id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
|---|---|---|---|---|
ncpp_train_0301
|
ගිරිඋල්ල - අතුරුවල ප්‍රදේශයේ නිකේතනයක පෙරේදා (26දා) රාත්‍රි පැවැති මංගල සාදයක් අතරතුරදී එම හෝටලයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් පොලිස් නිලධාරියකු, ප්‍රාදේශීය සහා හිටපු මන්ත්‍රිවරයකු ඇතුළු තිදෙනකු මියගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ පොලිස් මූලස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරියකු වූ අතුරුවල පදිංචිව සිටි තිදරු පියකු වූ අල්ගම වත්තගේ මහින්ද කරුණාරත්න (39), දඹදෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වූ දඹදෙණිය මාරවිට පදිංචිව සිටි තිදරු පියකු වූ
දංගොල්ල ලේකම්ලාගේ අජන්තලාල් කුමාර (41) සහ මාරවිට කජුලන්දේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ නිහාල් ප්‍රසාද් අධිකාරි (38) නමැති දෙදරු පියෙකි.
මංගල උත්සව පැවැති උත්සව ශාලාව අසල නිවෙසක පදිංචිකරුවකු වූ මහින්ද මෙදින මංගල උත්සවයේ වර්ණවත් විදුලි බුබුළු දැමීමේ කාර්යද භාරව සිට ඇත. ඔහු එදින රාත්‍රියේ හෝටලයේ උඩු මහලේ සිට තරප්පු පෙළෙන් බැස යෑමේදී ළිඳ වසා තිබූ ලෑලිද කඩාගෙන ළිඳට වැටී ඇති බව අනාවරණය වී ඇත. ඔහු බේරා ගැනීම සඳහා නිහාල් ප්‍රසාද් ළිඳට පැන ඇත. ඔවුන් දෙදෙනා බේරා ගැනීම සඳහා පිහිනුම් ශුරයකු වූ අජන්ත ලාල් මහතා පැන ඇත.ඔහු නාවික හමුදාවේ සේවය කර පසුව විදේශගතව සිට ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ අයෙකි. ළිඳෙන් ගොඩට ඒමට නොහැකිව ඒ තුළ තිදෙනාම මියගියේ ළිඳ අසල සියයකට ආසන්න පිරිසක් සිටියදී බවද අනාවරණය වෙයි.
සිද්ධිය පිළිබඳව කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය මත ගිරිඋල්ල පොලිස් ස්ථනාධිපති ප්‍රසාද් මන්දනායක, පොලිස් පරීක්ෂක රාජපක්ෂ ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණ ඊයේ (27දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
පන්නල - ඩබ්ලිව්.ඒ. සරත්,නාරම්මල - ඩී.පී. හර්ෂණ,වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා,අලව්ව - මුදියන්සේ අබේකෝන්,ගිරිඋල්ල - ඔවින් කෞෂල්‍ය
|
බීලද හිටියෙ කියල අහන්න එකෙක් නෑ මෙතන ඉන්න ඔක්කොම බේබද්දො
| -10
|
NEGATIVE
|
ncpp_train_0302
|
යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ.පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.( ඡායාරූප : ජිවන් චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )
|
අනේ නිකන් නොදී පලයන් බන් යන්න
| 64
|
POSITIVE
|
ncpp_train_0303
|
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන Gsp සහනය අහමිවීමෙන් ලංකාවට අවාසියක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
“ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි.
එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ.
මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.
අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ. ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.
ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි.
GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.
තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.”
|
කට සහ වෙනත් අවයව මාරු කරගත් ගොන්බුර් වරුන්ගේ කතා නොඅසා මෙම ප්‍රශ්නය පිළිබඳව තව දුරටත් සොයා බලන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි. මාගේ රැකියාවක් අහිමි වුයේ 2005 GSP නොමැතිව Apparel කම්හල් කඩා වැටීමෙනි.
| 19
|
POSITIVE
|
ncpp_train_0304
|
ඉකුත් අප්‍රේල් මස 21දා පාස්කු ඉරිදා ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරුවන් වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් මොහොමඩ් ඉබ්‍රහීම් දුල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා එවන
ලෙසට ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (29දා) නියෝගයක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේ පරීක්ෂණ වාර්තා අධිකරණයට යොමු කළ පසුව බෝම්බකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ සාක්කි විමසීම් සිදුකරන බවයි. ඊට අමතරව බෝම්බ ප්‍රහාරයට පසු අතුරුදන්ව සිටි ෂැන්ග්‍රිලා හෝටලයේ වේටර්වරයකු වශයෙන් කටයුතු කළ දිවල දේවකගේ විහඟ තේජාන්ත
නමැති තරුණයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තවක් එවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් අනුව එම නියෝගය ද නිකුත් කෙරිණි. අදාළ තරුණයා බෝම්බ ප්‍රහාරයෙන් පසුව අතුරුදන්ව සිටි අතර ඔහුගේ ශරීර කොටස් ඔහුගේ පියා වන දිවල දේවගේ සුරාජ් නිලංග යන අයගේ ඩී.එන්.ඒ. (ඒ) සාම්පල සැසැඳිමෙන් පසු අදාළ සාම්පල ගැළපී තිබිණි.ඒ අනුව එම තරුණයා ෂැංග්‍රිලා හෝටලයේ වේටර්වරයකු වශයෙන් ද කටයුතු කළ දිවල දේවගේ විහහ තේජාන්ත නමැත්තා බවට හඳුනාගෙන ඇත.
ඊට අමතරව සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් දුන්ෂාන් අහමඩ් යන අයගෙන් ලබාගත් ලකෂ 20ක මුදලක් ගිණුමට බැරකරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති මොහොමඩ් මුපායිල් නමැත්තකුගේ කොමර්ෂල් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ ඇති බැංකු ගිණුමක් අත්හිටුවීමට සඳහා ලේඛන වගයක් නිකුත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඊට අදාළ නියෝගද බම්බලපිටිය කොමර්ෂල් බැංකු ශාඛාවේ කළමනාකාරවරයා වෙත නිකුත් කෙරිණි.
මේ වන විට සහරාන්ගේ බිරිය වන ෆාතිමා කාදියා යන අය සමඟ රැඳවුම් භාරයේ සිටින ෂැංග්‍රිලා හෝටලය ප්‍රධාන බෝම්බකරු වන මොහොමඩ් සහරාන් යන අයගේ දියණිය සුදුසු භාරකාරිත්වයකට මුදාහැරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලැබුණු පසු ළමා සහ යෞවන ආඥා පනත යටතේ සුදුසු භාරකාරිත්වයකට පත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන බවට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට යොමුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කළේය. බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින මොහොමඩ් සහරාන් යන අයගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා කාලින් අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහොමදු මර්ෂුන් මොහොමදු රිලා, මොහොමඩ් අස්රුඩීන් මොහොමඩ් ඉල්මි, මොහොමදු අමීර් මොහොමදු අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුෆායිල් යන අය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබිණි. සිද්ධියට අදාළ නඩුව ලබන මස 21 වැනිදා යළි කැඳවීමට නියමිතය.
-අමිල අබේරත්න-
|
දැන්වත් නවත්තපල්ල යකෝ මේ කාලකණ්ණි දේශපාලන නාඩගම.
| 10
|
POSITIVE
|
ncpp_train_0305
|
පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර
එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
එම සිද්ධියේම ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනා එල්ලවී තිබිණි.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණයේදී අද (28) කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.
අද උදේ විභාගයෙන් පසු පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් කොටුව මහෙස්ත්‍රාත්වරයා නඩුව අද 2.30 වන තුරු කල් තැබීමට නියෝග කළේය.
නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
මෙම සිද්ධිය අනාවරණය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහර දීම සහ ජීවිත තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල තිබේ.
අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙන නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට අධිකරණ භූමියෙන් පිටතදී යම් පුද්ගලයකු පහර දී තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක් ද ඇත.
අද උදෑසන කැඳවු නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී ඔහු සමඟ සිටි නාවික හමුදා නිලධාරීයකු යැයි සැකකරෙන පුද්ගලයකු විසින් එතැන සිටි මාධ්‍යවේදීන්ට පහර දී තිබේ.
පහර දුන් එම පුද්ගලයාද එතැන සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මින් ඉහත හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැණ එළවා දැමීම සම්බන්ධයෙන්ද අද්මිරාල්වරයා ආන්දෝලනාත්මක පුවතක් මැවූ අයෙකි.
පසුගියදා ඔහුගේ නඩුව සම්බන්ධ කරුණු ගොනු කළ පොලිස් ප්‍රධානී නිශාන්ත ද සිල්වාට එල්ටීටීඊ චෝදනා කර මාරුවීමක් ලබාදෙන්නට පොලිස්පතිවරයා දැරූ උත්සාහයක්ද වාර්තාවී තිබු අතර මහජන විරෝධය හමුවේ ඔහු යළි සේවයේ පිහිටුවන ලදි.
|
Thank you Ravi.
| 14
|
POSITIVE
|
ncpp_train_0306
|
පාලිත තෙවරප්පෙරුම එල්ලෙන්න හැදූ වෙලාවේ වීඩියෝවහෘදයාබාධයක් නිසා දැන් නවලෝකෙට මාරු කරලා
අද (30) දහවල් කාලයේ දරුවන් පාසලකට ඇතුළත් කිරීමේ ගැටලූවක් විසඳීමේ මාරාන්තික උපවාසයක යෙදුණ නි.ඇමති පාලිත තෙවරප්පෙරුම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේදී විදුලි පංකාවක එල්ලී දිවිනසා ගන්නට තැත් කළ පසුව ඉල්ලීම් දිනා එය අත්හැර දැමුවා.
පසුව ඔහුට අසනීප තත්වය මත මීගහතැන්න රෝහලට ඇතුළත් කළද රෝහලේදී හෘදයාබාධ තත්වයක් පෙන්නුම් කළ නිසා
වැඩිදුර ප‍්‍රතිකාර සඳහා
කොළඹ නවලෝක රෝහල වෙත. ඔහුව මාරුකර තිබෙනවා.
මෙම සිද්ධිය අවස්ථාවේ මැරෙන්න එපා මං ළමයි ඉස්කෝලට ගන්නම් කියූ විදුහල්පතිවරයා නි.ඇමති දිවිනසාගන්නට තනනු දැක සිහිසුන්ව ඇද වැටී ඇති අතර පසුව සිහිය ආ පසුව එතැන සිටි ප‍්‍රකෝපකාරී පිරිස් කළ පහරදීමක් හේතුවෙන් තුවාල සිදුවී ඔහුවද රෝහල් ගත කර ඇති බව වාර්තා වුණා.
පිරිස විරුද්ධ වෙද්දී පාලිත නි.ඇමතිවරයා දිවිනසාගන්නට හැදූ ආකාරය දැක්වෙන වීඩියෝවක් දැන් නිකුත්ව ඇත. එම දෙරණ වීඩියෝව පහතින්
|
රටේ නීතිය ක්‍රියාකිරීමට කැපවී ඉන්නා පිරිස විසින් මොහු වහාම සියලු තනතුරු වලින් නෙරපිය යුතුයි ! යම් නායකත්වයක් දරන පුද්ගලයෙක් හැටියට මොහු ඉතාම බරපතල ආදර්ශයක් රටවැසියන්ට, විශේෂයෙන්ම තරුණ පරපුරට දුන්නෙ. ඊට අමතරව සියදිවි නසාගැනීමට තැත්කිරීම ලංකාවේ නීතියට අනුව බරපතල වරදක් (මැරුනානම් ඒක වෙනම කතාවක් තමා ).
| 58
|
POSITIVE
|
ncpp_train_0307
|
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙහ්ගන් මාකල් සමග පෙමින් වෙලී සිටීම පසුගිය
කාලයේ ආන්දෝලනාත්මක
පුවත් මැවූ අතර මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අතර විවාහ ගිවිස ගැනීම මේ සතියේ නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි. හෙට 28 වනදා එය නිවේදනය කරනු ඇති බවට ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.
33 හැවිරිදි හැරී විවාහ වන්නට යන ඇමරිකානු නිළිය ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් ය. 36 හැවිරිදි ඇය පෙර විවාහයකින් දික්කසාද වූ අයෙකි.
මේ දෙදෙන අතර විවාහය මේ දක්වා රාජකීය විවාහ සිදු කළ ආකාරයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට කටකතා පැතිර තිබේ. හැරී කුමරු හා මේගන් අඳින්නට යන මංගල විලාසිතාවන් පවා අලුත් මුහුණුවරක් ගනු ඇතැයිද කියැවේ.
|
තාත්තාගේ කැමැත්තම වගෙයි මෙයාටත් තියෙන්නේ.......
| 51
|
POSITIVE
|
ncpp_train_0308
|
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර්න් මහතා හදිසියේම සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. පස්වරු 3.12ට
එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK348 ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුවට
පිටත්ව ගොස් තිබේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන සමයේදී මත භේදයට තුඩු දුන් මහ බැංකු බැදුම්කර පිළිබඳ කෝප් කමිටු වාර්තාව හෙට (28දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව හෙට සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් ලේකම් කාර්යාලය කටයුතු කරන අවස්ථවේ බැඳුම්කර ගණුදෙනුවේ වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා රටින් පැනගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව තෝරකු බවත් ඔහු පැවැසීය.
ටී.කේ.ජී. කපිල/චාමර සම්පත් (ada.lk)
|
තෝරෙක් කියන්නේ මහ ලොකු සයිස් එකෙක් නෙවෙයි. තල්මහෙක් කිව්වනම් හරි. අඩුම ගානේ මෝරෙක් කියලා වත් කියන්න ඕනේ.
| 28
|
POSITIVE
|
ncpp_train_0309
|
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ
නායකත්වයට සුපුරුදු පරිදි ලසිත් මාලිංග නම් කර ඇත.
මේ අතර කොදෙව් විස්සයි20 සංචිතයද පසුගියදා නම් කළ අතර, එහිද කණ්ඩායම් නායක ලෙස කිරන් පොලාඩ් කටයුතු කරයි.
දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහි පළමු තරගය මාර්තු මස 04 වැනිදා හා දෙවැනි තරගය 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය
1 ලසිත් මාලිංග (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් ජනිත් පෙරේරා, 4. ෂෙහාන් ජයසූරිය, 5. නිරෝෂන් දික්වැල්ල, 6. කුසල් මෙන්ඩිස්, 7. ඇන්ජලෝ මැතිව්ස්, 8. ධනංජය ද සිල්වා, 9. තිසර පෙරේරා, 10. දසුන් ශානක, 11. වනිඳු හසරංග, 12. ලක්‍ෂාන් සඳකැන්, 13. ඉසුරු උදාන, 14. නුවන් ප්‍රදීප්, 15. ළහිරු කුමාර
කොදෙව් සංචිතය
1 ෂිම්රන් හෙට්මයර්, 2. බ්‍රෙන්ඩන් කිං, 3. රොව්මන් පවෙල්, 4. ලෙන්ඩ්ල් සිමන්ස්, 5. කිරන් පොලාඩ් (නායක), 6. ෆෙබියන් ඇලන්, 7. ඩ්වෙන් බ්‍රාවෝ, 8. අන්ඩ්‍රි රසල්, 9. ෂේ හෝප්, 10. නිකලස් පුරාන්, 11. ශෙල්ඩන් කොට්‍රල්, 12. ඔෂේන් තෝමස් 13. හේඩ්න් වොල්ෂ්, 14. කෙස්රික් විලියම්ස්
|
මේ මොන *කේ ටීම් ඒකක්ද? මැතිව්ස් / තිසර / දික්වැල්ල *රි කන්නඩද? සුනඛයිනේ මේ මල් පො**යෝ ටික මදෑ ලස්සන මැච් ටිකක් බලන්ඩ හිටියා. හෙට්මයරයි බ්‍රැන්ඩන් කිං පුරාන් පොලාඩ් හප කරල දායි මුංව නොදකිං
| 1
|
POSITIVE
|
ncpp_train_0310
|
අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිඛේ.
ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.
රංජන් රාමනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කර ඇත.
මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද අධිකරණය දැනුම් දී ඇත.
විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය
|
උදයංග වීරතුන්ගල, ප්‍රකෝටි ගණනින් හොරකම් කරද්දී කට ඇරෙන්නැති Mahinda මම හිතන්නෙ හොරුන්ගෙන් සල්ලි අරගෙන
| 66
|
POSITIVE
|
ncpp_train_0311
|
දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන කිසිදු දුම්රියක් විෂබීජහරණය නොකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, කසුන් චාමර මහතා ප්‍රකාශ කළේය. කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් දුම්රි විෂබීජහරණයට ලක්වන්නේ දැයි කළ විමසීමකදී පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.දුම්රි විෂබීජහරණයට හෝ දුම්රිය ස්ථාන තුළ වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය මුහුණු ආවරණ සනීපාරක්‍ෂක දියර ආදිය පවා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබාදී නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේ මගේ ගමන් සීමා කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබුණද, මේ වනවිටත් දුම්රිය තුළ විශාල මගීන් ප්‍රමාණයක් ගමන් කරමින් සිටින බවද ඔවුන් වසරයට ගොදුරුවීමේ අවස්ථාව ඉතා ඉහළ බවද හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් චාමර මහතා,
"දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ වන කිසිදු දුම්රියක් මේ වනවිට විෂබීජහරණයට ලක්වෙන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර විෂබීජ නාශක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, දුම්රියවිෂබීජහරණය. කිරීමට අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ආදිය ලබාදුන්නා. නමුත් පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව මේ දක්වා එම කටයුතු කිසිවක් සිදුවෙන්නේ නැහැ.ඒ වගේම ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරන්න කියලා රජය චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඒ සඳහා වූ කිසිදු වැඩපිළිවෙළක් නැහැ. මේ වනවිට විශාල මගීන් සංඛ්‍යාවක් දුම්රිය භාවිත කරනවා. ඒ අතර කෝවිඩ් ආසාදනය වූ අයෙක් ගමන් කළත්, ඔවුන්ව හඳුනාගන්න හැකියාවක් නැහැ. නමුත් ඔහුගෙන් රෝගය බෝ වෙන්න තිබෙන ප්‍රවණතාවට ඉතාම ඉහළයි. එහෙම වුණත් දුම්රියෙන් ගමන් කළ මගීන්, ආශ්‍රිතයන් හඳුනාගන්නවත් අවස්ථාවක් නැහැ. මෙයට නිශ්චිත වැඩපිළිවෙළක් යොදන්න. කියලා කෝවිඩ් පළමු රැල්ල ඇති වුණ අවස්ථාවේත් දෙවැනි රැල්ල ඇති වුණ අවස්ථාවෙත් අපි පැහැදිලිව කිවා. නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. දුම්රි ආසන වෙන්කිරීමේ ක්‍රමවේදයක් පෞද්ගලික දුරකථන සමාගම් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට. ලබාදී තිබුණද, එවැන්නක් තවමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ඇමතිතුමාවත් දෙපාර්තමේන්තුවත් අපි දැනුවත් කර තිබෙනවා. නමුත් දෙපාර්තමේන්තූවේ ඇතුම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා මේ පද්ධතිය. දෙපාර්තමේන්තූව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යැයි පැවසීය. (චාමර සම්පත්)
|
ආණ්ඩුවේ චෞරයන්ට ඔ්න විල බොර වුන වෙලෙ මාළු ටික බා ගන්න මොනවා විශබීජ නාශනය නොකලත් පාර්ලිමේන්තුව අරළිය ගහ මන්දිරය මැදමුලන වළව්ව අමාත්‍යයන්ශ ටික 100%ක් විශබීජ නාශණය කරගනී 69 ලක්ෂයක් කරගත්ත පවක්
| 8
|
POSITIVE
|
ncpp_train_0312
|
සුළිසුළං මහ වැසි නිසා
බස්නාහිර - දකුණ කැළඹේ
කොළඹ ප්‍රදේශ කිහිපයකට ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් ගොඩනැගිලි කඩා වැටීම් මාර්ග අවහිරවීම් ඇතුළු හානි රැසක් සිදුව ඇත.
තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මධ්‍යම රාත්‍රී තත්වය අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි වාර්තා කර තිබුණි.
ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.
කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා
මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බ්‍රහස්පතින්දා දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලද තද සුළඟක් හමා ගිය බව වාර්තා විය.
පවතින අයහපත් කාලගුණයත් සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර 70 - 80 අතර වේගයෙන් හමා යා හැකි බවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට නිවේදනය කර තිබුණි.
අයපත් කාළගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා ඇති බවද වාර්තා විය.
ඒ අනුව චෙන්නායි සිට පැමිණි UL 124 ගුවන් යානය සහ බැංගලෝර් සිට පැමිණි UL 172 යන ගුවන් යානා දෙක මෙලෙස කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බස්වා ඇති බව මත්තල ගුවන්තොටුපල නිවේදනය කර සිටියි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.
අයහපත් කාළගුණය හා අධික සුළඟත් සමඟ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබේ.
ඒ අනුව කොළඹ ගාල්ල, මාතර, හම්බන්තොට හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වි තිබේ.
මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
|
පේනවා නේද - ස්වභාවික විපත් අව්රුද්දක් ඇතුලත වුනු. දල ඇත්තු තුන් දෙනෙක් මරලා නේද ගිය සතියේ. අර දල පූට්ටුවට කරපු අපරාදෙට ජාතියක් වන්දි ගෙවන්න ඕනේ. ඇයි මෙච්චර ලංකාවට. ලංකාවේ මිනිස්සු කුරිරුයි. ඉරිසියා සහගතයි. වචනයෙන් අනික් මිනිස්සුන්ට රිද්දනවා. අන්තවාදියි.
| 101
|
POSITIVE
|
ncpp_train_0313
|
පසුගියදා පාසලේදී වමනය කළ සිසුවියක ගැබිණියකැයි කොන් කර පාසලින් නෙරපූ විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියෙන් පසුව
පාසල්වලදී ගුරුවර ගුරුවරියන්ගෙන් සිසු සිසුවියන්ට සිදුවන විවිධ හිංසන වැළැක්වීම සඳහා ගුරු මණ්ඩල
දැනුවත් කිරීමේ විශේෂ
වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි මරිනි ද ලිවේරා මහත්මිය පැවැසුවාය.
මේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ බවද ඒ සඳහා තම අධිකාරියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ මහත්මිය කීවාය. ගුරුවර ගුරුවරියන් හා සිසු දරුවන් අතර මනා සබඳතාවක් පැවැතිය යුතුව ඇති බවද එම සිසු දරුවන්ගේ හැඟීම් තේරුම් ගැනීමට ගුරුවරුන් නිරන්තරයෙන්ම සිහි තබා ගතයුතු බවද මොනයම් හේතුවක් නිසාවත් සිසුන්ට අමානුෂිකව සැලකීමට හෝ ඔවුන්ව පාසලෙන් නෙරපා හැරීමට කිසිදු ගුරුවරයකුට අයිතියක් නොමැති බවද ඒ මහත්මිය කීවාය.
මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තම අධිකාරිය වෙත ප්‍රතිපාදන ලැබී ඇති බවද පැවැසූ සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේ සිසු දරුවන්ට හිංසා සිදු කරන ගුරුවර ගුරුවරියන්ට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද එම දඬුවම් පිළිබඳව ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සඳහන්ව ඇති බවයි.
කුමුදු උපුල් ශාන්ත
|
උපත් පාලන වැඩසටහන් ලමයින්ට තියන්න ඕන.කරන්ඩ ඕන දේ නෙමේ කරන්නේ.ඕකනේ මේ රටට කෙලවිලා තියෙන්නේ.සාමාන්‍ය දැනීමවත් නැති උන් ටීචර්ලා උනේ කොහොමද කියලත් හොයන්න ඕන.
| 44
|
POSITIVE
|
ncpp_train_0314
|
පසුගියදා පළවූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ නමැති විශ්‍රාමික මේජර්
ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කළ ග්‍රන්ථය ගැන අදහස් දක්වමින් මහාචාර්ය සරත්
විජේසූරිය කළැයි කියන ප්‍රකාශයක් මුළුමණින්ම ගොතා
පළ කරන ලද්දක් බවත් මහාචාර්යවරයා
අපහසු තාවයට ලක්කිරීමේ අරමුණින් කිසිවෙකු ෆේස් බුක් භාවිතයෙන් ‘නිර්මාණාත්මකව මඩ
ප්‍රහාරයක්‘ ලෙස එය ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් දන්වා
සිටී.
විශ්‍රාමික මේජර් ජනරාල්වරයාගේ ග්‍රන්ථය අලෙවි වාර්තා තබමින් විකිණෙන කාලයේ මෙම මඩ
ප්‍රහාරය සැලසුම් සහගතව මහාචාර්යවරයාගේ නම ඈදාගනිමින් දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක
ෆේස්බුක් පිටුවක් මගින් විසුරුවා හැර ඇත. එහිදී කියැවුනේ ‘යුද්ධෙට ගියා නම් මමත්
ඔයිට වඩා හොද පොතක් ලියනවැ‘යි සරත් විජේසූරිය මහාචාර්යවරයා කියා තිබූ බවකි.
මෙම ආකාරයේ වැරදි පුවතක් පළ කර ඇත්තේ කිසිදු තැනක තමා නොකියූ දෙයකින් බවත් හැකි
නම් එවැනි ප්‍රකාශයක් තමා කියූ තැනක් සදහන් කර ඔප්පු කර පෙන්වන ලෙසත් ඉල්ලා සිටින
මහාචාර්යවරයා විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙතද ලිපියක් යොමු කර දන්වා
ඇත්තේ වැරදි වැටහීම් ඇතිනොකර ගන්නා ලෙසයි.
|
කාගේ වුවමනාවටද කවුරුන්ද මේ "ප්‍රභාකරන්ගේ මරා දැමීමේ සැබෑ ගෞරවය හිමි කාටද?" කියන මත විමසුම කරන්නේ ?
| 19
|
POSITIVE
|
ncpp_train_0315
|
ලෝකයේ රටවල්වල ආර්ථිකය සම්බන්ධ වර්තමාන තත්ව විශ්ලේෂණය කරන Moody's Investors Service මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානියක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා ඇත.මීට සෘජු ලෙස බලපා ඇත්තේ ලංකාවේ විදේශ සංචිත පහළ යාමත් එය ඉහළයාමට අරමුණුගත වැඩපිලිවෙලක් ඇතැයි පැහැදිලි නොවීමත් යයි දන්වා ඇත.
මින් ඉහත ෆිච් රේටින් මගින්ද ශ්‍රී ලංකාවේ තත්වය පහත දමා තිබුණ අතර මෙවර මූඩිස් පහත හෙළීම ගැන අද දින මහ බැංකුව ප්‍රතිචාර දක්වමින් පවසන්නේ අයවැයට සූදානම්වන අවස්ථාවක මේ ආකාර පහත හෙළීමක් සිදුකිරීම අකාලයේ සිදුකර ඇති අසාධාරණයක් බවත් එය පිළිගත නොහැකි බවත්ය.ආර්ථික විශ්ලේෂකයින් පමණක් හරිහැටි දන්නා මෙම කාරණාව ගැන කෙටියෙන් විමසා බැලුවොත් Moody's Investors Service මගින් සිදු කරනුයේ ආයෝජකයින්ට ණය ශ්‍රේණිගත කිරීම්, අවදානම් විශ්ලේෂණය සහ කොටස්, බැඳුම්කර සහ රජයේ ආයතන සඳහා පර්යේෂණ සැපයීමය. Moody's Analytics විසින් අවදානම් කළමනාකරණය, ණය විශ්ලේෂණය සහ ආර්ථික පර්යේෂණ සඳහා ප්‍රාග්ධන වෙළඳපොළට උපකාර කිරීම සඳහා මෘදුකාංග සහ මෙවලම් සංවර්ධනය කරයි.Moody's හි ශ්‍රේණිගත කිරීමක් මඟින් නිකුත් කරන්නන්ට පුලුල් ආයෝජකයින්ගේ අවධානය ග්‍රහණය කර ගැනීමේ හැකියාව සමඟින් කාලීන, වෙළඳපොළට යාමට ණය උපාය මාර්ග නිර්මාණය කිරීමට හැකි වන අතර ණය ශ්‍රේණිගත කිරීම් සහ පර්යේෂණ හරහා ගෝලීය ණය වෙලඳපොලවල් පිළිබඳ පුළුල් දැක්මක් ආයෝජකයින්ට ලබා දේ. කෙටියෙන් පවසතොත් ලංකාවේ ආයෝජනය ගැන තීරණ ගන්නා බාහිර අය මෙම ශ්‍රේණිගතකිරීම සලකා බලා මුදල් යටකරනවාද නැද්ද යන තීන්දු ගන්නා අතර අවාසිදායක ආර්ථිකයක් ඇති රටවල ආයෝජන වලට නොපෙළැඹේ. මේ නිසා මෙම ශ්‍රේණිගත කිරීම පහළ යාම යනු ලංකාවට අයෝජන අවස්ථා අඩුවීමකි.Moody's Investors Service විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා ඇති අතර, මුදල් මුද්‍රණය සහ අබලන් වූ විදේශ විනිමය වෙලඳපොලවල් මධ්‍යයේ විදේශ සංචිත අඛණ්ඩව පහත වැටීම හේතුවෙන් රටේ ණය සමපේක්ෂන ශ්‍රේණියට ගැඹුරට ගෙන ගොස් තිබේ.
"ශ්‍රේණිගත කිරීම් පහත හෙලීමේ තීරණය ගෙන ඇත්තේ ඉතා අඩු විදේශ විනිමය සංචිත සන්දර්භය තුළ, රජයේ ඉදිරි සැලකිය යුතු පරිණතභාවයන් සපුරාලීම සඳහා විස්තීරණ මූල්‍යකරණයක් නොමැතිකම පෙරනිමි අවදානම් මතු කරන බැවිනි."දේශීය මුදල් පිළිබඳ විශ්වාසය නැතිවීම හේතුවෙන් ද්‍රවශීලතා එන්නත් සහ අක්‍රිය විදේශ විනිමය වෙළෙඳපොළ ණය සඳහා පමණක් නොව වත්මන් ගනුදෙනු සඳහා ද ණය ක්‍රමය හරහා රටෙන් පිටතට ධනය මාරු කිරීම දුෂ්කර කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රට ආනයනය සඳහා ණය මාර්ග ද සොයමින් සිටී.මේ අතර Moody's විසින් Caa2 වෙත සිය ස්වෛරී ශ්‍රේණිගත කිරීමේ නවතම ශ්‍රේණිගත කිරීම අකාලයේ සිදු වූවක් බවත් එය නොවැම්බර් මාසයේ අයවැයට පෙර සහ ගලා ඒම ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ මහ බැංකුව පවසා ඇත."අයවැයට පෙර ගත් මෙම අකල් ශ්‍රේණිගත කිරීමේ තීරණයෙන් පෙනී යන්නේ මූඩීස් විසින් රටේ කාර්ය සාධනය සහ අපේක්ෂිත මාර්ගය පිළිබඳ තක්සේරුව සැකසීමට අදාළ සියලු තොරතුරු ගෙන නොමැති බව" මහ බැංකුව පවසයි.
|
කීර්ති නාමය? 😃 2008 ලෝක ආර්ථික අර්බුදයට හේතුන් හොයලා බැලුවනම් නරකද. මූඩිලාගේ කීර්ති නාමය බලාගතහැකී එතකොට
| -93
|
NEGATIVE
|
ncpp_train_0316
|
ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් ජාලයක් වන කීල්ස් සුපර් හි ප්‍රචාරණ කටයුතු සඳහා සමුගත් දසුන් නිශාන් කලක් සම්බන්ධව සිටියේය.
එම සුපිරි වෙළෙඳ සලට ඇතුළු වන අවස්ථාවේ බඩු මල්ලක් අතින් අරන් සිටින ‘කීල්ස් කොල්ලා‘ ලෙස
ඔහු කාගේත් අවධානයට ලක්වන ජීවමාන කාඩ්බෝඩ් අනුරුවකින් පෙනී සිටියේය.
ඔහු සමග මෙම ජීවමාන රෑප සඳහා පෙනී සිටි අනෙක් තැනැත්තා වූයේ සුපිරි ක්‍රීඩක සංගක්කාරයි.
මේ නිසාම දසුන් සංගක්කාරගේ මිතුරෙකුද විය.
දසුන් සතුවූ කඩවසම් ප්‍රියමනාප පෙනුම නිසාම මෙම නිරූපණය සඳහා ඔහුව තෝරාගෙන තිබුණි.
දසුන් වෙළෙඳ දැන්වීම් 60 කට අධික සංඛ්‍යාවකට දායකවූ ශිල්පියෙකි.
|
පෙනුමෙන් ප්‍රසන්න වුනාට මූ කරලා තියෙන්නේ මහ අප්‍රසන්න චැඩනේ
| 80
|
POSITIVE
|
ncpp_train_0317
|
ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරගයක් නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් ලක්‍ෂය ආසන්නයටම පැමිණ ඇත. ලබන සෙනසුරාදා (02 වැනිදා) මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 96,000 ක් තරම් ඉහළ මිලකට නියම වී ඇත. එය ප්‍රධාන ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ ආසනයක් වෙනුවෙනි. කෙසේ වෙතත් අනිද්දා (31) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රවේශපත් සඳහා එතරම් ඉහළ මිලක් නියම වී නැත. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ප්‍රවේශපත්වල මිල නියම වී ඇත්තේ රුපියල් 1600 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 11,200 ක් ලෙසිනි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් සුවිශාල අවධානයක් යොමුවීම සාමාන්‍යය තත්වයකි. පාකිස්තානයේ තරග කිරීමට ඉන්දියානුවන් අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. තවත් තරග කිහිපයක් පාකිස්තානයේ දී පැවැත් වෙයි.පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී තරග නැරඹිය හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 25,000 කට ආසන්නය. ඒ අතුරෙන් ආසන පහසුකම් ඇත්තේ ප්‍රේක්‍ෂකයන් 6000 කට පමණි. ආසන පහසුකම් නොමැති ප්‍රධාන ලකුණු පුවරුව ආසන්නයේත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයේත් පිහිටි තණබිස්ස මත ප්‍රෙක්‍ෂකයන් 15,000 ත් 16,000 ත් අතර පිරිසකට තරග නැරඹිය හැකිය.ලබන සෙනසුරාදා පැවැත්වෙන ඉන්දු පාකිස්තාන තරගය සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ආසනයක මිල රුපියල් 96,000 කි. ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ එවන් ආසන 1000 ක් තිබේ.
ඉන්දු - පාකිස්තානු තරගය සඳහාම ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ පහළ මාලයේ ආසනයක මිල රුපියල් 40,000 කි. එවන් ආසන 5000 කි. කිසිම ආසන පහසුකමක් හෝ හිසට ආවරණයක් නොමැති, තණ බිස්ස මත වාඩිවී හෝ සිටගෙන, තරගය නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 9,600 කි.ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය සඳහා මෙම ප්‍රවේශපත්වල අගය පිළිවෙළින් රුපියල් 11,200 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 1600 ක් ලෙසින් සටහන් වේ.ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සඳහා රුපියල් 96,000 ට මිල නියම කළ ප්‍රවේශපත් 1,000 න් ඊයේ (27) සවස් වන විට ඉතිරිව තිබුණේ ප්‍රවේශපත් 58 ක් පමණි. රුපියල් 40,000 කට මිල නියම කරන ලද ප්‍රවේශපත් 5000 න් ඉතිරිව තිබුණේ 1029 කි. තණ බිස්සේ ප්‍රවේශපත් 16,000 කට ආසන්න ප්‍රමාණයකින් 11,600 ක් පමණ ඉතිරිව තිබූ බව තරගාවලියේ ප්‍රවේශපත් අලෙවි කිරීම වෙනුවෙන්ම පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම්කරනු ලැබ ඇති නිල වෙබ් අඩවියේ සටහන් වේ.මෙම සියලුම ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ අළෙවි කෙරේ.
සියලුම ප්‍රවේශපත් අලෙවි කිරීමටත්, ක්‍රීඩාංගනයට ඇතුළුවීමේ දී ඒවා පරීක්‍ෂා කිරීමටත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිත පිරිසක් පැමිණ සිටිති. එහෙත් ප්‍රවේශපත්වල පවතින අධික මිල ගණන් හේතුවෙන් තරගය නැරඹීමට නොහැකි ප්‍රේක්‍ෂකයන් සඳහා කෙන්ගල්ල පාසල් ක්‍රීඩාංගනයේත්, බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේත් දැවැන්ත තිර දෙකක් ස්ථාපිත කරන බව මහනුවර දිස්ත්‍රිකට් ක්‍රිකට් සංගමය කියයි.දමින්ද විජේසූරිය
|
මිල ගනන් ඉහල නම් වංචාවන් ද ........ .. .....
| 9
|
POSITIVE
|
ncpp_train_0318
|
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙන සුවිශේෂ ආරංචියක් වන්නේ හිටපු ක්‍රිකට් නායක සංගක්කාර දේශපාලනයට පැමිණෙන්නට සූදානම් බවත් අනාගත ජනපති අපේක්ෂකයෙකු ලෙස ඔහුට ජයග්‍රහණයට
ඉඩක් පවතිනු ඇතිය යන්නත්ය.
පසුගියදා පකිස්තානයේ අගමැති ධූරය සඳහා එරට හිටපු ක්‍රිකට් නායකයෙකුවූ ඉම්රාන් කාන් තේරී පත්වීම සමග මෙම උනන්දුදායක පුවත පවැඩිපුර පැතිරිණි.
කෙසේ වෙතත් මෙම ආරංචි සියල්ල පැතිරෙද්දී සංගක්කාර ඒ කිසිවක් නෑසූ කන්ව සිටින අතර ඔහුගේ නිල ට්විටර් පිටුව හෝ වෙනත් කිසිදු මාධ්‍යයකින් ඔහු එයට ප්‍රතිචාර දක්වා නැත.
මින් ඉහත අවස්ථා කිහිපයකදීම දේශපාලනයට පැමිණිම මෙන්ම දේශපාලනය හා ගෑවුණ තානාපතිධූර පවා සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබුණි.
|
ජනාදිපති කවුරු ආවත් අර යක්කු ටිකමනේ ඇමතිලා වෙන්නේ.. :@
| 89
|
POSITIVE
|
ncpp_train_0319
|
නීතිවිරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කර සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් දසලක්ෂ හැටඅටදහස් තුන්සිය දාහතරක් (1,068,314) තිබෙන බවත්, දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය කියයි.
මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණි.
මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේය.
ජනවාරි මාසයේ සිට ලැබෙන කහ අස්වනු සතොස සහ සමුපකාර සමිති හරහා ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.
කහ බීජ ලබාගැනීම සඳහා යුද හමුදාව සමග එකතු වී කහ පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, යටි වගාවක් ලෙස කහ වගා කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කජු වගා කරන ලද ඉඩම් ගොවීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.
සාලිය කුමාර ගුණසේකර
|
කහ ආනයනය තහනම් කියල කලින් නීතියක් තිබුනේ නැහැ, කහ හිඟ වුන වෙලාවේ මිනිස්සු ආනයනික තොග ඇනවුම් කළා. එකවරම තහනම් කරලා දේශීය නිෂ්පාදනය වැඩි කරන්න නියෝග කළා. ඒ වෙනකොට ලංකාවේ කොහෙවත් කහ මිලදී ගන්න තිබුනේ නැහැ, අදටත් නැහැ. නීතිය නැති වෙලාවේ ලංකාවට ආව ආනයනික තොග රේගුවේ හිර කරලා නීති පනවල ඒවා රාජසන්තක කරලා ආතල් ගන්න එපා ස'.
| 55
|
POSITIVE
|
ncpp_train_0320
|
මේ වනවිට ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ආසාදිතයින්ට සාපේක්ෂව ලොව පුරාම කොරෝනා මරණ වාර්තාවන්නේ අඩුවෙනි.උදාහරණ ලෙස ආසාදිතයින් ලක්ෂ දෙකහමාරක් පමණ ඊයේ ප්‍රංශයෙන් වාර්තාවූ අතර මරණ සිදුව ඇත්තේ 127 කි. එනම් මරණ සියයට 0.05 කි.ජර්මනියේ ලක්ෂයක් ආසාදිතයින් වාර්තාවෙද්දී මරණ 45 කි.එනම් මරණ සියයට 0.045 කි.නමුත් ලංකාවේ ආසාදිතයින් 1056 ක් වාර්තාවෙද්දී මරණ 20 ක් සිදුව තිබේ. එනම් සියයට 2 ක් පමණ මියගොසිනි.මෙම තත්වය අසාමාන්‍ය වනවා සේම අසාදිතයින් සංඛ්‍යාව නිවැරදිද යන්න ගැන සැකයක්ද මතු කරයි.ශ්‍රී ලංකාව හා සමාන ආසාදිත අගයන් ඊයේ වාර්තාකළ උස්බෙකිස්තානයේ ආසාදිත 1104 කට මරණ 3 කි. ඩොමිනිකන් ජනරජයේ ආසාදිත1221 ට මරණ 4 කි. ඇල්බේනියාවේ ආසාදිත 939 ට මරණ 5 කි.ප්‍රංශයේ අගය සලකන්නේ නම් ලංකාවේ ඊයේ 40000 පමණ ආසාදිතයින් සිටිය යුතුය.කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යා අගයන් නිවැරදි නොවන බවට මීට කාලයකට පෙර විවිධ චෝදනා මතුවූ අතර මේ හේතුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ පුටුද මාරු විය.ඊයේ ලෝකයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවන් පහතින්
|
ඇත්තටම දැන් මියයන්නේ ටික කලකට පෙර ආසාදිත අය ඒක නිසා මේ දත්ත වැරදියි කියන්න බැහැ ආසාදිතයන් සංඛ්‍යාව පොඩි වෙනසක් වෙන්න පුළුවන් ලොකු වෙනසක් නෑ
| -1
|
NEGATIVE
|
ncpp_train_0321
|
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී ඊයේ (29දා) දිනයේදී පැවැති ඊද් ආගමික වතාවත් අතරවාරයේ එය ඉදිරිපිටදී එරට අන්තවාදීන් පිරිසක් කුරානයට ගිනි තැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙහිදී එක් පුද්ගලයෙකු සිය පාවහන ගලවා කුරානයේ පිටු කිහිපයක් වෙත පහරදී ඇති අතර, අනතුරුව ඔහු පල්ලිය ඉදිරිපිටට ගොස් එම කුරානය වෙත ගිනි තබා තිබේ.පසුව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම අවස්ථාවේදී එම ගිනි තැබීමට එරෙහිව 200කට අධික පිරිසක් එම පල්ලිය ඉදිරිපිට විරෝධතාවේ නිරතව තිබේ.
|
කුරානයේ මිනීමැරු කොටස් සංශෝධනය කලොත් මුලු ලෝකයටම යහපතක්.
| 60
|
POSITIVE
|
ncpp_train_0322
|
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එජාප මන්ත්‍රී කණ්ඩායමක්
සූදානමින් සිටින බව
එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බන්ඩාර මහතා ඊයේ (26) සඳහන් කර තිබුණි.
රනිල්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කළ යුතුයි. එජාපයේද පුර්ණ වෙනසක් සිදු කළ යුතුයි. මෙය ආණ්ඩුවේ පුත්තලමේ ජනතාවගේ හඬ නොවෙයි. ශ්‍රී ලංකාව පුරාම ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
|
ෂිහ් අපරාදෙ මං රනිල්ට කඩේ ගියෙ, ඔක්කොම වතුරෙ.
| 30
|
POSITIVE
|
ncpp_train_0323
|
ඉන්දියාවේ අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසු දිවුරුම් දීමේ අවස්ථාවට හා ඔහුට සුබ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනපති මෛත්රිපාල සිරිසේන එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය.
ඉංග්‍රීසි බසින් විමසන ලද ප්‍රශ්න සිංහලයට පරිවර්තනය කර ජනපතිවරයා සිංහලෙන් එහිදී පිළිතුරු දුන්නේය.
එහිදී ශ්‍රී ලංකාවෙන් ගිය 'ද අයිලන්ඩ්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඊළඟ ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල ජනපතිවරයා නැවත ඉදිරිපත්වන්නේද
යන පැනය නැගුවේය.
එයට පිළිතුරු දෙමින් ජනපති දන්වා සිටියේ ලබන දෙසැම්බර් 7 වනදා ජනපතිවරණය පවත්වන්නට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමිසම තමන්ට දන්වා ඇති බවත්ය. තමන් ඉදිරිපත්වනවාද යන්න තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයෙකු නම් කර නැති බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පවසා තිබුණි.
ඒ අනුව තවත් මාස 6 කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
|
මහා පරිමාන වන්චා දුෂන,පුද්ගල අතුරුදන් ඉඩම් කොල්ලකෑම්,ම්නීමෝරු හුරතල්,නේවි අැදුම් අන්දලා සුදුවෑන් මිනීමරුවො රන විරුවො කරපු,හිගන්නො ගල් ගහල මරවපු,ලසන්ත,ඒක්නැලිගොඩ,තාජුඩීන් ඒලොව යවපු,අනේ මන්ද ජනපති අපේක්ෂකලු.
| -4
|
NEGATIVE
|
ncpp_train_0324
|
හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 4 දෙනෙකුගේ මළ සිරුරු මුලින් සොයා ගැනීමෙන් අනතුරුව අද (28) දිනයේදී ද තවත් මළ සිරුරු තුනක් හමුවූ බව එම
නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඒ වනවිට දැනට හමුවූ සිරුරු ගණන 7 කි.
අද අලුයම හමුවූ ඇතින්නියගේ මළ සිරුර රකිමින් වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයක් වූ බවද වාර්තා විය.
මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් විය.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මළසිරුරු ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් අරඹා ඇත.
මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරමින් සිටියි.
කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කර තිබේ.
දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක් වන අතර මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියි.
මෙම සතුන් මිය යෑමට හේතුව පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බවත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.
කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
|
මිත්‍යා විශ්වාස වල එල්බගෙන ඉන්න කවුරුහරි චන්දෙ වෙනුවෙන් කරපු භාරයක් දෝ කියා සැක පහල වෙලා තියෙනවලු.
| 8
|
POSITIVE
|
ncpp_train_0325
|
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංගමය නමැති පක්ෂයකින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට මෙවර වැදි ජනයා නියෝජනය කරන අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.
ඔහු මාධ්‍ය අමතා මැතිවරණයට තරග කරන්නට හේතුවූ කරුණු පහදා තිබුනේ පහත පරිදිය.
‘හේනානිගල බහු ආසනයක්. මෙහේ ජීවත් වන්නේ ආදිවාසී ජනතාව. අපේ රැහේ ඇත්තන් දැන් කොටා බාන්නෙත් හරිම අමාරුවෙන්. අපි කැලේ ජීවත් වෙනකොට මෙතරම් ගැටුම් පොජ්ජක් තිබුණේ නෑ. එදා අපේ ජීවිත හරි සරලයි. රැහේ උන්ට ඉන්න තැන් පොජ්ජක් නෑ. ඉඩම් පොජ්ජක්නැ.
රස්සා පොජ්ජක් නෑ. බොන්න දිය පොදක් නෑ. කැකුලියන්ට, කැකුලන්ට අකුරු කරන්න ගුරුවරු නෑ. පාරවල් කැඩිලා. පයින් යන්න බෑ. බස් ඇත්තෙත් නෑ. අපේ රැහේ එවුන්ගේ ප්‍රශ්න විසඳා දෙන්න ඕනෑ. ඒක මගේ යුතුකම.
අපේ රැහේ වැඩි දෙනාට ජීවත් වෙන්න ආදායම් නෑ. රජයේ රැකියා කරන්න උගත්කමක් නෑ, අපිට අත් බෙතකට ඖෂධ පැළයක්
සොයාගන්න කැලේ යන්න දෙන්නේ නෑ. අපිට ජීවත් වෙන්නෙ නැවත කැලැවට යන්න ඕනි නැ. අපේ අලුත් පරම්පරාව මේ සමාජයේ අතරමං වෙනවා. මේ යන විදියට මං ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ අපේ සියලුම ප්‍රශ්න විසඳාගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හීතලයි. අපේ නායක වන්නිල ඇත්තන්ගේ ආශිර්වාදය මට ලැබුණා.‘
ඒ. දහනායක - දෙහිඅත්තකණ්ඩිය
|
බොලෑ වන්නිල ඇත්තෝ ජනාධිපති තරගයට මැඳු කොරනවානම් අපේ මනාපේ ඒ හූරාට අපි මන්දු කොරනවා. අපේ උන්ට වඩා ඒ හූරා ගොඩක් බුධිමත් කියලා අපි දැක්කා සිරස ලක්ෂපති එකේ.
| 35
|
POSITIVE
|
ncpp_train_0326
|
හිටපු සංස්කෘතික ඇමතිවරයෙකු හා හිටපු කතානායක විජමු ලොකු බන්ඩාරයන්ගේ ප්‍රත්‍රයා වන වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර සිය බිරිය සමග නිවසේදී කළ නර්තනයක් සමාජ ජාල වෙත මෙසේ මුදා හැර තිබේ.
මින් ඉහත නදීෂා හේමමාලි සමග ලබාගත් ඡායාරූප කිහිපයක් නිසාද උදිත් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට විය.
|
මේ අර මහින්දගේ සපත්තු පොලිෂ් කරන්න, ලේස් ගැටගහන්න ඉන්න එක්කෙනා නේද ?
| 15
|
POSITIVE
|
ncpp_train_0327
|
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙහ්ගන් මාකල් සමග පෙමින් වෙලී සිටීම පසුගිය
කාලයේ ආන්දෝලනාත්මක
පුවත් මැවූ අතර මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අතර විවාහ ගිවිස ගැනීම මේ සතියේ නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි. හෙට 28 වනදා එය නිවේදනය කරනු ඇති බවට ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.
33 හැවිරිදි හැරී විවාහ වන්නට යන ඇමරිකානු නිළිය ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් ය. 36 හැවිරිදි ඇය පෙර විවාහයකින් දික්කසාද වූ අයෙකි.
මේ දෙදෙන අතර විවාහය මේ දක්වා රාජකීය විවාහ සිදු කළ ආකාරයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට කටකතා පැතිර තිබේ. හැරී කුමරු හා මේගන් අඳින්නට යන මංගල විලාසිතාවන් පවා අලුත් මුහුණුවරක් ගනු ඇතැයිද කියැවේ.
|
ඔව් ඉතින් එයා මේ ලෝකෙ නෑ නෙ ඉතින් දැන් :p
| 70
|
POSITIVE
|
ncpp_train_0328
|
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේබ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව
පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්‍රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්‍රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
ඇත්ත වශයෙන්ම
රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම
සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.
|
පාර්ලිමේන්තු සැට් එකත් මේක ඉගෙනගත්තොත් මාර වැඩක් තමය් වෙන්නේ
| 7
|
POSITIVE
|
ncpp_train_0329
|
අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.
අද උදෑසන 6.15 ට ෆ්ලයි ඩුබායි යානයකින් පැමිණි නදිමාල් උදේ 6.45 සිට සවස 2.45 පමණ දක්වා පැය 8 ක පමණ කාලයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අතර
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී නදීමාල් පැවසූ කරුණු වලින් කොටසක් පමණක් මාධ්‍ය වෙත හෙළි කර තිබුණි. නදීමාල් පවසා තිබෙන පරිදි ඔහුගේ පියා වන අමල් පෙරේරා සමග ඔහු පසුගිය පෙබරවාරි 3 වනදා ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ඇත්තේ සත්‍ය ලෙසම මාකඳුරේ මදුෂ්ගේ ආරාධනයකට එම සාදයකට යන බව දැනුවත්වය.
තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත
පිටත්ව යාමට පෙර දැන සිටි බවත් එහිදී කොටු වෙයි යයි අපේක්ෂා නොකළ බවත් ඔහු පවසා ඇත.
අදාළ සාදය මාකඳුරේ
මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවත් කියා ඇති ඔහු තමා පිරිස සමග සිරගතවීම බලාපොරොත්තු නොවූ දෙයක් ලෙස සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එදින සාදයේදී තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත් ඒ ගැන එහිදී කළ පරීක්ෂණවලදී තහවුරුවීම නිසා තමාව අතෑර දමනු ඇතැයි විශ්වාස කළ බවත් කියා ඇත.
ඒ අනුව ඩුබායි බලධාරීන් තමන්ව පිටුවහල් කිරීමට පියවර ගනු ලැබුවේ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබු නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
24 වන වියේ පසුවන නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා මෙරටට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් එෆ් - Z547 දරන යානයෙන් වන අතර තමන්ව පිටුවහල් කළ පසුව තමන් සහ ලලිත් කුමාරට ලංකාවට ඒමට මුදල් නොතිබූ නමුත් ඒ ගැන සොයා බලන්නට මාකඳුරේ මධුෂ්ගේ වර්තමාන බිරිය කටයුතු කළ බවත් ඇය මුදල් වියදම් කර ගුවන් ටිකට්පත් සැපයූ බවත් ඔහු කියා ඇත.
දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රශ්න කළ
පසුව ඔහුව මුදා
හැරුණේ පස්වරු 03 ට පමණයි.
ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා නිදහස් නොකර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කර තිබුණි. ලලිත් පැවසූ දේවල් තවම අනාවරණය කර නැත.
නදීමාල් කටුනායක ගුවන්තොටුපළ ඇතුලේ කාමරයක රඳවාගෙන ප්‍රශ්න කිරීම පැය 8 ක් තිස්සේ සිදුවෙද්දී ඒ ගැන රටේම මාධ්‍ය වලින් ආරංචි පැතිර ගිාය නමුත් ඔහු පැමිණි බව ආරංචි වී ඔවුන් වෙනුවෙන් ඩුබායි ගිය බවට පසුගියදා ප්‍රකාශ කළ නීතීඥ ශාබ්දික හෝ සොහාන් හෝ පවුලේ කිිසිවෙකු ඔහු කැටුව යාමට ගුවන් තොටුපළට නොපැමිණි අතර ඔහුගේ මිතුරන් යයි සැකකළ හැකි තරුණයින් දෙදෙනකු වාහනයක් කුලියට ගෙන ඔහු කැටුව යාමට පැමිණ තිබුණි.
මේ අතර දහවල වන විට නදීමාල් අමල් වෙනුවෙන් තමා ඩුබායි ගිය බවට විවිධ ආරංචි ගෙන ආ නීතීඥ උදුල් ප්‍රේමරත්න පැමිණ පෙර කී මිතුරන් දෙදෙනා සමග කතාබහේ සිටිය නමුත් පිටතට පැමිණි නදීමාල් ඔහුවද නොදුටු සේ වේගයෙන් මිතුරන් දෙදෙනා සමග ඇවිදගොස් වාහනයේ නැගී නිවසට ගියේය. නීතීඥ උදුල් නදීමාල් යනුවෙන් හයියෙන් කෑගැසුවත් ඔහු උදුල්ව ගණනකට නොගෙන ඇවිද ගියේය.
ගුවන් තොටුපල පරිශ්‍රයෙන් නදීමාල් පිටතට පැමිණෙන තුරු දිගු වේලාවක් එතැන රැඳී සිටි මාධ්‍යවේදීන් ඔහු එලියට එද්දී අදාළ සිදුවීම පිළිබඳව විවිධ ආකාරයට ප්‍රශ්න කළ නමුත් 'මේ වෙලාවේ මුකුත් කියන්න බෑ..' 'මයින්ඩ් යුවර් අවුන් බිස්නස්'(තමන්ගෙ වැඩක් බලාගන්න) ආදී ලෙස මයික්‍රෆොන මගහරිමින් නදීමාල් පිටතට ගියේය.
නදීමාල් ගිය පසුව එලෙස නදීමාල්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පළ කරමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යවේදීන්ට කියා සිටියේ 'ඇයි එයා සල්මන් කාන්ද ඔයාල එයා පස්සෙ ගිහින් ප්‍රශ්න අහන්නෙ.. එයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ.. ගියේ සල්ලිදුන්න නිසා සිංදු කියන්න එච්චරයි' ලෙසිනි.
|
අද හොඳට ඉන්නෙත් කෙලින් කතා කොරන්නෙත් අපි කාගෙවත් dogma එකකට අහු නොවුණු නිසයි. නිකම් පාරවල් වල ගුටි නොකා නිදහස් අද්‍යාපනය රෙකගන්න ඇත්තටම ඕනි නම් නිදහස් අද්‍යාපනයෙන් හොඳට ඉගෙනගෙන රටට වැඩක් කොරල රට නන්ගපන්, එතකොට ඔය නිදහස් අද්‍යාපනය අපිට රැක ගන්න හොඳ අර්ථියකයක් තියෙනවා. රටේ උගත්ම ළමයි කොටස හැටියට බුද්ධිමත්ව හිතපල්ලා, ගමේ පාසල් ඇත ඇරපු කොල්ල කුඩු කාරයාගේ ගොදුරක් උනා වගේ උබලත් කාගෙවත් පටු උවමනා වල ගොදුරක් බවට පත් නොවේවා!
| 104
|
POSITIVE
|
ncpp_train_0330
|
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මහින් විකාශය කෙරුණු දේශපාලන වැඩ සටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති මනෝජ් ගමගේ මහතා තමාට
තර්ජනයක් වන ආකාරයේ
ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් ඒ දෙදෙනාට විරුද්ධව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පෙරේදා (28) සවස කොටුව පොලිසියට
පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.
රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් සහ නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.
කොටුව පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු
ලැබේ.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
|
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ , වැරදුනා පොලීසියේ ....කාට කියන්නද මේ ජෝක්ස්.....
| -3
|
NEGATIVE
|
ncpp_train_0331
|
මියගිය හමුදා සෙබළකුගේ මව හා පියා වෙනුවෙන් හමුදාවෙන් ඉදිකරන නිවෙසකට අවශ්‍ය දැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලබා නොගත්තැයි උරණව ඔවුන් ආරවුල් ඇති කරගත් එම ව්‍යාපාරිකයාට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව උඩුදුම්බර පොලිසිය පවසයි. මෙම පහර දීම කර ඇත්තේ එම නිවෙස ඉදිකිරීම සඳහා යොදවා සිටි හමුදා සෙබළුන් සිව්දෙනෙකු බවත්, පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසි කියයි.
උඩුදුම්බර දේවින්නේගම පදිංචි තුෂාර විමලසේන නමැති හමුදා සෙබළකු ඉකුත් 2009 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් ඇති අතර යුද හමුදාව ඔහුගේ මව සහ පියා වෙනුවෙන් එම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් පැවති බව පොලිසිය පවසයි. එම නිවසට අවශ්‍ය දැව ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇති අතර, පහරකෑමට ලක්වූ බව කියන ව්‍යාපාරිකයාගේ මිල ගණන් වැඩි හෙයින් අඩු මිලක් යටතේ වෙනත් පුද්ගලයකුගෙන් දැව මිලදීගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.එම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් හමුදා සෙබළාගේ දෙමාපියන් සමග බහින් බස් වී දින කිහිපයක සිට ආරවුල් ඇති කරගෙන ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වූ ඉකුත් 28 වැනිදා එම ව්‍යාපාරිකයා බීමතින් පැමිණ හමුදා සෙබළාගේ මවුපියන් සමග ආරවුල් ඇති කරනෙ ඇති අතර ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් හමුදා සෙබළාගේ මව බිම ඇද වැටී තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසුව පලායමින් සිට ව්‍යාපාරිකයාට නිවෙසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි හමුදා සෙබළුන් සිව්දෙනා පහර දී ඇතැයි පොලිසිය කියයි.පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා බීමතින් ප්‍රදේශවාසීන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 මැලේවීදිය යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා සෙබළුන් සිවු දෙනකු බවද පොලිසිය පවසයි. ඉන්දිකා රාමනායක
|
හරි මුදලාලි කෙනෙක් නම් ලී ටික නොමිලේ දීලා ගමේ ප්‍රසාදය දිනාගෙන ගමටම ලී විකුනල අර මුදලත් කවර්කර ගන්න තිබුන චන්ස් එකත් නැතිකගන.
| 31
|
POSITIVE
|
ncpp_train_0332
|
පසුගියදා ඇතිවූ රෝග තත්ව මත උතුරු පළාත් මහ ඇමති
සිවී විග්නේශ්වරන් මහතා
යාපනය මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අතර සතියක පමණ කාලයක් තිස්සේ ඔහු නේවාසිකව ප්‍රතිකාර ලද නමුත් සුවය ලබා නොතිබුණි. මේ අතර අද ඔහුව යාපනයේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත් ඇතුළත් කර තිබෙනවා.
ඔහුට ශ්වසන රෝග තත්ත්වයක් නිසා වරින්වර අසනීපව තිබුණ අතර මෙවර එම තත්වය වෙනුවට හදවත් රෝග තත්වයක් මතු විය.
විග්නේෂ්වරන් මහතාට
හදවත් සැත්කමක් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි අලුත්ම ආරංචි හෙළි කර තිබේ.
|
මු මැරිලාම පලයන්.කොළඹ ගෙනත් තියෙන්නෙ මොකටද, කවුද එහෙම කියපුහිඟන්නා. උෘ අමිමාගෙන් කිරි බිපු එකෙක් නෙමෙයි. මුපිලිළයක්.
| 10
|
POSITIVE
|
ncpp_train_0333
|
ආරක්ෂක හේතූන් මත රජයේ සේවක සේවිකාවන් අඳින
පළඳින දේ
රජය මගින් අනිවාර්ය නීති ලෙස වර්ග කර දක්වා චක්‍රලේකයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙයි.
රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරිනියන්ට සාරිය – ඔසරිය අනිවාර්ය කර ඇති බවද එහි දැක්වේ.
|
කදිම තීරණයක්. දැන් ප්රශ්නය සාරිය. සියලුම කාන්තාවන් සාරි පැළඳ සිටියහොත්, රටේ සුරක්ෂිතභාවය සහ සෑම දෙයක්ම හොඳ වනු ඇත. හොඳ තීරණයක්. උපදෙස් දුන්නේ කවුද? නැවතත් ඡන්දය දෙන්න ඕන.
| 52
|
POSITIVE
|
ncpp_train_0334
|
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා
මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගයා ශ්‍රී කාරියවසම්
|
මුස්ළිම් හැමෝම තම්බීන් වීමේ අවශ්‍යතාවයකුත් නැතිබව වටහා ගනින්!
| 2
|
POSITIVE
|
ncpp_train_0335
|
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා අධිකරණ තීන්දුවකින් රටේ බංකොලොත්භාවයට වගකිව යුතු අයෙකු ලෙස නම් කරනු ලැබිණි.මේ ගැන ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොතිබූ අතර ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය‘ යනුවෙන් ලිපියක් අද දින මාධය වෙත යොමු කරමින් “ආර්ථික අර්බුදය තමාගේ නිර්මාණයක් නොවේ“ යන්න අවධාරණය කරමින් වෙනත් කරුණු පැහැදිලි කර තිබේ.එම ලිපිය පහතින්
|
මුගෙ කතාව හරි..මු නෙමෙයි නිර්මානය කරෙ...ඔක කරේ මුගේ තාත්ත...ඌ අවාරෙට ගෑනිට නෙලල,කුරහන් සාටකෙන් වතුර ටික පිහිදා ගන්නෙ නෑතුව ඈතුලේ ඈරලා ,මුන් ටික වගේ හොර පුත්තු ටිකක් බිහි කරාට මුගෙ තාත්ත තමයි මේ දේ නිර්මානය කරෙ..
| 4
|
POSITIVE
|
ncpp_train_0336
|
රක්ෂිත බන්ධනාගාරයේ සිට අධිකරණ තීන්දුව අසාදාරණයි කිහමින් උපවාසයක් ඇරඹි විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මුලින්ම බන්ධනාගාර රෝහලටත් දෙවනුව ඊයේ (29 දා) දහවල් ජාතික රෝහලටත් ඇතුළත් කර තිබුණි. මේ අතර ඔහුගේ නිවැරදි සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කීමට හැක්‌කේ ඔහුගේ රුධිර හා
මුත්‍රා සාම්පල් පරීක්‌ෂා
කිරීමෙන් පසුව බැවින් ඒවා ලබාගන්නට වෛද්‍යවරුන්ට උවමනා වුවත්ර පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයක් පැවතීම නිසා එම පරීක්‌ෂණ ජාතික රෝහලේදී කරගත නොහැකිවී ඇත.සෑම පරීක්‌ෂණයක්‌ම පිටතින් කර ගත යුතුව ඇත.
වාහන 90 ක් ඥඡාතීන්ට හිතවතුන්ට ලබාදී අවභාවිත කිරීමේ චෝදනාවකට රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මහතා කියා සිටින්නේ එම අවභාවිතාව තමා පමණක් නොව නියෝජ්‍ය ඇමතිවරුන් සමග හවුලේ කළ බවත් තමාට පමණක් දඩුවම් ලබාදීම අසාධාරණ බවත්ය.
ඔහු කිසිවිටෙක තමා අවභාවිතා කරන ලද රජයේ මුදල් නාස්තිය ගැන ප්‍රකාශ නොකරන අතරම අධිකරණ තීන්දුව වෙනස් කරන්නැයි උසාවියට බලපෑම් කිරීමේ සටන වෙනුවෙන් පවුලේ අය සමග එක්වී කෑම නොගෙන සිටින බව කියයි.
බන්ධනාගාර රෝහලින් ඔහුව ජාතික රෝහලට ගෙන ගියේද හදිසි අසනීපයක් නිසා නොව පරීක්ෂණ වලට පහසු බව කියමින් කලින් සූදානම් කළ ආකාරයටය.
කෙසේ වෙතත් මේ වන විට දින 9 ක් දක්වා උපවාසය ක්‍රියාත්මක වුවත් වෛද්‍ය විද්‍යාත්මක හාස්කමක් ඉඟිකරමින් ඔහුගේ සිරුරේ කිසිදු දුර්වලතාවයක් දක්නට නැති බව රෝහල් ආරංචි හෙළි කරයි.
|
උන්ටත් බනින්න කාලයක් එවි මල්ලි. ඒක නිසා තමයි උන් මුට දඬුවම් දෙන්නෙ නැතිව චුන් කර කර ඉන්නෙ
| -8
|
NEGATIVE
|
ncpp_train_0337
|
හනුමාගෙ කියා වැන්ද
සිරිපාදෙ අසළ පාදයේ ඇඟිලි ළඟදි නෙළපුවා
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කොටසක් මෑතකදී නිර්මාණය කරන ලද බවත් කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත්
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පවසා තිබේ.ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බව හවුරවී ඇතැයි පවසන ඔහු
මේ සමිබන්ධයෙන් එම ස්ථානයට
ගොස් පරික්‍ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායම ඡායාරූප සටහන් ලබාගත් බවත් අවසන් නිගමනයට එලැඹීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් පවසා තිබේ.
එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවද කියැවිණි.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මුලදී මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබුණි.නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා තිබූ අතර පසුව පුද පූජා ආරම්භ විය.
|
කක්කා වේලිලා පස් නොවුනානම් මුන් ඕකටත් වදිනවා හනුමා දාපු *ට්ට කියලා
| 180
|
POSITIVE
|
ncpp_train_0338
|
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති
මාධ්‍ය. හමුවකදි අමාත්‍ය ගාමිණී
ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ
අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.
ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159
ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106
සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136
|
සාධාරණ සමාජයක් වෙනුවෙන් කෑ ගහපු දඹර අමිල හිමිට පසුගිය රජයෙන් මාසයකට අනූ පන්දාහක් ගෙවලා, උසාවියේදි කෙරුවාව හෙළිවෙයි!
| 29
|
POSITIVE
|
ncpp_train_0339
|
අයහපත් කාලගුණය නවතම වීඩියෝ වාර්තා
ඊයේ (29) සවස සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපෑ සුළිසුළං හා වැසි සහිත කාලගුණය නිසා සිදුවූ අලාභහානි සම්බන්ධ වීඩියෝ වාර්තා මේ වනවිට රූපවාහිනී නාලිකා මගින් වාර්තා කර තිබේ.
පහත පළවන්නේ අද දහවල් වනවිට
එසේ පළවූ වාර්තා කිහිපයකි.
|
සීයේ අපි හවසට සෙට්වෙමුද බන් , පංකාදු කිතුල් රා මුට්ටියකුත් තියනවා , මම බයිට් එකට කොත්තුවකුත් ගේන්නම්
| -3
|
NEGATIVE
|
ncpp_train_0340
|
යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ.පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.( ඡායාරූප : ජිවන් චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )
|
මුගෙ මරි පිස්සුවට ජාතියක්ම අනාථ කල වස්සා... තොට හම්බවෙයි රිටර්න් එක
| 16
|
POSITIVE
|
ncpp_train_0341
|
ලබන අවුරුද්දේ සෑම උසස්පෙළ සිසුවෙකුටම
ටැබ් එකක් නොමිලේ
- අගමැති පාර්ලිමේන්තුවේදී කියයි
2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් නොමිලේ ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
මේ ගැන මින් ඉහත ඩිජිටල් ඇමති හරින් සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද ඉඟි කර තිබුණ අතර ලංකාවට ඇමරිකාවේ මයික්‍රසොෆ්ට්
සමාගම ලබාදෙන ආධාර මත
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවට
තොරතුරු පළව තිබේ.
ඒ අනුව පාඩම් විෂය මාලා සම්බන්ධ මුද්‍රිත පෙළ පොත් වෙනුවට ඒවා පරිගණක ඊබුක් ෆයිල් ලෙස ලබාදී පාසලේදී ඔවුන්ට ඒවා පරිහරණයට පහසු කිරීමත් ඩිජිටල් තිර සමග අන්තර් ක්‍රියා කරමින් පන්තිවල ඉගැන්වීමත් සිදුකරන්නට නියමිතය.
2017 වසරේ සිට තෝරාගත් පාසල් පන්තිකාමර 56 ක් ස්මාර්ට් පන්ති ලෙස අත්හදාබලා පසුව එම ක්‍රම දීපව්‍යාප්ත කිරීමේ සැලසුමක් ගැනද පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා හෙළි කර තිබුණි.
සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
|
පන්ති කාමර ෆිල්ම් හෝල් වගේ තියෙයි , ලංකාවේ ,ඉන්දියාවේ උන් අදාල දේ නෙමෙයි නේ කරන්නේ .
| 182
|
POSITIVE
|
ncpp_train_0342
|
නව දේශීය ආදායම් බදු පනතෙන් ඉවත් කර තිබෙන සියලු සහන මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ නැවත ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ ඔහු විසින් රචනා කළ "බදු දඩයම, නව දේශීය ආදායම් පනත" කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේ ද කීය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු 2006දී දේශීය ආදායම් පනත ගෙනාවා. පිටු හතළිස් හතරක් පුරාවට සෑම ක්‍ෂේත්‍රයකම වෘත්තිකයන්ට බදු සහන ලබාදීලා තිබුණා. එම පිටු 44 අවශ්‍යතා
අනුව විටින් විට සංශෝධන වුණා. උතුරු-නැඟෙනහිර පළාත්වලට සහන ලබාදීලා තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ රජයට ලැබිය යුතු මුදල් අඩු වූ බව කියනවා. නමුත් මේ බදු අඩුවීමට හේතු වූ ප්‍රධාන කාරණා තමයි පුරා වසර තිහක් ත්‍රස්තවාදී යුද්ධයට රට මුහුණ පා තිබීම සහ රට නැවත නැඟිටුවීම සඳහා බදු සහන ලබාදීම.
අප රට භාරදුන්නේ සංවර්ධන මාවතේ ඉහළටම ගිහින්. මහින්ද රාජපක්‍ෂ යුගයේදී අයවැය පරතරය 5%ට අඩුකළා. පිටු 44ක් පුරා තිබුණු බදු සහන රවි කරුණානායක මහතා පිටු 2කට අඩු කළා. එය තමයි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය. මේ හේතුවෙන් සිනමාකරුවන්ට නාට්‍යකරුවන්ට, සංගීතඥයන්ට, ග්‍රන්ථ කත්තෘවරුන්ට ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකම වෘත්තිකයන්ගේ බදු සහන අසීමිත ලෙස ඉවත් කර තිබෙනවා.
රාජපක්‍ෂ මහතා ලබාදුන් බදු සහන ඉතිහාසයේ සෑම දෙනාටම අමතක වන ආකාරයට වැළලී යන දෙයක් බවට පත් වෙනවා. මම මේ කෘතියෙන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් මේ රටේ විවිධ ක්‍ෂේත්‍රයන්ට ලබා දී තිබූ බදු සහන තව පනත් කීයක් ආවත් අනාගතයට බලපාන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කිරීමයි.
නැති කරලා තිබෙන බදු සහන මොනවද කියලා මේ තුළින් පැහැදිලි වෙනවා. මහ දවල් මහ බැංකුවේ ඇති වූ මහා මුදල් මංකොල්ලය නිසා රජයේ සුරැකුම්පත් හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට වැඩිය අරගෙන ගිහින් තිබෙනවා. එතකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් තමයි එතැන එකතුව.
මේ බදු පනත නොවෙයි මොන විදිහට දඩයම් කළත් කිසිම ගොඩ යෑමක් නැහැ. මහින්ද රාජපක්‍ෂ ඇවිල්ලා විකල්ප යුගයේ අලුත් ආණ්ඩුවක වැඩපිළිවෙළක් දියත් කෙරුවොත් පමණයි ගොඩයන්න පුළුවන්. මේ ආණ්ඩුව පෙරළිලා ඊළඟට පිහිටුවන ආණ්ඩුවෙන් කරන පළමුවෙනි කර්ත්‍යව්‍ය තමයි මේ පනතෙන් ඉවත් කරලා තිබුණු සියලු බදු සහන කලින් දීලා තිබුණටත් වැඩිය යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරලා ලබාදීම.
හිටපු දේශීය ආදායම් කොමසාරිස් ආර්.පී.එල්. වීරසිංහ මහතා
මේ බදු පනත නියමිත ආයතනවලට යවලා නෙමෙයි සකස් කරලා තිබෙන්නේ. පළමුවෙනි වතාවට ලංකා ඉතිහාසයේ අත්දැකීමක් නැති විශේෂඥයන් විසින් සකස් කෙරූ එකක්. ඒ නිසා මේ පනත එළියට එනකල්ම තිබුණේ රහසක් හැටියටයි. එකම දේශීය ආදායම් පනතක්වත් මේ වගේ අභියෝගයට ලක් වුණේ නැහැ.
මේ පනතට නඩු 10ක් දාලා තිබුණා. ඒවා නිකම්ම නිකන් නඩු නෙමෙයි. නීතිඥ සංගමයත් ගියා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ගියා. අයිතිකාරයෝම ගියා ඒ පනතට විරුද්ධව එය කෙටුම්පත් කිරීමෙත් තිබෙනවා යම් කිසි නොගැළපෙන බවක්. මේ පනත යටතේ සහන දෙන්නේ නැතුව ගියොත් දේශීය ව්‍යාපාරිකයන්ට තිබුණු තැන නැති වෙලා විදේශ ව්‍යාපාරිකයන්ට තැන හැදෙන්න පුළුවන්.
ඉෂාරා සිල්වා
|
ඔය විදිහටම 2500 න් මාසයක් කන විදිහ ගැන පොතක් ලියන්න බැරිද?
| 33
|
POSITIVE
|
ncpp_train_0343
|
ඊයේ පෙරේදා දිනවල එජාප මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ පුවත් ආරංචි විය. ඔහු මහින්දගේ
කණ්ඩායමට එකතුවූ බව
පළවුවත් ලංකාවේ සිටියේ නැත. විදේශයක සිට නැවත පැමිණ කටුනායක ගුවන් තොටුපළෙ මාධ්‍ය වෙත කියා සිටියේ තමාට මහින්ද කථාකරේ නැති බවත් කොන්දේසි සහිතව පමනක් යනවා නම් යන බවත්ය.
කෙසේ වෙතත් සවස ඔහු අරලියගහ මැදුරට ගොස් රනිල් වික්‍රමසිංහවද බැහැදැක සහය පළ කළේ තමා එජාපය අතැර නොගිය බව පවසමිනි.
අද ඔහු මහින්ද යටතේ සංචාරක හා වනජීවී ඇමති ධූරය ලබා ඇත.
|
මූ සේනානායක කියන නම හොරෙන් දාගත්ත එකෙක්.
| 16
|
POSITIVE
|
ncpp_train_0344
|
බ්‍රිතාන්‍ය ජාතිකයා Facebook Live ආව නිසා දික් ගැසුණු
අයිඩෙන්ටි නොපෙන්වා අපි සීඅයිඩී කියන ජාවාරම
බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයක් අතරතුර පසුගිය 24 වනදා මුහුණදුන් සිද්ධියක් මේ වනවිට සමාජ ජාල තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
අඩම් කෙල්වික් නමැති මානව සහන ව්‍යාපෘතියක සේවය කරන මොහු පසුගියදා රත්නපුර ප්‍රදේශයේ සංචාරයකදී සුවඳ හමන ලී විශේෂයක් කියා වල්ලපට්ටා දැව කොටස් විකුණූ අයෙකුගෙන් ඒවා ලබාගෙන තිබෙන අතර පසුව ඔහු තවත් ස්ථාන වලට ගොස් නැවත ඔහු නවාතැන්ගෙන සිටි කොළඹ හෝටලයට කුලී රථයක එමින් ගමනේදී ඔහුව වැල්ලම්පිටිය යාබද ස්ථානයක් පසුකර ගමන් කර තිබේ. අඩ අඳුර වැටුණ සන්ධ්‍යා කාලයේදී අතුරු පාරක ගමන් කරමින් සිටියදී
ඔහු ගමන් කළ වාහනය නැවතූ තවත් වාහනයක පුද්ගලයෙකු මොහු කොකේන් රැගෙන යන බවට සැක යයිද තමා රහස් පොලිසියේ යයිද කියමින් වාහනය පරීක්ෂා කරන්නට අවශ්‍ය යයි කියමින් නතර කර තිබේ.
එම අවස්ථාවේ වාහනය පැදවූ තැනැත්තා නතර කළත් පරීක්ෂාව සඳහා අවසර දෙන්නට පෙර හැඳුනුම්පත
පෙන්වන්නැයි විදෙස් ජාතිකයා ඉල්ලා සිටි නමුත් ඒ පුද්ගලයා එය නොකරයි.නැවත නැවතත් හැඳුනුම් පත නැතිව එය කළ නොහැකි බව දැන්වූ පසු ඔහු පළා යන අතර
ටිකකින් තවත් එවැනිම පුද්ගලයෙකු වාහනය නතර කර බෑග් පරීක්ෂාවට ඉල්ලන්නේ තමා පොලිසියෙන් යයි කියමිනි.
මේ අවස්ථාවේත් විදෙස් ජාතිකයා හැඳුනුම් පත ඉල්ලුවත් රහස් පොලිසියේ යයි කියන ඔහු සතුවද එවැන්නක් නොමැති බව පෙනී යන අතර ඔහුද එය මග හරී. එම පුද්ගලයා වාහනයට නැග එය වැල්ලම්පිටිය පොලිසියට රැගෙන යන්නැයි රියදුරාට දැන්වුවත් විදෙස් ජාතිකයා එයට ඉඩ නොදෙයි. තමා සතුව නීති විරෝධී කිසිවක් නැති නිසා එවැන්නක් කළ යුතු නැතැයි ඔහු පවසයි. එම අවස්ථාවේ වාහනයෙන් බැස දෙවන පුද්ගලයාද පළා යයි.
මෙම සිද්ධියෙන් පසුව හෝටලයට යන විදෙස් ජාතිකයාව අත්අඩංගුවට ගන්නට කියා හෝටලයට එන්නේ නිල ඇඳුම් හැඳගත් පොලිස් නිලධාරීන්ය. ඔවුන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කර වල්ලපට්ටා කිලෝ 3 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පෙන්වා ඔහුව අත්අඩංගුවට ගනු ලබයි.
තමා ඒවා මිලට ගත් අයුරු සියලු විස්තර කියන බ්‍රිතාන්‍ය ජාතිකයා තමා ඒවා ලංකාවේ නීති විරෝධී යයි දැන සිටියේ නැති බව පවසයි.
කෙසේ වෙතත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන රැගෙන යයි.
මෙම සම්පූර්ණ සංසිද්ධින් ෆේස් බුක් ලයිව් යමින් තම හිතවතුන්ට පෙන්වමින් සිටි මෙම මානව සහන නිලධාරියා මේ ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටින අතර මෙම සිදුවීම් වන අතරතුර එම කාර්යාලයේ අවධානයද ඔහුට ලැබි තිබිණි.
පොලිසිය වල්ලපට්ටා අත්ඩංගුවට ගන්නට බ්‍රිතාන්‍ය ජාතිකයා සිටි හෝටලයට ගොස් ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ලබාදුන්
පැමිණිල්ලක් මත මිස රහස් පොලිසිය බ්‍රිතාන්‍ය ජාතිකයාව මගදී අල්ලන්නට ගොස් බැරිවී පසුව සාමාන්‍ය පොලිසිය වෙත එය යොමු කළ නිසා නොවන බවද පසුව හෙළි විය.
ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයාව කිසියම් ජාවාරම් කාරයින් පිරිසකගේ ග්‍රහණයට හසුවන්නට ගොස් ඔවුන් වැඩේ වැරදුණ නිසා පොලිසියට ඔහු හසු කර ඇති බවක්ද පෙනී යයි.
සියල්ල ෆේස් බුක් ලයිව් ඔස්සේ පටිගතවූ නිසා මෙම ජාවාරම් කරුවන් සැලසුම වෙනස් කළ බවක්ද පෙනී යයි.
මෙම සිද්ධියට රහස් පොලිසිය සම්බන්ධ නොතිබියදී මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා කොකේන් අරන් යන බව කියමින් මගදී අල්ලන්නට ආ රහස් පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න ප්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ ඒ ගැන සොයා බලන බවකි.
මේ සම්බන්ධයෙන් සිරස නිවුස් ෆර්ස්ට් සොයාබැලීමක් කර තිබුණ අතර රහස් පොලිසියෙන් කියා ආ වාහනයේ අංකය අනුව එම නිවස පරීක්ෂා කර බැලීමේදී ඒ කියන වාහනය පුද්ගලයෙකුට අයත් එකක් පමණක් බව හෙළිව ඇති අතර එම පුද්ගලයා කියන්නේ තමාගේ යාළුවන් ඇතැම් අවස්ථාවල වාහනය ගෙන යන බව පමණි.
සිද්ධිය අවස්ථාවේ බ්‍රිතාන්‍ය ජාතිකයා ගමන් කළ වාහනයේ රියදුරු දෙමළෙන් කතාකරන කිසියම් වාක්‍යයකින් සැක පහළවන්නේ ඔහුගේ උපදස් මත මංකොල්ල කල්ලියක් රහස් පොලිස් වෙස් ගෙන ඇති බවකි.
සිද්ධියට අදාළ වීඩියෝ පහතින්
බ්‍රිතාන්‍ය ජාතිකයා facebook live ආ හැටි
|
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අදහසක් අවංකවම තියෙනව නං සංචාරකයෝ අපහසුතාවයට පත්වන සිද්ධි හැකි තරම් අවම කරන්න ඕන. විෂේශයෙන් නොදැනුවත්කම හින්ද සමහර සංචාරකයෝ ගොඩක් නීතිමය ප්‍රශ්න වලට මුහුණ දීල තියෙනව. මේවගේ සිද්ධියක් වුනාම ඔවුන් මඟින් ලංකාවට යන්නේ අතිශයිනම නරක චිකයක් ලංකාව ගැන. විදේශිකයෙක් ලංකාවට එන්නෙ හොඳ විනෝදමත් නිවාඩුවක් ගත කරන්න ඔවුන්ගෙ ලංකාවේ ගතකරන කාලවකවුනුව තුළ නරක දෙයක් නෙවීමට ලංකා රජය මෙන්ම ලංකිකයන්ද කටයුතු කරන්න ඕන නැත්නම් අවාසිය එන්නෙ අපේ රටටම තමයි
| 145
|
POSITIVE
|
ncpp_train_0345
|
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේම පොලිස් නිලධාරින් සිවුදෙනා අතුරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමහි සුරක්‍ෂිත ලෙස
සඟවා තිබු රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂයකට අධික මුදලක් පොලීසිය විසින් සොයාගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට සිවුදෙනාගෙන් හෙළිකරගත් තොරතුරු මත රහස් පොලිස් කණ්ඩායමක් මහව ප්‍රදේශයට ගොස් මෙම මුදල් තොගය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් ජාවාරම්කරුවන්ට විකිණූ බවට පොලිස් නිලධාරින් සිවුදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මුදල් ඔවුන් අතර බෙදාගන්නා තෙක් අදාළ පොලිස් සැරයන්වරයාගේ ඉඩමේ වළලා තබන්නට ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (28) පැවසීය.
පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින අතර, ඔවුන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි. මෙම ඉඩමේ තිබූ රුපියල් 3,11,45,000ක මුදලක් පොලීසියට හමුවී ඇති අතර ඒ ඔවුන් හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් මුදලින්
කොටසක් බව පරික්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි ද එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍ය තොගය විකුණා ලබාගත් රුපියල් කෝටි ගණනක මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බව පරික්‍ෂණවලින් පෙනීයන බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීවේය. අධිකරණ නියෝග ලබාගෙන එම ගිණුම් පරික්ෂා කර බැලීමට ද රහස් පොලිසිය කටයුතු කරගෙන යයි. මීට අමතරව මෙම පොලිස් නිලධාරින්ගේ වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි.
මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඒවායින් දේපොළ ලබාගෙන ඇති බවට ඇතිවූ සැකයක් මත මෙම පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපපොලිස් පරික්ෂකවරයකු, මහව දළදාගම ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු, අළුබෝමුලේ පදිංචි සැරයන්වරයකු, කරදෙණිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු සහ එම කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයෙකි.
මීට පෙර 2017 වසරේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමකට පිළියන්දල ප්‍රදේශයේදී පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ද මෙම නිලධාරින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රහස් පොලීසිය පුළුල් පරික්‍ෂණ පවත්වාගෙන යයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලැබීය. අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ඥාති සහෝදරයා සැකකාර පොලිස් නිලධාරීන් සමග කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග යම් යම් ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බව ද රහස් පොලිසිය මෙතෙක් කළ පරික්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි පැවසේ.
ඩුබායි රටට පළාගොස් සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙම පොලිස් නිලධාරින් එරට සිට මෙහෙයවා ඇති බව ද රහස් පොලිස් පරික්‍ෂණවලින් හෙළිවී ඇතැයි ද වාර්තා වේ. මෙම සැකකරුවන් කාර්යාංශය භාරයට ගෙන තිබූ හෙරොයින් මන්ද්‍රව්‍ය තොගය කොස්ගොඩ, බේරුවල, මහරගම, කොට්ටාව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට විකුණා ඇති බව පැවසේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී මේ බව අනාවරණය විණියැයි පොලිස් ආරංචි මාර්ග කියයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක රහස් පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ පවත්වාගෙන යයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආර්.ඒ.ඩී. රොහාන් මහේෂ් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මීට සති තුනකට පමණ ඉහතදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සමග චමින්ද දයා ප්‍රියාන් හෙවත් ටයිල් චමින්ද නමැත්තකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමේදී මෙම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
ටයිල් චමින්ද නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී රිසිටර් වර්ගයේ ගිනි අවියක් ද පසුව සොයාගෙන ඇති අතර, දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක එම සැකකරුට අයත් ගිණුමකින් - රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වන බවට ද තොරතුරු මිනුවන්ගොඩ පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇත. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ මාතර
කාර්යාලයේදී පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරින් සිවුදෙනා 1979 අංක 47 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරන බවයි.
ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්වී උපයාගත් මුදලින් කැබ් රථ, යතුරුපැදි ආදී යානවාහන හා දේපොළ විශාල වශයෙන්ම මිලදීගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද සේනාරත්න මහතා සඳහන් කළේය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)
|
පොලිසිය යනු රජයේ ලයිසන් ලත් පාතාලයයි...
| 119
|
POSITIVE
|
ncpp_train_0346
|
ඊයේ (28) සවස ධාරානිපාත වර්සාව මාධ්‍යයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් නමැති එකමුතුව කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාගමනක් හා විරෝධතා ලියුමක් භාරදීම සිදු කළේ
ඇතිව තිබෙන දේශපාලන අර්බුදය ජනපති මැදිහත්වී ඉක්මණින් විසඳන ලෙස ඉල්ලමිනි.
මෙහිදී මීටර ගණනක් දිග සාරියක සිය විරෝධතා සටන් පාඨ සටහන් කර එම සාරි පොට පිරිස අල්ලාගෙන විරෝධතා පාගමන පැවැත්වූ අයුරුත් පසුව ජනපතිට යොමු කළ සංදේශය සංකේතාත්මක ලෙස ලියුම් කවරයක ආකාරයට සටහන් තැබීමත් විශේෂිතය.
මෙ සඳහා සමනලී ෆොන්සේකා, සුජානි මේනකා,නදී කම්මැල්ලවීර,චාන්දනී සෙනෙවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු ටෙලි නාට්‍ය නිළියන් කිහිපදෙනෙකුද එක්ව සිටිනු දක්නට ලැබුණි. අධික වැසි මැද තෙමෙමින් ඔවුන් සිය විරෝධතාව දක්වා තිබුණි.
|
ගොන් ආතල්... රටෙ බහුතර මිනිසුන්ගෙ හිතුම් පැතුම් නොතේරෙන මුන්. ෂික් විතරක්. මම හිතන් හිටියෙ බිමල් ට මොලයක් තියෙනව කියල
| 9
|
POSITIVE
|
ncpp_train_0347
|
රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය
අහෝසි කෙරේ
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් 31 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන බවට ඊයේ දහවල් නිවේදනයක් නිකුත් වුවද පවුලේ අය එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා රජය එය අහෝසි කර තිබේ.
ශෝක දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස හිටපු අගමැති පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා ඇතුළු
ඒ මහතාගේ පවුලේ ඥතීන්
ඉල්ලීමක් කළ නිසා ශෝක දිනය ප්‍රකාශයට පත්නොකරන බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
වසරේ අවසාන දින දෙක වන 30 සහ 31 යන දින උත්සව සහ අනෙකුත් කටයුතු සැලසුම්කර තිබෙන වකවානුවක් නිසා 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව දුෂ්කරතාවට පත්වනු ඇතැයි වික්‍රමනායක පවුලේ අදහසයි.
එබැවින් එම දින දෙකින් එකක් හෝ ශෝක දිනයක් ලෙස නම් කර ඇත්නම් එය ඉවත් කරන ලෙස පවුලේ ඥතීන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන්ද ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි.
රත්නසිරි වික්‍රමනායක මහතා මියයන්නට පෙර රෝගීවී අසාධ්‍යව සිටින ඡායාරූප පසුගිය සතියේ මාධ්‍ය වල පළවූ අවස්ථාවේද ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මහතා දන්වා සිටියේ තම පියාට එහෙමට අසනීපයක් නැති බවත් ඔහු සුවය ලබා නිවසට ගෙන ඒමට නියමිත බවත් ඡායාරූප පළ කිරීම සදාචාර විරෝධී බවත්ය.
එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව හිටපු අගමැතිවරයා සමුගත්තේය.
|
නිකං පලයන් යන්න ... විදුරයට අකමැති මෑන්ස් යහපාලනේට අරින හින්ද නේද ? ඇත්ත කියහන් .... :p
| 2
|
POSITIVE
|
ncpp_train_0348
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස සිටිමින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, පක්ෂයේ විනය කඩකිරීම, වෙනත් පක්ෂ ප්‍රවර්ධනය ආදී චෝදනා ගණනාවක් යටතේ මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග,
පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම ඇතුළු හත් දෙනකු වෙනුවෙන් මෙලෙස ඉදිරි දිනවලදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් පොහොට්ටුව ප්‍රවර්ධනය, එම පක්ෂය වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම, රැස්වීම් සංවිධානය කිරීම ආදි චෝදනා රැසක් මෙම මන්ත්‍රීවරුන් පිරිසට එල්ල වී චෝදනා වේ.
පක්ෂ ව්‍යවස්ථාව අනුව, පක්ෂයේ සාමාජිකයන් ලෙස සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය, ඒ වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම, ආදිය සිදුකළ නොහැකි අතර මෙම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ ලෙස විවේචනය කිරීම ද සිදුකරන බැවින් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.
|
ahapan umbe bappochchigen.
| -2
|
NEGATIVE
|
ncpp_train_0349
|
පාර්ලිමේත්තුව තුළ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයුතු කළහොත් මියයන තුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ඊයේ (28දා)
පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසූරිය මහතාට භාර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේද එම සිදුවීමේදී කලහකාරී ක්‍රියාවට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර, එම වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා,
"අපට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන් නම් කරලා බලන්න. වීජේකලාට ඒක නීතියක්, අපට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙනකම්ම උපවාස කරනවා" යැයි පැවසීය.
-චාමර සම්පත්-
|
යකෝ වතුර බිබී මාරාන්තික උපවාස කරන්ඩ පුලුවන්ද? මූ මාරාන්තික උපවාස කියන එකේ තේරුම දන් නැද්ද?
| 4
|
POSITIVE
|
ncpp_train_0350
|
රහතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක ගෞරවය කෙළෙසමින් පිදුරංගලදී විනෝදයට නිරුවත් ඡායාරූපවලට පෙනී සිට පසුව ඒවා අන්තර්ජාලයේ හුවමාරු කරගත් තරුණ කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් කුරුණෑගල පදිංචි
කරුවන් පිරිසක් වන අතර
මලියදේව විද්‍යාලයෙන් මෑතකදී අධ්‍යාපනය අවසන් කළ පිරිසක් බවට තොරතුරු හෙළිව තිබේ.
එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිය ෆේස් බුක් ගිණුම් කිහිපයක්ද මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.
ඒ අය අතුරින් දීමන්ත සපුමල් නමැති තරුණයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.
ඒ අතරම ඔහු පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කණ්ඩායමට අදාළ නැති සංස්කරණය කළ වැරදි ඡායාරූපද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරණ බවත් ඒ කෙසේ වෙතත් තමන් කළේ වරදක් බව පිළිගන්නා බවත්ය.මෙම සිද්ධිය නිසා පාසල් නාමයට හානි කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා ඇත.
එම සටහන පහතින්
|
අනේ මෝඩයෝ ස්කෝලෙන් කියලා දීලා නැදද් වැඩක් කරන්න කලින් ඒක හරිද කියලා බලන්නග තොගේ වැරද්දක් නැ යකෝ ඒක තියෙන්නේ තෝ වදාපු විදියේ වැරද්දක් එතනයි තියෙන වෙනස නියම විදියට ජාතක කරලා වැදුවානම් තොට ඒක කරන්න කලින් තේරනෙවා යකෝ.
| 6
|
POSITIVE
|
ncpp_train_0351
|
කලාපයේ ඉහළ විදුලි ගාස්තු සහිත රටක් ලෙස අප රට පත්ව ඇති බැවින් විදෙස් ආයෝජකයන් මෙහි ආයෝජනය කිරීම අවම වී ඇති බවත් එහෙයින් විදුලි ගාස්තු අවම කිරීමට කටයුතු කළ යුතු බවත් එහි ප‍්‍රධාන කළමනාකරු විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ලංවිම යනු රටේ ප‍්‍රධාන ආයතනයක් සේම රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක් බවත් එම ආයතනය වගේම රට ගොඩගන්න නම් වංචාව, දූෂණය පිටුදැක විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය.
ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා (25 වැනිදා)
එම අදහස් පළකළේ ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රධාන කාර්යාලයේ සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවකදීය.
මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡුා කළ ඇමැතිවරයා ඔවුන් අමතමින් වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
‘‘ලංකා විදුලිබල මණ්ඩලය කියන්නේ මේ රටේ ඉතාමත් වැදගත් ආයතනයක්. ඒ වගේම රටට විශාල බලපෑමක් කළ හැකි ආයතනයක්. ඒ නිසා අපි මෙම ආයතනය රැකගැනීමට කටයුතු කළ යුතුයි. මේ වන විට රටේ ජනතාව අතර මතයක් පවතිනවා මෙම ආයතනය තුළ අක‍්‍රමිකතා සහ දූෂණ පවතින බවට. ඒ ප‍්‍රචාරයන්ගේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත්, ආයතනය රැක ගැනීමට අපි ක‍්‍රියාත්මක විය යුතුයි. වෙනත් ආයතනවල වෘත්තීය සමිති සමග සාකච්ඡුා පැවැත්වීම තරමක් අසීරුයි. නමුත් මෙම ආයතනයේ වෘත්තීය සමිති විසින් රටේ, මෙන්ම ආයතනයේ පැවැත්මට අදාළ වැදගත් කරුණු රාශියක් මට ඉදිරිපත් කළා. මම තවදුරටත් සේවක පිරිස් වෙතින් ඉල්ලා සිටින්නේ ආයතනය රැකගන්න හැකි ආකාරයේ යෝජනාවන් මෙන්ම දූෂණ අක‍්‍රමිකතා තිබෙනවා නම් ඒවා පිටුදකින්න, අවම කරගන්න හැකි ක‍්‍රමවේදයන් තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලයි. ලංවිම අක‍්‍රිය වුණොත්, මුළු රටම අක‍්‍රීය වේවි. අන්න ඒ තත්ත්වය අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුයි.
කලාපයේ වැඩිම විදුලි බිලක් සහිත රටවල් අතරට අද අපේ රට එකතු වෙලා සිටින්නේ. ඒ නිසා විදේශ ආයෝජන විශාල වශයෙන් අවම වෙලා තිබෙනවා. ඒ තත්ත්වය
මත විදුලි බිල අවම කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් මම ඕනෑම වෙලාවක කැප වෙලා සිටිනවා. ඒ නිසා ඕනෑම ගැටලූවක් තිබෙනවා නම් ඕනෑම වෙලාවක ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න. විශාල ප‍්‍රශ්න සහිත අමාත්‍යාංශවල තමයි මම මීට පෙර කටයුතු කළේ. නමුත් කිසිම ආරවුලක් සිදුවුණේ නැහැ. මේ අමාත්‍යාංශයත් ඒ ආකාරයෙන් සාර්ථකව කරගෙන යන්න මම ඔබලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
නව ජනාධිපතිතුමා නව ආකාරයෙන් සිතා කටයුතු කරන කෙනෙක්. එතුමා පූර්ණ කැපකිරීමක් තුළින් තමයි රට ඉදිරියට ගෙනයන්න හදන්නේ. එතුමා සියලූ වියදම් අවම කරලා, නාස්තිය පිටුදැකලා තමයි පාලන කටයුතු මෙහෙයවන්න සැලසුම් කරන්නේ. ඒ ආකාරයෙන්ම තමයි අපිටත් කටයුතු කරන්න සිදුවෙන්නේ. එහෙම නොවුණොත් රට ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වෙන බව පැහැදිලියි. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට වගේම අමාත්‍ය මණ්ඩලයට පමණක් බැහැ. සෑම කෙනෙක්ම දැඩි කැපවීමකින්, රට වෙනුවෙන් කටයුතු කිරීමෙන් තමයි අපිට මේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩ එන්න එැකි වන්නේ. ආයතනය වගේම රට ගොඩගන්න නම් වංචාව, දූෂණය පිටුදැකලා, ඊට එරෙහිව අවශ්‍ය පියවර අනුගමනය කරමින් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුයි.ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ජීවත්වීම සඳහා ස්විට්සර්ලන්ත රජය මගින් සුඛෝපභෝගී නිවසක් ද ලබාදී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.
සිරිමන්ත රත්නසේකර
|
ඉස්සෙල්ලා පුටුවෙ හරියට වාඩිවෙන්න පුරුදුවෙන්න
| 7
|
POSITIVE
|
ncpp_train_0352
|
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත්කර තිබෙයි. දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඒ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නැවත සිරමැදිරියට යායුතුය. 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී ඔහුට මරණ දඬුවම නියමව තිබුණු නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්‍රදානය කර නිදහස් කළේය.එම තීරණය ගැන මියගිය භාරතගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අද අධිකරණය දන්වා සිටියේ නඩුව විභාගය අවසන් වනතුරු දුමින්දගේ ජනපති සමාව අවලංගු වන බවයි.ඒ අනුව දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇත. 2021 දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබූ අතර ඔහු පසුගිය කාලයේ විදේශ ගතවූ බවටද වාර්තා පළ විය. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයද යළි කඳවීමටද නියෝග කර තිබේ. ඔහු විදේශගතව සිටීනම් නැවත සිරගත කරන්නේ කෙසේද යන්න ගැන අධිකරණය වෙත පොලිසිය නැවත වාර්තා කළ යුතුව තිබේ.
|
මැයි මුලදී රටින් පිටවුනා කියලා වාර්තා උනා කාරී නැහැ .....උසාවිය නිර්භය තීන්දු දෙමින් ඉන්නවා වීරවැස්සිගේ නඩුවත් එවැන්නක් කෝ රෝයල් පාක් වින්දිතයෝ ඔන්න අවස්තාව (ශර්මන්ත ජයමහත් ඒ කාලෙම රට පන්නා ) දඬුවම රිවස් නොවුනත් මොකෝ මේ කාලකන්නි රටේ නැති එක මදැයි
| 3
|
POSITIVE
|
ncpp_train_0353
|
චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ගෙවා නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 1964 සිට අවුරුදු 56ක
කාලයක් තිස්සේ චිත්‍රපට 178කින් මෙසේ මුදල් අයවිය යුතුව තිබෙන අතර ඒවායෙන් චිත්‍රපට 101ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් වී නැතැයි ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තාවක දැක්වේ.
චිත්‍රාගාර සේවා, දළ සේයා පට මිලදී ගැනීම, පිටපත් මුද්‍රණය, රසායනාගාර සේවා, ශබ්දාගාර සේවා,
ශිල්පීන්ට ගෙවීම, සංස්කරණ සේවා යන හේතූ මත මෙම ණය මුදල් ප්‍රදානය කර ඇති අතර එම ණය ගෙවා අවසන් කරන්නැයි අදාළ නිෂ්පාදකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ද විත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙරේදා (29 වැනිදා) පැවැසීය.
මෙම ණය හිමියන්ගේ ලැයිස්තුවෙහි පැරැණිම චිත්‍රපටය ලෙස 1964 ඔක්තෝබර් 22 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ ශාන්ති ෆිල්ම්ස් නිෂ්පාදනය කළ 'සසරක හැටි' චිත්‍රපටය සඳහන් වන අතර ආසන්නතම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 2017 වසරේදී ණය මුදල් ලබාගත් ඒ.ඒ.ඒ. ක්‍රියේෂන්ස් සමාගම නිෂ්පාදනය කළ ‘නැති බැරි ටාසන්’ චිත්‍රපටයයි.
රුපියල් 750ක් හැටියට අඩුම ණය මුදල ලෙස 1994 දී ණය ලබාගත් සරසවි චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ ‘ඇතිදා මිතුරු නැතිදා හතුරු' චිත්‍රපටය සඳහන් වන අතර එය ප්‍රදර්ශනය කෙරී නැත. රුපියල් ලක්ෂ 35ක් හැටියට වැඩිම ණය මුදල අයවිය යුතුව තිබෙන්නේ 2011 දී 'ගුරු ගීතය' චිත්‍රපටය නිෂ්පාදනය කළ මූන්ස් ටෝන් මූවි පෞද්ගලික සමාගමෙනි.
-සමන්ත යහම්පත්-
|
හැමදාම tv චැනලයක් වල චිත්‍රපට යද්දී කවුද සිනමා ශාලා වලට යන්නේ ?
| 27
|
POSITIVE
|
ncpp_train_0354
|
සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.
රියදුරු බලපත් ලබාදීමට මීට පෙර පැවති ක්‍රමයේදීද බරවාහන සදහා පමණක් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වූ අතර සැහැල්ලු වාහන සදහා එවැන්නක් හදුන්වාදී තිබුනේ මෑතකදීය. එම කටයුත්ත සංවිධානාත්මකව සිදු නොවීම නිසා විශාල පිරිසක් දිනපතා රස්තියාදු වූ බවට පැමිණිලි තැබී තිබුණි.
|
Examiner දවසට 100, 000ක් විතර පගාව ගන්නවා ලනේර්ස් වලින්
| 19
|
POSITIVE
|
ncpp_train_0355
|
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද ටට්යානා අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කළාය.ඉපැදුණ දරුවා පුතෙකි.කොළඹ නවලෝක පුද්ගලික රෝහලේදී අද අලුයම
දරුවා බිහි කළ බවත් මව හා දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාම මෙම වසර තුළ විවාහ දිවියට පිවිසි අතර මේ අවුරුද්දේම මහින්ද සීයා කෙනෙකු වී ඇත.
|
ඉතින් අපිට පු...ද?
| 18
|
POSITIVE
|
ncpp_train_0356
|
ලංකාවේ පාරම්පරික පුරාණ ශාස්ත්‍රයක්වූ ජ්‍යොතිෂ්‍ය ඇසුරින් ශාස්ත්‍ර හීනයන් සිදුකරන වැරදි අනාවැකි හේතුවෙන් එම විෂය හෑල්ලුවට ලක්ව ඇති බවත් මේ දිනවල සිදුවන ග්‍රහමාරුව පිළිබඳ සත්‍ය කරුණු වසන් කර දේශපාලන වාසි ලබාගන්නන් නිසා තම පාරිභෝගිකයන්ද අතහැර යන තත්වයක් උදාවී ඇති බවත් සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂ්‍යෙව්දීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
මෙම නිවේදනයට
ආසන්නම හේතුව ලෙස දක්වා ඇත්තේ ජනපතිවරයා මියයන බවට විජිත රෝහණ නමැති පුද්ගලයෙකු සපයා ඇති ද්වේශසහගත ප්‍රබන්ධය බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.
‘කැපී පෙනීමේ හීන මානසිකත්වයෙන් පෙළෙන මෙම පුද්ගලයා ඉන්දීය අගමැතිවරයාට පහරදී එකල කැපී පෙනීමට වෙරදැරීමෙන් පසු ලංකාවට අගෞරවයක් හා කැලලක්ද ඇති කර තිබුණ අයෙකි. පසුව ඔහු සිරගතවී සිටියදී සිර කූඩුවට ජ්‍යොතිෂ්‍ය පොත්පත් ගෙන්වාගෙන කියවා සිර කරුවන්ගේ හඳහන් බලා මෙම ශාස්ත්‍රය තනිවම ඉගෙන ගෙන ඇති බව පැහැදිලිය. ගුරුවරයෙකුගෙන් ජ්‍යොතිෂය ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එහි ආචාර ධර්ම ගැන කිසිදු වැටහීමකින් තොරවූ ඔහු නැවත කැපී පෙනීමේ අටියෙන් ප්‍රකට පුද්ගලයින් මියයන බවට අනාවැකි පළකරන අතර ජ්‍යොතිෂ්‍යවේදිහු කිසිවෙකු මේ ආකාරයට කෙනෙකුගේ මරණයක් ගැන අනාවැකි කීම නොකරති.
සිරෙන් නිදහස්වූ පසු කැසට් පට අලෙවි කිරීමේ ව්‍යාපාරයකට අත ගසා ප්‍රබල ජාතිවාදීයෙකුවී සිටින ඔහු වයසින් මුහුකුරා ගියත් කැපී පෙනීමේ ආසාව අත්නොහැර ඇති බව මෙකී වැරදුණ අනාවැකියෙන්ද ඔප්පු කර ඇත.‘
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම අවභාවිතාව නිසා වෘත්තීය ජ්‍යොතිෂ්‍යව්දීන්ගේ වයාපාර කටයුතු වලටද බලපෑම් එල්ලවී ඇති බවකි.
|
සුමනදාස උබ මුස්ලිම් නෙද?කොහෙද යකෝ මුස්ලිම් උන් සුබ කරගෙන තියෙන්නේ.ඔකුන් ලොකේ මරාගන්නවා ඉවරයක් නැහැ.තොට උදාහරනයට ගන්න තිබුනේ බටහිර දියුනු රටවල මිනිස්සු.නැතුව පොතක තියනවා කියලා මිනි මරන ජාතියක් නෙමෙ.
| 69
|
POSITIVE
|
ncpp_train_0357
|
තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නීත්‍යනුකූල බිරියට අමතරව අනියම බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.
නීත්‍යනුකුල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙත් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදි බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි.
බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යානුකුල බිරියට බාරදී ඇත.
තමාගේ බිරිය තමාට කොස්සක් කැඩෙන තුරු පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබු පැමිණිල්ල කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි පි.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරිකෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවී විභාගයට ගෙන ඇති අතර පැමිණිලි විභාගය සදහා පැමිණිලිකාර වෛද්‍යවරයාද, ඔහුගේ නිත්‍යනුකූල බිරිද දන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වා තිබිණ.
එම්.බි.බි.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබේ.
වෛද්‍යවරයාගේ නිත්‍යනුකුල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය වි ඇත.
වෛද්‍යවරයාට අනියම් බිරියන් පස් දෙනෙකු ඔවුන්ගෙන් දරුවන් 10 දෙනකු ද සිටින බව මෙම පරීක්ෂණයේදී හෙළි වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
නිත්‍යනුකුල බිරිඳ තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනකු සිටින බව දැනගෙන ඇතැයි කියන්නේ ඔහු විවාහ කරගෙන ටික කාලයක් ගතවිමන් පසුව යැයි කියති. නිත්‍යනුකූල බිරිය වෛද්‍යවරයාට කොස්සකින් පහරදුන් බව කියන පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ බවද කොල්ලුපිටිය පොලිසිය කියයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
|
මුගෙන් බෙහෙත් ටිකක් අරන් බලන්න ඕනේ , මම මේ එකක් එක්ක ඉන්නෙත් අමාරුවෙන්
| 51
|
POSITIVE
|
ncpp_train_0358
|
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ
සිරුරේ තැලීම් ඇති බවට මරණ පරීක්ෂක වාර්තා
ශරිර කොටස් රස පරික්ෂක වෙත
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ නිවසේදි මිය ගිය බවට වාර්තාවූ තරුණයාගේ මරණ පරීක්ෂණය අද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර මහතා විසින් සිදු කරනු ලැබුවා.
එහිදී මියගිය තරුණයාගේ නාසයෙන් රුධිරය පිටවි ඇති බවත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා ගොස් ඇති බවත් සටහන් කර තිබෙන අතර බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත
අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කොට තිබේ.
ඒ අනුව තරුණයාගේ මිය යෑම වැඩිදුර අධ්‍යයනයකින් මිස හේතුව නිශ්චිතව දැක්විය නොහැකි බව
රෝහල් මරණ පරික්ෂක ගලගෙදර මහතා සටහන් කොට ඇත. තිරණයකට එළඹිමට නොහැකිවිම නිසාවෙන් විවෘත තින්දුවක් ලබා දුන් මරණ පරීක්ෂකවරයා තලංගම පොලිසියට ඒ ගැන දැනුම්දීමෙන් පසුව පොලිසිය බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කළා.
කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ජයවර්ධනපුර රෝහලටද ගොස් තරුණයාගේ සිරුර පරික්ෂා කළා. පසුව නියෝග කලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දකුණු
කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තා තමාට ලැබිමට සලස්වන ලෙසයි.
එ් අනුව පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ තින්දුව වුයේ සිරුරු කොටස් රජයේ රස
පරික්ෂක වෙත යොමු කිරිමයි.
දකුණු හෝකන්දර අංක 71 නිවසේ පදිංචි 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායක නමැති තරුණයා මේ ආකාරයට මියගොස් තිබුනේ විමල් වීරවංශට අයත් නිවසේ උඩු මහලේදී රාත්‍රියක් නවාතැන් ගෙන සිටියදීය.මියගිය තරුණයා කලක පටන් විමල් වීරවංශ මහතාගේ නිවසටයන එන බවත් විමල් පුතු විභූතිගේ මිතුරෙකු බවත් වාර්තාවී තිබුණා.
තරුණයාගේ නිවස පිහිටා තිබුනේද විමල්ගේ නිවසට ඉතාම ආසන්නයේය.
විමල්ගේ බිරිය ශෂී වීරවංශ මේ මරණය ගැන මාධ්‍ය ඉදිරියේ කියා තිබුනේ
තරුණයා මියයනතුරු මේ ගැන කිසිවක් දැන සිටියේ නැති බවත් ඔහු උදේ නැගිටින්නේ නැතැයි තම පුතා කියූ පසු තමා ඒ ගැන බලන්නට ගියේ තරුණයාගේ මව වන රූපිකා නිවසට කැඳවා ඒමෙන් පසු ඇයත් සමග බවත්ය.
තරුණයාගේ පියාගේ ආරෙයට යමින් තරුණයාද හෘදයාබාධයකින් මියයන්නට ඇති බව තරුණයාගේ මව කියූ කතාවක්ද විමල්ගේ බිරිය මාධ්‍ය වෙත කියා සිටියාය.
මේ සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ලැබුණ පසු මහේස්ත්‍රාත් නියෝගයක් ලැබෙන්නේ නම් පොලිස් පරීක්ෂණ සිදුවනු ඇතැයි වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්
|
මචං ඒ දෙකම කරන්න ඌට බැහැ. ගෑනි මාරු කලොත්, හොරා කාපු රහස් එලි වෙනවා. පක්ෂේ මාරු කරන්නත් බැහැ කව්ද ඔය මළකුණු ගවයා ව ගන්නේ?
| 5
|
POSITIVE
|
ncpp_train_0359
|
වැට් බදු වෙනස් කරනවා
- ජනපති කියයි
ජනතා විරෝධය හමුවේ ලබන සඳුදා සිට පවතින වැට් බද්දට සංශෝධන ගෙන එන බව ජනපති මෛත්රිපාල සිරිසේන අද(29) ගිරාඳුරුකෝට්ටේදී පවසා ඇත.
ගිරාදුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ
පැවති
වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ති‍්‍රක් ජාතික වැඩසටහනට එක් වෙමින් ජනපතිවරයා මෙසේ කියා ඇත.
‘නව බදු පැනවීමත් සමග රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපා ඇති අපහසුතා මට දැනගන්නට ලැබුණා. ඒ ගැන සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම සඟහා බදු සංශෝධනයක් සිදු කිරීමට ද ඉදිරියේදි කටයුතු කරනවා. රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත‍්‍ර ප‍්‍රශ්නයත් විසඳනවා. මේ ගැන තීරණ අරන් වැට් බදු සංශෝධන ලබන සඳුදා ඉදිරිපත් කරනවා’
|
මමනම් කල්පනා කරන්නේ හිටන් කියපු ඒවායින් කරලා තියෙන්නේ මොනවද කියල..විධායකය නැති කරනවා කිව්වා..දැන් එක සුපර් ග්ලු ගාල වගේ අලවාගෙන ඊ ලග පාරටත් රෙඩි වෙන්න ගන්දබ්බයෝ ලව්වා මුට්ටිය දම්මවල බලනවා..නිර්පාක්ෂික වෙනවා කිව්වා ..අද පක්ෂ බදා ගෙන විරුද්ධ ජනමතය මංකොල්ල කාගෙන පය ගහ ගන්න බිමක් හදා ගන්න දාගලනවා..උදාහරණ දාහක් දෙන්න පුළුවන් මේ අවුරුදු දෙකට..හැමතිස්සෙම හිටන්ගේ කතා අපිනම් අහන්නේ ඉස්සරහට නොට් ගේට් එකක් දාල...
| 23
|
POSITIVE
|
ncpp_train_0360
|
වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක
‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘ ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයිනිළිය,නළුවන් හා අධ්‍යක්ෂ රිමාන්ඩ්
ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අසභ්‍ය වීඩියෝ නිර්මාණකරු හා එහි රඟපෑ නිළිය හා නළුවන් දෙදෙනා අද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත‍්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් සිව්දෙනාවම ලබන මස 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරනු ලැබුවා.
පොලිසිය සඳහන් කරන්නේ මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිත
මෙම අසභ්‍ය වීඩියෝව
නිෂ්පාදනය කිරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ සංශෝධිත වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවකි.
කෙසේ වෙතත් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වා සිටින්නේ
මෙම වීඩියෝව ලංකාවේ කිසිම ප‍්‍රසිද්ධ නාලිකාවක හෝ බාහිර ප‍්‍රදර්ශනයක් හෝ නොකරන ලද්දක් බවත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යන ලේබලය යටතේ නිර්මාණය කර 18 ට වැඩි අය සඳහා අලෙවි කළ ටෙලි නාට්‍යයක් පමණක් බවත්ය. එය ‘නිල් වීඩියෝවක්’ නොවන බව ඔහුගේ තර්කයයි.
කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වනු ඇත.
නඩු භාණ්ඩ ලෙස මෙම DVD පටයේ පිටපත් 6000 ක්ද ඉදිරිපත්ව තිබුණ අතර ‘තොල් පෙති අතරින්’ නමින් කවරය සරසා තිබුණ එම DVD පටයේ ‘වයස 18 ට අඩු අයට විකිණීම තහනම්’ යනුවෙන්ද සටහනක් තබා තිබුණි. එම කවරයේ සඳහන් කර තිබුණ අධ්‍යක්ෂවරයාගේ නම ‘ජී.එස්.පතිරණ’ නම් විය.
සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්
එම කවරය පහතින්
|
හික් හික්...ලාලෝ උබලා කර්මාන්ත ඇති කරන්න යන්නෙ වැල හදන්නද, ලැජ්ජයි බන්..මේ රටෙ රස්සාවල් හදන්න කොච්චර හොද විදි තියෙනවාද? ඒවා කරන්නෙ නෑ..උබලා බලන්නේ කොහොමහරි තමුන්ගෙ බඩ වඩාගන්න මිසක් රට දියුනු කරන්න නෙවෙයි දැන් උබලා වගේ එවුන්ට වෙනම ෆිල්ම්ස් හදන්න වෙයි, මොකද උබලට ඔවා හරියන්නෙ නෑනේ
| 4
|
POSITIVE
|
ncpp_train_0361
|
ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත් හා නීතිරීතීන් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා 03ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය
මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එමඟින් හෙතෙම ඉල්ලා ඇත්තේ, ගව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන හෝ ඝාතක ආඥාපනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම නොපමාව සිදු කරන ලෙසයි.
එසේම ගව මාංශ පරිභෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනයට හා සහන මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගැනීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්වයට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සිය යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත. ඒ අනුව මෙම යෝජනා 03 ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගව ඝාතනය තහනම් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ "ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා" යනුවෙනි.
-නිදර්ශි වික්‍රමසිංහ-
|
නැහැ මල්ලි Moody ඥාතියෙක් නෙවෙයි . හරක් ගැන comment කලාම ඇයි ඔයා upset ?? සමාවෙන්න !! මම අදහස් කලේ බත් කන හරකෙක් ගැන නෙමෙයි .
| 8
|
POSITIVE
|
ncpp_train_0362
|
දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය
පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙම දැරිය දූෂණය කළා යයි කීවාට සත්‍ය ලෙස විමසා බැලීමේදී ඇය
වරින් වර එක් එක් පුද්ගලයින් රැගෙන ගොස් නතර කර තබාගෙන අඹුසැමියන් ලෙස හැසිරී ඇති සෙයක් පෙනී යන අතර ඇය අවස්ථා කිහිපයකදීම දින ගණන් නිවසේ නැතිව සිටියදීත් ඇයගේ ආරක්සාව වෙනුවෙන් නිවැසියන් උනන්දු නොවීමද ප්‍රහේලිකාවකි.
මෙම දැරිය 2016 අගෝස්තු මාසයේ දිනක රත්ගම ප්‍රදේශයේ තරුණයකු විසින් නුගදුවට පැමිණීමට කියා රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දින තුනක් තබාගනිමින් දූෂණයට ලක් කර ඇති බව ඇයගේ මව පවසන පළමු සිදුවීමයි.
පසුව 2017 පෙබරවාරි 10 දින බළපිටිය ප්‍රදේශයේ ටයිල් බාස් කෙනකු මෙම දැරිය මීගමුව ප්‍රදේශයේ කාමරයකට රැගෙන ගොස් සති තුනක පමණ කාලයක් එම කාමරයේ නතර කර ගනිමින් දූෂණයට ලක් කර ඇති බව දෙවැන්නයි.
මෙම දැරිය දූෂණයට ලක් කළ බැව් කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහ දැරිය දූෂණයට ලක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලය සහ මීගමුව ප්‍රදේශයේ කාමරය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ගාල්ල - කේ.ඒ.එස්. කුමාර, ලලිත් රුහුණගේ)
|
කීයක් බැන්දත් ලමයෙක් හදාගන්න බැරිවුනා.
| 18
|
POSITIVE
|
ncpp_train_0363
|
Hotel Opening at Mount Lavinia
Pix By- Indika Prabath Weerasinghe
Apex Fashion Show
Pix By -Suren Abeysundara
|
හරියට හරි බන් උබ ටක්කෙටම කිව්වනෙ. ඕකිගෙ නම භාග්‍යා ප්‍රසාදි තෙන්නකෝන්
| 13
|
POSITIVE
|
ncpp_train_0364
|
නොවැම්බර් 12 වැනිදා නායයාමකින් උතුරු ඉන්දියාවේ උමගක සිරවී සිටි ඉදිකිරීම් කම්කරුවන් 41 දෙනාම බේරාගෙන තිබෙන බව අද (28) සන්ධ්‍යා කාලයේ වාර්තා විය. උත්තරකාන්ද් ප්‍රාන්තයේ කඩා වැටුණු උමඟේ සුන්බුන් අතරින් ඇතුළු කර ඇති විෂ්කම්භය 90cm (අඩි 3) නලයක් හරහා නිස්සාරණය කර මෙම බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදු කර ඇත.උමං මාර්ග විශේෂඥයෙක් පවසන්නේ දේශීය වේලාවෙන් ඉන්දියාවේ වේලාවෙන් 7.05 ට ගලවාගැනීම් කණ්ඩායමට ඇතුළට වැදීමට හැකි වූ බවයි. කිසිවකුට තුවාල සිදුවී නැතැයි සිතන නමුත් වෛද්‍ය පරීක්‍ෂණ සිදුකෙරෙමින් පවතීලෝහ කූරු කපා හැරීමේ අවශ්‍යතාවය නිසා ගලවා ගැනීම අඩාල වී තිබුණ අතර ලිහිල් පස් සහ තද පාෂාණ නිසා ප්‍රගතිය ද මන්දගාමී වී තිබුණි. මං මාර්ගයක් ඉදිකිරීමට උදව් කරමින් සිටි පුද්ගලයින් නොවැම්බර් 12 දා සිට සිරවී සිටි කාලයේ බලධාරීන් විසින් මිනිසුන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය වෙනම පටු නලයක් හරහා සපයා මේ දක්වා ජීවිත බේරාගන්නට හැකිවීම විශේෂිතය.කැණීම් අවසන් වීමත් සමඟ, ගලවාගැනීම්කරුවන් මිනිසුන්ව ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ඒම සඳහා පිටවීමේ පතුවළේ අවසාන කොටස හරහා විශාල පයිප්පයක් තල්ලු කළහ. ප්‍රීති ඝෝෂාකාරී දර්ශන මධ්‍යයේ උමගෙන් ඉවත් කරන ලදුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙනී ගිය, පිරිස උත්තර්කාන්ද් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි, කම්කරුවන් මුණගැසෙන අයුරු වීඩියෝ දර්ශනවලින් දැක්වේ. මෙම උමං මාර්ගය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චාර් දම් අධිවේගී මාර්ගයේ කොටසකි, එය වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන්කිරීම මතභේදාත්මක ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතියකි.
|
හොරු සමඟ හෙලුවෙන්
| 1
|
POSITIVE
|
ncpp_train_0365
|
ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සමාජ මාධ්‍ය වෙත මුදාහළ අලුත්ම වීඩියෝවක් ඔස්සේ පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණට තමා වෙහෙසවී වැඩකළත් නාම යෝජනා නොලද බවත් එසේ වැඩ කළ තමාට නාමයෝජනා ලබාදීමට නම් තම සාරිය ගලවන්නැයි ලේකම් ලෙස කටයුතු ‘මෝඩ යකා‘ නම් පුද්ගලයා යෝජනා කළ බවත් හෙළි කර සිටින්නීය.
තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර පෙන්වන ලෙසත් ලස්සන එවිට බවත් ඔහු අවස්ථා දෙක තුනකදී තවත් ‘වෙන්න සභාපති කෙනෙකු‘ සමග එක්ව පැවසූ නමුත් තමා තවමත් සාරිය පටලවා සිටින බවත් මෝඩ යකාගේ රෙදි ගැලවී ගිය බවත් කියා සිටින්නීය.මෙම සිද්ධිය නිසා ඔහුගේ පමණක් නොව නායකයාගේ පවා රෙදි ගැළවී ඇතැයි කියන්නීය.ඇගේ කතාවේ වීඩියෝ කොටස මෙසේය.
|
දැන් මේ බඩුව කියන විදිහට මේකිට ට්‍රයි නොකරපු එකෙක් නෑ,, බලන් ගියාම මැරුණ මන්ගලයත් මේකට ට්‍රයි කරා කියලා මෙකි කියන්න ඉඩ තියෙනවා.
| 106
|
POSITIVE
|
ncpp_train_0366
|
”මාමා සහ බෑනා’ ප‍්‍රශ්නයක් සභාවට නැතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24)
පාර්ලිමේන්තුවේදී පවසා ඇත.ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන්
ප‍්‍රශ්නයක් විමසූ අවස්ථාවේ එම ප‍්‍රශ්නය සභාව තුළ යොමු කිරීම
අනවශ්‍යයැයි කථානායකවරයා පැවසීම නිසා මෙම කතාව ඇතිව තිබේ.
කැස්බෑව ප‍්‍රදේශයේ ඉඩමක් කැබලි කර විකිණීම පිළිබඳව හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්නයක් යොමු කර ඊට නවීන් දිසානායක ඇමැතිවරයා පිළිතුරු දී අවසානයේ අතුරු ප‍්‍රශ්නයක් ලෙස හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා
තවත් ප‍්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙන්නට ඇමතිවරයා අකමැතිවූ අවස්ථාවේ
”ඔය ප‍්‍රශ්නය මෙතැනට අදාළ නෑනේ. එතුමා කැමැති නම් උත්තරයක් දෙයි” කථානායකවරයා කියූ අතර ”බෑනා නිසා බේරුවා නේද?” යනුවෙන් ජවිපෙ මන්ත‍්‍රීවරු කියා ඇත.
”නෑ නෑ මාමා, බෑනා ප‍්‍රශ්නයක් සභාවට නෑ” කථානායකවරයා පිළිතුරු සපයා ඇත.
|
මගේ සුදු මාමන්ඩිට බුද්ධං සරණේ සරණඉ!!!
| 111
|
POSITIVE
|
ncpp_train_0367
|
ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කර
ඇති ධූමායනයේදී
වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ධූමායනය සිදුකරන අවස්ථාවන්හිදී තම නිවෙස්වල ෙදාර ජනෙල් විවෘත කර එම ධූමයන් නිවෙසට ඇතුළුවීමට අවශ්‍ය පරිසරය සකසන ලෙස ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත පවසා සිටී.
මේ වන විට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය කරුණක් බවත් තම නිවෙස අවට ඩෙංගු ධූමායනය සිදුකරන අවස්ථාවලදී නොදැනුවත්කම හේතුවෙන් ඇතැම් නිවැසියන් කරන්නේ නිවෙස්වල ෙදාර ජනෙල් වසා දැමීම බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.
හර්ෂනී අර්සකුලරත්න
|
දැනට අනුමත කරන්නේ perifocal fogging කියන ක්‍රමවේදය. එහිදී නිවස තුළට හා අවට පරිසරයට ධුමායනය කරනවා. නිවස තුළට ධුමායනය කළ පසු විනාඩි 30 ක් පමණ දොර ජනෙල් වසා තැබිය යුතුයි. නිවස තුළට ධුමායනය නොකරනවානම් පිටත දුම නිවස තුළට ඒමට දොර ජනෙල් ඇර තැබීම හොඳයි
| 1
|
POSITIVE
|
ncpp_train_0368
|
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදික වේදිකාවක් මතට වැන් රථයක් කඩා වැදීමෙන් පසුගියදා සිදුවූ අනතුර නිසා මියගිය පුද්ගලයින් 10 දෙනා අතර රේණුකා අමරසිංහ නමැති ශ්‍රී ලාංකික සම්භවය ඇති කාන්තාවද සිටින බව මේ වනවිට තහවුරු කර තිබේ.
ඇය හොරණ, කිදෙල්පිටිය. කට්ටිහේන ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසර 17 කට පමණ ඉහතදී
පුරවැසිභාවය ලබා කැනඩාවේ ස්ථිර පදිංචිය පිණිස ගිය කාන්තාවකි. 7 හැවිරිදි දරුවෙකුගේ මවක වන මියයන විට ඇය 45 වන වියේ පසුවූවාය.
කැනඩාවට වයාමට පෙර කුවේට් රටේ රැකියාවකද නිරතව සිටි බව කියන ඇය පසුව කැනඩාවට සංක්‍රමණය වී තිබේ. මිට සතියකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ සිය මව සහ සහෝදර සහෝදරියන් ද නෑ හිතවතුන් ද හමුවී දින කිහිපයක් මෙහි ගතකර ඇය ආපසු කැනඩාවට ගිය බව රේණුකාගේ සොයුරියක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
රැකියාවක් කරමින් සිය හත් හැවිරිදි දරුවා ද රැකබලා ගනිමින් රේණුකා අමරසිංහ මහත්මිය සමාජ සේවා කටයුතුවල ද නිරතව සිටි බවත් අනතුරට මුහුණ පා ඇත්තේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලංකාවෙන් පැමිණි පවුල්වල දරුවන්ට සිංහල භාෂාව කතා කිරිමේ පන්තියක් පවත්වා සිය නිවස බලා යමින් සිටියදී යැයි පැවසේ. ඇය
ටොරොන්ටෝ බෞද්ධ විහාරයේ දායිකාවක බවද පැවසේ.
සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය වූ ඇය ගැන සහෝදරියක මෙසේ කීවාය.
"නංගි දැන් අවුරුදු 17 කට වැඩි කාලයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසුගිය අප්‍රේල් 2 දා එයා දරුවත් එක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අරගත්තා. එයා හිටපු සති තුනක විතර කාලය හුඟාක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගි විවාහ වෙලා හිටපු කෙනා පුතා ඉපදිලා කෙටි කාලයකින්ම නංගීගෙන් වෙන් වුණා. ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා
කියලයි හිටියේ. නංගි අප්‍රේල් 17 වෙනිදා ලංකාවෙන් ගියා. එහේ ගිහින් එක දවසක් මට කතා කළා"
ඇගේ සහෝදරයා මෙසේ කියා ඇත.
"මියගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රටේ රැකියාවට ගීයේ වර්ෂ 1994 දී විතර. එතැන අවුරුදු කිහිපයක් වැඩ කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා. එහිදී නංගී කළුතර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමග විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගිට ලැබුණු පුතා දැන් ඉස්කෝලේ යනවා. පෙරේදා (24) සවස මට නංගීගේ යාළුවෙක් කතා කරලා කිව්වා ඇක්සිඩන්ට් එකකින් නංගි මියගිහින් කියලා. එයාලා කිව්වේ නංගිගේ අවසන් කටයුතු ඒ රටේදීම් කරමු කියලයි."
ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවට ඉකුත් 23 වැනි දින වෑන් රථයක් කඩාවැදීමෙ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්ද නැද්ද යන්න තවම අනාවරණය වී නැත. සිද්ධියෙන් 10 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇත.
|
මොකද බූරුවෝ නම් දෙකකින් කමෙන්ට් දෙකක් දාල තියන්නේ තොට පිස්සුද , කවුද ලාල් කියන එකා
| -83
|
NEGATIVE
|
ncpp_train_0369
|
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත්
එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. රවිහරන්
මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි.
මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය. රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය.
-රසාදි චතුරංගි ගමගේ-
|
waren eliyata sakkiliya
| 1
|
POSITIVE
|
ncpp_train_0370
|
බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය
වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඊයේ නියෝජ්‍ය
අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇති බව අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම අතරදී ඊයේ සිදු කරන ලදි.
විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලැඛෙන බවට නැගෙන චෝදනා මත එම අදාල වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස මීට පෙර නියෝග කරන ලදි. එම ස්ථාන මාරුවීම ලබා දී ඇතත්, අදාල වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල තීරණය ගත් අතර, බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කෙරුනි.
ස්ථාන මාරුවීම් ලබා දී එය සැළකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.
|
ආ..... එහෙමද ආසා?? :p
| -3
|
NEGATIVE
|
ncpp_train_0371
|
ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කළහ. විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනීම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රඳවාගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරන්ට, වෑන්රථ, මෝටර්රථ, යතුරුපැදි මෙන්ම වෙළෙඳුන්ගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හඳුන්වාදෙමින් එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථ සේවය ඊයේ (29දා) උදෑසන 9.01ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදී ආරම්භ කෙරිණි. එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස් රථයේ නංවාගෙන සුබ මොහොතින් බස් රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටු සංචාරක හෝටලයෙන් පිට වී ඇල්ල නගරය දෙසට බස් රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒකරාශී වී සිටි ත්‍රිරෝදරථ රියදුරන්,වෑන්රථ, මෝටර්රථ රියැදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුළු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස් රථය නවතා බස් රථය ධාවනය කිමට ඉඩ නොදී විරෝධතාවක නිරත වූහ.ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඒ අවට ආරක්‍ෂාව තරකර පිරිස විසුරුවා හැරීමට සූදානම් වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.මේ නිසා ඇල්ල - පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි විදේශීය සංචාරකයෝ සහ රියැදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ.විරෝධතාවේ නිරතව සිටි පිරිස පැවසූවේ, මෙම නව රාවණා ඔඩ්සි සංචාරක බස් රථය නිසා ත්‍රිරෝදරථ, වෑන්, මෝටර්රථවලට තමන් එදිනෙදා සොයාගන්නා කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි බවත්, වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවත්ය. මෙම රාවණා ඔඩිසි සංචාරක බස් රථය හිමී සංචාරක ව්‍යාපාරිකයෙකු පැවසුවේ, මෙම රාවණා ඔසී සංචාරක බස් රථය ඇල්ල සංචාරක පුරවරයේ ඇති සංචාරක සිත් බැදගත් සංචාරක ආකර්ෂණීය කිසිදු ස්ථානයකට ධාවනය නොවන බවත්, මෙම සංචාරක බස් රථය ඇල්ල වැල්ලවාය බුදුරුවාගල, කොස්ලන්ද හපුතලේ බණ්ඩාරවෙල හරහා ඇල්ල නගරයට පැමිණෙන බවත්, එහිදී එම සංචාරක බස් රථයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරක සිට ගමට ආවේණික වූ දිවා ආහාර වේලක් ලබාදී, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය මගින් ආරම්භ කර ඇති බුදුරුවගල වැවේ බෝට්ටු සවාරියක් ලබා කොස්ලන්ද හරහා හපුතලේට පැමිණ විදේශීය සංචාරකයන් සඳහා හපුතලේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය විඳගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.ඇල්ල පොලීසිය මැදිහත් වී මෙම දෙපිරිසට කරුණු පැහැදිලි කර පසුව මේ සම්බන්ධයෙන් ව්සඳුමක් ලබාදීමට පොරොන්දු වී එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථය ධාවනය කිරීම තාවකාලිකව නතර කර දමා විරෝධතාවේ නිරත වූ පිරිස විසුරුවා දැමීය.ඇල්ල - ප්‍රසාද් රුක්මල්
|
මුන්ගෙ ගිනි ගනන්.සන්චාරකයො හූරන් කන්නෙ මුන්.අපෙන් හන්නෙත් ඩොලර් ගානට...ඇත්තටම ත්‍රීවීලර් නම් මොන පලාතෙ උනත් පුදුම කරදරයක්.හිමීට කොතනට හරි ඔලුව දාගන්නවා ඊට පස්සෙ මලාට එතනින් යන්නෙ නෑ.ඇල්ලෙ,බදුල්ලෙ තියෙන්නෙ ත්‍රීවිල් ත්‍රස්තවාදයක්.
| 153
|
POSITIVE
|
ncpp_train_0372
|
ඊයේ නාසා ආයතනය නිකුත් කළ අතිවිශේෂ පුවත මගින් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් සොයාගෙන
තිබෙන බව නිවේදනය විය.
මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වන බව එහිදී පවසන ලදි.
මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවනාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත.අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවද කියැවේ.
NASA ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින මිනිස් වාසයට සුදුසු මට්ටමක පවතින බවට සාක්ෂි ඇති බවයි.
මෙම විශේෂ සොයාගැනීම අද ගූගල් මුල් පිටුවද සරසා ඇත.
|
අපි හැමොම පන්සිල් රකින්නේ නැහැ .අපි බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගයේ ගමන් කරන්නේ නැහැ.එවාගේ විපාක අපිට සසරේ දවසක තනි තනිව ගෙවයි.ඒත් අපි ආගමේ නාමයෙන් මිනි මරණවා නම් එකේ ප්‍රතිඵල මුලු ලෝකයකට බලපානවා.ඒකයි වෙනස.එ නිසා අන්තවාදය පිලිගන්නා කණ්ඩායමක ව්‍යාප්තිය හා අන්තවාදයක් නැති සාමාන්‍ය කාමභෝගී මිනිස්සුන්ගේ ව්‍යාප්තියයි දෙකක්.
| 39
|
POSITIVE
|
ncpp_train_0373
|
වියදම් කර ඉගැන්වූ පසු
කොන්දොස්තර පෙම්වතාව එපාවූ නිසා
ගුරුවරියව මරා තමුනුත් මැරෙන්න හදලා
අම්පාර ප‍්‍රදේශයේ කොන්දොස්තර වෘත්තියේ නිරත බව කියන පෙම්වතෙකු ගුරු වෘත්තියේ යෙදෙන ඔහුගේ පෙම්වතියව පාළු ප‍්‍රදේශයකදී කපාකොටා මරාදමා ඇතැයි වාර්තාවෙනවා.
මෙම අවාසනාවන්ත ඝාතනයට හේතුවී ඇත්තේ තම වියදමින් වැඩිදුර ඉගෙනගෙන ගුරුවරියක බවට පත්කරවූ පසු තමන්ගේ වෘත්තිය පහත් කරමින්
තමුන් අතැරදමා යන්නට ඇය ගුණමකුවූ බව කියමින් කොන්දොස්තර පෙම්වතාට හටගත් කෝපයකි.
තම පෙම්පළහිලව්ව වැඩිදුර කථාකරන්නට අවශ්‍ය බව කියමින් ත‍්‍රීරෝද රථයකින්
අම්පාර කොණ්ඩවටුවාන වෙල්යාය වෙත ඇය රැගෙන ගිය ඔහු දැනට පාසලේ ගුරුවරයෙකු සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එයට එකඟවී නැත.අනතුරුව ඇතිවූ බහින්බස්වීමෙන් පසුව පෙම්වතා ගුරුවරියට පිහියෙන් ඇන මරා ඔහුද වස පානය කර මියයන්නට උත්සාහ දරා ඇත.
සිද්ධියෙන් පෙම්වතිය මියගියත් පෙම්වතා මියගියේ නැත. ඔහු බරපතල රෝගී තත්වයෙන් තවම ප‍්‍රතිකාර ලබමින් පසුවේ. මියගොස් ඇත්තේ අම්පාර සේනාගම ප‍්‍රදේශයේ 31 හැවිරිදි ලීලා හෙට්ටිආරච්චි නමැති ගුරුවරියකි.
පෙම්වතා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.
ඔහු හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අම්පාරේ නවාතැන්පළක ලැගුම්ගෙන සිටියදී රැකියාවට ගොස් ඇත.
පාළු ප‍්‍රදේශයේ පෙම්වතිය මරාදැමීමෙන් අනතුරුව පැය එක හමාරකට පමණ පසුව ඔහු සේවය කරන බස්රථයේ රියදුරාට ඇමතුමක් ලබාදි කියා ඇත්තේ
”මම වහ බීලා ඉන්නවා පොලිසියත් එක්ක ඉක්මණට එන්න” යනුවෙනි. මෙම සිද්ධිය ගැන අන්අය දැනුවත්වූයේ ඉන් පසුවයි.
තමන් කොන්දොස්තර යයි කොන් කර තමා සමග ඇති පේ‍්‍රම සම්බන්ධය නවතා ගුරුවරයෙකු සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කරන ලද ඇය තමාට ගුණමකුවූ බවත්
ඇයව ගුරුවරියක් කිරීමට තමන් වසර ගණනාවක් මුදල් හම්බ කරමින් වෙහෙසුණ බව ඇය අමතක කර ඇති බවත් පෙම්වතා පවසා ඇත.
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කරයි.
වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය සිදු කරයි.
|
මේ අද කාලේ වැඩියෙන්ම ප්‍රසිද්ධ සින්දු :p .....ලියන හාල් පාරුවෙක්ද කොහෙද ?
| 13
|
POSITIVE
|
ncpp_train_0374
|
රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල අඩංගු රත්‍රන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකරන බව බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දුන් බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබේ.
ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල, මාලඹේ, නවගමුව, අතුරුගිරිය, කොට්ටාව, හෝමාගම ආදී ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රාහක කුටි 9කින් එම තැටි තොගය සොරා ගෙන ඇති අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රාහක කුටි තුනකින් විද්‍යුත් තැටි සොරා ගෙන ඇත. ඉකුත් 25වැනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රාහක කුටියකින් විද්‍යුත් තැටි 15ක් සොරා ගෙන තිබේ.මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයිෆයි, පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයෝ ලක්ෂ ගණනක් දැඩි අපහසුතාවට පත්වී සිටිති. විද්‍යුත් තැටි නිෂ්පාදනය කිරීමේදී එක් තැටියකට රත්තරන් සුළු ප්‍රමාණයක් අඩංගු කරන බවත්,
එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීම බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.මෙම තැටිවල රත්‍රන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේම අයෙකුට පමණක් බවද ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය. නමුත් එම රත්‍රන් මෙරටදී උණුකර ලබාගත නොහැකි බවත්, අනිවාර්යෙන් විදේශ රටක සහායක් ලබා ගත යුතු බවත් එම ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා තිබේ.බිමල් ශ්‍යාමන් ජයසිංහ
|
බුදුපිළිම දාගැබ් හාරලා නිදන් හොයනවා වගේම මෝඩ වැඩක් සහ අපරාධයක් මුන් කරන්නෙ.
| 2
|
POSITIVE
|
ncpp_train_0375
|
පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බරපතල දුෂණ චෝදනාවලට ලක්වූ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි එම තනතුරින් ඉවත් කරන ලෙස ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග ලබා දුන් නියෝගය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් එල්.පී.ජයම්පති විසින් පැහැර හැර තිබේ.
අය වැය කාරක සභා විවාදයේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවද එය ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය බවට එය පත්ව ඇතැයිද පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළහ.
හිටපු ප්‍රවාහන
ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දෙන්නට යැයි පවසමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා මුදල් ගසා කන බව පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මෙහිදී චෝදනා කරන ලදී.මීට අමතරව ඔහු විසින් සිදුකරන දුෂණ වංචා ගනනාවක් පිළිබඳව මෙහිදී හෙළිදරව් කෙරිණි.
රජයේ නිලධාරියකුට මෙවැනි බරපතල චෝදනා එල්ලවූ විට අදාල නිලධාරියා එම තනතුරින් තාවකාලිකව හෝ ඉවත් කර පරීක්ෂණ පැවැත්විය යුතු අතර එම තැනැත්තා ආයතන ප්‍රධානියා බැවින් ඔහු එම තනතුරේ තබාගෙන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වීම ඊට හේතුවයි.
රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය කිරීමේ ක‍්‍රියාවලියේ නිරතව සිටින සමාගමට අදාල ගිවිසුම වසර හතකට අත්සන් කර ඇතැයිද 2016 වසරේදී එම ගිවිසුම අවසන්ව ඇතැයිද ,වසර හතෙන් පසුව සියලූම දේපොළ රජයට පැවරිය යුතු බවට ගිවිසුමෙහි ඇතත් මේ වන විට වසර දහයක් ගතව ඇතත් එම කිසිදු දේපලක් රජයට නොපවරා ඒ වෙනුවට වසර තුනක් තිස්සේ මසකට රුපියල් මිලියන සියය බැගින් අදාල දකුණු අප්‍රිකානු සමාගමට දෙපාර්තමේන්තුව විසින් ගෙවන බවද මෙහිදී චෝදනා එල්ලවී තිබේ.
එය රජයට පවරා නොගන්නේ කොමසාරිස් ජනරාල් වරයා විශාල කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් බවටද මෙහිදී මන්ත්‍රීවරු පවසා තිබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව රියදුරු බලපත් කාඩ් පත වැනි කාඩ් පතකට රුපියල් හැත්තෑපහක් ගෙවද්දී එවැනිම කාඩ්පතට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව රුපියල් 1700 ක් ගෙවන බවද වහාම මෙම දුෂණ නවත්වන ලෙසද මැති ඇමති වරුන් මෙහිදී ඉල්ලා තිබේ.
එසේම වසර විස්සක් තිස්සේ අංක තහඩු ටෙන්ඩරය අධික මිල ගණන් යටතේ එකම සමාගමකට බව හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා මෙහිදී චෝදනා කරන ලදී.
එහි සේවය සලසා ගැනීමට යන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පවා රුපියල් 1000, 2000 ආදී වශයෙන් මුදල් ලබා ගන්නා බවටද මෙහිදී චෝදනා එල්ලවූ අතර වහාම මෙම ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් පරීක්ෂණ පවත්වන ලෙසත් ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරු විසින් අර්ජුනගෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව වහාම පරීක්ෂණ පවත්වන ලෙසත් අදාල කොමසාරිස් ජනරාල් වරයා ඉවත් කරන ලෙසත් ඇමතිවරයා නියෝග කර තිබේ.
මීට හේතුව කොමසාරිස් ජනරාල්වරයා මාරු නොකරන ලෙසට එක්තරා සමාගම් කීපයක් ප්‍රවාහන ලේකම්වරයාට බලපෑම් කිරීම බව ප්‍රවාහන අමාත්‍යංශය තුල දැඩි කතා බහට ලක්ව තිබේ.
|
හොරකම දූෂනය නැත්තේ කොතනද...??? සියලු වගකිව යුත්තෝ මේවා දැන දැනත් නොදැක්කා සේ සිටීනම් අපි කුමක් කරමුද..අපි නරබන්නන් සේ බලා හිදිමු. බදු ගෙවමු දුක් විදිමු.
| 17
|
POSITIVE
|
ncpp_train_0376
|
ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද
ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක්
බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබුණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු අද දහවල් සිදුකරන අතරවාරයේ ඒ ආසන්නයට යාමට හෝ කනත්තට ඇතුළුවීමට පොලිසිය මාධ්‍යයට ඉඩ දුන්නේ නැත.
දේහය ගොඩගැනීම මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. එම ස්ථානය කළු පැහැති ඉටිකොළ වලින් ආවරණය කර
තිබුණ අතර එම බාධාව මගහරින්නට කිසියම් මාධ්‍ය කණ්ඩායමක්
ඉහළ අහසට ඩ්‍රෝන කැමරාවක් යොමුකර සියල්ල පටිගත කරගෙන තිබුණි. මෙය දුටු පොලිසිය එම ක්‍රියාව නවත්වන්නට එය මෙහෙයවන කැමරා ශිල්පියා සොයා මාධ්‍ය වේදීන් සිටි ස්ථානයට දුව ආවත් එවැනි අයෙකු සොයාගත නොහැකිව කලබලයක් ඇතිව තිබුනි.
කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම දේහය ගොඩගැනීම සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් රැගෙන යන ලදි. මාධ්‍ය වේදීන්ට මෙහිදී ඡායාරූප ගන්නට අවස්ථාවක් නොලද අතර දිරාගිය ශරීර කොටස් රැගෙනයාමෙන් පසු හිස්වූ සොහොනට යාමට පමණක් අවස්ථාව ලැබුණි.
|
අනිවාරයෙන්ම දෙරණ channel එකෙන් වෙන්න ඇති
| 164
|
POSITIVE
|
ncpp_train_0377
|
හිටපු ජනපති පුත් දහම් සිරිසේන පෙරේදා පාන්දර කොළඹ කේම්බ්‍රිජ් පෙදෙසේ ගොඩනැගිල්ලක ඉහළ මහළේ පිරිසක් සමග එක්ව පූල් පාටියක් දමා ඇති බව වාර්තා කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක
ඇඳිරි නීතිය
තදින් පවතින අවස්ථාවක මේ ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.
සන්ඩේ ටයිම්ස් ගවේෂණාත්මක මාධ්‍යවේදිනි නමිනි විජේදාස සිය ෆෙස් බුක් ගිනුමේ මේ ගැන දක්වා තිබූ සටහනේ පරිදි අදාළ සිදුවීම ගැන ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව දැනුවත් කළද ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා මගහරින බව දන්වා ඇත.
මේ අතර නමිනි තැබූ ෆේස් බුක් සටහනට පිළිතුරක් ලියන දහම් සිරිසේන මෙම කතාව විකාරයක් බවත් එවැනි සිදුවීමක් සිදුවී නැති බවත් දන්වා ඇත. ඔහු පවසන්නේ නමිනි එදින සිහිනයක් දැක ඇති බවකි. මෙවැනි කතා පැතිරවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු දන්වා ඇත.
අදාළ ෆේස් බුක් සටහන් දෙක පහත පරිදිය.
|
මේ වගේ එවුන්ට කොරෝනා හැදෙන්න ස්වභාවධර්මයෙන් නියමයි, මාරයා අඬගහනව
| 32
|
POSITIVE
|
ncpp_train_0378
|
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දැක්වීමක් කරමින් මෙසේ කීය. “මීළඟ මැතිවරණයකදී සන්ධානගත වීම පිළිබඳව අපි තීරණයක් ගන්නේ මැතිවරණයක් ළං වන විටයි. අපි අපේ පක්ෂය එතැනට ගෙනයනවා. මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලසීමාවේ තමයි සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා කරන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව අපේ බල මණ්ඩලවලින් අහලා තමයි අපි තීන්දුවක් ගන්නේ.
මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වන්නේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා සහයෝගය දෙන්නෙත් නැතිනම් අනුර කුමාර මහත්තයලගේ පාර්ලිමේන්තු ඉන්න තුන්දෙනා ඇවිල්ලා සහයෝගය දෙන්නේ නැතිනම් පොහොට්ටුවේ අපිත් සහයෝගය නුදුන්නොත් මේ රටට මොකද වෙන්නේ.අපි එකක් පැහැදිලිව කියනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අපි සහාය දෙනවා. ම
ේ කාරණයේදී මැතිවරණයක් ගෙනියන්න සල්ලි නැති වෙලාවේදී අපි දේශපාලන වශයෙන් රට අස්ථාවර කළොත් රට කොයිබටද යන්නේ. එහෙම වුණොත් අපි අර අරගලයේ මුවාවෙන් මේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපි විශ්වාස කරන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මැතිවරණ ආණ්ඩුවේ මුදල් තත්ත්වය සාධාරණ තත්ත්වයකට හැරුණාම තියයි. එතකල් අපි දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඕන. මම හැමදාම කියනවා වගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ අපේ පන්තියේ අපේ ජනතාවට දෙන්න තමයි අපි කටයුතු කරන්නේ.”
|
ඈ බොල හොර පෙරකදෝරුවෝ අපි ද මේ රට නැත්තටම නැති කළේ. ? තොගේ මහ එකා ඇතුලු තොපි රැල කරපු දේවල ප්‍රතිඵල තමා අපි අද භුක්ති විඳින්නෙ. තවම කටේ නරිවාදම ඉවරයක් නැහැ. දෙන්නම් උඹලට ඊළඟ ඡන්දේ දී මදි නොකියන්න. පර හිවළා....
| 28
|
POSITIVE
|
ncpp_train_0379
|
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය.
සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”
|
ලංසි පොල් උටම රිප්ල්යි දාගෙන ලයික් ගන්න ආසාවට මු මානසික ලෙඩෙක් කියන්නේ නිකන්ද
| 6
|
POSITIVE
|
ncpp_train_0380
|
සිංහල අවුරුදු උත්සවය යෙදෙන එළැඹෙන අප්‍රේල් මස මැද භාගය දක්වා දැනට පවතින විදුලි බල කප්පාදුව සිදු කරන්නට සිදුවනු ඇතැයි විදුලිබල ඇමති රවී කරුණානායක ඊයේ (26) පැවසුවේය.
විදුලිය කපාහරින පැය ගණන අවම කිරීමට ලබන සතියේ සිට උත්සාහ ගන්නා බවත්
මෙම ගැටලුකාරී තත්වයට තමාට
වගකියන්නට බැරි බවත් ඔහු දන්වා ඇත. 2014 සිට පසුගිය වසර 5 දීම මෙම ගැටලුව නිසි විසඳුම් නැති කමින් වර්ධනය වෙමින් පැවති බවත් එම කාලය තුළ අවස්ථා කිහිපයකදීම විදුලි කප්පාදුව සිදු කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
2014 සිට වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් සඳහා අවශ්‍ය වෙනස්කම් කර නැති බවත් ඒ හේතුවෙන් සැලකියයුතු වශයෙන් ජල විදුලිය මත පදනම් වූ අපගේ විදුලි බල පද්ධතිය අධික ඉල්ලුම සහ වියළි කාලගුණය සමග දරා ගැනීමේ හැකියාවන් ඉක්මවා යන තත්වයක් පෙන්නුම් කරන ලද බව පැහැදිලි කරන ලදි.
කෙසේ වෙතත් අතීතයට දොස් කියා පලක් නැති බව පවසන ඇමතිවරයා තමා හැකි ඉක්මණින් මීට විසඳුම් ලබාදීමට හැම මොහොතේම උත්සාහ දරමින් සිටින බවත් දැනට පවතින වාතාවරණය මත සිංහල අවුරුදු උත්සවය යෙදෙන අප්‍රේල් මැද දක්වාම විදුලි කප්පාදුව සිදු කරන්නට සිදුවන තත්වයක් ඇති බවත් මේ හේතුවෙන් ජනතාවගේ පුද්ගලික කටයුතු වලට මෙන්ම රජයේ ජාතික ආදායමට සැලකියයුතු අවාසියක් සිදුවන බවත් පැහැදිලි කර දුන්නේය.
|
ලක්ෂ 62 හරක් පට්ටිය, ඇද්ද තොපට? 🤣🤣
| 72
|
POSITIVE
|
ncpp_train_0381
|
මේ සමග පළවන්නේ මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (27) සිය ෆේස් බුක් ගිණුමේ පළ කළ ලිපියකි.ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන් සඳහා ඇති එක් ප්‍රතිකර්මයක් පමණයි. තවත් ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ඒත් ඒ එකකටවත් නොලැබුණු ප්‍රසිද්ධියක් ධම්මික වෙද මහතාගේ පැණියට ලැබුණේ එකම එක කාරණයක් නිසා. ඒ කාලි අම්මා පැණිය ගැන කී නිසා නො වෙයි. ධම්මික වෙද මහතාගේ පැණියට අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණේ එය එක්තරා බටහිර වෙද මහතුන් පිරිසක් විසින් පරීක්‍ෂාවකට ලක් කෙරී සාර්ථක බව තහවුරු වූ නිසයි. ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙක් ද කපු මහත්තයෙක් ද කාලි අම්මා සම්‍යක් දෘෂ්ධික ද මිථ්‍යා දෘෂ්ඨික ද ආදී කිසිවක් එහි දී බලපෑවේ නැහැ. අර බටහිර වෙද මහතුන් පැණිය යම් ආකාරයක පරීක්‍ෂණයට ලක් නොකරන්න ධම්මික වෙද මහතාගේ පැණියටත් අනෙක් දේශීය ප්‍රතිකාරවලට අත් වූ ඉරණම ම අත් වෙන්න තිබුණා. අද සමාජයේ ආධිපත්‍යයේ ඇත්තේ බටහිර දැනුම මිස වෙනත් කිසිම දැනුමක් නොවෙයි. බුදුදහම දැනුමක් ගැන නොව නොදැනුමක් ගැන කතා කළත් බුදුදහම ද දැනුමක් ලෙස සලකා එය බටහිර ආධිපත්‍යයට යට කෙරෙනවා. බුදුදහම විද්‍යාත්මක කිරීමේ පදනම එයයි. ජනමාධ්‍යයෙන් අර බටහිර වෙද මහතුන්ගේ සාක්‍ෂියට ප්‍රසිද්ධියක් දුන් බැවින් ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන බලවතුන්ගේත් අවධානයට ලක් වුණා. එයට යම් දේශපාලන අනුග්‍රහයක් ද ලැබුණා. එසේ නොවන්නට පැණිය පරික්‍ෂාවට ලක් කළ බටහිර වෙද මහතුන්ට සමහර විට ගෙදර යන්න සිද්ධ වෙන්නත් තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එක්තරා බලධාරිනියක් ඒ බටහිර වෙද මහතුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද සූදානමින් සිටියා. ධම්මික වෙද මහතාගේ පැණියට ප්‍රසිද්ධිය ලැබුණේ එය යම් බටහිර වෙදකමේ පරීක්‍ෂාවකින් තහවුරු වූ නිසයි. එසේ වූයේ බටහිර වෙදකම මෙරට හා සෙසු ලෝකයේ දරණ ආධිපත්‍යය නිසයි.
දේශපාලන බලවතුන් ඒ දෙස බැලුවේ ද ඒ දැනුම පිළිබඳ ව බටහිරට ඇති ආධිපත්‍යය නිසයි. දේශපාලනඥයන් පෞද්ගලික ව කාලි අම්මාගෙන් අනාගතය දැන ගන්නවා ඇති. එහෙත් ප්‍රසිද්ධියේ කාලි අම්මා කී නිසා යමක් කරන්නේ නැහැ. ඒක ලංකාවේ තත්වය. අලුත් කාරයක් ගත් විට කතරගම යන තැනැත්තා ප්‍රසිද්ධියේ දෙවියන් ගැන විශ්වාසයක් නැහැ කියනවා. බටහිර වෙද මහත්තුරු සමස්තයක් ලෙස ගත්කල පැණියට විරුද්ධයි. පෞද්ගලික ව එය රෝගීන්ට ලබා දෙන බටහිර වෙද මහත්වරුන් කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් ඔවුනුත් වැඩි දෙනා ප්‍රසිද්ධියේ ඒ බව පිළිගැනීමට බයයි. ඒ තමයි ඔවුන් තම ක්‍ෂෙත්‍රයේ ම ආධිපත්‍යයට යට වීම. බටහිර වෙද මහතුන් සමස්තයක් ලෙස පැණියට විරුද්ධ වුවත් දේශපාලන බලය ඉදිරියේ එක් වරම පැණියට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා වෙනත් උපායක් අනුගමනය කළා. ඔවුන් කියා සිටියා පැණිය බටහිර වෙදකම අනුව ඊනියා විධිමත් පරීක්‍ෂාවකට ලක් කළ යුතු ය කියා. බටහිර වෙද මහතුන් කිහිප දෙනකු නිසා ම තමයි දේශපාලන බලවතුන් පැණියට ආකර්ෂණය වුණේ. බටහිර වෙද මහතුන් හා දේශපාලන බලවතුන් අතර ඇති මේ චක්‍රිය සම්බන්ධය අප තේරුම් ගත යුතුයි.මා නම් මුල සිට ම එවැනි පරීක්‍ෂාවකට විරුද්ධ වුණා. අදත් විරුද්ධයි. බටහිර නොවන වෙදකමක ප්‍රතිකාරයක් ගැන බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. එසේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර දැනුම අනුව සියල්ල මැණිය යුතු බවට ඇති ආධිපත්‍යය නිසා. ඇතැමුන් බුදුදහමත් විද්‍යාත්මක කරන්නේ ඒ මිනුම්දණ්ඩ යෙදා ගෙන. දේශපාලනඥයන් ද අවසාන වශයෙන් ක්‍රියා කරන්නේ බටහිර දැනුමට අනුව. ජනමාධ්‍ය හිමියන් ද කටයුතු කරනනේ ඒ අනුවයි. බටහිර වෙද මහතුන් දේශපාලනඥයන්ට සෘජුව විරුද්ධ නොවී පැණිය තව තවත් පරීක්‍ෂාවට ලක් කළ යුතු ය කියා කිවුවා. දේශපාලනඥයන් එයට එකඟ වුණා. එහි දී විවිධ කමිටු පත් කෙරුණා. බටහිර විද්‍යාව ම අනුව පැණියේ වසක් විසක් නැති බව තහවුරු වුණා. ආයුර්වේද සූත්‍ර කමිටුව පැණිය ඖෂධයක් ලෙස අනුමත කළා. ආයුර්වේද කොමසාරිස් ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරය සූත්‍ර කමිටුව අනුමත කරන ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කළ හැකි ආයතනයක් ලෙසට සහතිකයක් ලබා දුන්නා.එ අතර රජරට විශ්වවිිද්‍යාලයේ ආචාරධර්මී කමිටුවට පැණිය යොමු වුණා. යම් කලක් ගත වී හරි කමිටුව පැණියට ආචාරධර්මි අවසරය ලබා දුන්නා. ඉන් පසු කළ යුතුව තිබුණේ බටහිර වෙදකම අනුව ඊනියා සායනික නැහැසුම් පැවැත්වීම. ඒ සඳහා අනුරාධපුරයේ යම් ආයතනයක් (රෝහලක්) තෝරා ගත් බවයි අපට දැන ගැනීමට ලැබී ඇත්තේ. ඒ සායනික නැහැසුම් දැන ගැනීමට ලැබී ඇති අයුරින් දැන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ කෙරී ගෙන යනවා. එහෙත් රෝගීන් පැණිය පානය කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව කියනවා. රෝගීන් කියනවා කියන්නේ පැණිය වස බවයි. අනුරාධපුරයේ කෙරෙන්නේ සායනික නැහැසුම් නො වෙයි. සායනික නැහැසුම්වලින් බටහිර වෙද කමේ කෙරෙන්නේ යමක් බෙහෙතක් ලෙස දීමට හැකි ද යන්න බැලීම සඳහා පරීක්‍ෂණ කිරීමයි. මෙහි දී වන්නේ බෙහෙතක් හරි ද කියා සොයා බැලීමක්. ඒ දෙක දෙකක්. මෙතන සම්පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. ඒත් බටහිර වෙද මහතුන් කරන්නේ කුමක් ද කියා දන්නේ නැතිව ඊනියා සම්පරීක්‍ෂණ කරනවා.බටහිර විද්‍යාව අනුව ම පැණියේ වසක් විසක් නැති බව රෝගීන්ට කියන්න බටහිර වෙද මහතුන් ඉදිරිපත් වන බවක් දැන ගන්නට නැහැ. රෝගීන් පැණිය වස කියා පානය නොකරන්නේ කාගේ බහකට ද යන්න ප්‍රශ්නයක්. රෝගීන් නිවසේ සිට ම පැණිය වස කියන මතය දරා ගෙන ආවද? නැත්නම් අනුරාධපුරයට පැමිණීමෙන් පසුව ඔවුන්ට පැණිය වස බව කිසිවකු පැවසුවා ද? එසේ පැවසුවා නම් ඒ කවුද? අප දැන ගැනීමට කැමතියි.අද වන විට රෝගීන් කී දෙනකු පරීක්‍ෂාවට ලක් කර ඇත් ද? ඊනියා සම්පරීක්‍ෂණ ක්‍රමය අනුව පැණිය දී ඇත්තේ ඉන් අඩකට වෙන්න ඕන. මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නවා ද? පරීක්‍ෂාව සඳහා අවසානයේ රෝගීන් කී දෙනකුට පැණිය දීමට අදහස් කරනවා ද? අද පරීක්‍ෂාව කෙරී ගෙන ආකාරය අනුව ඒ ප්‍රමාණයට පැණිය දීමට කොපමණ කල් යාවි ද? මේ පරීක්‍ෂාව අපට වුවමනා නිසා කෙරෙන්නක් නො වේ. අප පරීක්‍ෂාවට එදත් අදත් විරුද්ධයි. පැණිය ඖෂධයක් ලෙස අනුමත වී තිබෙනවා. එමෙන් ම එය ආහාර පරිපූරකයක් බවටත් තීරණය කර තිබෙනවා. දේශීය සෞඛ්‍ය අමාත්‍යංශයට පැණිය බෙහෙත් කඩවල තබා විකිණීමේ හරි වෙනත් ක්‍රමයකට බෙදා හැරීමේ හරි ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අර ඊනියා සායනික නැහැසුම් අවසන් වන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ඊනියා සායනික නැහැසුම් අවශ්‍ය බටහිර වෙදකමේ පැණිය අනුමත කිරීමට මිස පාරම්පරික වෙදකමට නො වෙයි. සායනික නැහැසුම් අවසන් වන තෙක් පැණිය බෙදා හැරීම නොකළ යුතු යැයි කීම නීති විරෝධයි. ඒ අධිපතිවාදීයි. පාරම්පරික වෙද කමේ අලුත් බෙහෙතක් හරි වෙන්නෙ ප්‍රත්‍යක්‍ෂයි අත්දුටුවයි ක්‍රමයට.
අනුරාධපුරයේ පරීක්‍ෂා ඇදි ඇදී යන අතර බටහිර වෙද මහතුන් හා බටහිර දැනුම් ආධිපත්‍යයෙහි හෙංචයියන් ප්‍රචාරයක් ගෙන යනවා පරක්‍ෂා අසාර්ථක කියා. එය පට්ටපල් බොරුවක්. පැණිය අසාර්ථක බව පෙන්වන්න පුළුවන් නම් බටහිර වෙදකමේ බලධාරීන් මෙතරම් කල් බලන් ඉන්නේ නැහැ. රෝගීන්ට පැණිය නොබී ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ. පැණිය වස නොවන බව රෝගීන්ට කියා පැණිය දී පැණියේ අසාර්ථක බව මේ වන විටත් හෙළිදරවු කරලා. එහෙත් එසේ කරන්න බැහැ. අද කරන්න තියෙන්නේ පරීක්‍ෂාව දිග් ගැස්සීමත් ඒ අතර පැණිය අසාර්ථක ය කියා ප්‍රචාරය කිරීමත්. අප නැවතත් කියන්නේ මේ පරීක්‍ෂා අපට අවශ්‍ය නැති බවයි. එහෙත් අප ප්‍රශ්න කරනවා පරීක්‍ෂා ඇදෙන්නේ ඇයි ද කියා. අපට අවශ්‍ය නූණත් පරීක්‍ෂා කෙරෙන්නේ මහජන මුදලින්. එබැවින් අපටත් අයිතියක් තියෙනවා පරීක්‍ෂා කල් ඇදෙන්නේ ඇයි ද කියා දැන ගැනීමට. මේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර වෙදමහතුන්ගේ අධීක්‍ෂණය යටතේ. පරීක්‍ෂා ඇදී යෑම ගැන ඔවුන් වග කියන්න ඕන. ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕන රෝගීන්ට පහදා දෙන්න පැණිය වස නො වෙයි කියා. යමකුට අහන්න පුළුවන් රෝගීන් බටහිර වෙද මහතුනට පැණිය වස බවට දේශන පවත්වනවා ද කියා.පැණිය පරීක්‍ෂාවට ලක් කරන්නේ බටහිර වෙද මහතුන්ගේ අධික්‍ෂණය යටතේ. අප අසා තිබෙන ප්‍රශ්නයක් නම් මෙරට බටහිර වෙද මහතුන් අවුරුදු 150 ක පමණ කාලයක් තිස්සේ අලුත් ප්‍රතිකාර කොපමණ හඳුන්වා දී ඇත් ද කියා. අප එයින් කියන්නේ පඬි නැට්ටන්ට තේරුණේ නැති වුවත් අලුත් බෙහෙතක් පරීක්‍ෂාවට ලක් කිරීමට පළමුව අලුත් බෙහෙත් හඳුන්වා දිය යුතු බවක් නො වෙයි. අප එයින් පෙන්නුම් කරන්නේ මෙරට බටහිර වෙද මහතුන්ගේ බටහිර වෙදකමට වී ඇති නිර්මාණශීලී දායකත්වයයි. මෙරට බටහිර වෙද මහතුන් දන්නා එක ම දේ අනෙක් බටහිර උගතුන් මෙන් ම සඟරා පොත්පත් මගින් ලැබෙන බටහිර දැනුම මෙරට ප්‍රචලිත කිරීම පමණයි. ඔවුන්ගේ ඊනියා නිර්මාණ ගැන අවබෝධයක් විවිධ පර්යේෂණ සැසි වාරවලට ඉදිරිපත් කෙරෙන පත්‍රිකා මගින් ලබා ගන්න පුළුවන්. ආහාරයක් රස ද නැද් ද කියන්න ආහාර පිසීමට දැන ගෙන ඉන්න ඕන නැහැ. එහෙත් බටහිර හොට් ඩෝග් කන අය හරි හදන්න දන්න අය හරි කැවුම් ගැන හොට් ඩෝග් හදන ක්‍රමය අනුව පරීක්‍ෂා කිරීම සදාචාරාත්මක නැහැ. අද ඇතැම් ජනමාධ්‍යවේදීන් හා බටහිර වෙද මහතුන් එකතු වී ධම්මික වෙද මහතා දඩයම් කිරීමට සැරසෙනවා. ධම්මික වෙද මහතාගේ මානසික තත්වය ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. අවසානයේ දී ඒ ගැන තීරණයක් ගන්නේත් බටහිර වෙද මහතුන්මයි. අනුරාධපුරයේ වාර්තාව කුමක් වුවත් අපට ඒ ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. ඕක බටහිර වෙදමහත්තුරුන්ගේ ව්‍යාජ ලේඛනයක් (ඩොක්ටර්ලා ඩොක්ටර් කරපු) වීමට ඇති ඉඩකඩ අධිකයි. ඔය වාර්තාව වැඩක් වන්නේ ඔවුන්ට පමණයි. පාරම්පරික වෙදකමට ඉන් වැඩක් නැහැ. ආණ්ඩුව පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නැත්නම් කවුරුන් හරි ඉදිරිපත් වෙලා ඒ බෙදා හැරිය හැකියි. විවිධ බෙහෙත් වර්ග බටහිර මෙන් ම දේශීය ඔසුහල්වල ද විකිණෙනවා. ඖෂධයකටත් වඩා ආහාර පරිපූරකයක් ලෙස පැණිය ලබා ගන්න ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. අර ඊනියා පාරිභෝගික අයිතිය අනුව යමකුට පැණිය වෙළෙඳපොලේ මිළ දී ගත හැකි විය යුතුයි. පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. - නලින් ද සිල්වා
|
මේකා වයසට යන්න කළින් ඉඳලාම අවුල්.....😄😂
| 1
|
POSITIVE
|
ncpp_train_0382
|
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් ඔහුට වූ දේ දන්වා නැති බවත් එබැවින් ඔහුව වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින්
හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය.
නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය.
1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර
බොරැල්ල කනත්ත පිටුපස ඇති ගොල්ෆ් පිට්‌ටනියට යාබද රේල්පාරේදී උපතිස්‌ස ගමනායක සමඟ එක පෙළට සිටුවා ඔහුට වෙඩි තබන ලද බවට පුවත්පත්වාර්තා තිබේ.
මරා දැමීමට පෙර විජේවීරට සහ උපතිස්‌ස ගමනායකට අධික ලෙස පහර දුන් බවටත්, අත් පා කඩා දමන ලද බවටත් පණ තිබියදීම බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළට විසි කර පුළුස්‌සන ලද බවටත් පසු කාලයේදී කතාන්දර පැතිර තිබුණද, එවැනි කිසිවක් සිදු වූ බවට නිවැරදි සාක්‍ෂි නැත.
විජේවීර මරණයෙන් පසු එවකට සිටි යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ,විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මෙසේ ය.
"කැරලිකරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු රහස් තොරතුරු මත උලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් කිරීමට යුද හමුදාව කටයුතු කළේය. 1989 නොවැම්බර් 12 වැනිදා සවස් වරුවේදී උලපනේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළ හමුදා කණ්‌ඩායමකට රෝහණ විජේවීර ලෙස සැක කළ හැකි පුද්ගලයකු හමුවිය. ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී තමා රෝහණ විජේවීර බව පිළිගත් එම පුද්ගලයා තමා සමඟ සිටින සෙසු අය තම බිරිය සහ දරුවන් බව පිළිගත්තේ ය. රටේ නීත්‍යනුකූල ආණ්‌ඩුවට එරෙහිව හටගෙන තිබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ වෙනත් පරපීඩක කටයුතුවලට රෝහණ විජේවීර සම්බන්ධ බවට සැකයක් තිබුණු බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. මේ මොහොතේදී විජේවීර අත්අඩංගුවට ගත් හමුදා පිරිසේ ප්‍රධානියාගේ තීරණය වූයේ කිසිදු ප්‍රසිද්ධියක් නොදී ඉහළම ආරක්‍ෂාව සහිත ස්‌ථානයකට ඔහු
රැගෙන යැම ය.
එදිනම රාත්‍රි 10.00 ට රෝහණ විජේවීර කොළඹ ගෙනෙන ලදී. රටේ තරුණ පරපුර අමතා කතාවක් පැවැත්වීමටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා අත්හැර දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලින් පසු විජේවීර ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කතාව වීඩියෝ කරන ලදී. ඉන් පසු ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් ප්‍රධාන යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානය පෙන්වීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැඳවාගෙන යැමට විජේවීර එකඟ විය. පසුදින එනම් 13 වැනිදා අලුයම ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යුද කටයුතු සහ ප්‍රචාරක මූලස්‌ථානය යුද හමුදාවට පෙන්වීමට විජේවීරට හැකි විය. මෙය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි තැනකි. මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සාමාජික එස්. බී. හේරත් ට කතා කළ විජේවීර එම මූලස්‌ථානයේ තිබෙන සෑම දෙයක්‌ම හමුදාවට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ලියෑවිලි කිහිපයක් හමුදාවට භාර දුන් හේරත් තවත් ලියෑවිලි සොයන බව හඟවමින් ක්‍ෂණයකින් ගිනි අවියක් ඇද රෝහණ විජේවීර දෙසට වෙඩි තැබී ය. මෙහිදී යුද හමුදාව ද පෙරළා වෙඩි තැබී ය. වෙඩි හුවමාරුවේදී එයට මැදිව තුවාල ලද විජේවීර සහ හේරත් එතැනම මිය ගියහ. අනතුරුව හදිසි නීති රෙගුලාසි අනුව ක්‍රියා කළ හමුදාව උපරිම ආරක්‍ෂාව යටතේ එම මළ සිරුරු ආදාහනය කළේය. "
|
රණවිරු දිනයදී යුද හමුදාව ජාතියට කරනලද මේ සේවයද අගයකල යුතුයි
| 24
|
POSITIVE
|
ncpp_train_0383
|
ධීවර රැකියාව සදහා මුහුදු යන ධීවර යාත්‍රා සියල්ල නිසි ලෙස රක්‍ෂණ ආවරණය කර තිබීම අනිවාර්ය කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.
ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ එවැනි රක්‍ෂණ ආවරණ නොමැති කිසිදු යාත්‍රාවකට ධීවර කටයුතු සදහා නිරතවීමට කිසිදු ආකාරයක බලපත්‍රයක් ලබා නොදෙන ලෙසය .
අම්බලන්තොට ගුරුපොකුණ ධීවර සමිති ප්‍රජා ශාලාවේදී ධීවර ජනතාව සමග 28 දින පැවති සාකච්ජාවකදී ධීවර හා ජලජ සම්පත්
සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේය .
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම සාකච්ජාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක නිහාල් පාලිත , සහකාර ධීවර අධ්‍යක්ෂක , හම්බන්තොට කළමණාකාර නිලධාරීන් , ධීවර වරාය නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් , ධීවර වරාය නැංගුරම් පල ව්‍යාපෘතියේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ධීවර සමිති නිලධාරීන් සහ ධීවර කාර්මිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
මෙහිදී ධීවර කාර්මිකයින් පෙන්වා දුන්නේ අනතුරට පත් ධීවර යාත්‍රා සදහා රක්‍ෂණ වන්දි ලබාගැනීමේ බරපතල ගැටළු මතු වී ඇති බවය . මෙහිදී කරුණු විමසා බැලු රාජ්‍ය අමාත්‍යතුමාට අනාවරණය වුයේ නිසි ලෙස රක්‍ෂණ ආවරණ කටයුතු සිදු නොකිරීම නිසා රක්‍ෂණ වන්දි ලබාගැනීමේදී එවැනි ගැටළු මතුව ඇති බවය .
මේ හේතුවෙන් ධීවර කාර්මිකයින් , යාත්‍රා හිමිකරුවන් මෙන්ම ධීවර පවුල් පත්වන අසීරුතාව පිලිබදව මෙම සාකච්ජාවට එක් ව සිටි ධීවර කාන්තාවන් පැහැදිලි කළහ .
ගොඩබිමදී සිදුවන අනතුරු සදහා මෙන්ම මුහුදේ සිදුවන අනතුරු වලදී අර්ධ හානි වන බෝට්ටු සදහා කිසිදු රක්‍ෂණ වන්දියක් නොලැබෙන බවට ධීවරයින් පෙන්වා දුන්හ .
ඒ අනුව පුර්ණ හානි සදහා පමණක් දැනට රක්‍ෂණ ආවරණය ලබාදීමෙන් ධීවර ප්‍රජාව පත්ව සිටින අසරණ තත්වය සලකා පුර්ණ හානි වලට අමතරව අර්ධ හානි සදහා ද රක්‍ෂණ ආවරණය ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකරන ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය .
|
ලංකාවේ වර්තමාන තත්වය අනුව උප්පැන්න සහතිකය නිකුත් කරන විටම රක්ෂන සහතිකයකුත් සියලුම දෙනාට ලබා දිය යුතුයි
| 9
|
POSITIVE
|
ncpp_train_0384
|
50 පැන්නත් ෆිට් එකේ සිටි ශ්‍රී දේවී
වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කළාලු
වයස 54 ක්ව සිටියදී හදිසියේ සමුගත් බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවී සම්බන්ධ පැතිර යන විවිධ ආරංචි අතර ඇගේ ශරීර සුවතාව ගැනද තොරතුරු පළවේ. නිතිපතාම ජිම් යමින් තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් රැකගත් තැනැත්තියක වූ ශ්‍රී දේවි මේ ආකාරයට මියයාම ගැන සමහරු පුදුම වන අතර සැර මත් පැන් කටේ නොතියන බවටත් ඉඳහිට වයින් පමණක්
පානය කරන බවටත් ඇය ගැන ආරංචි තිබියදී ඇය මත්වී සිරුරේ සමබරතාව රැකගන්නට බැරිව යාම ගැන වඩාත් පුදුම වී තිබේ.
බොලිවුඩ් නිළියක ලෙස සමාජයේ
හැමවිට පවතින පිළිගැනීම හමුවේ ඇගේ රූ සපුව ගැන ඇය නිතර උනන්දු වූවා සේම ඇය ඇයටම ආවේණික ක්‍රමයෙන් ව්‍යායාම වල නිරතවූ බව බොලිවුඩ් විලාසිතා සඟරාවලට ඇය නිතර පවසා තිබුණි.
සියලුම බොලිවුඩ් නළු නිළියන්ට පාහේ නිල ව්‍යායාම පුහුණුකරුවෙකු සිටියත් ශ්‍රී දේවිට එවැන්නෙකු සිට නැත.
ඇය ඩේලි බෂ්කර් පුවත්පතට වරක් පවසා තිබුනේ මුම්බායිහි ජුහු නගරයේ පිහිටි JW Marriott’s නමැති තරු 5 ජිම් එකේ ඇය සාමාජිකාවක බවයි. වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක් පමණ එහි සාමාජිකත්වය සඳහා ඇය ගෙවා තිබෙන අතර තමන්ටම ආවේණික ක්‍රමයට එහි නිදහසේ ගොස් ව්‍යායාම කළ බව ඇය පවසා තිබුණි.
එම ජිම් එක සාමාජිකයින්ට පැය 24 ම විවෘතව පැවති එකක් වූ අතර ශ්‍රී දේවී මුම්බායිහි සිටියදී දිනපතාම එහි ගොස් තිබේ.
ඇයට එහිදී නිල පුහුණුකරුවෙකු සිටියේ නොමැති බවත් ඇය යන අවස්ථාවේ භාර නිලධාරියාගෙන් පුහුණු උපදෙස් ලබාගත් බවත් පවසා ඇත.
මේ අතර ශ්‍රී දේවිගේ එක් දියණියක වන ජානවී කපූර් ශ්‍රී දේවිගේ ඇවෑමෙන් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ කිරීමට ශ්‍රී දේවිට අදහසක් පැවති නිසා ඇයට බොලිවුඩය හා සම්බන්ධතා ගොඩනගාගැනීමේ අටියෙන් නිල බොලිවුඩ් ව්‍යායාම පුහුණුකාරියක වූ යෂ්මින් කරචිවාලා යොදවා තිබූ බවද වාර්තාවිය. කත්‍රිනා කයිෆ්, ආලියා බාත් හා කරීනා කපූර්ගේ පුහුණුකාරිය වූයේද ඇයයි. ශ්‍රී දේවිගේ දියණිය ජානවී Dhadak නමැති චිත්‍රපටයෙන් දැනටමත් සිනමාවට පිවිස සිටින්නියකි.
|
ත්වත් මනුස්සයෙක් මහන්සි වෙලා හො නොවි හම්බකරන සල්ලි අපිට අයිති නැ...අනුන්ගේ සල්ලි වලට ගනන් හදන අනුන් ගෙනම හොයන අමුතම ජතියක් මිනිස්සු කියන්නෙ...
| 8
|
POSITIVE
|
ncpp_train_0385
|
තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන
උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස්වතුරේ ගිල්වා මරාදාලා
කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී
පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.
මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත.
“මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා.
එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක්
වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි'
පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.
තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
|
බෞද්ධ. බෞද්ධ. ථේරවාද එකෙත් ස්පිරිට් එක. කෙලින්ම 2500යි. හරිය.
| -1
|
NEGATIVE
|
ncpp_train_0386
|
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා තවමත් නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දරන
බවත් එය මෛත්‍රිපාල සිරිසේන බලෙන් ලබාගෙන ඇතැයි කියමින් එය නැවත දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය වෙත ගොනු කළ පෙත්සම විභාග නොකරම ඉවතට විසිකිරීමට විනිසුරු තීරණය කර තිබේ.
2015 ජනපතිවරණ පරාජයෙන් පසු තමන් කටවචනයට සභාපති කම අත්හැරිය මුත් එය අත්හලේ නැතැයි කියමින් පසුගිය කාලයේ හිටපු ජනපතිවරයා නැවත ප්‍රකාශ කරද්දී ඇතැම් දේශපාලනඥයින් ඔහු නන්දොඩවන බවට විවේචන පළ කර තිබුණි.
යළි නිදහස් පක්ෂ සභාපතිත්වයට පත් කරන ලෙස ඉල්ලා, ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ වීම මත මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රිලනිප නායකත්වය තහවුරුවී ඇත.
පොහොට්ටුව ලකුණින් ඡන්දයට යාමට පෙර අත ලකුණින් එය කළ හැකිදැයි මහින්ද උරගා බැලූ අවසන් අවස්ථාව ලෙස මෙම පෙත්සම සලකා බලන ලදැයි පසුගිය කාලයේ දේශපාලන විචාරකයින් දන්වා තිබුණි.
ඒ අනුව ඉදිරි මැතිවරණ වලදී මහින්ද පොහොට්ටුව ලකුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය මෙහෙයවීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.
|
මහින්ද මැතිතුමා තරම් බලයට කෑදර මනුස්සයෙක් ලංකා ඉතිහාසයේ වත් නැතුව ඇති
| 182
|
POSITIVE
|
ncpp_train_0387
|
යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එරටින් පළා ගොස් ප්‍රහාරවලින් බේරී සිටීමට ඇමරිකාව උදව් කරන්නට ගිය නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ. රුසියානු හමුදා සෙනසුරාදා අලුයම යුක්රේනයේ අගනුවර දෙසට කඩා වැදුණු අතර පිපිරීම් නගරය හරහා දෝංකාර දෙන අතරවරයේත් ජනතාව අමතමින් රටේ අනාගතය තීරණය කරන මෙම දරුනු වැටලීමට එරෙහිව නිර්භීතව “ස්ථිරව සිටින” ලෙස ජනාධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේය.
ඇමරිකානු උදව් ප්‍රතික්ෂේප කරමින් ඔහු කීවේ: "සටන මෙතනයි මං එතැන ඉන්නවා‘ යනුවෙනි.රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවසාන අරමුන ලෙස එක්සත් ජනපද නිලධාරීන් විසින් විස්තර කරන්නේ යුක්රේන ආණ්ඩුව පෙරලා දැමීම බවත් තමා පළා ගියා යනු එය ඉටු කරදීමක් බව ඔහුගේ තර්කයයි.
ඇමරිකානු ජනපතිගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ඇමරිකානු බුද්ධි අංශ නිලධාරින් දෙවනුව දන්වා ඇත්තේ රටින් පලායාමට අවශ්‍ය නැති නමුත් අගනගරය කියෙව් වෙතින් ඉවත්වන ලෙසයි. නමුත් සෙලෙන්ස්කි එයද ප්‍රතික්ෂේප කළේය.එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් විශ්වාස කරන්නේ රුසියානු ප්‍රහාරය සැලකිය යුතු ප්‍රතිරෝධයකට මුහුණ දී ඇති බවත් එය ඉක්මනින් වෙනස් විය හැකි නමුත් පුටින් සිතුවාට වඩා සෙමින් ඉදිරියට යන බවයි.
|
එහෙම එයාගේ කැමැත්ත මෙයාගේ කැමැත්තවල් බෑ බන් කොහෙවත්.. ඕන රටක් තමන් ඉන්න රීජන් එකේ තදයව කෙයාෆුලි බැලන්ස් කරන්න ඕන .. විශේෂයෙන් ඒ තදයගේ සතුරෝ එක්ක ගනුදෙනු කරද්දී .. එක තමයි කොහෙත් විදිය.. චීනේ ලංකාවට රින්ගද්දී ඉන්දියාව, රුසියාව කියුබාවට රින්ගද්දී ඇමරිකාව, ඇමෙරිකාව තායිවානේ එක්ක සෙට් වෙද්දී චීනෙ, දගලන්නේ ඒකයි .. ඇමෙරිකාව කියන්නේ USSR එක කඩන්න මුල් උණු ප්‍රධාන සතුරා රුසියාවේ. අරුන් නේටෝ සෙට් උන ගමන් උන් බැදීල ඉන්නවා නේටෝ රටකට ගහන ඕනෑම රටකට ගහන්න.. නේටෝ නටන්නේ ඇමෙරිකාවට ඕන විදියට. මොන බලවත් රටත් අනිවා තමන්ගේ බෝර්ඩරේට ප්‍රධාන සතුරාගේ අතොකොළුවක් වෙන්න දෙන් නෑ.. කෙක්කෙන් නැත්තන් කොක්කෙන් නවත්තනවමයි .. ගොන් යුක්රෙනේ හැඩ් ඉට් කමින්ග් .. චීනෙ රෙද්ද අස්සේ දාගත්තොත් අපි ඉන්දියාවෙන් කන්නෙත් ඔහොම්මමයි xD xD
| 17
|
POSITIVE
|
ncpp_train_0388
|
අම්බලන්තොට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ අමතක වූ රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එම රාජ්‍ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක්
අම්බලන්තොට නගරයෙන් වාර්තාවේ.
අම්බලන්තොට මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අම්බලන්තොට මහඇළකණ්ඩිය, කොග්ගල්ල පදිංචි ඩී. සජිත් තිවංක නමැත්තා රුපියල් ලක්ෂයක මුදල යන්ත්‍රයෙන් පිටතට නොගෙන කාඩිපත පමණක් රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
ඊට පසුව යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි හුංගම
විජයබා ජාතික පාසලේ ගුරුවරයකු වන වයි.අයි. ලක්මාල් මහතා එම රුපියල් ලක්ෂයේ මුදල අතට ගෙන බැංකුවේ කළමනාකරු අතට ලබාදීමෙන් පසු මුදල් අයිතිකරු කවුරුන්ද යන්න සොයා බලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු බැංකුවට ගෙන්වා මුදල අයිතිකරු අතට ලබාදීම මහජන බැකුවේ අම්බලන්තොට ශාඛාවේ මෙහෙයුම් කළමනාකරු ඉදිරියේදී සිදුකෙරිණි.
මුදල් අයිතිකරුට දුරකතන ඇමැතුම ලබා දෙන විටදිටත් මුදල් තමා අතේ නොමැති බව ඔහු නොදැන සිටි බවද, හදිසියේ කාඩ් පත පමණක් යන්ත්‍රයෙන් රැගෙන එම මුදල්
වෙනත් කෙනෙකුට ලබා දීමට ගමන් කරමින් සිටියදී දුරකතන ඇමැතුම ලැබුණු බවත්. එවිට මුදල් අතේ නොමැති බව තේරුම් ගිය බවත් මුදල් අයිතිකරු පැවසු බව කළමනාකරු කීය.
(අම්බලන්තොට සනත් ගමගේ)
|
මේ වගේ චරිතයක් අහන්න ලෙබෙන්නේ කන කෙස්බේව විය සිදුරෙන් අහස බලනවා වාගේ තමා. මේකා මොන ලොකෙක ඉදල ආවද දන්නේ නේ ATM එකෙන් සල්ලි ගන්න .පිස්සුනේ.
| 14
|
POSITIVE
|
ncpp_train_0389
|
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරය සාවද්‍ය බවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
අද (29) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි “අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්. පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා.
වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි. විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි”
|
ඒක වහගන්න මේක ආවා මේ සුමානේ
| 11
|
POSITIVE
|
ncpp_train_0390
|
නාරාහේන්පිට අභයාරාමයේ ඉදික සූර්ය බල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28දා) එක්විය.
නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග්‍රාම ප්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ මෙම විදුලි පද්ධතිය ඉදිකර තිබේ.
ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක්ව ඉදිකළ විදුලි බල පද්ධතියේ පිරිවැය රුපියල් ලක්ෂ 50 කි.
නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු මැති ඇමතිවරුන්ද, ජානයේ තානාපති ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෝහෝ දේශපාලනික රැස්වීම් පසුගිය කාලයේදී අභයාරාමය කේන්ද්‍ර කරගෙන පවත්වා තිබුණි.
|
ඒ එළිය උපයෝගී කරගයි රට අදුරු කරන්න
| 7
|
POSITIVE
|
ncpp_train_0391
|
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.
ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිත
මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින
නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
|
ගලි වලේ පන්දාහේ කොලේ රොස්ට් චිකන් බුරියානි ආනමාලු කෝලිකුට්ටු වටලප්පන් ෆ්රය්ඩ් බීෆ් ඔක්කොම තියෙන්න ඇති ඊ ඊ ඊ ඊයා
| 49
|
POSITIVE
|
ncpp_train_0392
|
රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි
-RDA පැහැදිළි කිරීමක්
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට පසුගියදා කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජනක රණවක මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව ඇවිත් ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ලබාගෙන දන්වා සිටියේය. මහින්ද රාජපක්ෂ සමයේ කොට්ටේ නගරාධිපති ධූරය දැරූ ජනක රණවක මහතා ගුවන් පාලමේ බර දරනු ලබන කුළුණුවලට සම්බන්ධ වන පාලමේ Y හැඩැති ඉහළ කොටසක් නිසි පරිදි සම්බන්ධ නොවී
කණුවෙන් අඟල් 8ක් පමණ පිටතට පැන ඇති බව දන්වා සිටියේය.
දෙසැම්බර් අවසන් වනවිට වැඩ නිමකරන්නට සූදානම් වන මෙම පාලම වත්මන් රජය ඡන්ද ඉලක්ක කර ඉක්මණ් කර ඇති නමුත් ප්‍රමිතියෙන් තොර බවත් චෝදනා කළේය.
මෙම චෝදනාවට ඉංජිනේරු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්නට ඉදිකිරීම අධීක්ෂණය භාර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූයේ එයින් පසුවය.
සභාපති නිහාල් සූරියආරච්චි දන්වා සිටියේ මෙහි කොටස් විදේශයක නිපදවන බවත් ලංකාවට ගෙන ඒමෙන් පසු සවි කිරීම සිදු කරන බවත් වංගු ආකාර ස්ථානවලදී කිසියම් ඇදයක් හටගන්නා නිසා මේ ආකාරයට දිස්වන නමුත් එය අන්තරාදායක තත්වයට ළඟා නොවූ වක්‍රවීමක ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ගැටලු සහගත තත්වයක් නොවන බවත් ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයින් මෙය අනුමත කර ඇති බවත් දන්වා සිටියේය.
ප‍්‍රමිතියෙන් යුත්තව සියලුම කටයුතු සිදුවන බව කියා සිටි ඔහු මේ නම් කළ ස්ථානයේ මෙවැන්නක් සිදු වන බව කලින් හඳුනාගෙන තිබූ බව දක්වන සැලසුමේ ලිපි ලේඛනද ඉදිරිපත් කර සිටියේය.
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් පළමු අදියර මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට කටයුතු යොදා තිබේ. වත්මන් රජය යටතේ 2016 වසරේදීඇරඹි මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4700කි. මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීටර් 542ක දිගින් යුත් මෙම පාලම මංතීරු හතරකින් යුක්තය.ස්පාඤ්ඤ රජයේ ආධාර යටතේ මෙය ඉදිකෙරෙයි.
RDA පැහැදිලි කිරීම හා ජනක රණවකගේ චෝදනාව පහතින්
|
අනේ මචෝ... අපි නොදන්න රෙනවක..... මේකා මහින්ද ගොයියාගේ කාලේ බැසිලා එක්ක සෙට් වෙලා හරි හරියට ගසා කාලා මේ ආණ්ඩුව ආපු ගමන්ම මෛත්‍රී සරණ ගියා.... මේකාට විරුද්ධව කප්පරක් නඩු තියෙනවා..... අනික මේකා කෝට්ටේ නගර සභාවෙන් ටෙන්ඩර් නොකර උගේ ගෝලයොන්ගේ නම් වලට හොර පාරෙන්ම කඩ අරන්දීලා තියෙනවා...... මූත් කඩ අරන් තියෙනවා.... හැබැයි අහුවෙයි කියලා මූ ඒවාගේ අයිතිකාරයා කරලා තියෙන්නේ මුගේ නැන්දාම්මාව . ඒ කියන්නේ ඩී. විජිතා කියන උගේ නැන්දාම්මාගේ නමට..... මේක කෝට්ටේ නගර සභාවේ ඉන්න හැමෝම දන්න කේස් එකක්....
| 139
|
POSITIVE
|
ncpp_train_0393
|
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල සඳහා අවම ලකුණු අද ප්‍රසිද්ධ කෙරිණි
ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ අවම ලකුණූ අනුව මෙවර සිසුන් 30141 දෙනෙකු විශ්ව විද්‍යාලයන්ට
ඇතුළත් කර ගැනීමට නියමිතය.
ජෛවීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 6796 දෙනෙකු, භෞතීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 5723 දෙනෙකු වාණිජ විෂය ධාරාව සඳහා සිසුන් 6119 දෙනෙකු කලා විෂය ධාරාව සඳහා සිසුන් 8874 දෙනෙකු, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා සිසුන් 1307 දෙනෙකු,ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා සිසුන් 955 දෙනෙකු හා වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 367 දෙනෙකු ද වශයෙන් සිසුන් 30141 දෙනෙකු මෙවර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.
2017 අධ්‍යයන වර්ෂය සඳහා නිකුත් කළ අවම ලකුණු ඒ ඒ අයගේ විභාග අංකය අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk. වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය.
පහත යොමුවෙන් දැක්වෙන්නේ අවම ලකුණු සටහන් කළ වගුවයි
http://www.ugc.ac.lk/html/attachments/2021_COP_2017_2018-ENGLISH.pdf
|
උසස් පෙළ අසමත් අයත් විශ්ව ව්ද්‍යාල වලට ඇතුලත් ජර ගත යුතුයි. සයිටම් වෙද්‍ය පීටය අහෝසි කිරීම ජාතියේ අවාසනාවකි
| -13
|
NEGATIVE
|
ncpp_train_0394
|
මහනුවර පැරණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනකු පෙරේදා (28) රාත්‍රී 11.15ට පමණ 'ඒ' සිර වාට්ටුවේ දොරවල් කඩා පැනයාමට දැරූ උත්සාහය බන්ධනාගාර නිලධාරින් විසින් වෙඩි තබා වළක්වනු ලැබ ඇතැයි එම බන්ධනාගර ආරංචි මාර්ග අනාවරණය කරයි. රැඳවියන් දෙදෙනා මෙලෙස පළා යාමට තැත් කර ඇත්තේ තුන්වනවරට බවද පොලිසිය සඳහන් කරයි.පළායාම සඳහා මෙම රැඳවියන් දෙදෙනා උඩු මහලට නැග තාප්පයට ගොඩවීමට උත්සාහ දරා ඇතැයි ද ඒ බව දැක ඇති නිලධාරින් ඒ දෙසට වෙඩි තැබීම නිසා බියට පත්ව ඔවුන් දෙදෙනා සිර මැදිරිවලට දුවගොස් ඇතැයි ද පැවසේ. සැකකරුවන් දෙදෙනා දැනට ආරක්ෂිත සිර මැදිරිවල රඳවා තබා ඇති අතර මහනුවර පොලිසිය සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.
මේ අතර බුස්ස බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි සැකකරුවකු බන්ධනාගාර එලිමහනේ වැඩ කරමින් සිටියදි අද (30) බන්ධනාගාර භුමියෙන් පැන ගොස් ඇති බැව් බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.පැනගිය සැකකරු කබුරුගොඩ වඩුමුල්ලේ ගෙදර මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවසකට අයුතු ඇතුල්විම හා අන්සතු තුවක්කුවක් හා ඔරලෝසුවක් කොල්ලකෑම යටතේ මීගමුව මහාඅධිකරණය මගින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.2015.12.03 දින පලමු චෝදනාවට වසර එකක් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් හා දෙවන චෝදනාවට වසර දහයක් සිරදඩුවම් මෙය එකවර ගෙවියන ලෙස නියම කර ඇත.මෙම දඩුවම් අවසන් කිරිමට නියමිතව ඇත්තේ 2022 11 22 බව ද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.ජයන්ත සමරකෝන් සහ එච් එම් සමන් – අක්මීමන
|
ආවෙත් මිනී උඩින්, ඉන්නෙත් මිනී උඩින්, යන්නෙ?
| 55
|
POSITIVE
|
ncpp_train_0395
|
අද කාලයේ තරුණ වැඩිහිටි බොහෝ දෙනා අන්තර්ජාලය භාවිත කරමින් සමාජ මාධ්‍ය රැසක් පරිශීලනයට නිතරම නැඹූරුවී තිබේ. මේ ගැන කර තිබෙන පර්යේෂණ වලින් මෙම නැඹුරුව සෞඛ්‍ය ගැටලු ඇති කරවීමට හේතුවන මානසික තත්වයන් නිර්මාණය කර ඇත බව සොයගෙන ඇත.
බහු සමාජ මාධ්‍ය භාවිතාව මානසික පීඩනය හා කාංසාව ඇති සාමාන්‍ය අවදානම තුන් ගුණයකින් වැඩිකරන බව මෙම පරියේෂයකින් අනතුරු අඟවා ඇත.
එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්යාලයේ බ්‍රයන් ඒ පිමාර්ක් පුද්ගලයින් සමාජ මාධ්‍ය සඳහා වැය කළ මුළු කාලය ගැන පර්යේෂණයකින් මේ ගැන කරුණු හෙළි කර ඇත.
ෆේස්බුක්, යූටියුබ්, ට්විටර්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්රෑම්, Snapchat, Reddit, Tumblr, Pinterest සහ LinkedIn සම්බන්ධයෙන් 2014,2015, 2016 වරින් වර පුද්ගල පිරිසක් ඉලක්ක කර කරන ලද ප්‍රශ්න විමසීම් වලදී ඒ අය පසුගිය කාලයේ ලබාගත් මානසික ප්‍රතිකාර ගැන විස්මය ජනක ප්‍රතිඵල ලැබුණ බවත් බොහෝ අය ෆේස් බුක්ට අමතරව තවත් මාධ්‍ය රැසක් වෙත යන්නේ පාළුව තනිකමට පවතින මානසික පීඩනයකින් සුවය ලබන්නට බවත් ඒත්තු ගෙන ඇත.
වැඩිපුරම සමාජ මාධ්‍ය රාශියක් එකවර භාවිත කරන්නන් බහුතරය විශාදයෙන් පෙළෙන අය බවද සොයාගෙන ඇත.
එවැනි අයගේ සාමාන්‍ය සමාජය සමග මුහුණට මුහුණලා ඇසුරු කිරීම් අතිශය අවම වන අතර හැසිරීම් වලදී මානසික අඩුවක් හෝ ලජ්ජාවට තුඩු දිය හැකි කාරණාවක් පෙන්නුම් කර ඇත.
මාධ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමට, සෘණ මනෝභාවය හා හැඟීම් හේතු වන බවත් එක් එක් මාධ්‍ය තුළ සංස්කෘතික උපකල්පන idiosyncrasies සැරිසැරීම එන්ට එන්ටම දුෂ්කරවී ඇති බවත් පර්යේෂණයේදී කියා ඇත.
නැවත නැවත බහු මාධ්‍ය වෙත යාමට පෙළැඹීම මෙහිදී වළක්වා ගත හැකි නම් විශාද රෝග තත්ව මතුවීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකි බවද පර්යේෂණයෙන් පෙන්වාදී ඇත.
|
අපි ඉස්සර ඇබ්බැහි වෙලා උන්නේ ගුවන්විදුලි රඟමඩල වගේ ඒවාට...
| 31
|
POSITIVE
|
ncpp_train_0396
|
පිරිමි හෙල්ල එෆ් 45 හි විසිකිරීම් තරගය අද ජපානයේ ටෝකියෝහි පැරාලිම්පික් මලල ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් එහි රන් පදක්කම දිනාගත් අතර- මීටර් 67.79 ක නව ලෝක වාර්තාවක් පිහිටවූයේය.
දිනේෂ් ප්‍රියාන් හේරත් අනුරාධපුරින් බිහිවූ ක්‍රීඩකයෙකි. දිනේෂ්ගේ බිරිය ටිසන්කාද ක්‍රීඩිකාවකි.2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.මින් පෙර 2016 දීත් මෙම ඉසව්ව නියෝජනය කරමින් රියෝද ජැනයිරෝ පාරාලිම්පික් තරගයට එක්වූ අතර එහිදී ඔහු ලෝකඩ පදක්කම ලබා තිබුණි.යුද හමුදාවේදී ගජබා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර ඔහුගේ පුහුණුකරු වූයේ ප්‍රදීප් නිශාන්තයි.
|
අත පය හතර හොඳට තියාගෙන පදක්කමක් ගන්න බැරි අපේ අයට දීපු ලොකු ආදර්ශයක්. ඔබට ජය වේවා!
| 69
|
POSITIVE
|
ncpp_train_0397
|
කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනිදා හදවත් සැත්කම්වලට ලක් කළ
රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම
පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ
හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ත‍්‍රි
පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ
මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක මෙම විමර්ශණ කමිටුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
වෛද්‍ය සේවා 01 වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය. අධ්‍යක්ෂ
(රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර
ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.
මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව අද (30) දිනය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙයි.
|
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අපේ රටට අත්‍යාවශයි
| -1
|
NEGATIVE
|
ncpp_train_0398
|
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි.
බෝර 12 ගිනි අවි සඳහා
භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි.
|
මේ දැන් මුව නිදහස් කරලා. දවසක්වත් යන්න කලින්. මේක තමයි ලංකාවේ තත්වේ. දුප්පත් එකෙක් ළඟ තිබුනානම් ඒකා ඉවරයි.
| 2
|
POSITIVE
|
ncpp_train_0399
|
හෙට මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNO සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ. මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදුවේ.
|
මොන මළ වදයක්ද යකෝ මේක? බැසිලා තෝ මකබෑවිලා පල! තෝ කරන අපත වැඩ නොපෙනෙන තොපේ අයියලා පොට්ටද? රට වට්ටලා තෝ මොකක්ද මේ ගහන ගේම?
| 68
|
POSITIVE
|
ncpp_train_0400
|
පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහ දැරූ අන්තවාදී මුස්ලිම් මතදාරී තරුණ පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්‍රතිමාවලට මිටිවලින් පහරදී
හානි කිරීම ඔවුන් සිදු කර තිබුණි.
අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිටි දෙදෙනාගෙන් කෙනෙකු ගම්වැසියන් අල්ලා ගස් බැන්ද පසු ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව අනෙක් සැකකරුවන් අල්ලාගන්නට හැකිවූ අතර කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙකු කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිදාමයට අදාළ ප්‍රධාන සැකකරු මේවනවිට සැඟව සිටින බවද වාර්තාවේ.
ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්‍රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම සැකකරුවන් පිරිස අන්තවාදී කල්ලියක
සාමාජිකයින් බව වාර්තාවන අතර දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු ඔහුගේ මාවනැල්ල පිහිටි නිවසට අනෙක් අය ගෙන්වා පන්ති පවත්වා මේ ආකාර විනාශ සිදු කරන ආකාරය ඉගැන්වූ බවත් ඔහු කියන දේවල් කිරීමට තමන් පෙළැඹුනේ ඒ නිසා බවත් අත්අඩංගුවට පත්වූ අය පවසා තිබේ.
කෙසේ වෙතත් මේ ගැන පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගේ අන්තවාදී අදහස් නිසා මාවනැල්ල මුස්ලිම් පල්ලිය මගින් ඔවුන් නෙරපා හැර තිබූ බවයි. තමන්ගේ මතය දරන වෙනම කණ්ඩායමක් සකසා ගැනීමට පසුව ඔවුන් පෙළැඹි ඇති බවද වාර්තා වේ.
ප්‍රධාන සැකකරු සෙවීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වෙනුවෙන් මාවනැල්ලට පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.
|
වැඩේ තියෙන්නෙ මුස්ලිම් අයටත් නව ගිවිසුමක් ගහන්න තව ජේසු තුමෙක් ආපු නැති එක වෙන්ටෑ, කොහොම උනත් මුං පල්ලියෙන් පන්නපු උන් වගයක්, රට රට වලත් මේ වගෙ ප්‍රශ්න. ජීවිතය හරිම කෙටියි බොලැල්ලා, සහෝදරයො වගේ හිටහල්ලා
| 21
|
POSITIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.