහු ඒ අවස්ථාවේ පොලිසිය හමුවේ වමාරා ඇත.
සිද්ධිය වූ දිනයේ තමා දුම්රියේ පැමිණෙද්දී නිමේෂා දුම්රිය ස්ථානයට ටිකක් මෙහාට වන්නට ස්ථානයක පිරිමි ළමයෙකු අතින් අල්ලාගෙන ඇවිද එන හැටි දුටු බවත් නැගණිය කිසිවෙකු සමග හොරෙන් සම්බන්ධයක් පවත්වන ආකාරය දැක කෝපයක් ඇතිවූ නිසා වහා දුම්රිය ස්ථානයෙන් බැස්ස විගස නැගණිය සිටින තැනට දිව ඇවිත් දෙදෙනාට තරවටු කරන්නට උත්සාහ කළ බවත් තිලක් පවසා ඇත.
නිවසේ ලජ්ජාවට බයට හැදී වැඩුණ නිමේෂා සොයුරන්ට අධික බියක් දක්වන බව වාර්තාවන අතර පෙම්වතා සමග ඇය සිටින දර්ශනය සොයුරාට හසුවීමේ බියට එක්වරම තැති ගෙන දිවගොස් තිබේ. එම අවස්ථාවේ දුම්රියක්ද ගමන් කරමින් පැමිණ තිබෙන අතර අනපේක්ෂිත ලෙස ඇය දුම්රියට පැන තිබේ.මේ සිද්ධියෙන් ඇය එතැනම මියගොස් තිබේ. තිලක්ගේ ග්‍රහණයට හසුවූ සංකල්පද එම අවස්ථාවේ අත ගසා දමා එතැනින් ඉවත්ව පැනගොස් ඇත.
පසුව සංකල්ප ඒ ආසන්න අම්බලන්ගොඩ බස් නැවතුම්පළට ගොස් බටපොළ බස් රථයේ නැගගෙන ඇත්තේ නිවසට යාමටය.
සිද්ධිය වූ ස්ථානයේ නංගීගේ මළ සිරුර තිබියදී තම නංගී මැරෙන්නට මුල්වූ තරුණයා සොයාගෙන තිලක් තවත් මිතුරෙකුද සමග බස් නැවතුම්පොළේ බස් රථ පීරා ඇත්තේ මේ අතරේදීය. අවසානයේ බටපොළ බස් රථයේ සංකල්ප සිටිනු දැක මිතුරා සමග තිලක්ද එම බස් රථයට නැග ඇති මුත් ප්‍රසිද්ධියේ කලබලයක් කර නැත.
පසුව බටපොළ කිට්ටුවෙද්දී සංකල්ප ළගට ගොස් ඇති තිලක් ඔහුට බහින්නැයි බල කර තිබේ.බියට පත්ව සිටි සංකල්ප බසයෙන් බැස ඇති අතර පසුව ත්‍රී රෝද රියකින් තිලක් සහ මිතුරාගේ ග්‍රහණයට නතුව කැලෑබද ස්ථානයකට ගොස් තිබේ. ඔවුන් පාළු පාරක් දිගේ ඇවිද ගොස් ඇත්තේ එයින් අනතුරුවයි. කැලෑවේ පාළුවට ගිය නාන ළිඳක් ළඟ සංකල්පව නතර කරවූ තිලක් ‘උඹ නිසා තමයි යකෝ නංගි මැරුනේ.මං උඹවත් ඒ ලෝකෙටම යවනවා‘ කියා ඔහුව වතුරේ ගිල්වා මරා දමා තිබේ.
එයින් පසු කිසිවක් සිදු නොවූ ගාණට අම්බලන්ගොඩ ගිය තිලක් නැගණියගේ අවසන් කටයුතු සඳහාද සහභාගීවූ අතර දින දෙකකට පසු නැගණීයගේ පෙම්වතාගේ සිරුර හමුවූ අවස්ථාවේ සංකල්ප දිවිනසාගන්නට ඇතිය යන මතය දන්නා කියන අයට හා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු යටගිය සිද්ධියේ සුලමුල සොයාගන්නට මීටියාගොඩ පොලිසියට හැකියාව ලැබුණි.
සංකල්ප ඝාතනය කළ බවට වරද පිළිගත් තිලක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
|
කොහොම නමුත් මේ රටට එල්ලුම් ගහ අත්‍යාවශ බව මනාව පැහැදිලි කරුනක් .මේ වගේ මිනීමරන එක අන්තිම සිම්පල් වෙලා තියෙන්නේ ඒ නිසා.දැන්වත් එල්ලුම් ගහ ගෙනාවෙ නැත්තම් ලංකාවත් ඉස්සරහට අපායක් වෙන එක නවත්වන්ඩ බෑ.නිකමට හිතලා බලපං මේ සිද්දියේ අයියා තවත් සමාජයේ සිටිය යුතුද කියලා. මේ වගේ උන් තවත් ජනතා මුදලින් කන්ඩ දිදි හිරගෙවල් පොශනය කරන්ඩ ඔනේද? මේ වගේ උන් සමාජයෙන් අයින් කරන එක රජයේ වගකීමක් අනික ඌටත් හොදයි මැරෙන එක මොකද ඌ ඉන්ඩ ඉන්ඩ තව තව පවුමයි රැස්කරන්නේ
| 4
|
POSITIVE
|
ncpp_train_0732
|
අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත්
කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.
බොරු පැමිණිලි ඉදිරිපත් කිරිමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර පදිංචි 44 හැවිරිදි දෙදරු මවකට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා
හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට ඉදිරිපත් කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.
සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුළු කරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලද චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා සිද්ධිය වූ දිනයේ නිවසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ නිවසක රැකියාව සඳහා පැමිණ සිට ඇති බවත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය අධිකරණයට පැවැසුවේය. සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
තමා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වැසියා අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
|
හිතෙනව,හිතෙනව.........හිතුනට අතවරය කරද්දි අතවරයක් කියලා හිතුණේ නැත්නම් හරි......නැත්නම් 'නඩු'.
| 3
|
POSITIVE
|
ncpp_train_0733
|
දරු දැරියන්ට අහන්න වටිනා
රුවන්වැල්ලේ පොලිස් නිලධාරි තුමාගේ දේශනය
මේ කාලයේ සිදුවන සමාජ ගැටලු අලළා සිසු දරුදැරියන් වෙනුවෙන් රුවන්වැල්ල රාජසිංහ මහ විද්‍යාලයේ බාලිකාවන් පිරිසක් ඉදිරියේ පසුගියදා පොලිස් නිලධාරියෙකු පැවැත්වූ දේශනය සිත් කාවදින්නකි.
සත්‍ය උදාහරණ ගෙනඑමින් දරුදැරියන්ට හැදෙන්නට ඔවදන් දුන් ඔහුගේ
කතාව දෑස් පියා අසා සිටි සභාවේ සිටි දැරියන්
සියලු දෙනාම පාහේ අවසානයේ හඬන්නට විය.
මෙම අපූරු කතාව කවුරුත් සවන් දිය යුත්තකි.
එය පහත පරිදිය
|
මමත් මෙතුමාගෙ දේශනයකට සහභාගී වී තිබෙනවා. පොලිස් සේවය බැබලෙන්නේ මෙවැනි නිලධාරීන් නිසා. දරුදැරියන්ගේ ජීවිත සෙල්ලම් බඩු ලෙස සලකන පාදඩයන් අද සමාජයෙ බහුලය. මගෙ බිරිඳත් බාලිකා පාසලක ගුරුවරියක්. නොමගට යොමුවුනු සහ පාරවරදා ගත් දැරියන් ගැනත් ඇය පවසනවා. වැලන්ටයින් දිනයකදී වැඩිහිටි දැරියන් විසින් බාල දැරියන් හට ලියන ලද පෙම් හසුන් කිහිපයක් සොයාගත් බව වතාවක් ඇය පැවසුවා. අද කාලෙ හැටියට පොතින් පතින් ලබාගන්නා දැනුමට වඩා වැඩියමක් මෙතුමාගෙ පැයක දෙකක දේශනයකින් ලබා ගන්නට පුලුවනි.
| 25
|
POSITIVE
|
ncpp_train_0734
|
අසල්වාසියකු විසින් බරපතල ලිංගික අතවරයක් සිදුකළ බව කියමින් විවාහක කාන්තාවක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව ඔප්පු වීමෙන් අනතුරුව අධිකරණය හමුවේ වරද පිළිගත්
කාන්තාවකට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා තරයේ අවවාද කරමින් සතියක සිර දඬුවමක් නියම කළේය.
බොරු පැමිණිලි ඉදිරිපත් කිරිමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගත් අනුරාධපුර පදිංචි 44 හැවිරිදි දෙදරු මවකට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකාරිය විසින් ළමා
හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මෙනෙවියට ඉදිරිපත් කළ ලිංගික අතවර පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී එය බොරු පැමිණිල්ලක් බව අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.
සැකකාරිය විසින් පොලිස් ස්ථානයට පැමිණ අසල්වාසියකු විසින් තමන්ගේ අතින් අල්ලා තුරුළු කරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලද චෝදනාවට ලක්වූ අසල්වාසී පුද්ගලයා සිද්ධිය වූ දිනයේ නිවසේ සිට නොමැති බවත් ඔහු වාරියපොළ ප්‍රදේශයේ නිවසක රැකියාව සඳහා පැමිණ සිට ඇති බවත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය අධිකරණයට පැවැසුවේය. සැකකාරිය විසින් ඇගේ අනියම් සැමියාගේ කීම මත අසල්වැසියාට විරුද්ධව බොරු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
තමා බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කර අසල්වැසියා අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ බව අධිකරණය හමුවේ පිළිගත් අතර ඇයට තරයේ අවවාද කරමින් විනිසුරුවරයා සතියක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
|
පවු අනේ මෙි කෙනාව අතවර කරන්න කෙනෙක් නැද්ද ඔය ගෙවල් පැත්තෙ.හීනෙන්වත් දැක්කද දන්නෙ නෑ අතවර කරනවා..මෙහෙමත් ගෑණු ඉන්නවනෙ
| 22
|
POSITIVE
|
ncpp_train_0735
|
එක් පැත්තක දේශපාලකයින් උමතු රැඟුම් රඟද්දී තවත් පැත්තක රෝගීහු මාරයා සමග සටනක නිරත වෙති. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයෝ වර්ජන වලට අරඅඳිති.
මේ සියල්ල මැද ජීවිත අවදානම් රැකියාවේ තවමත් කැපවී සේවයේ යෙදෙන සෞඛ්‍ය අංශයේ සේවය කරන්නන් දසහස් ගණනක්ද වෙති.රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු මුහුණු පොතට ලියූ සංවේදී සටහනක් මේ සමග පළවේ. එය ලියා ඇත්තේ වෛද්‍ය දීපාල් බුද්ධිකයි.
|
කොරෝනා ගැන වෛද්‍යවරු මොනව කීවත් අපේ ජනපති තරන් වැටහීමක් නෑ හරිය.
| 1
|
POSITIVE
|
ncpp_train_0736
|
පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙසේ පැවසීය."රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් හත්පොළේ ගාගෙන ඉන්නේ. IMF පදේට නටන්න ගිහිල්ලා දැන් නටන්න බෑ පොළොව ඇඳයි කියන මට්ටමට ආණ්ඩුව වැටිලා තියෙනවා. අපිට පේනවා මොන තරම් අසරණ ජනතාවක්ද තව තවත් අසරණ කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ බලය අරගෙන මාස 13කට වැඩී. තව තවත් මේ රටේ ජනතාව කබලෙන් ළිපට වට්ටලා තියෙනවා.තමන්ගේ වැටුප අඩුම තරමේ මාසේ භාගයක් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ලක්ෂ 70ක් ජනතාව කන්න විදියක් නෑ. එක්කො කන ප්‍රමාණය අඩු කරලා.
බැංකු වහලා තවත් ගේමකට මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. මොකක්වත් වෙන්නෙ නැත්තම් මොකටද බැංකු වහලා තියෙන්නේ දවස් 5ක්? අපි අභියෝග කරනවා කැබිනට් මණ්ඩලේට දාපු ඒ ඉදිරිපත් කිරීම මුළු රටටම ඉදිරිපත් කරන්න. එකතු වෙලා ගහලා වැරදුනාට පස්සේ වැරැද්ද තව කාට හරි පටවලා ඔවුන් අත සුද්ද කර ගන්න හදනවා.මේ රට දැවැන්ත අර්බුද ගනනාවකට ඔවුන් ලක් කරමින් තිබෙනවා. ඒක එළියට දාන මාධ්‍ය මාධ්‍ය වලට වැට බදින්න විකාශන අධිකාරී පනත් ගේනවා. කළින් ගෙනාව ත්‍රස්ත විරෝධී පනත, ත්‍රස්ත විරෝධී පනතට දැවැන්ත විරෝධයක් එල්ල වුනාට පස්සේ ඒක අකුලගෙන ඒකෙම කාබන් කොපිය ගේනවා මාධ්‍ය වලට වැට බඳින්න."
|
හැම රෙද්දටම නහයෙන් අඬන්නෙ නැතිව පොඩ්ඩක් බලාගෙන් හිටපන් වෙන්නෙ මොකද කියල. උන්නු හැටියට මළා මදෑ බං
| 38
|
POSITIVE
|
ncpp_train_0737
|
පාසල් පෙමක් මුල්කර ගනිමින් එකම පාසලේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් යාන්ත්‍රික කියතක දම්වැලකින් පහර දී සිසුවකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මිහින්තලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු මිහින්තලය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ මිහිතලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිදි පාසල් සිසුවාගේ මවුපියන් විසින් පොලිසියට කළ පැමිණිලි මත මිහින්තලය කන්නට්ටිය හා බෝගහයාය ප්‍රදේශයන්හි පදිංචි 16 හැවිරිදි අපොස සාපෙළ සිසුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
පාසල් සිසුන් අතර පවතින
පෙම් අර්බුදයක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුවී තිබෙන බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පාසල අවසන් වී අමතර පන්ති ගිය අවස්ථාවේ දෙපාර්ශවය අතර සිසුවියක් මුල්කර ගනිමින් ගැටුම හටගෙන තිබෙන බව පොලිසිය පැවැසුවේය. අමතර පන්ති අවසන් වී සිසුන් නිවෙස් වලට යද්දී මිහින්තලය නගරය ආසනයේදී නැවතත් ගැටුම හටගෙන තිබෙන බවත් සැකකාර එක් පාසල් සිසුවකු සඟවාගෙන සිටි යාන්ත්‍රික කියත් දම්වැලකින් අනෙක් සිසුවාගේ හිසට පහර එල්ල කර තිබෙන බවත් පොලිසිය පැවැසුවේය. අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කිර්මට සූදානම් වුවත් සිසු දෙපාර්ශ්වයේ මවුපියන් දරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ නැති බව කියමින් සමථයකට පත්වීම නිසා සිසුන්ට අවවාද කර මුදාහැරීමට පොලීසිය කටයුතු කර තිබිණි. පහර කෑමෙන් හිසට තුවාල සිදුවී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පිටවී ගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.
|
සුද්දා කොලුවො උබට තාත්තලා ගොඩාක් ඉන්නවයි හ... හහහහ.
| 2
|
POSITIVE
|
ncpp_train_0738
|
අවාසනාවන්ත කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරුවීමෙන් ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වන උපාලි ෆොන්සේකා මහතා එංගලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තාවේ.
ප්‍රවීණ සිනමා නිළි මාලනි ෆොන්සේකා මහත්මියගේ බාල සොහොයුරා වන
උපාලි ෆොන්සේකා මහතා දිගු කලෙක සිට එංගලන්තයේ පදිංචිව සිටි අතර වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු විය.
|
එන්ගලන්තෙ මැරුනු අය විශ්ලේෂණය කරලා බැලුවොත් අති බහුතරයක් කල්ලෝ සහ දකුණු ආසියාතික යන්
| 64
|
POSITIVE
|
ncpp_train_0739
|
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරී වෙළෙඳසැලට පෙරේදා (28) එල්ල වුණු බෝම්බ පුහාරයෙන් පසු ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ත්‍රස්ත
සැකකරුවන් ලෙස හඳුනා ගන්නා
පුද්ගලයන් දුටු සැණින් ඔවුන්ට වෙඩි තබන ලෙසටය. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැලට් එල්ල වුණු එම බෝම්බ ප්‍රහාරය ත්‍රස්ත
ප්‍රහාරයක් ලෙස ජනපති පුටින් හඳුන්වාදී තිබේ.
එම ප්‍රහාරයෙන් ගැබිනියක ඇතුළු 14 දෙනෙක් තුවාල ලැබූහ. කිහිප දෙනකුගේ තත්ත්වය
බරපතල බව ද පැවැසෙයි. සිරියාවේ රජය පෙරළා දැමීමට උත්සාහ කළ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සහාය නොඅඩුව හිමිවිය. ඒ, ඇමෙරිකාවෙන් ලැබුණු අවි ආයුදවලින් සන්නද්ධ වෙමිනි. රුසියානු ජනපති පුටින්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට සහාය දැක්වූයේ සිරියානු යුද්ධයට රුසියානු සොල්දාදුවන් සහ ප්‍රහාරක
ගුවන් යානා යොදවමිනි. රුසියාවේත්, තුර්කියේත්, ඉරානයේත් සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජය සමත් වී සිටී. ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළෙඳසැළට බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරෙන්නේ ද අයි.එස්. හිතවාදීන් බවට සැක කෙරේ.
|
අන්න එකට අපේ හිටපු ජනපති ප්‍රේමදාස මහතා . පොලිසියට කිව්වේ කොටින්ට යටත් වෙන්න කියල . නිකන් නෙමේ ඔවුන් මැරුණේ. සුපිරි නායකයෝ නිසයි
| 120
|
POSITIVE
|
ncpp_train_0740
|
නීතිවිරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කර සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් දසලක්ෂ හැටඅටදහස් තුන්සිය දාහතරක් (1,068,314) තිබෙන බවත්, දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය කියයි.
මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණි.
මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේය.
ජනවාරි මාසයේ සිට ලැබෙන කහ අස්වනු සතොස සහ සමුපකාර සමිති හරහා ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.
කහ බීජ ලබාගැනීම සඳහා යුද හමුදාව සමග එකතු වී කහ පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, යටි වගාවක් ලෙස කහ වගා කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කජු වගා කරන ලද ඉඩම් ගොවීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.
සාලිය කුමාර ගුණසේකර
|
අපේ රටේ ජනපති කම සරත් වීරසේකර මහතාටත් , අගමැතිකම විදුර වික්‍රමනායක මහතාටත් ලැබෙනවා නම් මේ රට හැදෙනවා. පවුලකින් එය බලාපොරොත්තු වන්න බැහැ
| 12
|
POSITIVE
|
ncpp_train_0741
|
ඉන්දියාවේ විරෝධය නොතකා චීන නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ සතියක් කඳවුරු බැඳගෙන සිටියේය. ඒ සඳහා ඉන්දියාව විරෝධතාවක් ද ඉදිරිපත් කර තිබුණි. පසුව මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවට චෝදනා කළේය. චීන තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය උපුටමින් ඉන්දියාව චීනයට දැන් බැණ වැදී ඇත.කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ - ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වෙනත් රටක න්‍යාය පත්‍රය ඉටු කිරීමට කිසිදු පීඩනයක් හෝ අනවශ්‍ය මතභේදයක් නොව සහයෝගයක් බවයි. එය රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීමක් ලෙස මහ කොමසාරිස් කාර්යාලය හැඳින්වීය.
ඒ අතරම, ඔහු ශ්‍රී ලංකාවේ උතුරු අසල්වැසියා (ඉන්දියාව) කෙරෙහි ඔහුගේ ආකල්පයට තම රටේ හැසිරීම බලපෑ හැකි බව පවසමින් චීන රාජ්‍ය තාන්ත්‍රිකයාට තරවටු කළේය.මහ කොමසාරිස්වරයා පැවසුවේ- ඉන්දියාව බෙහෙවින් වෙනස් බව අපි ඔවුන්ට සහතික වෙමු යනුවෙනි. මහ කොමසාරිස් කාර්යාලය ද චීනය ඉලක්ක කර ගනිමින් පැවසුවේ - පාරාන්ධභාවය සහ ණය මගින් මෙහෙයවනු ලබන න්‍යාය පත්‍රය විශේෂයෙන් කුඩා රටවලට විශාල අභියෝගයක් බවයි. මෑත සිදුවීම්වලින් අපි පාඩම් උගත යුතුයි යනුවෙන්ද සදහන් විය.යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං මහතා ප්‍රකාශයක් කළේය. මෙහිදී, ඉන්දියාව සෘජුව නම් නොකර, Zhenhong කියා සිටියේ, කිසිදු සාක්ෂියක් නොමැතිව ඇතැම් බලවේගවල ආරක්ෂාව පිළිබඳ උත්සුකතාවය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ස්වාධීනත්වයට සම්පූර්ණයෙන්ම ඇඟිලි ගැසීමක් බවයි. ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම නොඉවසන බව ෂෙන්හොං පැවසීය.මීට පෙර මෙම චීන නෞකාව අගෝස්තු 11 වනදා හම්බන්තොටට ළඟා වීමට නියමිත බව දැනගෙන මෙම ඔත්තු නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි. ඉන් අනතුරුව අගෝස්තු 16 සිට 22 දක්වා නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදී තිබුණි.
චීන නෞකාව හම්බන්තොට වරායට යාම නතර කරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කළ බවට චීනය කළ ප්‍රකාශය ඉන්දියාව දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියාව ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවත් ස්වාධීන තීන්දු තීරණ ගන්නා බවත්ය.ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක වන බවටත් ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකරන බවටත් කොන්දේසිය මත මෙම අවසරය ලබා දී ඇත. චීන නෞකාවේ ලුහුබැඳීමේ පද්ධති ශ්‍රී ලංකා වරායට යන අතරමගදී දකුණු ඉන්දියාවේ ප්‍රධාන හමුදා සහ න්‍යෂ්ටික කඳවුරු පිළිබඳව ඔත්තු බැලීමට ඉඩ ඇතැයි ඉන්දියාව බිය විය.
|
ගොන් කතා නොකිය හිටහන් ටොබයියෝ
| -20
|
NEGATIVE
|
ncpp_train_0742
|
බේරුවල පොලිස් බලප්‍රදේශයට අයත් වෙමිරාප්පුර, මත, මාලිගා , මිලාගාධ, හයිඩාගොඩ, පැලස් පාක්, කෝපියාවත සහගොරකාදුව යන ප්‍රදේශ කිහිපයක සිඳුකළ සෝදිසි මෙහෙයුමේදී 27 jkod සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
යුද හමුදා, ගුවන් හමූදාව
හා පොලීසිය ඒකාබද්ධව සිදුකළ
මෙම මෙහෙයුම්වලදී නිවාස කිහිපයක තිබි යුද හමුදා නිල ඇදුම්වලට සමාන ඇදුම් තොගයක්, කඩු දෙකක්, දුරදක්න දෙකත්, හැඳුනුම්පත් කිහිපයක් අත්අඩංගුවට ගෙන්න තිබීණ.
මේ අතර වෙස්ටිරොප්පුර ප්‍රදේශයේ අක්කර ගණනාවක් ආරක්ෂෂක කඳවුරක් ආකාරයෙන් ආරක්ෂක බාධක සහිත කම්බි රෝල් යොදා තිබූ භූමියක් සහිත පරිශ්‍රයක් දැඩි පරික්ෂාවට ලක් කළ අතර, විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූයේ විදේශිකයෙකුට අයත් සංචාරක නිකේතනයක් බවත්, එහි මාස කිහිපයකට පෙර විදෙස් සංචාරකයන් පිරිසක් ලැගුම් ගෙන සිටි බවත්ය.
ආරක්ෂක හමුදා එම පර්ශ්‍රයට ගිය අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් තිදෙනකුගෙන් තොරතුරු සටහන් කරගෙන එම පරිශ්‍රය පොලීසිය විසින් මුදා තබා ඇත. එමෙලෙස මුද්‍රා තැබූ පරිශ්‍රය අද (28දා) දින නැවත පරීක්ෂා කරන බවද පොලීසිය සඳහන් කරයි.
-ඒ අලුගෝව - කුමාර ද සිල්වා-
|
උබලගේ ගමේ ඉන්න මධාවියෙකුයි, හොරෙකුයි, මීමරුවෙකුයි එකතුවෙලා ගමේ සණස සම්තිය කරන්න ඉල්ලුවොත් උඹ මොකද කියන්නෙ?? මේ රටේ ඔක්කොම එවුන් වහල්ලු
| 13
|
POSITIVE
|
ncpp_train_0743
|
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දැක්වීමක් කරමින් මෙසේ කීය. “මීළඟ මැතිවරණයකදී සන්ධානගත වීම පිළිබඳව අපි තීරණයක් ගන්නේ මැතිවරණයක් ළං වන විටයි. අපි අපේ පක්ෂය එතැනට ගෙනයනවා. මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලසීමාවේ තමයි සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා කරන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව අපේ බල මණ්ඩලවලින් අහලා තමයි අපි තීන්දුවක් ගන්නේ.
මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වන්නේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා සහයෝගය දෙන්නෙත් නැතිනම් අනුර කුමාර මහත්තයලගේ පාර්ලිමේන්තු ඉන්න තුන්දෙනා ඇවිල්ලා සහයෝගය දෙන්නේ නැතිනම් පොහොට්ටුවේ අපිත් සහයෝගය නුදුන්නොත් මේ රටට මොකද වෙන්නේ.අපි එකක් පැහැදිලිව කියනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අපි සහාය දෙනවා. ම
ේ කාරණයේදී මැතිවරණයක් ගෙනියන්න සල්ලි නැති වෙලාවේදී අපි දේශපාලන වශයෙන් රට අස්ථාවර කළොත් රට කොයිබටද යන්නේ. එහෙම වුණොත් අපි අර අරගලයේ මුවාවෙන් මේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපි විශ්වාස කරන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මැතිවරණ ආණ්ඩුවේ මුදල් තත්ත්වය සාධාරණ තත්ත්වයකට හැරුණාම තියයි. එතකල් අපි දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඕන. මම හැමදාම කියනවා වගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ අපේ පන්තියේ අපේ ජනතාවට දෙන්න තමයි අපි කටයුතු කරන්නේ.”
|
යන එන මං නැති, දේශපාලන අනාගතයක් නැති ජරාපස්සලා ට ඉතින් දැනට රනිල් වලිගේ එල්ලිලා ඉන්නවා මිසක් වෙන මොකක් ද? චන්දය තියපු ගමන් අලි, පොහොට්ටු අතුගෑවිලා යන බව දන්න නිසා චන්ද තියෙන්නේ නෑ. හැබැයි බඩසාය දරුණු විදියට ඇවිලීගෙන එනවා. ඊ ලඟට පුපුරන්නේ සනහුරේ අතුගෑවිලා යන්න.
| 53
|
POSITIVE
|
ncpp_train_0744
|
ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තාවී ඇති ප්‍රදේශ පිලිබඳ ලැයිස්තුව මේ සමග පළවේ.
|
සංඛ්‍යා ලේඛන බොරු වෙන්න බැරිද..? PCR කීයක් කරනවද..? කවදා කරපු PCR වල ප්‍රතිපලද මේ අද දෙන්නේ..? සතියකට කලින් කරපුවද..? දවස් 10කට කලින් කරපුවද..? ලස්සනට සංඛ්‍යා ලේඛන හැදුවට පිළිගන්න අමාරුයි. එන්නත් ලක්ෂ 5ක් තියාගෙන මිනිස්සුන්ට සුරංගනා ලෝක මවනවා. එන්නත් හදන රටවල් වලටත් තාම පාලනයක් නෑ. අනික එන්නත දෙපාරක් විද්දම තමයි එකේ ප්‍රතිපලේ තියෙන්නේ.
| 11
|
POSITIVE
|
ncpp_train_0745
|
ආයුධ පෙන්වන්න රැගෙන යද්දී
සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ
පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට
මින් කලකට ඉහත දරුණු ගණයේ අපරාධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවි යන්නටත් පෙරම අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම් සිදු විය.
මෙම රැල්ල ‘අායුධ පෙන්වන්න එක්ක යාම‘ ලෙස එකල පාඨකයන් අතර ජනප්‍රිය විය.
නමුත් මේ කාලයේ එවැනි සිදුවීම් විරලය. වාහන සොරකමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් පහරදීමකින් මියගිය බව කියන සිද්ධියක් නිසා
පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු පස්‌දෙනෙක් ඊයේ (26 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩුවෙල බියගම ප්‍රදේශයේ පදිංචි ශාමන් වික්‍රමආරච්චි (42) හැවිරිදි දෙදරු පියෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රියැදුරෙකි.
වාහන පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව ඉකුත් 24වැනි දින වෙනත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් මෙම පුද්ගලයාද සිය කටයුත්තට උදව් කළ බව හෙළි කර තිබේ.
ඒ අනුව මියගිය තැනැත්තා ඔහුගේ නිවෙසේදී පොලිස් අත්අඩංගුවට ගත් පසුව ඔහු වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද මින් ඉහත වරදකරුවූ අයෙකු බව හඳුනාගෙන ඇත. වාහන පැහැර ගැනීමටද තමා සම්බන්ධ බව ඔහු පාපොච්චාරණය කර ඇත. අනතුරුව එම අපරාධ සිදු කිරීමට යොදාගත් බව කියන පිස්තෝලය කොහිදැයි සැකකරුගෙන් විමසීමේදී ‘ඒක මා ගාව දැන් නෑ. සපුගස්කන්දෙ යාළුවෙක් ගාව තියෙන්නෙ‘ ලෙසින් දන්වා ඇත.
ඒ අනුව පිස්තෝලය පෙන්වීමටය කියා ඊයේ අලුයම 4 පමණ සපුගස්කන්ද ප්‍රදේශයට මොහුව රැගෙන ගිය පොලිස් කණ්ඩායම අනතුරුව මොහුට හදිසි අසනීප තත්වයක් හටගත් බව කියමින් රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුට ඇදුම රෝගයක් තිබෙන බවත් රැගෙන යන අතර ඔහු පළායාමට පොර බැදීමේදී එය උත්සන්නවීම පෙන්නුම් කළ බවත් ඒ නිසා රෝහල් ගත කළ බවත් පොලිසිය සටහන් තබා ඇත.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සැකකරු ටික වේලාවකින් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ට පොලිසිය මෙය ගැන සපයා තිබූ තොරතුරු ගැන නොගැළපීමක් හඳුනාගන්නට හැකිව තිබේ.
මරණ පරික්ෂණයේදී හෙළී වී ඇත්තේ සැකකරුට පහර දීමක් එදා සිදු වී ඇති බවය.ශරීරයේ විවිධ ස්ථානවල බහුවිධ තුවාල හා අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් සිදුවී ඇති බව අනාවරණය වී
තිබේ. සැකකරුගේ ඇදුම රෝග ලක්ෂණ හඳුනාගෙන නැත.
මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ සහකාර පොලිස් අධිකාරි එම්. ජයලත් ඇතුළු විශේෂ පොලිස් කණ්‌ඩායමක් ඊයේ පෑලියගොඩ පොලිස් නිලධාරීන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් අරඹා ඇත.
|
පොලිසිය ජනතාව අතර ඉතාම අප්‍රසාදයට පත්ව ඇත සියලු පොලිසි වලට cctv කැමරා දැමිය යුතුය අත් අඩංගුවට ගන්න අයගේ අයිතිවාසිකම් රැකිය යුතුයි
| 15
|
POSITIVE
|
ncpp_train_0746
|
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත්
එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. රවිහරන්
මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි.
මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය. රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය.
-රසාදි චතුරංගි ගමගේ-
|
අපිට මේ ප්‍රශ්නය විසඳන්න බැරි කාරණා 2යි තියෙන්නෙ. 1. චන්ද කෑදරකම නිසා ඕකුන් මොනා කලත් දකුණේ එකාලා මොකුත් කරන්නේ නෑ. 2. අපි වගේ ලෝකේ අනිත් රටවලින් ණයට කාලා පාටි දාන රටකට බෑ සෘජු ක්‍රියාමරිග ගන්න මේ වගේ එවුන්ට. මොකද එහෙම කලාම වෙන්නේ ලෝකේ වටේ ඉන්න හිකනල්ලු රෙද්ද උස්සන් එනවා සුලු ජාතීන් පීඩනයට පත් කලා කියන්න. මේකට විසඳුමක් නම් පෙනෙන මානයක නෑ.
| 21
|
POSITIVE
|
ncpp_train_0747
|
එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නැහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ පැවසීය.
කිරම - කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව මෙසේය.හිතවත් සහෝදරවරුනි,පහුගිය ආණ්ඩුව කාලේ මේ පළාතේ තිබුණ සංවර්ධනය ව්‍යාපෘති ඇණහිටියා. මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මුළු රටේම සංවර්ධන කටයුතු ඇණහිටලයි තිබුණෙ. ඒ නිසා එදා අපි ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන්තොටුපොළ වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩ කටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පළිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නෑ. කාගෙන්ද ඒ අය පළිගත්තේ? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, එහෙම නැත්නම් මේ ප්‍රදේශය විතරක් නෙමෙයි මේ රට පුරා විසිරී සිටි අපේ ජනතාවගෙන් පළිගැනීම තමයි අවසානයේදී සිදු වුණේ.
අද ඔබ අප කෙරෙහි නැවත විශ්වාසය තියලා අපිව ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද ආණ්ඩුවක් පිහිටවලා කටයුතු කරගෙන යනවා. අද උදේ ඇඹිලිපිටියේ තිබුණ සංවර්ධන වැඩපිළිවෙළට වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් අපිත් සහභාගී වුණා. ඉතිං ඒ විදිහට හැම පළාතකම අලුත් සංවර්ධනයක් ඇති වෙනවා. මිනිස්සුන්ට බීමට ජලය ටික ලැබෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා මේ රටේ අලුත් නැම්මක් ඇති වුණා. රට සංවර්ධනය කරා ගමන් කෙරුවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා.උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා බටහිර වේවා මේ සියලු පළාත්වල සංවර්ධනය ඒකාකාරීව සිදුවෙමින් පවතින යුගයක් අපිට මීට පෙර තිබුනෙ නෑ. මේ රටේ තරුණ පරපුරට රැකීරක්ෂා අවස්ථා ඇති කරන්න නම් වහාම රට තුළ සංවර්ධනයක් ඇති වෙන්න ඕන. සංවර්ධනයක් නැතුව රැකියා අවස්ථාවන් ලබාදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ.
|
ඔබතුමත් පිස්සු කතා කිය කිය අර පිස්ස ගානටම වැටෙන්න යන්න එපා !
| -44
|
NEGATIVE
|
ncpp_train_0748
|
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.
පක්ෂයේ
සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි මණ්ඩලය ඊයේ (29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙයි.
ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව තිබේ.
එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිමට නියමිත බව සඳහන් වේ.
|
Ekenma sahayogaya denawa.
| -3
|
NEGATIVE
|
ncpp_train_0749
|
මොනරාගල වැදිකුඹුර ප‍්‍රදේශයේ නිවසක තනිවම සිටි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමෙන් නොනැවති පසුවදා දැරියට විවාහ යෝජනාවක් සිදු කිරීමට ආ පුද්ගලයෙකු ගැන වාර්තා වේ.
සුදු බාප්පා නමැති වැඩිහිටි පුද්ගලයෙකු මේ ආකාරයට දෙමාපියන් බැහැර ගිය අවස්ථාවක් බලා දැරිය සිටි
නිවසට පැමිණ ඇත්තේ අසල්වාසී හිතවත්කම පෙන්වමිනි. වතුර එකක් බොන්න අවශ්‍ය යයි පවසමින් නිවසේ දොරට ගැසූ මේ දන්නා කියන පුද්ගලයාට පොඞ්ඩක් ඉන්න කියා වතුර ගෙනෙන්නට දැරිය ගිය අවස්ථාවේ ඇය පසුපස ආ ඔහු ඇයව කාමරයකට රැගෙන ගොස් කෑ ගසන්නට එපා කියා දූෂණය කර ඇත.
මෙම දැරියගේ දෙමාපියන් වගා කටයුතු සඳහා හේන්වලට ගොස් සිටි අවස්ථාවක් වූ බැවින් දැරියගේ උදව්වටද ළඟපාත කිසිවෙකු සිට නැති අතර මේ ගැන කාටවත් කිවුවොත් මරා දමන බවට බියගැන්වූ නිසා ඇය දෙමාපියන් පැමිණි පසුත් ඒ ගැන කියන්නට බියවී සිට ඇත.
”සුදු බාප්පා” යන නමින් හඳුන්වන සැකකරු පසුදා තවත් බීමත් පුද්ගලයන් දෙදෙනකු සමඟ මේ නිවසට පැමිණ තිබෙන අතර ඔහු ප‍්‍රසිද්ධියේ දෙමාපියන් ඉදිරිපිට දැරියට එන්නට කියා පවසා ඇත්තේ දැරිය හා විවාහවීම සඳහා තමා කැමති බවයි.
ඒ සඳහා තමාට සුදුසුකම් ඇති බවද ඔහු පවසා ඇත.
අනපේක්ෂිත යෝජනාවෙන් විමතියට පත්ව මෙම සුදුසුකම් ඇති කතාව කුමක්දැයි දැරියගේ දෙමාපියන් ඇයගෙන් විමසූ විට ඇය කාමරයට දිවගොස් හඬා වැලපී ඇති අතර දෙමාපියන්ගේ පෙරැත්තය මත පවසා ඇත්තේ සුදු බාප්පා තමාට අතවර කළ බවයි.
ඒ අවස්ථාවේ දෙමාපියන් සුදු බාප්පාට බැණ වැදී සිද්ධිය විමසූ විට ඔහු ඇත්ත සිද්ධිය හෙළි කර තමා දැරිය බාරගන්නට කැමති බව නැවත පවසා ඇත.
බාලවයස්කාර දැරිය විවාහ වීම ප‍්‍රතික්ෂේප කර තිබූ අතර දෙමාපියන් මේ ගැන පොලිසියට කියන බව කීමත් සමග සුදු බාප්පා අතුරුදන්වී ඇත.
දෙමාපියන් මොනරාගල පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව මේ වන විට සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් සිටී.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
|
ස්ත්‍රී දුෂකයන් බොහෝ විට මරණින් මතු කුම්බාණ්ඩයන් වෙති .....! කලයක් තරම් වූ අණ්ඩකෝෂයක් හිමි මෙම ප්‍රේත කොට්ටාශය ඇවිදීමට අපහසු බැවින් අණ්ඩකෝෂය උස්සා කර තබාගෙන තැන තැන යති .................!
| 27
|
POSITIVE
|
ncpp_train_0750
|
පරාජය භාරගනී
බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ඉල්ලා අස්වේ
මහා බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ අද ලැබුණ ජනමත විමසුම් ප‍්‍රතිඵලය අනුව බි‍්‍රතාන්‍යයට යුරෝපා හවුලෙන් ඉවත්වන්නට සිදුවීමේ යෝජනාව සියයට 52 ක වැඩි ඡන්දයෙන් දිනූ අතර එහිදී එම තීරණයට විරුද්ධ වන ලෙස ප‍්‍රචාරය ගෙන ගිය බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන්ගේ මතය
පරාජය වූයේ එයට සියයට 48 ක ඡන්ද ප‍්‍රතිශතයක්
පමණක් ලබමිනි.
මෙම පරාජය තමන්ගේද පරාජයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඞ් කැමරන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමා ඉල්ලා අස්වන පුවත මහජනයා හමුවේ තබමින් අද දහවල් 12.53 ට පමණ ඔහු ජාතිය අමතමින් සිය ඉල්ලා අස්වීමේ තීරණය ප‍්‍රකාශයට පත් කළේය.
ලබන ඔක්තෝබරයේ අලූත් අගමැති කෙනෙකු බි‍්‍රතාන්‍යය පාලනය කරනු ඇතැයි ඔහු එහිදී කියා සිටියේය.
ජනමත විමසුමේ ප‍්‍රතිඵල මත ඔහුට ඉල්ලා අස්වන ලෙස අද උදෑසන සිටම එරට විපක්ෂය ඉල්ලීම් කර තිබුණ අතර ඔහු එම ඉල්ලීම් වලට ගරු කරමින් මෙසේ ඉල්ලා අස්විය.
දැනට ලෝකයේ තිබෙන බලවත්ම තනතුරු අතරින් එකක් වන බි‍්‍රතාන්‍ය අගමැති ධූරය මේ ආකාරයට සියයට 4 ක ඡන්ද වෙනසක් නිසා අත්හරින්ට තීරණය කිරීම අගය කළයුත්තක් ලෙස දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.
ඔහුගේ අවසන් නිවේදනයේ වීඩියෝව පහතින්
|
වැදගත් ????????? lole lol
| -16
|
NEGATIVE
|
ncpp_train_0751
|
දෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
යුද හමුදා
නිලධාරීන් සහ දෙහිවල පොලීසිය එක්ව මෙම නිවස තුළ සිදු කළ මෙහෙයුමකදි කෝටිපති ව්‍යාපාරිකයා පදිංචි මහල් හයකින් යුතු නිවසේ උඩු මහලේ ඔහු යාඥා කරමින් සිටියදි පරික්ෂා කළ නිලධාරීන්ට මෙම කඩු සොයා ගත හැකි වී තිබෙනවා.
ඉන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේම තවත් ව්‍යාපාරික නිවසක් වැටලිමේදි මෙලෙස තවත් කඩු සොයා ගැනිමට හැකි වු බව දෙහිවල පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
එක් ව්‍යාපාරිකයෙකු වාහන අලෙවි සැලක් පවත්වාගෙන අයෙකු බවත් අනෙක් තැනැත්තා ඖෂධ ආනායනය කරන අයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
|
ගස් කපන්නවත් පොරොවක් තියාගන්න එපා
| -8
|
NEGATIVE
|
ncpp_train_0752
|
පවත්නා වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිස්පාදනය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
“මේ කාලසීමාව තුළ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවෝට් පැය 46කට ආසන්න ප්‍රමාණයක්. ඒ අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න පමාණයක් ජලවිදුලි බලාගාරවලින් පද්ධතියට එක්කිරීමක් සිදුවෙනවා. ඒ වගේම නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දායකත්වය සියයට 42ක් 43ක් වගේ තත්ත්වයක්. ඒ වගේම සුළං සහ සූර්ය බලාගාරවලිනුත් සියයට 1ක 2ක වගේ දායකත්වයක් පද්ධතියට ලබාදීමක් සිදුවෙනවා. ඉතිරි මුළු අව්‍යතාවය සියයට 35ක් 38ක් වැනි ප්‍රමාණයක් අනෙතුත් තාප බලාගාරවලින් පද්ධතියට එකතුවීම සිදුවෙනවා.“ යනුවෙන් සුලක්ෂණ ජයවර්ධන පවසයි.වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පවසන ඔහු ඉදිරියේදී එය සැපයීමට අපහසු තත්වයකට පත්ව ඇති බවද පවසයි.
|
ගස් කපමු! විදුලියත් කපමු! නිලධාරීන්ගෙ සාක්කු පුරවමු!
| 11
|
POSITIVE
|
ncpp_train_0753
|
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් හය දෙනකු ඇතුළු 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.
මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ පැමිණිලි 289ක් වෙනුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි ප්‍රමාණය වැඩි වුවද 2015 වසරේ මහ මැතිවරණට සාපේක්ෂව ඒවා සියයට තිස්පහක පමණක් අඩුවක් දක්නට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවීමට හේතුව මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ජනාධිපතිවරයාගේ, මැතිවරණ කොමිසමේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව පොලිසියට කිසිදු බලපෑමක් නොමැතිව කටයුතු කිරීමට හැකි වූ බවද හෙතෙම කියා සිටියේය.
වාර්තා වූ පැමිණිලි අතර වැඩිම පැමිණිලි ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණට විරුද්ධව බවත් එවැනි පැමිණිලි 91 ක් වාර්තා වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පැමිණිලි 22ද, සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව 44 ක්ද,
වෙනත් පක්ෂවලට එරෙහිව පැමිණිලි 45 ක්ද වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
(ඉන්දිකා රාමනායක)
|
අනිවාර්යයෙන් හෙල්මට් නැතුව බයික් පෙලපාලි ගිය සනත් නිශාන්තත් අල්ලලා ඇති ... හැමෝටම එක නීතියක් පහුගිය නොවැම්බර් ඉඳල ක්‍රියාත්මක යි නේ..
| 22
|
POSITIVE
|
ncpp_train_0754
|
කොළඹ මහ නගර සභාව විසුරුවාහැර විශේෂ කොමසාරිස්වරයකු යටතට පත්කරන බවට විවිධ පාර්ශව විසින් ගෙනයනු ලබන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ජනපති - අගමැති දෙපළ
කොළඹ නගර අලංකරණය සඳහා ගෙනයන වැඩපිළිවෙළ අගය කරන බවද, නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඊයේ (28) පැවැසුවාය.
පොලිස් පරිසර කොට්ඨාසය ශක්තිමත් කර නගරය පිරිසුදුව තබාගැනීමට එම නායකයින් දෙදෙනා ලබාදෙන සහාය අතිමහන් බවද,
පසුගිය කාලය තුළ පරිසර පොලිසිය ඊට සහායක් නොදැක්වීම පිළිබඳව කනගාටුවන බවද ඇය කීවාය. නගරාධිපතිනිය ලෙස නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පලිගැනීමෙන් තොර දූරදර්ශී නායකත්වය තුළින් රට නිවැරදි මගට ගෙනඒමට දරන උත්සාහයට ශුභාශිංසන පිරිනන බවද ඇය සඳහන් කළාය.
ශ්‍රීලපොපෙ හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සභාවේදී ලබාදෙන සහයෝහය එම නායකත්වයට පුර්වාදර්ශ සැපයිම නව
දේශපාලන සංස්කෘතියක ආරම්භයක් ලෙස දකින බවද ඇතැමුන් ජරාජීර්ණ දේශපාලනයක් තුළින් සභාව වැට්ටවිමට ක්‍රියා කළද, නව නායක දෙපළට තම සහාය නොඅඩුව ලබාදීමට ක්‍රියාකරන බවද ඇය පෙන්වා දුන්නාය. නගරාධිපතිනිය මෙම අදහස් පළ කළේ ඊයේ (28) පැවති නගර සභාවේ මාසික රැස්විමේදීය.
-ජයන්ත සමරකොන්-
|
මෙයා මොකාටද එන්න හදන්නෙ?
| 66
|
POSITIVE
|
ncpp_train_0755
|
පසුගියදා පළවූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ නමැති විශ්‍රාමික මේජර්
ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කළ ග්‍රන්ථය ගැන අදහස් දක්වමින් මහාචාර්ය සරත්
විජේසූරිය කළැයි කියන ප්‍රකාශයක් මුළුමණින්ම ගොතා
පළ කරන ලද්දක් බවත් මහාචාර්යවරයා
අපහසු තාවයට ලක්කිරීමේ අරමුණින් කිසිවෙකු ෆේස් බුක් භාවිතයෙන් ‘නිර්මාණාත්මකව මඩ
ප්‍රහාරයක්‘ ලෙස එය ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් දන්වා
සිටී.
විශ්‍රාමික මේජර් ජනරාල්වරයාගේ ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන කාලයේ මෙම මඩ
ප්‍රහාරය සැලසුම් සහගතව මහාචාර්යවරයාගේ නම ඈදාගනිමින් දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක
ෆේස්බුක් පිටුවක් මගින් විසුරුවා හැර ඇත. එහිදී කියැවුනේ ‘යුද්ධෙට ගියා නම් මමත්
ඔයිට වඩා හොද පොතක් ලියනවැ‘යි සරත් විජේසූරිය මහාචාර්යවරයා කියා තිබූ බවකි.
මෙම ආකාරයේ වැරදි පුවතක් පළ කර ඇත්තේ කිසිදු තැනක තමා නොකියූ දෙයකින් බවත් හැකි
නම් එවැනි ප්‍රකාශයක් තමා කියූ තැනක් සදහන් කර ඔප්පු කර පෙන්වන ලෙසත් ඉල්ලා සිටින
මහාචාර්යවරයා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙතද ලිපියක් යොමු කර දන්වා
ඇත්තේ වැරදි වැටහීම් ඇතිනොකර ගන්නා ලෙසයි.
|
හරියට හරි මචං. දලදා මාලිගාව ඉස්සරහ ගණිකාවෝ දාගෙන රේස් පැදපු බෞද්දයෝ වගේ නෙමෙයි, මූ පර ක්‍රිස්තියානි කාරයෙක්.
| 31
|
POSITIVE
|
ncpp_train_0756
|
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් මණ්‌ඩලය තීරණය කිරීම ගැන
එහි පාලනාධිකාරිය
සතුට පළ කර තිබේ.
ඒ අනුව ලබන 15 වැනිදා සිටම එය රජයට පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාලනාධිකාරිය වෙනුවෙන් රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්රනාන්දු මහතා දන්වා ඇත.
මෙම රෝහල රජයට පැවරීමෙන් පසු මේ දක්වා එහි රෝගීන් නැති ප්‍රශ්නය විසඳී සයිටම් සිසුන්ට අවශ්‍ය ශික්ෂණ සේවාවන් නිරායාසයෙන්ම හිමිවීම නිසා සයිටම් ආයතනය ස්ථාවර කර දීමට රජය ගත් තීරණයක් ලෙස මෙම තීරණය රජයේ දත්ත වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ හෙළා දැක තිබුණි.
මාලඹේ සයිටම් සිසුන් මින් ඉහත සායනික පුහුණුව සඳහා හෝමාගම රෝහල භාවිත කළත් එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකිරීමෙන් පසු එය නතර විය.
විකල්පයක් ලෙස රෝහලක් තනන්නට වෛද්‍ය නෙවිල් පෙළැඹුවුයේ ඒ නිසාය. කෙසේ වෙතත් එය සෑදුවත් රෝගීන් නොමැති නිසා ඔහු දෙවන වර අර්බුදයට ලක්වූ අතර රජය දැන් එය විසඳා තිබේ.
|
"ඔබ දන්නවද පිට රට අධ්‍යාපනයට යන්නේ ලක්ෂ තිස් ගානක් වගේ මුදලක් බව ..". අනේ ගම් බට්ටා මල්ලි මට ඔය පිටරට university එක කියන්නකො.., ළක්ස 30 ගානට මගෙ ලමයවත් යවන්න...
| 14
|
POSITIVE
|
ncpp_train_0757
|
තෙල් සංස්ථාව,රක්ෂණ සමාගම, ටෙලිකොම්, ලංවිම ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විකුණා දැමීමට ඇති සැලසුම් වහා අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ලබන සතිය පුරා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ. ලබන මස 03වැනිදා විරෝධතා ව්‍යාපාරයක් හා දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය -අපිධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.මීට අමතරව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතන මූලික කර ගනිමින් ලබන සතියේදී වැඩවර්ජනයක් සිදුකිරීමටත් තීරණය කළ බවද එම එකමුතුව සඳහන් කරයි. මේ අනුව වැඩවර්ජනය සිදුකරන ආකාරය හා අදාළ දිනයන් පිළිබද එළඹෙන 03වැනිදා සිදුකරන විරෝධතා අවසන් කර වෘත්තීය සමිති ඒ කාබද්ධ වී තීරණය කිරීමට නියමිතව තිඛෙන බවද එම එකමුතුව සදහන් කරයි. මේ අතර, තෙල් සංස්ථා සේවකයන් 20දෙනෙකුට ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදීම පිළිබඳ ඊයේ (30දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එසේම අද (31දා) දිනය තුළදීත් ආයතන තුළට ඇතුළුවීමට අවස්ථාව ලබානොදීමට කටයුතු කළහොත් අද දින පොලිස් මූලස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාරිග ගන්නා බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. තෙල් සංස්ථාව විකුණා දැමීමට සිදුකරන සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ සේවකයන් 20දෙනෙකුට මෙලෙස ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බවද ඒ මහතා පවසා සිටියේය.මීට අමතරව වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ වෘත්තීය සමිති නියෝජිතයන් 20දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවට අමත්‍යවරයා සදහන් කළද ඊයේ දිනයේදීත් ඊට අදාළව ලිපියක් නොලැබුණු බවද ආනන්ද පාලිත මහතා සදහන් කළේය.
එසේම නීතිරිතිවලට අනුව අමාත්‍යවරයාට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවත්, තෙල් සංස්ථාවේ කොටස් විකුණා දැමීමට ගෙන තිඛෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූයේ, පවතින කම්කරු නීතිරීතිවලට අනුව බවත්, මීට අමතරව සත්‍යග්‍රහය සිදු වූයේ, තෙල් සංස්ථාවට අයත් භූමියක බවත් හෙතෙම පවසා සිටියේය. විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී ඊයේ (30දා) කොළඹදී සමුළුවක් පැවැත්වූ බවද ආනන්ද පාලිත මහතා පැවසීය.ඉන්දික හේවාවිතාරණ
|
ජන මතය කොච්චර බුද්ධිමත් එකක් ද කියන එක පැහැදිලිව පේන කාලයක් මේක.
| 13
|
POSITIVE
|
ncpp_train_0758
|
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවාහැර නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කිරීමටත් තවත් ආයතනවල සභාපතිවරුන් ඉවත්කර අලුතින් පත්කිරීමටත් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සදහන් කරයි. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද හෙටම විසුරුවා හැරෙන අතර ඊට නව සභාපතිවරයකු සහ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කිරීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි ද වාර්තාවේ.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) නව සභාපතිවරයකු පත්කිරීමට ද නියමිත අතර එහි ඉහළ තනතුරු කීපයකට ද නව නිලධාරීන් පත් කරනු ඇතැයි ද පැවසේ.ස ෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය සැපයීම් අංශයේ ඉහළ තනතුරු කීපයක වෙනස්කම් සිදුකෙරෙන අතර, අමාත්‍යාංශයේ අංශ කීපයක ඉහළ තනතුරුවල ද වෙනස්කම් සිදු කිරීමට නියමිත බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.ඉකුත් කාලයේ තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම, ඒවාට අවසර ලබාදීම, තත්වයෙන් බාල ඖෂධ රෝහල්වලට බෙදා හැරීම, ඖෂධ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ගනුදෙනු සිදුකිරීම සහ ටෙන්ඩර් අක්‍රමිකතා ඇතුළු විවිධ චෝදනාවලට වගකිවයුතු බව කියන ආයතන ප්‍රධානීන් අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ඉහළ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කරනු ඇතැයි ද එම ආරංචිමාර්ග තහවුරු කරයි. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ ඉකුත්දා රාජකාරි ආරම්භ කරමින් සඳහන් කළේ, ඍජු තීන්දු තීරණ ගෙන සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට පසුබට නොවන බවය.රංජන් කස්තුරි
|
යුද්ධය ? පිස්සු 🤣
| 3
|
POSITIVE
|
ncpp_train_0759
|
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ ඝාතනය සිදු වූ දින ජනාධිපති මන්දිරයෙන් ලබාදුන් දුරකථන ඇමතුම් මකා දමා තිබුණත් තාක්‍ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් ඒ සියල්ල හෙළි කරගෙන ඇතැයි නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොට්ස්කි මහතාට ඊයේ (28දා) දැනුම් දුන්නේය.
සිද්ධිය වූ දින ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් පුද්ගලයන් රැසකට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයිද,
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ මෙහි සැකකරුවන් ලෙස නම් කොට දැනට ඇප මත මුදාහැර සිටින කොළඹ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද, නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් ප්‍රසන්න මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන්හ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ ඝාතනය සිදු වූදා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් පුද්ගලයන් රැසකට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයිද, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන්නේ යැයිද කීය.
එලෙස ලබාදුන් සමහර දුරකථන ඇමතුම් මකා දමා තිබුණද, තාක්‍ෂණිකක්‍රම උපයෝගී කරගනිමින් ඒ සියල්ල හෙළි කරගෙන ඇති බවත්, මේ සම්බන්ධ පරීක්‍ෂණ ඉතාම ප්‍රවේශමෙන් හා ක්‍රමානුකූලව සිදු කරන බවත් දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, මේ තත්ත්වය නිසා පරීක්‍ෂණ කටයුතු ප්‍රමාද වන බවද පෙන්වා දුන් අතර, පරීක්‍ෂණ කටයුතු අවසන් කොට අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් 08 වැනිදා සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.
බුද්ධිමාල් රුබේරු ( ada.lk)
|
කෝ මේ ඒකාබද්ධ set eka...
| -4
|
NEGATIVE
|
ncpp_train_0760
|
කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් ගමන් සහායිකාවනට වසර තුනක කාලයක සිට නිල ඇඳුම් ලබා නොදීම නිසා එම සේවිකාවන්ට සිය රාජකාරි කටයුතුවල නිරතවීමේදී ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.
කටුනායක සහ
මත්තල ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් සහායිකාවන් 187 දෙනකු පමණ සේවය කරන අතර ඔවුනට වසරකට නිල ඇඳුම් ලෙස සාරි 03 ක් හෝ 04 ක් ලබාදෙන බවත් මෙම නිල ඇඳුම් 2013 වසරේ සිට මේ දක්‌වා ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවත් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම තත්ත්වය මත ගුවන් ගමන් සහායිකාවන් බොහෝ දෙනකු නිල සාරිය වෙනුවට වෙනත් සාරිවලින් සැරසී රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
තමුන්ට ලබාදී ඇති නිල සාරි ඉරීගොස් ඇතැයි පැවසූ විට ඉරිච්ච සාරිවලින් සැරසී රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පාලන අධිකාරිය එම සේවිකාවනට පවසන බව ද එම ප්‍රකාශකයා කීවේය.
(උපාලි ද සේරම්)
|
සාරිය ඇඳං ඉන්නවට වඩා ඕක ගලවං ඉන්න තමයි මේ ළමයි කැමති. ඉතිං ඕවා පරණද අළුත්ද කියලා ප්‍රශ්නයක් කරගන්නෙපා බං.
| 90
|
POSITIVE
|
ncpp_train_0761
|
මේ කොරෝනා සමයේ ඔබේ දුව - පුතා, සැමියා - බිරිඳ, පවුලේ හිතවතුන් ඇතුළු ආදරණීයයන් වගේම කාර්යාලයේ හිතවතුන් යන්නේ එන්නේ කොතැනද කියලා දැනගන්න පුලුවන් විශේශ සේවාවක් ගැනයි දැන් මේ කියන්න යන්නේ... මේ සදහා කරන්න තියෙන්නේ Search Us App එක සමගින් ලියාපදිංචි වෙන එක විතරයි. ලියාපදිංචි වෙලා හිතවතුන් යන-එන තැන් බලාගන්න පුලුවන්. ඔබේ ජංගම දුරකථනයෙන් #780*540# ඩයල් කර Search Us සමග අදම එක්වන්න. දුව-පුතා, පෙම්වතා-පෙම්වතිය ඉන්න තැන දැන්ම දැනගන්න.එපමණක් නොවෙයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තුළින් මෙම සේවාවට ලියාපදිංචි වන කෙනෙක්ට Google Map හරහා අදාළ ස්ථානය නිශ්චිතවම පෙන්වාදීමත් සිද්ධවෙනවා. Search Us සමගින් එක්වන්න මුලින්ම #780*540# ඩයල් කළ පසු ලැබෙන මෙනුවට අංක 1 යොදා Send කර ලියාපදිංචි වන්න.1. ඔබේ ආදරණීයයන් ඔවුන්ගේ ජංගම දුරකථන තුළින් Search Us වෙත ලියාපදිංචි කරගෙන PIN අංකය ලබාගන්න. 2.ඔවුන් සිටින ස්ථානය බැලීමට #780*540# ඩයල් කර අංක 2 ටයිප් කර Find ඔප්ෂන් තෝරාගෙන ඔවුන්ගෙන් ලබාගත් PIN අංකය ඇතුලත් කරන්න.එවිට ඔවුන් සිටින ස්ථානය කෙටි පණිවිඩයක් හා Google Map ආධාරයෙන් බලාගන්න පුලුවන්.ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට පහත Youtube වීඩියෝ එක නරබන්න.
මේ සුවිශේෂී අවස්ථාව හිමිවෙන්නේ දිනකට රුපියල් 5 ක් හා බදු වගේ පුංචි මුදලකටයි. ඊට අමතරව ඔබේ ආදරණීයයන් ආ ගිය තැන් ගැන සර්ච් කරද්දී එක් වරකට රුපියල් 3 ක් හා බදු මුදලක් අයවෙනවා. ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයක් හරහා ලියාපදිංචි විය හැකි වීම වගේම ඔබේ හිතවතා රැඳී සිටින ස්ථානය පහසුවෙන් වගේම නිවැරදිව ඔවුන්ගේ කැමැත්ත මත දැනගත හැකිවීම මෙහි තිබෙන සුවිශේෂීත්වය වෙනවා.ඒ වගේම දෙදෙනාම සේවාවට ලියාපදින්චි වී සිටිය යුතු අතර දෙදෙනාමා ඩයලොග් පාරිභෝගිකයන් විය යුතු වෙනවා.
|
ෙපා්න් ඒක තියල පලයන්......
| 7
|
POSITIVE
|
ncpp_train_0762
|
පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රීලංකාව ඉදිරියේ පළමු රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් සටහන් තබන්නට පිරිමි හෙල්ල විසිකිරීම් (එෆ් 45) ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්වූයේය. ජපානයේ ටෝකියෝහි පැරාලිම්පික් මලල ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔහු රන් පදක්කම දිනාගත් අතර මීටර් 67.79 ක නව ලෝක වාර්තාවක් පිහිටවූයේය.
දිනේෂ් ප්‍රියාන් හේරත් අනුරාධපුරින් බිහිවූ ක්‍රීඩකයෙකි. දිනේෂ්ගේ බිරිය ටිසන්කාද ක්‍රීඩිකාවකි.2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.මින් පෙර 2016 දීත් මෙම ඉසව්ව නියෝජනය කරමින් රියෝද ජැනයිරෝ පාරාලිම්පික් තරගයට එක්වූ අතර එහිදී ඔහු ලෝකඩ පදක්කම ලබා තිබුණි.යුද හමුදාවේදී ගජබා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර ඔහුගේ පුහුණුකරු වූයේ ප්‍රදීප් නිශාන්තයි. දිනේෂ් ප්‍රියාන් හේරත් රන් පදක්කම දිනූ තරග අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.
|
ගිය කාලය මුලුල්ලේ අඳුරක් ය ලක ඇතුලේ අද ලකම බැබලේ දිනේශ් වීසි කළ හෙල්ලේ
| 11
|
POSITIVE
|
ncpp_train_0763
|
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පොළොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නේය.
මීට අමතරව
තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනයක් ද කර ඇති අතර ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතට ග‍්‍රාමීය ආර්ථික කටයුතු විෂය ද පවරනු ලැබ තිබේ.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන් මහතා කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
(ඩයනා උදයංගනී)
|
ජනාදිපති අගමැති මැති ඇමති මොකෙක් වත් දැන් ගණන් ගන්නේ නෑ
| 29
|
POSITIVE
|
ncpp_train_0764
|
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළහ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 84ක් සහ ලිටන් දාස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.මෙහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 67ක් රැස් කළේය
|
ශයිනල් විතරක් බලපු එකට බැන්න නිසා ප්‍රැක්ටිස් එකත් බැලුවා..කාලකන්නියගෙ කට විතරයි.. මුනුත් දේශපාලුවො වගේමයි ..ගල් ගහලා එලවන්ඩ තියෙන්නේ අරජුනලා අරවින්දලා හදපු ක්‍රිකට් මුං මරනවා .. මුකුත් ඕන්නෑ ඉන්දියාවේ වගේ ගෙවල් ගානෙ එන ප්‍රේක්ෂකයන් ටිකක් හිටියනං මුං හැදෙනවා
| 8
|
POSITIVE
|
ncpp_train_0765
|
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතාට දුරකතන ඇමැතුමක් ලබාදී ගුවන් හමුදා නිලධාරියකුගේ ස්ථාන මාරුවක් අවලංගු කරන්නැයි බල කළේ යැයි චෝදනා කරමින් අම්පාර
නගර සභාවේ හිටපු නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි දීම සඳහා නොවැම්බර් මස 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (27දා) හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා වෙත අවසන් වතාවට
සිතාසි නිකුත් කළේය.
තමා ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ අවධියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදා සාමාජිකයකුගේ ස්ථාන මාරු කිරීමක් අවලංගු කරන මෙන් දුරකතන මාර්ගයෙන් බල කළ බවට චෝදනා කරමින් හර්ෂ අබේවික්‍රම මහතා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණත් හිටපු ගුවන් හමුදාපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව හිටපු ගුවන් හමුදාපතිවරයා වෙත නැවතත් සිතාසි නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සාක්ෂිකාර හිටපු ගුවන් හමුදාපතිවරයාට නොවැම්බර් මස 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අවසන් වතාවට සිතාසි නිකුත් කළේය.
කේ.එස්. උදයකුමාර්
|
ඇයි උඹේ ලොල් උදාන වාක්‍ය..... "ලොකු එක නොදී පලයන්"... ඒක කියපන්කො
| 31
|
POSITIVE
|
ncpp_train_0766
|
ටැන්සානියාවේ ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර තිබූ අතර ඒ වෙනුවට විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා අදාළ වෙන් කළ මුදල භාවිතා කරන ලෙස උපදෙස් දී තිබුණි.මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පවත්වනවාද නැද්ද යන සංවාදයටද වැදගත්ය.එරට 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබූ අතර, එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට යොදා ගැනිණි.
ටැන්සානියාවේ රාජ්‍ය අමාත්‍ය ජෝර්ජ් සිම්බචවේන් මුදල් ලබා දීම තහවුරු කර තිබුණි.පෙළපාළි සහ වෙනත් ජාතික සැමරුම් වෙනුවට නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව සංවර්ධනය පිළිබඳ මහජන සංවාද පවත්වමින් නිදහස් දිනය සමරන ලදි.රෝහල්, පාසල්, වැඩිහිටි නිවාස සහ විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම් පිරිසිදු කිරීම ඇතුළු විවිධ ප්‍රදේශවල සමාජ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් නායකයින් සඳහා විවිධ කාලසටහන් මගින් විවාද සහ සම්මන්ත්‍රණවලට පෙරාතුව පැවැත්විණි.ටැන්සානියාව සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන බවත්2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යැවූ බවත් වාර්තා විය.2020 දීත් ඔහු ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට මුදල් භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය.
වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වේ. ඇය මීට පෙර තරුණ රැකියා, කාන්තාවන් සහ ළමුන් පිළිබඳ අමාත්‍යවරියක් ලෙස ද සේවය කර ඇති අතර ටැන්සානියානු කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට දිරිගැන්වීම සඳහා ප්‍රසිද්ධියේ කතා කර ජනප්‍රිය වූවාය.
|
බැලු බැලු හැම තැනම මහජනයා අසරණය බදු බර, බඩු මිලට නොදෙවෙනි වූ ලෙසය පාලකයන්ට කිසි වගතුග නැති සේය සල්ලි නැතත් නිදහස සැමරිය යුතුය... වියදම් කරන මුදලම උත්සව වලට හිලව් කරානම් බදු අඩු කර සැමට ඒ මුදලින් දවස් දෙක තුනක් රහට කන්නටවත් තිබුනි අසරණ ජනයාට...
| 27
|
POSITIVE
|
ncpp_train_0767
|
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපළේ බිරිය සමග ගමන්කරමින් සිටියදී නැගුණ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. එය පහතින්
|
අරගලයේ අනිත්‍යය.
| 4
|
POSITIVE
|
ncpp_train_0768
|
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවට ලක් කර ඇති බව. රවි කරුණානායක මහතා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් එය විශ්වාසයක් බවට ඔප්පු කරන බව ද අමාත්‍යවරයා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.
සේනාරත්න මහතා වත්මන් යහපාලන රජය ඇති කිරීමේ පුරෝගාමියෙකු වු බවත් එය දරා ගැනීමට නොහැකි ඒකාබද්ධ විපක්ෂය මෙවැනි ක්‍රියාවන් අනුගමනය කරමින් සිටින බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.රාජිත සේනාරත්න මහතා විසින් මෙරට සෞඛ්‍ය සේවයට සහන රැසක් ලබා දී ඇතැත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.ඒකාබද්ධයේ ඇති වැරදි ක්‍රියාවන් වසන් කිරීමේ අභිප්‍රායෙන් මෙවන් ක්‍රියාවන් අනුගමනය කරන බවත් මෙහිදී තව දුරටත් අවධාරණය කෙරිණි.මෙම මාධ්‍ය හමුවට එක් වු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය විටින් විට විශ්වාසභංග යෝජනාවන් ගෙන ඒම තුළින් විශ්වාසභංග යෝජනාවක් සඳහා ඇති වටිනාකම් වියැකෙන බවත් කොතරම් විශ්වාසභංග යෝජනාවන් ගෙන ආවද ඒ සියලු යෝජනාවන් තුනෙන් දෙකකට වැඩි බලයකින් පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.
|
උඹලා වගේ හොරැ නිසා දේශපාලනය විහිලුවක් වෙලා.
| 195
|
POSITIVE
|
ncpp_train_0769
|
ලබන ජනවාරියේ සිට
මහනුවර රත්නපුර හා යාපනය
අධිවේගී මාර්ග වැඩ අරඹන හැටි
2017 වසරේ ජනවාරි මාසයේ නව අධිවේගී මාර්ග 03 ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඒ අනුව කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) , කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල - දඹුල්ල -ත‍්‍රිකුණාමලය- යාපනය දක්වා දිවෙන
අධිවේගී මාර්ග වල ඉදි කිරීම් අරඹන්නට නියමිතය.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ( 2 අදියර ) යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.7 ක දුර මාර්ගය ඉදි කෙරෙන බවත් ඊට අඹේපුස්ස දක්වා දිවෙන කි.මි 9.7 ක පිවිසුම් මාර්ගයක්ද ඇතුලත් බවත් පැවසේ.
කි.මි 51.5 ක දුරින් යුතු යෝජිත නව කොළඹ - රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවෙන් ආරම්භ වී රත්නපුරය දක්වා ඉදි කරන්නට නියමිතය.
මෙම අධිවේගී මාර්ගය සඳහා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වන්නේ කහතුඩුව , හොරණ , ඉංගිරිය , කිරිඇල්ල , කුරුවිට සහ රත්නපුරය යන 6 යි. එහි ඉදි කිරීම් කොටස් තුනක් යටතේ මාස 41 කින් නිම කිරීමට සැලැසුම් කර ඇත.
කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියර, නැගෙනහිර පලාත සහ උතුරු පලාත සම්බන්ධ කරමින් ත‍්‍රිකුණාමලය හා යාපනය දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ග කොටස කි.මී.60.15ක දුරකින් යුක්ත වන අතර ඊට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත්වේ. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ 9 මාර්ගය සහ දඹුල්ල ඒ 6 මාර්ගය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිවනු ඇත.
|
නැගිටපන් යකෝ එලි වෙලා...... :p :p
| 18
|
POSITIVE
|
ncpp_train_0770
|
රජයේ නිලධාරීන්ට අපහාස කරන
රන්ජන් මර්වින්ට අන්තයි
- මහින්ද කියයි
පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර
සිද්ධියට මැදිවූ දෙදෙනා
ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ.
මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ.
‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට‘
|
දීකිරට බළල්ලුත් සාක්කිලු.......... හික් හික් හික්.............
| 5
|
POSITIVE
|
ncpp_train_0771
|
“උදාර මිත්‍රත්ව ජගත් සංවිධානය” නම් ආයතනයක් අම්මාවරුනේ ජාතික වැඩසටහන 2017 නමින් කිරි අම්මාවරුන් සඳහා දානමය පිංකමක් මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
එහි සංවිධායකවරුන් පවසනුයේ මෙරට ස්වභාවික ව්‍යසනයන්, පුද්ගලයින් අතර ඇති පළිගැනීම්, රෝග පිඩා ආදියෙන් අත්මිදී රට ජාතියට සෙත්පතා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම සංවිධානය කළ බවයි.
ගිනස් ලෝක වාර්තාවක් සඳහා මෙය සංවිධානය කරන බවත් ඒ සඳහා ඉල්ලුම්පත්වල නිවැරදි තොරතුරු සපයන ලෙසත් එහි දක්වා තිබිණි.
සංවිධායකවරුන් පවසන්නේ ගිනස් වාර්තාව සඳහා කිරි අම්මාවරුන් 5112 දෙනෙකු එකවර සම්බන්ධ කර ගන්නා බවයි.
|
කතොලික මිත්‍යාදුශ්ටියොත් මෙතන ඈති.
| -37
|
NEGATIVE
|
ncpp_train_0772
|
සිංහල මව්වරුන් වඳ කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළවූ චෝදනාකාරී මාධ්‍ය වාර්තා පිළිගත හැකි කරුණු වාර්තාවී නැති බවට හා ඔහු වරදක් කර ඇති බවට මව්වරුන් කළ චෝදනා රැසක්ම හුදු සැකය මත ගෙන ආ පැමිණිලි බවට අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දන්වා ඇත.
ෂාෆි සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මව්වරුන්ගේ පැලෝපීය නාල අවහිර කළ බවක් හෝ
ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මෙතෙක් කිසි ලෙසකින් හෝ අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ අනුව දැනුම්දී ඇත.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල
මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ පිටු 210කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් පමණක් හඳුනාගත හැකි බවත් ඒ අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ මව්වරුන්
ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.
වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
|
ඔය කවුරු චෙක් කරත් වෑඩක් නෑහෑ. අර රතන ගෙයි, වාචාල එස්.බී ගෙයි පෑලෝපීය නාලවල ගෑට තියෙනවා කියල එයාලා මධයට ඈවිත් කිව්වා. එස්බී කියපු විදිහට එයාගෙ නාලෙ මිරිකලා, තලලා , චප්ප කරල තියෙන්නෙ.
| 23
|
POSITIVE
|
ncpp_train_0773
|
කොරෝනා මර්දනය සඳහා ධම්මික බණ්ඩාර නමැති අය විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණිය සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇමතිවරයා පසුගිය දිනවල කරුණු දැක්වූයේ ධනාත්මකවය. ඒ අතරවාරයේ පැණිය ගැන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ පැණිය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට ඉන් අවසර ලැබෙනු ඇත.
මේ පිළිබඳව කළ විමසීමේදී ධම්මික පැණිය පිළිබඳ පර්යේෂණ කිරීමට පත් කළ විද්වත් කමිටුවේසාමාජිකයකු පැවැසුවේ එම පැණිය සායනික පරීක්ෂණ සඳහා ලියාපදිංචි කරන ලේඛනයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවරද මේ වන විට ගෙන ඇති බවය. ඒ අනුව එහි ප්‍රතිඵලද තවත් සති දෙකක් හෝ තුනක් වැනි කාලයකදී නිකුත් කිරීමට හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය. ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට පෙර අදාළ පැණිය මූලික පරීක්ෂණ සඳහා භාජන කර එහි බැරලෝහ හෝ මිනිස් ශරීරයට අහිතකර මූලද්‍රව්‍ය අඩංගු දැයි පරික්ෂා කර ඊට අදාළ පර්යේෂණයෝජනා පත්‍රය ලබා දී තිබේ.
|
දම්මික පැනියා කාලි අම්මගේ හැඩරුව යන්තමට තිබෙනවා. පාට එකයි . එතකොට තාත්තා කවුද ? අර හාමුදුරුවොත් එතකොට සහෝදරයෙක් නේ ?
| -1
|
NEGATIVE
|
ncpp_train_0774
|
රාජ්‍ය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා දැනුම්දී තිබෙනවා.
ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ගැසට් පත‍්‍රයක් මගින් එම දැනුම්දීම සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. රාජ්‍ය ව්‍යවසායන්, රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත නියෝජිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඊට ඇතුලත්.
අදාළ තනතුරු සඳහා නැවත සුදුසු පුද්ගලයන් පත්කරන තුරු එම ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද චක‍්‍රලේඛයක් මගින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
|
අපක්ෂපාතීව අලුත් අය පත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
| 4
|
POSITIVE
|
ncpp_train_0775
|
බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරිය ෆාතිමා අයිෂා දැරිය දූෂණයට ලක්වී නැති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අද (30) තහවුරු විය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කර තිබුණි. වැඩිදුර වාර්තාව අධිකරණය වෙත යොමු කර තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයෙ (29) පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් අතරඔහු පැවසූ ආකාරයට දැරිය දූෂණය කිරීමට උත්සාහ දැරුවත් එසේ නොකළ බවත් පසුව දැරිය තමාව හඳුනාගත් නිසා ඝාතනයව කළ බව දන්වා තිබුණි. කෙසේ වෙතත් කරුණු විමර්ශනය තවමත් අවසන් නැතැයි පොලිසිය පවසයි.
|
කෙල්ල මරපු එකාට උසාවියෙන් කොහොම වුණත් ගමේ මිනිස්සු මරණීය දණ්ඩනය දෙයි..
| 61
|
POSITIVE
|
ncpp_train_0776
|
දෙහිවල ගල්කිස්‌ස මහනගර සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රී වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා ඝාතනය පාතාල වැඩක් බවට මේ වනවිට කරුණු හෙළිදරව්වී තිබේ.
සිද්ධිය වූ දිනයේ ධනංජය දහවල් ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ පැවැති රැස්‌වීමකට සහභාගි වීමට ගොස් සිටියේය. ධනංජය එදින රාත්‍රිය වනතුරුත්
නිවසට පැමිණ සිටියේ නැත. ධනංජයගේ මව සහ සොහොයුරා ආගමික ස්‌ථානයක් වෙත ගොස් සිටියේ විදෙස්‌ගත වන තම සොහොයුරා වෙනුවෙන් බාරයක් වීම සඳහා ය.
රංජන් ද සිල්වා තම සමීපතමයන් දෙදෙනකු ද සමඟ නිවස ඉදිරිපිට තිබූ සිල්පර කොටයක් මත වාඩි වී කිසියම් සාකච්ඡාවක නිරතව සිටියේය.
ඒ වන විට ඝන අන්ධකාරය මුළු ප්‍රදේශයම ආක්‍රමණය කර තිබුණේය. නිවස ඉදිරිපිටින් මරහඬ දීගෙන ධාවනය වන දුම්රියේ හඬ හැරෙන්නට ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි.
රංජන් ද සිල්වා තම සමීපතමයන් සමග සිටියේ වෙනම ලෝකයකය. අවට සිදුවෙමින් තිබෙන කිසිවක් ගැන ඔවුන්ට නිනව්වක් නැත. එහෙත් රංජන් ද සිල්වාගේ මාරයා ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ඒ වන විට මාරයා නිවස අසලටම පැමිණ සිටියේය.
මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් කීපදෙනෙක් දුම්රිය මාර්ගය හරහා රංජන් ද සිල්වා ගේ නිවස ආසන්නයට පැමිණ සිටියහ. නිවස ඉදිරිපිට පඳුරු සහිත ස්‌ථානයකි. පාතාල අළුගෝසුවෝ පඳුරු අතර සැඟවී තම ඉලක්‌කය සොයන්නට වූහ.
ගත වූයේ නිමේෂයකි. හෙණ ගෙඩි පුපුරන්නාක් මෙන් පිට වූ ටී. 56
ගිනි අවි උණ්‌ඩ රංජන් ද සිල්වාගේ සිරුර විනිවිද ගියේය. ඔහු අසල සිටි සමීපතමයන් දෙදෙනාද වෙඩි ප්‍රහාරයට ලක්‌වූහ.
රංජන් ද සිල්වා මාරයා සමඟ පොර බදන්නට වුණේය. නාඳුනන තුවක්‌කුකරුවන්ගෙන් බේරී දිව යන්නට ඔහු උත්සාහ කළේය. එහෙත් ඒ වන විට වෙඩි උණ්‌ඩ එකක් දෙකක් නොව 13 ක් ම ඔහුගේ සිරුර විනිවිද ගොස් තිබුණේය.
රංජන් ද සිල්වා තම නිවස ඉදිරිපිට ගෙමිදුලේ සිමෙන්ති පොළොව මත ඇදවැටුණේ අවසන් හුස්‌ම පොද පිට කරමින්ය.
තම ඉලක්‌කය නිවැරැදිව ලබා ගත් කුලී ඝාතකයෝ නිරුපද්‍රිතව මෝටර් රථයේ නැඟී පලා ගියහ. රංජන් ද සිල්වා ඝාතනය සඳහා පාතාල මැරයන් ටී. 56 සහ මිලි මීටර් 9 වර්ගයේ අවි දෙකක් යොදා ගත්තද ක්‍රියාත්මකව තිබුණේ එක් අවියක් පමණි.
තම පියා ඝාතනය කළ පුවත සැළවීමෙන් ධනංජය ද සිල්වා දැඩි කම්පනයට පත් වුණේය. 25 වැනිදා රාත්‍රියේ ඔහු බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යැමට සූදානමින් සිටියේය. තම පියාගේ අභාවය නිසා ක්‍රිකට් සංචාරය අතහැර දැමීමට ධනංජයට සිදු විය.
රංජන් ද සිල්වා ඝාතනයෙන් මුළු රටම ගිනි ගත්තේය. මේ සිදුවීම වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ධනංජය ද සිල්වා නිසාය. ධනංජයගේ පියා ඝාතනය කිරීමේ පුවත මෙරට ක්‍රිකට් ලෝලීන්ට ඒතරම් සුබවාදී ආරංචියක් නොවීය. ශ්‍රී ලංකාවේ ටෙස්‌ට් කණ්‌ඩායමේ මුල් පෙළේ පිතිකරුවකු වූ ධනංජය සිල්වාට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අහිමි වීම ක්‍රිකට් කණ්‌ඩායමට ද පිරිමැසිය නොහැකි වූ පාඩුවක් විය.
ඝාතනයට ලක්‌වන විට රංජන් ද සිල්වා දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්‌ටුව) පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වුණේය. රංජන් ද සිල්වා වර්තමානයේ නාගරික මන්ත්‍රීවරයකු වුවද ඔහුගේ අතීතය ඒ තරම් සුන්දර එකක් නොවීය.
රංජන් ද සිල්වාගේ උපන් ගම පිහිටියේ තිස්‌සමහාරාමයේ ය. ධීවර රැකියාවෙන් ජීවිකා වෘත්තිය ආරම්භ කළ ද රංජන් ද සිල්වා පසු කලෙක යුද හමුදාවට බැඳුණේය. වසර ගණනක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වු රංජන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ රැකියාවක් ලබා ගත්තේය.
දීර්ඝ කාලයක් තිස්‌සේ දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ සේවය කළ රංජන් ද සිල්වා මීට වසර කීපයකට උඩදී ඉන් විශ්‍රාම ගත්තේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙස සිය සේවය නිම කරමින් ය.
නගර සභාවේ සේවය කළ ද රංජන් ද සිල්වා ධීවර රස්‌සාව අමතක කළේ නැත. විශාල ප්‍රමාණයේ බෝට්‌ටු යොදාගෙන මසුන් ඇල්ලීම ජයටම කරගෙන ගිය රංජන් ද සිල්වා ඉන් විශාල ධනයක් උපයා ගත්තේය. දෙහිවල ගල්කිස්‌ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා රංජන්ගේ සමීපතම මිතුරකු විය.
රංජන් ද සිල්වා ද ඒ වන විට දේශපාලනයට එක්‌ව සිටියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල පාක්‍ෂිකයකු විය.
දේශපාලන බලය මෙන්ම මුදල් බලය යහමින් ලැබීම නිසා රංජන් ද සිල්වා රත්මලාන ප්‍රදේශයේ ගණන්කාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය. කලක් යුද හමුදාවේ සේවය කළ නිසා රංජන් ද සිල්වා ප්‍රසිද්ධව සිටියේ ආමි රංජන් යන නමින් ය.
ගොනාකෝවිලේ රෝහණ, රංජු, ලන්සියා වැනි පාතාල ප්‍රබලයන් ගල්කිස්‌ස, රත්මලාන හා දෙහිවල ප්‍රදේශ සිය පාතාල රාජධානිය ලෙස කරගෙන සිටියහ.
මේ පාතාල නායකයන් සහ ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් අතර තිබුණේ සමීප සබඳතාවකි.
දෙහිවල ගල්කිස්‌ස නගර සභාවේ මන්ත්‍රීවරයකුව සිටි පොඩි මහත්තයා ද ගණන්කාරයකු විය. පාතාල ප්‍රබලයන් වු ගොනාකෝවිලේ රංජු සහ ලන්සියා සොහොයුරන්ය. මේ පාතාල අපරාධකාරයන්ගේ බාප්පා වුණේ පොඩි මහත්තයා ය. රංජන් ද සිල්වා ද මේ සියලු දෙනා සමීපව ඇසුරු කළේය.
තම බාප්පාගේ දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් රංජු සහ ලන්සියා රත්මලාන ප්‍රදේශයේ සිය පාතාල බලය ව්‍යාප්ත කරන්නට වූහ.
ගොනාකෝවිලේ රෝහණ නොහොත් රොහා, සහ රංජු අතර ආරවුල් ඇතිව තිබුණේ මේ පාතාල බලය බෙදාගැනීමේ තරගය මතය.
කාලයක් එකට සිටි රොහා සහ රංජු වෙන් වන්නේ මීට
වසර පහළොවකට පමණ උඩදීය. පොඩි මහත්තයා තම දේශපාලන බලය යොදා ගෙන ගොනාකෝවිලේ රොහාගේ පාතාල බලය බිඳදැමීමට විවිධ උපක්‍රම පාව්චිචි කළේය.
වරක් ගොනාකෝවිලේ රොහා බෝම්බ සමඟ පොලිස් අත්අඩංගුවට පත් වුණේය. මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටියේ පොඩි මහත්තයා බව රොහා විශ්වාස කළේය.
බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි දා පටන් රොහා උත්සාහ කළේ පොඩි මහත්තයාගෙන් පළිගැනීමටය. 2007 වර්ෂයේ මාර්තු මස 13 වැනිදා රොහා පොඩි මහත්තයාගෙන් පළි ගත්තේය. රත්මලාන මැලිබන් හන්දිය කාර්යාලයක සිටියදී ගොනාකෝවිලේ රොහා පොඩි මහත්තයාට වෙඩි තබා ඝාතනය කළේය.
මේ ඝාතනය සිදුකළ රොහා ඇතුළු සගයන් පොලිසියෙන් බේරී කලක් සැඟවී සිටියහ. පොඩි මහත්තයා මරා දැමූ පාතාල අපරාධකාරයන්ට ආරක්‍ෂාව රැකවරණය ලබා දුන්නේ රංජන් ද සිල්වා විසින් බවට චෝදනාවක් එල්ල වී තිබුණේය. ඒ චෝදනාව රංජන් ද සිල්වාට එල්ල වන්නේ ඔහු ඒ වන විට ගොනාකෝවිලේ රොහා ඇතුළු සගයන් සමීපව ඇසුරු කළ නිසා ය.
පොඩි මහත්තයා ඝාතනය කළ රොහා ඇතුළු පාතාල මැරයන්ට රැකවරණය ලබාදීම නිසා ගොනාකෝවිලේ අංජු රංජන් ද සිල්වා සමඟ සිටියේ දැඩි වෛරයකිනි.
කාලයක් ගත වෙද්දී රංජන් ද සිල්වා දේශපාලනමය වශයෙන් කිසියම් ස්‌ථාවරයක් ගොඩනඟා ගැනීමට සමත් විය. ඒ වන විට රංජන් ද සිල්වා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද රත්මලාන ප්‍රදේශයේ ජනප්‍රිය චරිත බවට පත් ව සිටියහ. ධනංජය සිල්වා ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් හිනි පෙත්තටම ගමන් කිරීම ඒ ජනප්‍රියත්වයට හේතුවක් විය.
දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට තරග කර දේශපාලනයට පිවිසීමට රංජන් ද සිල්වාට ආශාවක් තිබුණේය. ඒ සඳහා ඔහු මුලින්ම තම දෙවැනි පුත්‍රයා යොමු කිරීමට කටයුතු කළේය. ඒ අනුව සමිත ද සිල්වා දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට එක්‌සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කරමින් ජයග්‍රහණය කළේය.
ගොනාකෝවිලේ රංජුගේ කල්ලිය සහ ගොනාකෝවිලේ රොහා ගේ කල්ලිය අතර ප්‍රසිද්ධියේ ම ගැටුම් ඇති වන්නට විය. ඒ වන විට රංජුගේ කල්ලිය රත්මලාන ගල්කිස්‌ස ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ගංජා සහ හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කරමින් සිටියහ. රංජුගේ කල්ලිය රංජන් ද සිල්වාට මෙන්ම සචිත්‍ර සිල්වා ට ද නිතර තර්ජන එල්ල කරන්නට වූහ.
මේ තර්ජන සම්බන්ධයෙන් රන්ජන් ද සිල්වා අවස්‌ථා කීපයකදීම පොලිසියට පැමිණිලි කර තිබුණේය.
රංජන් ද සිල්වාට ද දේශපාලනයට පිවිසියේ ආශාවක් පහළ වී තිබුණේය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී සචිත්‍ර සිල්වා වෙනුවට රන්ජන් ද සිල්වා තරග කිරීමට ඉදිරිපත් වුණේ දේශපාලනයට පිවිසීමට ඔහු තුළ තිබූ ආශාව නිසාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙහිවල ගල්කිස්‌ස නගර සභාවට තරග කළ රංජන් ද සිල්වා ඉන් ජයග්‍රහණය ලබා ගෙන නාගරික මන්ත්‍රීවරයකු වුණේය.
රංජන් ද සිල්වා සහ අමල් සිල්වා සමීප මිතුරෝ වූහ. විරුද්ධවාදීන්ගෙන් අමල් සිල්වාට එල්ල වී තිබුණේ ද දැඩි තර්ජනයකි. මීට මාස 2 1/2 කට පමණ උඩදී අමල් සිල්වා ද පාතාල මැරයන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය.
මීට වසර 5 කට උඩදී රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබිණි. ගැටුම ඇති වුණේ නාගරික මන්ත්‍රී අමල් සිල්වාගේ නිවස ඉදිරිපිටදීය. මේ ගැටුමට අමල් සිල්වා මෙන්ම රංජන් සිල්වා ද එක්‌ව සිටියහ.
ගැටුම වෙඩි හුමාරුවක් දක්‌වා දුරදිග ගොස් තිබුණේය. මෙහිදී පුද්ගලයන් කීපදෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබුවෝය. මේ ගැටුම දිගින් දිගටම වර්ධනය වන්නට විය. මේ ගැටුම් සම්බන්ධයෙන් පොලිසිය අමල් සිල්වාගෙන් මෙන්ම රන්ජන් සිල්වාගෙන් ද ප්‍රශ්න කර තිබිණි.
පසුගිය වෙසක් පොහොය දිනයේදී රත්මලාන ප්‍රදේශයේ ගැටුමක් හට ගත්තේය. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ රංජන් ද සිල්වා මෙන්ම සචිත්‍ර සිල්වා ද පැටලුණේය.
අවසානයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කීපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. මේ පිරිස අල්ලා දීමට ඉදිරිපත් වුණේ රංජන් ද සිල්වා බව විරුද්ධවාදීන් විශ්වාස කළේය.
වෛරය, ක්‍රෝධය, පළිගැනීම නිමක් නොවීය. අවස්‌ථාව ලැබෙන තුරු පාතාල මැරයන් ඇඟිලි ගනිමින් සිටියේ රංජන් ද සිල්වාගෙන් පළි ගැනීමටය.
පොඩි මහත්තයා ඝාතනය කළ ගොනාකෝවිලේ රොහාට රැකවරණය ලබා දීම නිසා උරණ වී සිටි ගොනාකෝවිලේ අංජුගේ කල්ලිය රංජන් ද සිල්වා ඝාතනය කළ බවට සැකයක් මතුව තිබෙයි.
රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ අමල් සිල්වාගේ නිවස අසලදී මීට වසර 5 කට උඩදී ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස රංජන් ද සිල්වා මරා දැමුවේ යෑයි ද පොලිසිය සැක පහළ කරයි.
එහෙත් තවමත් ඝාතකයන් හඳුනාගෙන නැත. රන්ජන් ද සිල්වා මරා දැමූ පාතාල මිනීමරුවන් තවමත් නිදැල්ලේය. සත්‍ය හෙට දිනයේදී හෙළිවනු ඇත.
සටහන - හේමන්ත රන්දුණු (දිවයින)
Pix By -Suren Abeysundara
|
අවි ගත්තෝ අවියෙන්ම නසිති!
| 14
|
POSITIVE
|
ncpp_train_0777
|
ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ඊයේ (27) පැවසිය.
ඡන්දයකින් හෝ
වෙනත් ආකාරයකින් එය සිදුකරන බව කී හෙතෙම ඉක්මනින් ඡන්දයක් පැවැත්විමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීව්වේය.
රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පක්ෂ බේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන්
කළේය.
නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව පෙරළා යළිත් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බවද එස්.බි. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමේන් ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව පෙනී යන්නේයැයි පැවසිය. එස්.බී. දිසානායක මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමීතිපාලගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඩයනා උදයංගනී)
|
ජඩයන් තේරීමේ තරඟයක් තිබ්බොත් මෛත්‍රීපාලට තරගයක් දෙන්න පුලුවන් එකම මිනිහා තමයි SB
| 161
|
POSITIVE
|
ncpp_train_0778
|
පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා ඊයේ (28) තමන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වන බව දන්වා සිටියේය.
2015 ජනපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු එම අගොස්තු මාසය දක්වා මහමැතිවරණය තෙක් මහින්ද පිලේ රැඳී සිටි ලංසා මහතා පසුව මෛත්‍රී පිලට එක්වී ඇමති පදවි දැරූ අතර පුංචි ඡන්දය ආසන්නයේ එම
පිලටම නැවත එක්වී ඇත.
මීගමුව ගෝල්සියන් උත්සව ශාලාවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
'දැන් ජනතාව ඉන්නේ මාත් සමගයි. මමත් ජනතාව සමග ඉන්නවා. ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමග හිඳිමින් ජනතාවට සේවය කිරීමට අදහස් කරනවා. 2025
වසරේ රටේ සංවර්ධන ඉලක්ක ගැන කතා කරන්න ආණ්ඩුවකට ගමේ පාරක්වත් හදාගන්න උවමනාවක් නැහැ. ජනතා නියෝජිතයන් ලෙස අප කළ යුත්තේ ජනතාවට ඇහුම්කන් දීමයි. එහෙත් එවැනි තත්ත්වයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට අපි තීරණය කළා.
මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුව කරගෙන යාමට තමන්ට සහාය දෙන ලෙස ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී ඉල්ලීමක් කළා. එහිදී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා එම යෝජනාවට එකඟවූ නමුත් හිටපු ජනාධිපතිවරිය ඊට දැඩි විරෝධයක් දැක්වූවා.
කෙසේ හෝ පළාත් පාලන මැතිවරණයට පෙර දෙපාර්ග්වය අතර සාකච්ඡාවක් පැවැත්වූ නමුත් දෙපාර්ශවයේ නමාන්‍යශීලී කරුණු ඉදිරිපත් නොවීම නිසා එම සාකච්ඡා ඇණ හිටියා. මේ සියලුම දේ නිසා මට දැඩි කළකිරිමට පත්ව සිටියා.
මිගමුව ආසනයේ දේශපාලන කටයුතු අන්ත ලෙස පිරිහී ගිහිල්ලා. නුසුදුසු පිරිස් ශ්‍රීලනිප සංවිධාන කටයුතුවල නිරතවීම හේතුවෙන් මීගමුව ආසනයේ දේශපාලනය අන්තයටම පිරිහිලා ගිහිල්ලා. ආණ්ඩුවත්, පක්ෂයත් නිවැරදි මාවතකට ගැනීමට අවස්ථාවක් නැහැ. ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ප්‍රශ්නවලින් පැන යාමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටිනවා. ඒ නිසා මා දැරූ තනතුරු බලය හා වරපුසාද පසෙක දමා ජනතාව වෙනුවෙන් සිට ගැනීමට තීරණය කළා. ඒ අනුව මෙතැන් සිට වර්තමාන ආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව සමග සටන් වදිනවා. ඒකාබද්ධ විපක්ෂයට හොඳ දැක්මක් හා හොඳ අනාගතයක් තිබෙනවා.'
|
පසුගිය දශකයේ දී ලන්සාගේ නිවසේ තිබූ ලියාපදිංචි නොකළ වාහනයක් ගැන සෙවීමට ගිය එස්ටීඑෆ් භටයන්ට හසුවූයේ වාහනයක් නොව දැවැන්ත කුඩු තොගයකි. ඒ සමගම නිවස වටලා මොහුව අත් අඩංගුවට ගන්නට යද්දී . එතැන සිටි තවත් දේශපාලුවෙක් මේ බව වහාම MRට හෙළි කළ කල්හී රෙදි ගැලවෙන බව දැනගත් R වහාම හෙලිකොප්ටරයක් ගෙන කොළඹ සිට මීගමුවේ පිහිටි ලන්සාගේ නිවසට ගොස් ඔහු සනසා ඒ වන විටත් වටලා තිබූ එස්ටීෆ් භටයන් බල්ලන් ගානට දමා විසිරුවා හැරියේ ය. LEN
| 68
|
POSITIVE
|
ncpp_train_0779
|
හරක් ලොරිය පසුපස පොලිසිය එළවද්දී
පැත්තක බයික් එකේ ගියඋපාධිධාරි අක්කා නගෝ මරුට
අනුරාධපුර-පුත්තලම ඒ-4 ප්‍රධාන මාර්ගයේ චුලන්කුලම් ප්‍රදේශයේදි එළගවයින් 18 දෙනකු පටවාගත් ලොරියක් ලූහුබඳිමින් පොලිස් පිරිසක් රථයකින් එද්දී නොනවත්වා ධාවනයවූ එම ලොරිය ඉදිරියෙන් පැමිණි කැබ් රථයක සහ යතුරු පැදියක වැදීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණියන් දෙදෙනකු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.
උදේ 8 ට පමණ සිදුවු මෙම අනතුරින්
මරණයට පත්වු තරුණියන් දෙදෙනා එකම පවුලේ අක්කා නගෝ දෙදෙනකු වූ අතර දෙදෙනාම උපාධිධාරිනියන් විය. මේ අයගෙන් එක්කෙනෙකු එම ස්ථානයේදීමත් අනෙක් තැනැත්තිය රෝහලේදීත් මිය ගොස් තිබුණි.
ජයනී ස්වේතා ජයකොඩි (32) සහ සමාධි නවෝද්‍යා ජයකොඩි (29) යන මෙම අක්ක නගෝ දෙදෙනා
නොච්චියාගම ගාලදිවුල්වැව පදිංචිව සිටි අයයි. ජයනී ගිණුම් ලිපිකාරිනියක ලෙසත් සමාධී ගුරුවරියක ලෙසත් සේවය කළ අතර දෙදෙනාම අවිවාහකයින් විය.
ඔවුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සඳහා අනුරාධපුර නගරය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
හොර වැඩක් කර පොලිසියට බියෙන් පළායද්දී අපරීක්ෂාකාරී රථ ධාවනය නිසා සිදුවූ මෙම
අනතුර දැක ආවේගශීලී වූ ප්‍රදේශවාසීන් පිරිසක් ලොරියේ රියදුරාට පහරදී පෙරළුණු ලොරියවද ගිනි තැබීමට උත්සාහ දැරූ බවද වාර්තා විය. පොලිසිය මැදිහත්වී තත්වය සමනය කර තිබේ.
ලොරිය පෙරළුණු අවස්ථාවේ එහි සිටි ගවයින් පිටතට පැන හිස් ලූ ලූ අත දිවගොස් තිබේ. අනතුරින් ලොරියටද දැඩි හානි සිදුවිය.
ලොරිය පසුපස පන්නා ගෙන ආ පොලීස් රථය අනතුරින් තුවාල වූවන් රෝහල් කරා ගෙනයාමට උදව් නොකර වහාම ආපසු හරවාගෙන අනුරාධපුරය දෙසටයාම ගැනද අවට සිටි අයගේ අප්‍රසාදය පළවිය. මුලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලයේ සිට වැලිසරට මස් පිණිස මැරීම සඳහා එළගවයින් 18 දෙනෙකු ලොරියේ ප්‍රවාහනය කර ඇත්තේ ඒ සඳහා බලපත්‍රයක්ද ලබාගෙන බවකි. නමුත් පොලිස් අණ නොතකා ඔවුන් දිගටම ධාවනය කිරීම ගැටලු සහගත විය.
අනතුර සිදුවු අවස්ථාවේ ලුහුබැඳි පොලිස් නිලධාරීන් දෙදෙනා ක්‍රියාකර තිබෙන ආකාරය ගැන පරීක්‍ෂණයක් සිදු කිරීමටද නියමිතය.
pix courtesy -lankadeepa
|
මොන දේ උනත් කිසිම රියදුරකුට විරුද්දව නීතිය අතට ගන්න මහජනයාට අයිතියක් නැ. සමහර විට අවෙගයට සම හර අය කියනව ගහල මරන්න ඔන කියල. එත් තමන් අතින් අනතුරක් උනාම හැමොම් අසරන වෙනව. මන් දන්න තරමින් කෞරුත් හිතල හප්පන්නෙ නැ. නීතිය දඩ මුදල් ආකල්ප වෙනස් කල යුත්තෙ
| -27
|
NEGATIVE
|
ncpp_train_0780
|
මෙරට සියලුම පාසල්වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේදී රටේ ජනවාර්ගික අනුපාතයට අනුව ශිෂ්‍යශිෂ්‍යාවන් බඳවා ගතයුතු යැයි පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.
එය කොමිෂන් සභා වාර්තාවේ 489 පිටුවේ සඳහන්ය.එසේම රටේ සියලු පාසල් බෞද්ධ හින්දු-ක්‍රිස්තියානි ඉස්ලාම් ආදී ආගමික බෙදීම්වලින් නිදහස් කළ යුතු බවදසඳහන්ය. සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යනුවෙන් නව විෂයක්හඳුන්වා දිය යුතු අතර එහිදී බුද්ධාගම ක්‍රිස්තියානි ආගම, හින්දු සහ ඉස්ලාම් ආගම්වල මූලික කරුණු 1ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා අනිවාර්ය පදනමක් මත ඉගැන්විය යුතු යැයිද විශේෂයෙන් නිර්දේශකර තිබේ.
|
ඉහත පාසල් වල කතෝලික ක්‍රිස්තියානි ළමයි විතරක් ඉගන ගත්තා කියලා එයාලා අනික් මිනිස්සු මරාගෙන මැරෙන්න ගියේ නැහැනේ ආනන්ද නාලන්ද බෞද්ධ ළමයි ගිය කියලා ඔවුන් අනික් අයව මැරෙන්න ගියේ නැහැනේ මතක තරමින් ඉබ්‍රාහිම් ළමයි ඉගන ගෙන තිබුණේ බොරැල්ලේ බෞද්ධ පාසැලක ඉතින් වරද තියන්නේ පාසැලේ නෙමෙයි , ගෙදර , දහම් පාසැල මේවාට බලපානවා ගෙදර ළමයි 7 ,8 ඉන්න කොට අවධානය අඩුවෙනවා ළමයි නොමගට යොමු වෙනවා
| 14
|
POSITIVE
|
ncpp_train_0781
|
අනුරාධපුර කුරුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ගොවියකුගේ මරණයෙන් පසුව පැවැති බණ පින්කමට වැඩම කළ හිමි නමකට ගමේ පන්සලේ පදිංචි හිමි නමක් සහ මැර පිරිසක් පහර දී ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ හිමිනම ගැටුම බේරීමට ගිය කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ද මැර පිරිසගේ පහර කෑමට ලක්ව කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.මීට සතියකට පමණ පෙර කුරුලුගමේ පදිංචි චමින්ද ප්‍රියන්ත නමැති ගොවි මහතකු පොළඟකු දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇති අතර ඔහුගේ අවමගුලේ ආගමික වතාවත් කිරීම ගමේ පන්සල ප්‍රතික්ෂේප කර ඇතැයි කියති. චමින්දගේ නිවසින් ගමේ පන්සලට දන් වේල් පහක් අතපසු කර ඇති නිසා මළගෙදර පින්කම්වලට පැමිණිය නොහැකි බවත් ඊට හිලව් වශයෙන් රුපියල් 45,000ක් දෙන්නේ නම් බණට වැඩම කළ හැකි බවත් ගමේ පන්සලේ නාහිමියන් තමන්ට දැන් වූ බවත් චමින්දගේ ඥාතීන් කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරියෙක් පැවසීය. ඉන්පසුව අවට පන්සල් කීපයකටම ආරාධනා කළ ද කිසිදු හිමිනමක් නොපැමිණි නිසා වාහල්කඩ ඉස්සන්වැව, ඉසිගිලිකන්ද නිකසල ආරණ්‍යයේ වැඩවසන පදවියේ විජිත බුද්ධි හිමියන්ට ආරාධනා කර බණට වඩම්මවා ගත් බවත් ධර්ම දේශනාකර නැවත පන්සලට යෑමට සූදානම් වූ අවස්ථාවේ උන්වහන්සේට මැර පිරිස පහර දී ඇති බවත් ඔහු කීය. පොලිසිය පැමිණිය ද මැර පිරිස පාලනය කරගත නොහැකි වූ නිසා අහසට වෙඩි තැබූ බව ද පොලිස් නිලධාරියා පැවසීය. මේ පිළිබඳව කළ විමසුමක දී පහරකෑමට ලක්වූ විජිත බුද්ධි හිමියෝ මෙසේ කීහ. “දන්වේල් 5ක් දෙන්න බැරි වුණා කියලා කුරුලුගම ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුළු දායක සභාව රුපියල් හතළිස් පන්දහසක් මේ අයගෙන් ඉල්ලලා තියෙන බව මම දැනගත්තේ පස්සේ. මැර පිරිස පහර දීපු හින්දා මගේ ඇගපත ඔක්කොම රිදෙනවා. මාත් එක්ක පොලිස් නිලධාරී මහත්තුරු දෙන්නෙකුත් රෝහලේ නතර වෙලා ඉන්නවා. කුරුලුගම ගමේ විහාරස්ථානයේ නායක තරුණ හාමුදුරුවන් එක්ක ආපු පිරිස හොඳටම බීමත්ව හිටියේ. මම හෘදයබාධ, වකුගඩු, රුධිර පීඩන රෝගියෙක්. කැබිතිගොල්ලෑවේ පොලිසිය නොසිටින්න අද මගේ ජීවිතය කුරුලුගම ගමේදීම ඉවරයි '' යැයි ද පැවසූහ.මෙම සිදු වීමෙන් පසුව රෝහල් ගතවී සිටින කුරුලුගම රජමහා විහාරාධිපති රංජිරාවේ සුගතවංශ හිමියන්ගෙන් කළ විමසීමක දී මාධ්‍යයට තොරතුරු දීමට නොහැකි බව පැවසූහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් කරන බව කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය පවසයි. කැබිතිගොල්ලෑව හේමන්ත
|
දන් වේලක් 9,000 කියන්නෙ මුන් කන්නෙ බස්මතී එහෙම වෙන්නැති නේ?
| 28
|
POSITIVE
|
ncpp_train_0782
|
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළහ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 84ක් සහ ලිටන් දාස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.මෙහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 67ක් රැස් කළේය
|
රට ගැන වගේ වගක් නැති කැපවීමක් අහලවත් නැති හරක් ටිකක් නඩත්තු කරනවා වෙනුවට ඒ මුදල් රට ගැන කැපවීමෙන් සෙල්ලම් කරන අනෙකුත් ක්‍රිඩකයින්ට ලබා දිය යුතුය. මලල ක්‍රිඩා වැනි. ක්‍රිකට් කියන්නෙ තනිකර සූදුවක් වංචාවක් වහාම ලංකාවේ ක්‍රිකට් තහනම් කල යුතුමයි.ඒක තමා ක්‍රිකට් වලට කල හැකි හොදම දේ.නැතුව මේ සල්ලි ගරන සූදුව නවතින්නෑමයි
| 16
|
POSITIVE
|
ncpp_train_0783
|
අනුරාධපුර පැරණි පුජා නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයක් ආසන්නයෙන් පිහිටි අතුරු මාර්ගයකින් දහවල් සහ රාත‍්‍රී කාලයේ මීට මාස කිහිපයකට ඉහතදී මියගිය තරුණියකගේ රුවක් හදිසියේ දිස්වී අතරුදන්වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුම බියට හා ත‍්‍රාසයට පත්වීමේ
සංසිද්ධියක් ගැන වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණිය ඇයගේ උවමනාවමත සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණකර ඇති අතර ඊට සති කිහිපයකට පසුව එම ප‍්‍රදේශයේ පදිංචි මැදිවයසේ අයෙකුට මුලින්ම ඇයගේ රුව හමුවී තිබේ.
සුදු ඇදුමකින් සැරසුනු මෙම තරුණිය පුද්ගලයා සමග මීටර් කිහිපයක් දුර කථාබස් කරමින් ඉදිරියට යද්දී ඔහුට
එක්වරම තරුණිය මියගිය බව සිහියට නැගෙද්දී ඇය කොක් හඩලා සිනාසී අතුරුදන්ව ඇති අතර එම දර්ශනය දුටු තැනත්තා බියවී දහඩිය වගුරවමින් නිවසට ගොස් තිබේ.එම සිද්ධියෙන් අනතුරුව ඔහු දින කිහිපයක්ම රෝගාතූරව සිට ඇති අතර පසුව ඔහුට සෙත් ශාන්තියක් සිදුකිරිමෙන් අනතුරුව සුවවී තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුමත එම ප‍්‍රදේශයට ගොස් සොයා බැලිමේදී ප‍්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම පිටස්තරව පැමිණි කිහිපදෙනෙකුත් ඇයගේ රුව දිස්වීම නිසා බියට පත්වී ඇති අතර ඇය මියගිය තැනත්තියක් බව නොදැන කථාබස් කරමින් පැමිණි කිහිප දෙනෙකු පිළිබදවත් දැන ගන්නට ලැබුණි.
මියගිය තරුණියගේ රුව වැඩිවශයෙන් දිස්වී ඇත්තේ මධ්‍යහන කාලයේවීම විශේෂයක් වන අතර රාත‍්‍රී කාලයෙදි අවස්ථා කිහිපයකදී රුවදිස්වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකුම බියටපත්වී තිබේ. තවත් අවස්ථා කිහිපයකදීම ඇයගේ සම්පූර්ණ රුව අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන්නන්ට දැකගැණිමට හැකිවී ඇති අතර රාත‍්‍රී කාලයේ පිටස්තරන් පැමිණි අයෙකු සුදු ගවුමකින් සැරසුණු ශරිර උඩුකයක් පාවී යන අයුරු දැක තිබේ.
මාර්ගයේදී අනපේක්ෂිත ලෙස දිස්වන තරුණ කාන්තා රුව හේතුවෙන් බොහෝ පිරිසක් බියවී තැති ගැන්මට ලක්වී ඇතත් එම සිද්ධිය පිළිබදව එකිනේකා ලැජ්ජාව හේතුවෙන් රහස් රකින බව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් පැවසුවේය. එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ මධ්‍යාහන කාලයේ ගමන් බිමන් යෑම අඩුකර තිබෙන බවත් තමන්ද එම අමනුෂ්‍ය රුවට බියවූ බව ඔහු පැසුවේය.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
|
ahnam aikai wilatiynna
| 1
|
POSITIVE
|
ncpp_train_0784
|
කොළඹ - බේරේ වැව පවිත්‍ර කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම නොමිලේ භාර ගැනීමට ජපන් සමාගමක් ඉදිරිපත් වී ඇත.
පසුගිය සතියේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු විය.ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව සිදු විය.ඩොලර් මිලියන 3 ක ව්‍යාපෘතියක් වන මෙය මාස හයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරේ.
|
ජපානයට තේරිලා තියනවා බේරේ වැව ජරා ජීර්ණ වෙලා තියන්නේ අර මයිනා ගේ හැතිකරේ ඕකට දැම්මට පස්සේ කියල. දරුණුම දේශගුණික විපර්යාසය සිද්ද උනේ පහු ගිය කාලේ 09 වෙනිදා දවසක නේ. එක හින්ද 09 වෙනිදාවක ම පටන් ගන්නවානම් හොඳා ජපන් මල්ලි.
| 53
|
POSITIVE
|
ncpp_train_0785
|
17 වැනි සියවසේ දී මෙරටින් වඳ වී ගොස් ඇති ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව ඉන්දීය ජනමාධ්‍ය අනාවරණය කරයි.‘හින්දුස්ථාන් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ගවරා (Gaur) නමැති මෙම ගව විශේෂයේ සත්ත්වයන් හය දෙනකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකා පාර්ශ්ව විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ක්‍රියාකාරි කමිටුවක් මෙම සත්ත්වයන් නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් පත් කිරීමට ද ශ්‍රී ලංකාව යෝජනා කර තිබේ.බොස් ගවුසර් (bos gaurus) නම් විද්‍යාත්මක නාමය ඇති ගවරා (Gaur) යනු ලොව විශාලතම ගව විශේෂයකි. 1986 වසරේ සිට සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) විසින් මෙම සත්ත්වයා ‘වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇත.වසර 30000කට පමණ පෙර සිට ශ්‍රී ලංකාවේ ගවරා ව්‍යාප්තව සිට ඇතැයි සැලකේ. ගවරා මෙරට අවසන් වරට වාර්තා වී ඇත්තේ 17 වැනි සියවසේ අගභාගයේ මහනුවර දෙවැනි රාජසිංහ රජුගේ සත්ත්ව ගාලෙනි. (නයන තරංග ගමගේ)
|
ලොවන පෝලා දුවගෙන එයි මොකාට තිබ්බත් උගෙ ජොබ් එක දන්නවනේ. සින්හයා ගොදුරක් ඇල්ලුවාම හිවලා දුවගෙන එනවා වගේ වටෙන්.
| 3
|
POSITIVE
|
ncpp_train_0786
|
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යෑම
සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (28)
අවසර ලබා දුන්නේය.
යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන කියා පාසල් කාලයේ සිට දක්ෂ ක්‍රීඩකයකු වන යෝෂිතගේ දණහිසටත් වළලුකරටත් හානි සිදුව ඇති බැවින් මේ වන විට එම රෝගී තත්ත්වය උග්‍රව ඇති බවයි.ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පවත්වන
ක්‍රීඩා වෛද්‍ය සායනයට යොමු වූ පසු විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු ඔහුගේ රෝග තත්ව සනාථ කර ඇති බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය එකී ඉල්ලීමට විරුද්ධ වෙමින් ප්‍රකාශ කර
සිටියේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සැකකරු සම්බන්ධයෙන් ඇති නඩුවට අදාළ විමර්ශන සඳහා
ඔහුගේ සහාය ලැබි නොමැති බවත් ඔහු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතේ තවත්
විමර්ශනයන් පවතින බවත්ය. මෙම ආබාධය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබා ගැනීමට ඇති
නොහැකියාව සම්බන්ධයෙන් කරුණු දක්වා නොමැති බවයි.
ව්‍යවස්ථාවෙන් වරදකරුවකු කරන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයකු වන නිසා මොහුගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම නිර්දේශ කළ හැකි බව මහාධිකරණ විනිසුරු තීරණය කර ඇත.
|
මෙන්න කැට. එයා එහේට යනකොටම රැසියාවෙ හිටපු වීරතුංගත් ඒවි. එතකොට තමා පොලී සල්ලි එකතු කරගන්න පුලුවන් වෙන්නෙ.
| 2
|
POSITIVE
|
ncpp_train_0787
|
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා අධිකරණ තීන්දුවකින් රටේ බංකොලොත්භාවයට වගකිව යුතු අයෙකු ලෙස නම් කරනු ලැබිණි.මේ ගැන ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොතිබූ අතර ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය‘ යනුවෙන් ලිපියක් අද දින මාධය වෙත යොමු කරමින් “ආර්ථික අර්බුදය තමාගේ නිර්මාණයක් නොවේ“ යන්න අවධාරණය කරමින් වෙනත් කරුණු පැහැදිලි කර තිබේ.එම ලිපිය පහතින්
|
මුංගෙ උපදේශකයින්ටත් පුලුවන් රටට කෙලවෙනකන් ඉඳල නොම්බර දාල "අපි දන්නෑ අපි බබා" කියන්න ප්‍රකාශ හදන එක විතරයි. දෙපාරක් ජනාදිපති වෙලා, දෙපාරක් අගමැති වෙලා, පරම්පරාවක් ම පාර්ලිමේන්තුවෙ ඉඳල, "මම නෙමෙයි" කියන්න ලැජ්ජාව නැති කමම ඇති මුන් කව්ද කියන්න තේරුම් ගන්න!
| 162
|
POSITIVE
|
ncpp_train_0788
|
වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇති විය.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාව දැනුවත් කළ අතර ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව මෙය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට හා වෙනත් විවිධ හේතු සඳහා බවයි.
කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව නිවේදනය කර තිබේ.
ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මෙරට ජාතික මට්ටමේ ප්රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රීයාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණ බව දන්වා ඇත.
කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්රියාත්මක වන SLS 731 ප්රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා.
ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්රව්ය මිශ්ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා.
ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්රව්ය කිරිපිටිවලට මිශ්ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි.
“එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.”
නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා.
“ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ක්රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා.
ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්ය අමාත්යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි.
නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
|
නිව්සිලනඩ් වැස්සියකට දාවද තෝ හම්බඋනේ
| 8
|
POSITIVE
|
ncpp_train_0789
|
අවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යෑමට නොදීමේ සිද්ධියක් මුල් කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරියට හා නැන්දණියට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය ඊයේ (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමූ බව පීඨාධිපති මහාචාරිය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.
සිසුන්ගෙන් පහර කෑමට ලක් වූ බව කියන උප ශාලාධිපති කුසල් ගුණවර්ධන, එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ කථිකාචාර්යවරියක වන ඔහුගේ බිරිය හා නැන්දනිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. පහර දීමට සම්බන්ධ සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කඹුරුපිටිය පොලීසිය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය කඹුරුපිටිය ගඋදාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එහි දුර බැහැර තත්වය සැලකිල්ලට ගෙන සිසු සිසුවියන් 800 කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබේ. සිසුවියන්ට අත්‍යාවශ්‍ය හෝ අසනීප තත්වයකට හැර රාත්‍රි 8.00 න් පසුව ද සිසුන්ට රාත්‍රි 9.00 න් පසුවද නේවාසිකාගාර වලින් පිටතට යාම තහනම් කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් සිසුන් පිරිසක් පිරිමි නේවාසිකාගාරයෙන් පෙරේදා (16) රාත්‍රී 10.30 ට පසු පිටතට යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් එය දැක නතර කර ඇති බවත් ඉන් අනතුරුව එම සිසුන් පිරිස ඉහළ මහලට දුව ගොස් අනෙකුත් සිසුන් සමග එක් වී ඝෝෂාකාරී ලෙස හැසිරී ඇති බවත් පිඨාධිපති ජයසිංහ මහතා කීවේය. එම ඝෝෂාව ඇසී උප පාලකවරයා එම ස්ථානයට පැමිණ ඇති බවද එවිට සිසුන් නේවාසිකාගාරයට විදුලිය සැපයෙන ප්‍රධාන ස්වීචය විසන්ධි කර ඔහුට පහර දීමට උත්සාහ කර ඇති බවද හෙතෙම කීවේය. නේවාසිකාගාර උප පාලකවරයා සිසුන්ගේ ග්‍රහණයෙන් මිදී තම නිල නිවෙසට දුවගෙන ගිය අවස්ථාවේ දී කලහකාරී සිසුන් පිරිසක් ඔහු පසුපස ලුහු බැඳ ගොස් පහර දී ඇතැයිද ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බිරියට හා නැන්දනියට ද පහර දී ඇතැයි ද ජයසිංහ මහතා සඳහන් කළේය.ඇති වූ කලබලකාරී වාතාවරණය සමථයට පත්වන තුරු සිසු සිසුවියන්ගේ ආරක්ෂාව ගැන සිතා රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ උපදෙස් මත පීඨ මණ්ඩලය රැස් වී තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පීඨාධිපතිවරයා කීවේය. මේ පිළිබඳව තාක්ෂණ පීඨයේ සිසුන්ගේ පාර්ශ්වයෙන් විමසීමට දැරූ උත්සාහය අසාර්ථක විය.ක්‍රිෂාන් ජීවක ජයරුක්
|
ළමුන්ට දැනුම නොව අධ්‍යාපනය පළමුව දීම වැදගත්ය. එහෙත් වත්මන් තරඟකාරී අධ්‍යාපනය දැනුම පමණක් හඹා යන්නකි. අවසානයේ දරුවන් ජීවත් වීමට හෝ ප්‍රශ්න විසඳීමට නොදනී.
| 3
|
POSITIVE
|
ncpp_train_0790
|
දැරණියගල සොර සැමියා සමග ඝාතනය වූ කාන්තාව
යන යනතැන පිරිමි - විවාහ දෙකක දරුවො 5යිඝාතන සිදුකළ සැමියාගෙ මල්ලීත් අනියම් පෙම්වතෙක්
සැමියා නිවසේ නැති දිනයන්හි විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කරමින් අසම්මත ජීවිතයක් ගත කරමින් සිටියදී සොර සැමියන් අතර ආරවුලකින් මරණයට පත්වූ දැරුණියගල ප්‍රදේශයේ කාන්තාව සම්බන්ධ සිද්ධියට අදාළව මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.
මෙම සිදුවීම නිසා අදාළ කාන්තාව සොර සැමියෙකු සමග මරාදමා තිබුණ අතර 4 හා 7 වයස්වල පසුවූ කාන්තාවගේ දැරියන් දෙදෙනා තුවාල ලබා තිබුණි.
කාන්ති හේමලතා (32) නමැති මියගිය කාන්තාව මින් ඉහත විවාහයකින් දරු තිදෙනකු සිටින තැනැත්තියක බවත් එම සැමියා සහ දරු තිදෙනා අතහැර මීට වසර 10කට පමණ පෙර
දැනට ජීවිත් වූ පුද්ගලයා සමඟ දැරණිගලට පැමිණි පසු මේ දරුවන් දෙදෙනා බිහි කළ බවත් වාර්තා වේ.
අධික කාමශක්ත කාන්තාවක බව පැවසෙන ඇය දරුවන් නිවසේ සිටියදී ඔවුන් දැනුවත්ව පරපුරුෂයින් සමග අනියම් සබඳතා පැවැත්වීම නිසා මින් පෙර විවාහයද කටුගාගෙන තිබෙන අතර දරු තිදෙනා පුරුෂයා භාරගෙන ඇයව නිවසින් එළවා දමා ඇත. නමුත් ඇය එම කටයුතු දිගටම කරගෙන ගිය බව වාර්තාවේ. ඇගේ ලියාපදිංචි විවාහයන් ඇත්තේ එකකි.
ඇය වත්මන් ස්වාමි පුරුෂයා සමග නීතියෙන් විවාහ වී සිට නැත. කලින් කලට විවිධ තැන්වලදී හමුවන අය සමග
අවස්ථාව ලද සැණින් වරදේ බැඳෙන සුළු තැනැත්තියකවූ ඇය පසුගිය කාලයේ පිරිමින් රැසක් සමග මේ ආකාර සබඳතා පවත්වා ඇත.
මෙම ඝාතන සිද්ධියේදී මියගිය අනියම් පුරුෂයා මරාදමන ලද්දේ ඇය සමග අනියම් ඇසුරක් පැවැත්වූ වර්තමාන සැමියාගේ බාල සහෝදරයා වීමද විශේෂත්වයකි.
ස්වාමි පුරුෂයාට ඈත පළාතක රැකියාවක් ලැබුණ පසු ඔහු සතියකට වරක් සතිඅන්තයේ පමණක් නිවසට ඒම පුරුද්දක් කරගත් පසු මීට වසර එකහමාරක පමණ සිට මේ කියන 27 හැවිරිදි බාල සොයුරා සමග 32 හැවිරිදි ඇය අනියම් ඇසුරට පෙළඹී ඇත.
බාප්පා නිතර නිවසට යාම ඒම දැරියන්ගේ සැකයට හේතුවන තරම් නොවන ආකාරයට මෙම ඇසුර පවත්වා යාමට ඔවුන් වගබලාගෙන ඇත. මේ අතර කාලයේ බාල සොයුරාටද රැකියාවක් ලැබුනෙන් ඇයව බලන්නට ඔහුට එන්නට නිවාඩු හිඟයක් මතුවූ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල රැකියා ස්ථානයේ නිවාඩු දමා දවල් කාලයේ ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ ඇත.
සැමියාගේ බාල සොයුරාගේ ඇසුර කෙමෙන් ඈත්වන කාලයේ මීට මාස තුනකට පමණ පෙර සමූපකාරයෙදී හමුවූ 50 හැවිරිදි අංකල් ඇගේ අසුරට අලුතින් එක්වී තිබේ. ඔහු කතාකරකර ඉඳ යන්නට මුල් කාලයේ නිවසට ගෙන්වා ගත් ඇය දැරියන්ටද සමූපකාරෙ අංකල් කියා හඳුන්වාදී ඇත.
කලින් කලට අම්මාට හමුවන අලුත් යාළුවන් ගැන දැරියන්ට අරුමයක් තිබී නැත.
අයියාටත් මල්ලීටත් පමණක් හිමි භුක්තිය පිට අයෙකු හිමිකරගෙන තිබෙන බව මල්ලීට ඉව වැටීම මෙම ඝාතන සිද්ධියට මුලයි.
ඒ ගැන කාන්තාවගෙන් ඇසූවත් ඇය එම කතාව ප්‍රතික්ෂේප කර තිබේ.
සමූපකාරෙ අංකල් සිටින වේලාවක් දැනගෙන තරුණ මල්ලී සිද්ධිය වූ දා නිවසට පැමිණ ඇත්තේ හොරේ අල්ලන්නටය.
ඔහු එදින නිවසට එනවිට දැරියන් දෙදෙනා සෙල්ලම් කරමින් මිදුලේ සිට ඇති අතර ඔහු එක්වරම ඔවුන් මගහැර නිවසේ නිදන කාමරය දෙසට දිවගොස් තිබේ. දොර අගුළුලා තිබූ බැවින් එය ඇරගන්නට උත්සාහ කරද්දී ඇතුලේ සිටි අංකල් සහ කාන්තාව එළියට ඇවිත් තිබේ.
අනියම් ඇසුර අතටම හසුවූ බැවින් කෝපයට පත් තරුණයා කාන්තාවට දොස් පවරා ඇති අතර ‘මං කාව ගෙදට්ට ගෙන්නගත්තම ඔයාට මොකද?‘ යන ඇගේ පැනය හමුවේ කෝපය ඉහවහාගිය තරුණයා නිවසේ කුස්සියට දිවගොස් වක් පිහියක් ගෙනවිත් ඇයට කොටා අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
එම අවස්ථාවේ සමූපකාර අංකල් පළාගොස් ඇති අතර මොහු ඔහු පසුපස පන්නා ඇත.
එසේ දිව යද්දී ඇතිවූ කලබලය නිසා බියට පත් දැරියන් බාප්පාට කෑගසමින් ඔහු වළකන්නට පැන තිබෙන අතර එම අවස්ථාවේ මොහු ඔවුන් ඉවතට ඇද දමා ඇත්තේ පිහියෙනි. එයින් දැරියන් තුවාල ලබා ඇත. පසුව ටික දුරක් අංකල් පසුපස එළවා ගිය තරුණයා ඔහුවද කොටා ඝාතනය කර ඇත. අංකල්ගේ මළ සිරුර නිවසේ සිට මීටර 60 ක පමණ එපිටින් පසුව හමුවිය.
ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරු පළාගොස් තිබුණ අතර ඊයේ (27) අලුයම මාලිබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධ මුල් වාර්තාව මෙතනින්
|
මටනන් තේරෙන විදිහට ඔක්කොම හොඳට විසඳිලා තියනවා. අර ළමයි දෙන්නා තුවාල උන්නැත්තන් කතාව සර්ව සම්පුර්නයි
| 291
|
POSITIVE
|
ncpp_train_0791
|
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ. කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි
ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඇය කොරෝනා ආසාදනය සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ ජනපති විවේචනය කළ අයෙකුට එරෙහිව කථාකරමින් සිටින අතරවාරයේ කුවේට් රජා ගැනද බැණවදින අතර බැලුබැල්මට ඇය කුවේටයේ ස්ථිර පදිංචිකාරියක බව හඳුනාගන්නට ලැබේ.
කුවේටයේ නීතිරීති අනුව ඇය වසර 5 ක සිර දඩුවමකට යටත් විය හැකි බවට වාර්තා පළව තිබේ.
ඇය බැණවැදුණ ආකාරය වීඩියෝව පහතින්
|
විවේචනය කරන වැදගත් විදිය නොදැන කරන විවේචන තමන්ට පාරාවලල්ලක් වනු ඇත....
| 42
|
POSITIVE
|
ncpp_train_0792
|
April29
11.40pm
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවත් ආසාදිතයන් 19ක් හඳුනා ගැනීමත් සමග බදාදා හඳූනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 30කි.
09.00pm
තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 630 දක්වා ඉහළගොස් තිබෙනවා.
08.15pm
තවත් ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළගොස් තිබෙනවා.
02.05pm
අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 622 ක් වනවා.
April28
10.20pm
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28
පස්වරු 10 වන විට 619ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය
පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව දිනය තුළ
නව ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
8.35pm
අද දිනයේ තවත් රෝගීන් 12 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 611 ක් වනවා.
7.55pm
අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 599 ක් වනවා.
5.30pm
අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 596 ක් වනවා.
2.00pm
තවත් රෝගින් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති Covid 19 රෝගීන් සංඛ්‍යාව 592 ක් වනවා.
April27
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. ඒ අනුව අද දින පුද්ගලයින් 65 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.
9.55pm
ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දින පුද්ගලයින් 61 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.
8.55pm
තවත් රෝගියෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 582ක් වනවා.
8.00pm
තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 581ක් වනවා.
6.35pm
තවත් රෝගීන් 4ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 571ක් වනවා.
5.15pm
තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 567ක් වනවා. අද දින සියලු වාර්තාවීම් නාවික හමුදාවේ අය වන අතර මේ වනවිට නාවික හමුදාවේ පමණක් 180 ක් කොරෝනා ආසාදිතයින් වී ඇත.
2.45pm
තවත් ආසාදිතයින් 34ක් අද දිනයේ වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
12.45am
තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා
ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය
පවසනවා. මේ අනුව 26 ඉරිදා දිනය තුළ පමණක්
වාර්තා වූ රෝගීන් ගණන 63ක් වනවා. මෙය
මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වනවා.
April26
10.13pm
තවත් රෝගීන් 6 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 505ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 45 කි. මුල්වරට 500 සීමාව ඉක්මවා ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් විය.
10.00pm
තවත් රෝගීන් 14ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 499ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 39 කි.
8.45pm
තවත් රෝගීන් 08ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 485ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 25 කි.
7.00pm
තවත් රෝගීන් 06ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 477ක් වනවා.
4.20pm
අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 471 ක් වනවා.
2.20pm
අද දිනයේ තවත් රෝගීන් 05 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 467 ක් වනවා.
12.10pm
අද දිනයේ තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 462 ක් වනවා.
7.15am
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් ඊයේ දින රාත්‍රී කාලයේදී වාර්තාවී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් වන අතර ඊයේ දිනයේදී පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ.
April25
10.15pm
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 452 කි.
9.20pm
තවත් ආසාදිත 9 එකතුවී ඇති අතර මුළු එකතුව 449 කි.
7.40pm
තවත් ආසාදිත5 එකතුවී ඇති අතර මුළු එකතුව 440 කි.
6.30pm
තවත් ආසාදිත 2 එකතුවී ඇති අතර මුළු එකතුව 435 කි.
6.15pm
අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 13 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා. මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි අයයි.
11.10am
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 420 කි.
April24
11.10pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 49 කි. මුළු එකතුව 417 කි.
8.25pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 48 කි. මුළු එකතුව 416 කි.
7.15pm
තවත් ආසාදිත මරදාන ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 47 කි. මුළු එකතුව 415 කි.
6.05pm
තවත් ආසාදිතයින් 5 ක් එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 46 කි. මුළු එකතුව 414 කි.
5.40pm
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව අද කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර ඒ අනුව මුළු ආසාදිත එකතුව 409 දක්වා ඉහළ ගොස් ඇත.
5.20pm
තවත් 06 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග බණ්ඩාරනායක මාවතෙන් අද හමුවූ 11 දෙනා නිසා ආසාදිතයින් එකතුව 379 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.
11.35am
තවත් 05 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 373 දක්වා ඉහළ ගොස් තිබේ.
April23
10.05pm
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළුන් දෙන්නාට අමතරව තව 28 දෙනෙකු එකවර වාර්තාවීම සමග අද දිනයේ 38 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 368 දක්වා ඉහළ ගොස් තිබේ.
9.05pm
තවත් 03 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 10 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 340 දක්වා ඉහළ ගොස් තිබේ.
7.45pm
තවත් 02 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 07 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 337 දක්වා ඉහළ ගොස් තිබේ.
5.30pm
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් හමුවී ඇති අතර රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇත.
02.00pm
කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත.
ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
April22
11.50pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 330දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් රෝගීන් 02 ක් වාර්තාවීමත් සමඟිනි.ඒ අනුව අද දිනයේදී රෝගීන් 20 ක් හමුවී තිබේ.
11.20pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 5 ක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 18ක් හමුවී තිබේ. දැන් එකතුව 328 කි
7.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 13ක් හමුවී තිබේ. දැන් එකතුව 323 කි
මොහු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හමුවූ ජාඇල සුදුවැල්ල පදිංචිකරුවෙකු බව වාර්තාවේ.
5.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ. ආසාදනය වූ පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
2.00pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 11 ක් වාර්තාවී ඇත.හඳුනාගත් 11 දෙනාම බේරුවල ප්‍රදේශයේ අය බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී පරීක්ෂණ ධනාත්මකවූ බවද දන්වා ඇත.
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන්
යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා
මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ
මහත්මිය පැවසුවාය.
පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිසට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
April21
6.00pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයකු වරකාපොළින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 310 කි.
(මෙම ආසාදිතයා මුලින් රත්නපුර අයකු ලෙස වාර්තා කර තිබුන අතර එය ප්‍රමාද දෝෂයක් ලෙස පසුව නිවේදනය විය)
11.30am
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයින් 5ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 309 කි.
|
ශ්‍රී ලංකාව යනු කොරෝන ඉතා අඩුම අවදානමක් තිබුන රටකි
| 12
|
POSITIVE
|
ncpp_train_0793
|
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පිටිය තුළදී සහය ලබාදෙන්නෙකු ලෙස ජාත්‍යන්තර විචාරකයින්ගේ පවා අවධානය දිනාගත් පර්සි අබේසේකර මහතා කාලයක් තිස්සේ පැවති රෝගාබාධ වලින් පසු අද දින ජීවිතය හැර ගියේය. මියයන විට ඔහුගේ වයස 87 ක් විය.1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ පුද්ගලයකු විය. ඔල්වරසන් දෙමින් ජාතික ධජය ඔසවා ක්‍රීඩකයින්ට ගෞරව පුදකරමින් පිටිය පුරා සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ශක්තියක් සැපයූ ඔහු කන්ඩායම ගැන ප්‍රේක්ෂකයින්ට ධනාත්මක ආකල්පයක් මතුකරන්නටද දායක වූයේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වන්නා ලෙස දීර්ඝ කාලයක් රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කර රෝගාතුරව සිටි පර්සි අබේසේකර මහතාට මීට මසකට පමණ පෙර ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ද පිරිනමා තිබුණි.
|
බලපන් සනත් මහේල අර්ජුන වාස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝ අද percy ගැන කියල තියෙන දේවල්, ඔහු මොන තරම් සේවයක් ක්‍රිකට් වෙනුවෙන් කරලා තියෙනවද කියල. උඹ මැටි මෝල්.
| -1
|
NEGATIVE
|
ncpp_train_0794
|
රජයේ අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටලවලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඊයේ (28දා)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
අද දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
|
2500 කලා පෙන්නපන්
| 30
|
POSITIVE
|
ncpp_train_0795
|
ලූතිනන් කර්නල් බිරියගේ කුසටවෙඩි තබා ඇත්තේ
දික්කසාද වන්දිය වැඩි නිසාලූ
පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ
මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය.
එහිදී ඔහු එවැන්නක් නොකළ බව කියා තිබුණ නමුත් ඔහුගේ රියදුරු හා සහායකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී
මෙම වෙඩි තැබීම අදාළ ලූතිනන් කර්නල්වරයා විසින්ම කර ඇති බවත් පසුව පිස්තෝලය ඔයකට විසිකර තිබුණ බවත් දැන් අනාවරණයවී තිබේ.
ඒ අනුව අතුරුගිරිය පොලිසිය සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝ්ලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප‍්‍රනාන්දු මහත්මිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටියි.
නයනා ප‍්‍රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර ඒ නිසා දික්කසාද නඩුවක් ගොනුකර එය ලබන සතියේ විභාගවීම ආරම්භ වන්නට නියමිතව තිබී ඇත. එම නඩුව සමග සැමියාගෙන් වෙන්වීම නිසා පවුලේ නඩත්තුව වෙනුවෙන් ඇය විශාල වන්දි මුදලක් ඉල්ලන්නට සැලසුම් කර තිබී ඇත. හමුදා ලූතිනන් කර්නල්වරයාගේ වැටුප හා වත්කම් විස්තර අනුව ඔහු විසින් විශාල වන්දියක් ගෙවන්නට ඉදිරියේදී සිද්ධවීම නිසා ඔහු එම ඉල්ලීමට අකමැත්ත පළකර තිබී ඇති අතර ඇය නඩුව ගොනු කරන්නට පෙර ඒ ගැන දෙදෙනා අතර නැවත වාදභේද හටගෙන ඇත. වන්දි මුදල ගෙවන්නට සිදුවුවහොත් තමාට අනාගතයක් නැතැයි කල්පණා කළ නිසාදෝ ලූතිනන් කර්නල්වරයා ඇයට වෙඩිතබා මරාදමන්නට කල්පණා කර ඇතැයි නිරීක්ෂණය වෙයි.
කෙසේ වෙතත් ඉකුත් 27 වැනිදා රාත‍්‍රී කාලයේදී ඇය නිදාගන්නා කාමරය අසළ ජනේලයකින් කුරුමානම් අල්ලා ඇගේ කුසට වෙඩි තැබීම සිදු කළ ලූතිනන් කර්නල්වරයා හඳුනාගන්නට එම අවස්ථාවේ නිවසේ සිටි දරුවන් සමත්ව ඇති අතර ඒ සමගම ඔහු කළුවරේ පළාගොස් පැමිණි වාහනයට නැග ඇත්තේ බිරිය මළේ යයි සිතාගෙනයි.
එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ මුත් මියගියේ නැත. ඇය තවම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
වෙඩි තැබීමෙන් පසුව සිය රියදුරු හා සහායක සමග වාහනයෙන් නැවත පිටත්වූ ලූතිනන් කර්නල්වරයා පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත‍්‍රත්ව පාලම අසල නතරවී සිය අත තිබූ පිස්තෝලය එහිදී දියවන්නා ඔයට වීසි කර තිබේ. මේ කාරණාව ගැන කිසිවෙකුට නොකියන ලෙසද දෙදෙනාට කියා තිබේ.
දින තුනක් තිස්සේ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලූතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත‍්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී.
සැකකාර යුද හමුදා ලූතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප‍්‍රශ්න කිරීම් වලින් පසු අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
|
අන්තිමට බල්ලෙක් වගේ හිරගෙදරට ....
| 71
|
POSITIVE
|
ncpp_train_0796
|
අය වැය විවාද සමයේ විදෙස් ගමන් නොවන ලෙසට අගමැතිවරයා දී ඇති උපදෙසට පිටුපාමින් පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පිටරට ගොස් ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (25) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2
යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
“ඇමැතිතුමා අද ලංකාවට එනවා.... සඳුදා ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දේවි යැයි සභානායකවරයා ප්‍රකාශ කරද්දී අනුර දිසානායක මහතා “ මේ දවස්වල පිටරට යන්න එපා කියලා අගමැතිතුමා උපදෙස් දී තියෙනවා නේද” යැයි විමසීිය.
“රට යන්න එපා කියලා අගමැතිතුමා කියලා තියෙනවා. යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
“එතකොට ඇමැති ගිහින් තියෙන්නේ ඒ උපදෙස් නොතකාදැයි දිසානායක මහතා විමසුවේය. ඒ කාර්යය ඉටුවී නැහැ. දැනුම් දීලා නොවෙයි ගිහින් තියෙන්නේ යැයිද සභානායක කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
|
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ IPL ගහනවා වගේ ඇමතිලත් පිටරට පාර්ලිමේන්තු වල කුලියට වැඩකරනවද දන්නේ නැහැ. මෙච්චර රට යන්නේ මොකද නැත්තම්. රටේ විසදන්න දහසකුත් ගැටළු තියාගෙන මෙයාල යනවා රට. තමන්ගේ ආසනේට වඩා රට ගිහින් ඇති. යන්නේ ඉතින් තමන්ගේ වියදමෙනුත් නෙවෙයි නේ. අපි එපයි ඕවට බදු ගෙවන්න.
| 42
|
POSITIVE
|
ncpp_train_0797
|
ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) 2023 සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව ලැබුණ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ එහි වචනයක් පුනපුනා වරද්දා භාවිත කරමින් ගායනා කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කළ ඇය එහි අරුථ නොදැන හෝ එහි පදවැල ගැන නිසි අවබෝධයකින් තොරව ගායනයේ යෙදුණ බව බොහෝ දෙනාගේ මතය විය.භාතිය සංතුෂ් කණ්ඩායම් සාමාජිකාවන්ව සිටි උමාරා සහ උමාරියා සොයුරියන් දෙදෙනාම පසුගිය කාලයේ ජනප්‍රිය ගායනාවන් නිසා ප්‍රකට විය.
ඔවුන් උපත ලැබුවේ වෘත්තීය සංගීතවේදීන්ගේ පවුලකය. පියා ටෝනි සිංහවංශ සහ මව අයේෂා සිංහවංශ විය. උමාරාට සහෝදරයන් දෙදෙනෙක්ද සිටී.උමාරා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජාත්‍යන්තර ගායන තරඟ තුනකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත, සහ ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ගායන තරඟ වලදී ප්‍රථම ස්ථානය දිනා ඇතැයි සඳහන් කර තිබේ. උමාරා ජනප්‍රිය ගායන යුගලයක් වන භාතිය සහ සන්තුෂ් සමග මුලින් සම්බන්ධ වූයේ ශ්‍රව්‍ය ඉංජිනේරුවරිය ලෙසිනි. චිත්‍රාල් සෝමපාල සමග ගැයූ කස්තුරි සමඟින් "වස්සානයට", "ෂහීනා", "සිහින කෝ" සහ "මලක් තිබ්බා" ඇගේ නම ගිය ගායනාවන් විය.
Risky Fahmi සමග විවාහවූ පසු ඇය හොංකොං වෙත සංක්‍රමණය වූ අතර එහිදී ඇය Dylan Lye යටතේ ජෑස් කලාව ප්‍රගුණ කළාය. හොංකොං හි වසර 6 ක කාලය තුළ, ඇය චීන සංගීත කන්ඩායම්වලටද එක්ව සිටි බව කියැවේ. 2017 හි හොංකොං සිට ආපසු පැමිණීමෙන් පසු, උමාරා සිය ඇකඩමිය වන උමාරා මියුසික් ස්ටූඩියෝ (යූඑම්එස්) දියත් කළ අතර එය සියලුම වයස්වල සිසුන් සඳහා සංගීතය සහ වාචික පුහුණුව දැනටමත් උගන්වමින් සිටී.ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මහතාඅප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මහතා---------- විකෘති කළ ජාතික ගීතය පහතින්
|
නියම ජාතික ගිය විය යුත්තේ අමරදේවයන්ගේ රත්න දීප ජන්මබුමි සින්දුව
| 3
|
POSITIVE
|
ncpp_train_0798
|
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ සොහොයුරාගේ නිවාසවලට ගිනි තබා විනාශ කළැයි ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට හලාවත අතිරේක මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා ඊයේ (27) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරියේ ජාතික ජන බලවේගයේ හලාවත ආසන සංවිධායකවරයා වන අජිත් ගිහාන් මහතාය. රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (වත්මන් පොදු ජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි නිවාස පසුගිය මැයි 9 දින ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලිසිය අවස්ථා කිහිපයකදී කටයුතු කර තිබුණද ඒ සඳහා ඔහුගේ නීතිඥයන්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.ඒ අනුව මෙම සැකකරු එම ගිනි තැබීම්වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට ද හෙළි වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.මෙම නිවාසවලට ගිනි තැබීමට විශාල පිරිසක් පැමිණ ඇති බවත්, එම පිරිස හඳුනා ගැනීමක් පවා සිදුකර නොමැති බවත්, මේ වනවිට මෙම ගිනි තැබීමට 80කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ. තම සේවාදායකයාගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමක් සිදුකිරීමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි ද නීතිඥවරු ප්‍රකාශ කළහ. සැකකරු වෙනුවෙන් නීතිඥ සවින් පෙරේරා සහ නීතිඥ රුවනි චමින්ද යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.හිරාන් ප්‍රියංකර ජයසිංහ
|
ඇතුලේම වැඩක්
| 8
|
POSITIVE
|
ncpp_train_0799
|
කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් අද වාර්තාවී ඇත්තේ එම තැනැත්තාට කොරෝනා ඇති බවට හදුනාගෙන පැය කිහිපයක් තුළදීය.
මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මුලින්ම මීගමුවේ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති ඔහු පසුව අද මීගමුව මූලික රෝහලට ඇතුළත් ව ඇති අතර වෛද්‍ය පරීක්ෂාවේදී සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් කොරෝනා පරීක්ෂාවකට යොමු කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.
මීගමුව දිස්ත්‍රික් රොහලේ කොරෝනා ආසාදිතයින් ලෙස සැකයට වෛද්‍ය අධික්ෂණයේ 4 දෙනෙකු සිටි බව අද උදේ වාර්තාවී තිබුණ අතර මෙමතැනැත්තා එම සැකය මත අංගොඩට මුල්ලේරියාවට යවන්නට පෙරම මියගොස් තිබේ.
|
කට වරද්ද ගන්නෙ නැතිව හිටපිය. අකුරණ, අටලුගම, පුත්තලම ඉන්නෙ ලංසිද ??
| 9
|
POSITIVE
|
ncpp_train_0800
|
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත්
පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි එකී වාර්තා සඳහන් කළ අතර ඔහු සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩමිස්
යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද පැවැසේ.
තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් "චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි. කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි. මේ අතර පසුගිය ජුනි මාසයේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ චන්දික හතුරුසිංහ මහතා එක් නොවීය.
නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු 2019 ලෝක කුසලානයට වසරක කාලයක් ඉතිරී තිබියදීත් එම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යැමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි නතර වුණු බවයි. නමුත් හතුරුසිංහ මහතා එංගලන්ත පරීක්ෂණ චාරිකාවට සහභාගි නොවී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව පසුව හෙළි විය. එම අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමට ඔහුට නොහැකි වීම නිසා එම එංගලන්ත සංචාරය සිදු කිරීමට නොහැකි වූ බවයි.
|
හතුරුසිංහ එන්ඩ කලින් තොපිම නේද මේකේ කෙටුවේ ඌව ඕනෙමයි කියල. අපේ උන්ගේ නොහැකියාව ගොඩ දාන්න දොන් බ්‍රඩ්මන් වලෙන් නැගිටලා ආවත් බෑ බං.
| 35
|
POSITIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.