id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
|---|---|---|---|---|
ncpp_train_0601
|
බලශක්ති ඇමති කංචන විජේසේකර අද (28) උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඛණිජ තෙල් සංස්තාවේ සිපෙට්කෝ අලෙවි සල් ඉන්දියානු ඔයිල් සමාගමට සහ තවත් සමාගම් වලට විකුණා දමන්නට කැබිනට් අවසරය ලැබුණ බව දන්වා සිටියි.
ඔහු නිකුත් කළ පණිවිඩයේ මෙම කරුණු දෙක සටහන් වේ.1) තෙල් නිපදවන රටවල සමාගම් සඳහා ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. ඔවුන් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ මෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා මහ බැංකුව සහ අනෙක් බැංකු වෙතින් විදේශ විනිමය අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මකවිය හැකි නම්ය.
2) සමාගම්වලින් අය කරන සේවා ගාස්තුවක් සමඟ සැපයුම්, තොග සහ බෙදා හැරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාව සේවා සපයන්නා වනු ඇත. දැනට පවතින 1190 ක්වූ CEYPETCO හි තෝරාගත් අලෙවිසැල් සහ නව අලෙවිසැල් LIOC සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබා දෙනු ඇත. පිරිපහදුව ඛණිජ තෙල් සංස්ථාව සමඟ ක්‍රියාත්මක වනු ඇත.
|
ඉතාමත් හොද තීරණයක්. මේක කරන්න තිබුනෙ යුද්දෙ ඉවර කරපු හැටියෙම. කමක් නෑ . දැන් අස්සයා ගිහිල්ලා ඉවරයි.
| 114
|
POSITIVE
|
ncpp_train_0602
|
කොළඹ මෝදර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරමේ නිරත පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන තරුණයකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට පෙරේදා (25) ප්‍රභූවරයකුටත් නැති තරමින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබීම සම්බන්ධ පුවත පිළිබඳ තවත් තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබේ.
එම ආරක්ෂාව සලසා ඇත්තේ ඉහළ පොලිස් නිලධාරීයකුගේ
නියෝගයකින් බවත්
මට්ටක්කුලීය, අලියවත්තේ පදිංචි එම පාතාලයට සම්බන්ධ තරුණයාගේ විවාහ මංගල්‍ය උත්සවය වත්තල. ඇළබඩවතේ පිහිටි හෝටලයක පවත්වද්දී සහ ඔවුන්ගේ දෙවැනි ගමනේ උත්සවයද එම හෝටලයේම ලබන 28 දා පවත්වන්නට සූදානම් වෙද්දී මරණ තර්ජන ලැබීම සහ ඒ ඔස්සේ පාතාල සාදාජිකයින් කෙතාටු කරගන්නට පොලිසියට අවස්ථාවක් උදාවීම මත මෙම ආරක්ෂාව ලසසා ඇති බවත් අනාවරණය වෙයි.
මේ වනවිට පොලිසියට කට්ටි පනිමින් සිටින මෝදර ප්‍රදේශයේ පාතාලයේ ප්‍රබලයකු වන වැල්ලේ සුරංග නමැති අය විවාහ මංගල්‍ය උත්සවයට කඩා වැදී මනමාලයා ඇතුළු ඔහුගේ මිතුරන් ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව බුද්ධි අංශවලට කල්තියා තොරතුරු ලැබී තිබීම සහ මනාලයාට ලද තර්ජන අනුව එය සනාථවීම මත මෙම පියවර ගෙන තිබේ. එම ප්‍රහාරය මනමාලයාගේ පාර්ශ්වයේ අයද දැන සිටින බැවින් ඔවුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බව අනාවරණය කරගත් බුද්ධි අංශ ඒ ගැන බලධාරීන්ට දැනුවත් කර ඇත්තේ අවි ආයුධ සමග දෙපාර්ශවයම කොටුකර ගැනීමට එය හොද අවස්ථාවක් බව සඳහන් කරමිනි.
ගිනි අවි සමඟ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට පොලිසියට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ විවාහ මංගල්‍යය පැවැත්වෙන දින කිසිදු ලේ වැගිරවීමක් නොවන ලෙසට වගබලා ගන්නා ලෙසය. ඒ අනුව මට්ටක්කුලියේ සිට වත්තල පිහිටි හෝටලය දක්වා මනමාලයා ගමන් කරන විට පොලිස් ස්ථාන තුනකින් ඔහුට ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
පෙර ගමන් රථයක් ලෙස පොලිස් යතුරුපැදි දෙකද ගමන් කර ඇති අතර පසුපසින් පොලිස් ජීප් රථයක් ගමන් කර ඇත. විවාහ මංගල්‍යය අවසන්ව යුවළ හෝටලයෙන් පිටව යනතුරු හෝටලයට පොලිසියේ 20 දෙනකුගෙන් සන්නද්ධ ආරක්ෂාවක්ද යොදවා තිබේ. ඉහළ පොලිස් නියෝගයක් මත වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාට පවා එම ස්ථානයේ රැදී සිටීමට සිදුව ඇත.
පෙර වාර්තාව
පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්
|
හැම පාතාලේ වැඩකටම තියෙන පොලිස් ආරක්ෂාව තමයි මෙයින් සනාථ වෙන්නේ.
| 76
|
POSITIVE
|
ncpp_train_0603
|
මහර බන්ධනාගාරයේ ඊයේ (29) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් ඝාතනය වූ පිරිස තවත් ඉහළ ගොස් තිබේ. මේ වනවිට වාර්තා වන ආකාරයට බන්ධනාගාරයේ වෙඩිවැදී ඝාතනයවූ රැඳවියන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. තුවාල ලැබූවන් ගණන 70ක් පමණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ.මේ අතර බන්ධනාගාර නියාමකවරයෙකුද බරපතල තත්වයේ පසුවෙමින් ප්‍රතිකාර ගන්නා බව වාර්තාවේ.මේ අතර මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නාය.
මෙම ගැටුම සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණයක් බවට ඇය අදහස් දක්වා තිබේ. මහර බන්ධනාගාරය තුළ උද්ගත වූ සිදුවීම කොරෝනා රෝගීන් වැඩිවීම නිසා ඇතිවූ තදබදය හේතුවෙන් නිර්මාණය වූවක් නොව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීම සඳහා සංවිධානාත්මකව ඇති කළ කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් වීරවංශද පාරලිමේන්තුවේදී කියා තිබේ.විමල් මෙසේ කීය.“මෙම හිරගෙදර ඇතිවුණු තත්වය මම පෞද්ගලිකව කරුණු සොයා බැලීමක් කළ නිසයි මම මේ නැඟී සිටියේ. මම කියන්න ඕනෙ මේක මේ ඇතිවී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයං කියලා හිටපු පසුගිය කාලෙ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්, ඒකට කියනවා රිවස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදි හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා.ඒ පෙත්ත ගැහුවාම ගරු කථානායකතුමනි, කෙනෙකුගේ ලේ දකින්න ඕනා. මේ ගොල්ලො මේ අත්හදා බැලීම කරලා මේ ගොල්ලො ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදාහැරලා මිනීමරන තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මෙහෙයවූයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයො කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන කෙනාව මෙහයවූයේ.මේක බුද්ධි අංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීපදෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්වය ඇති කරගන්න බැරිවුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකෙ බැකප් ප්ලෑන් එක සිද්ද වෙලා තියෙනවා. මේක අපි හිතන්න නරකයි මේ තදබදය විසින් ඇති වෙච්ච ආතතියක පුපුරා යාමක් කියලා ( සිනාසෙයි ). ඒක එහෙම හිතන්න කෙනෙකුට ලේසියි, හැබැයි මං මේක දන්න නිසයි කියන්නේ. මෙතන තියෙන්නෙ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තරව අපවාදයක් ඇතිකිරීම සඳහා ඕනෙ කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකෙ ඇත්ත කතාව. මේක එහෙම නැතුව කොරෝනා රෝගීන් වැඩිවෙලා නෙවෙයි” මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
|
ජනපතිවරණය කාලයේ අපට හිට්ලර් වගේ නායකයන් අවශ්‍යයි, හිට්ලර් පාලනයක් හොඳයි කියල කිව්වනේ. ඔන්න පැතුම ඉටුවෙලා..දැන් සනීපද ?
| 5
|
POSITIVE
|
ncpp_train_0604
|
ශ්‍රී
ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා
මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා
වැඩිවී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් මුළු රටම රැවටීමක්
පමණක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
ඔහු සඳහන් කරන්නේ
ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිව යුතු ආයතනයක් මෙම සංචිත වැඩිවූ ආකාරය
පිළිබඳව මූලාශ හෙළි කිරීමෙන් හිතාමතාම වැලකී ඇති බවයි. වර්තමාන ආණ්ඩුව
පිළිබඳව ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන
අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන්
කරමින් ව්‍යාජ චිත්‍රයක් මතුකරමින් සිටින්නේයැයි මේ පිළිබඳව අදහස්
දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.“අපි උග්‍ර විදේශ විනිමය
අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර
ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටි කාලීන
ප්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව
ඒක ගණන් ගත්තේ නෑ. දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි
කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලු. එහෙනම් හෙට ඉඳල සියළු
ප්‍රශ්න විසඳෙන්න ඕන. කාවද මේ රවටන්නේ? මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා
වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩිකරගෙන තියෙන්නේ චීනයෙන්
ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට
යටත් වී පමණයි.“
දේශපාලකයින් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන්
කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන්
අගාධයට ගියබව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රට මුහුණ දෙනසැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයටම ගමන් කරන බවයි.“මේ
ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිළ
විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියන
හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලුණත් බෑන් චූන් කියලයි.
අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත්
අර පරණ දුකටම වැටෙනවා. මේ නිසා, මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා
වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක්
විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශන වලින් නම් රටට වැඩක් වෙන
එකක් නෑ.“මේ වනවිට, මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් මහ
බැංකුව අළුත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා
මහතා වැඩිදුරටත් කීය.
|
දැන්නම් ජනතාවගේ කෝපය රාජපක්ශලාට එරෙහිව උපරිමයට ගිහින් තිබෙන්නේ මෙය යම්තාක් දුරකට හෝ සමනයකල හැක්කේ රටේම අප්‍රසාදයට පත්වෙලා සිටින අගමැති මහින්ද දූරයෙන් ඉවත්වීම .මේ රට මෙතරම් අගාදයට පත්වීමට මූලික හේතුව මහින්දගේ නිමක් නොමැති හොරකම .විදේශ ණය අරගෙන කලේ එයින් වැඩි කොටසක් හොරකම් කිරීම .මේක රටටම නොරහසක් .මහින්ද තණ්තුරෙන් ඉවත්වීම වෙනුවට තව තවත් ජනතාව ප්‍රකෝපකරමින් මහජන මුදල් කාබාසිනා කරමින් ලෝකයේ ඉහලම ධන කුවේරයින් බාවිතා කරන අති සුඛෝප්බෝගී ජෙට් යානා බාවිතා කරමින් අබුදරු මුණපුරන් කැටිව අතිසය පුද්ගලික සංචාරවල් යෙදීම .කලයුත්තේ වහාම අගමැති දූරයෙන් ඉවත්වී සුදුසු පුද්ගලයෙකුට ලබාදීමයි .
| -2
|
NEGATIVE
|
ncpp_train_0605
|
දවසක හමුවේවා
ගායනය -නිරෝෂා විරාජිනී සහ අමල් පෙරේරා
පද රචනය -කැලුම් ශ්‍රීමාල්
සංගීතය -නවරත්න ගමගේ
|
මේක ඉන්දියන් කොපියක්.
| -1
|
NEGATIVE
|
ncpp_train_0606
|
සිංහල මව්වරුන් වඳ කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළවූ චෝදනාකාරී මාධ්‍ය වාර්තා පිළිගත හැකි කරුණු වාර්තාවී නැති බවට හා ඔහු වරදක් කර ඇති බවට මව්වරුන් කළ චෝදනා රැසක්ම හුදු සැකය මත ගෙන ආ පැමිණිලි බවට අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දන්වා ඇත.
ෂාෆි සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මව්වරුන්ගේ පැලෝපීය නාල අවහිර කළ බවක් හෝ
ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මෙතෙක් කිසි ලෙසකින් හෝ අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ අනුව දැනුම්දී ඇත.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල
මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ පිටු 210කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.
මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක් සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් පමණක් හඳුනාගත හැකි බවත් ඒ අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ මව්වරුන්
ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.
වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
|
දැන්වත් දෙවියනේ මිලේච්ච පාදඩ තිරිසන් මුස්ලිම් අන්තවාදයට විරුද්දව සියලුම සිංහල ජනතාව එකතු වෙයල්ලා. මේක අපේ හැරවුම් ලක්ෂය වෙමු. කිසිම පක්ෂයකට ගති නොවී සිංහල ජාතිය විදිහට එකතු වෙමු. අපි එකට හිටියොත් අපිට මේ රට රැකගන්න පුළුවන්.
| 10
|
POSITIVE
|
ncpp_train_0607
|
ආණ්ඩුව තුළ බුද්ධිමතුන්ට, වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමාන කරන වන්දිභට්ටයන්ට ඒතැන හිමිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වත්මන් ආණ්ඩුව ගොවි ජනතාවට එදා පොරොන්දු වුණේ නොමිලේ පොහොර ලබාදෙන බව වුණත් අද වනවිටපොහොර තබා ගොවිබිම් ටික පවා අහිමිකොට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
බාල ගිවිසුම් ගසමින්, බාල පොහොර ගෙන්වමින් ගොවි ජනතාව නැත්තට නැති කිරීමේ කටයුත්තක් ආණ්ඩුවසිදුකරන බවත් “මුඩුබිමක් වැඩබිමක්” කරනවා යැයි කියමින් පැමිණි ආණ්ඩුව සෞභාග්‍ය වෙනුවට අභාග්‍යරටට රැගෙනවිත් ඇති බවත් ඔහු කීය. ගොවි ජනතාව අනාථ වී ඇති අතර ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය පවා අ¾දුරට හෙළා ඇති බවත්,ජනතාවට වේලක් ඇර වේලක්වත් කන්න බැරි තත්ත්වයට රට පත්කොට ඇති බවත් විපක්ෂ නායකවරයාඊයේ(28දා) විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැති ගොවි විරෝධතාවට එක්වෙමින් පැවැසීය.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න විසින් එම උද්ඝෝෂණය සංවිධානය කොටතිබූ අතර, විපක්ෂ නායකවරයා විල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමටද සහභාගි විය. කිසිවකුට බරක් නොවී ජීවත්වුණු ගොවි ජනතාව කබළෙන් ළිපට ඇද දමා ආණ්ඩුව කළ මේ සාහසිකක්‍රියාවලිය අමානුෂික බවත් ජනතාවගේ කර මතින් ගොස් සුරසැප විඳින ආණ්ඩුවට ජන දුක නොතේරෙනබවත් ඔහු අවධාරණය කළේය. බුද්ධි මාරඹේ වැනි ප්‍රබුද්ධ උගතුන් නෙරපා හරින තැනට ආණ්ඩුව පත්ව ඇති අතර මහා ගොවිජන පවුරක්නිර්මාණය කොට ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ජනතා අරගලය ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
|
රටේ මිනිසු හොයන කොන්දයි රට ඉදිරියට ගෙනියන දාර්ශනික මානසකත්වයි කවදාවත් එක පුද්ගලයකුගෙන් ගන්න බැ . කොන්ද වැඩි වෙනකොට අනික් පැත්ත බහිනවා. දාර්ශනිකත්වය වැඩි වෙනකොට කොන්ද බහිනවා. ඔය දෙකම තියන නායකයෙක් කළාතොරකින් බිහිවන්නේ
| 3
|
POSITIVE
|
ncpp_train_0608
|
රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන
ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයටස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම
27 වනදාා උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවූ ‘ටොප් ටෙන් සුපර් හිට්ස්‘ නමැති සජීවී වැඩසටහනකදී ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයකට අදාළ නිවේදකයා ලබාදුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වී ඇත.
රටේ සිය ගණනකගේ ජීවිත අහිමිවී දසදහස් ගණන් අවතැන්වී සිටින වෙලාවක ඒ ආකාරයේ විනෝදයට බර සජීවී චාට් ෂෝ එකක් ඉදිරිපත් කිරීම හරිද යන්න ඇය ඇසූ පැනය වූ අතර එම පැනය අවසන් කරන තුරු අසන්නටද ඉඩ නොතබා
මෙහෙයුම් සිදුකරන අය
කපා දැමූ පසු රහල් නමැති නවක නිවේදකයා කියා සිටියේ
එම පැනයේ දෙපැත්තක් තිබෙන බවත් ආපදාවක් සිදුවුණාය කියා අනෙක් මාධ්‍ය ජාලද වැඩසටහන් නොකර සිටින්නේ නැති බවයි. එලෙසම ස්වර්ණවාහිනියද එම වැඩසටහන් කරන බවයි. එසේම රටේ ප්‍රශ්නයක් කියා ‘ඔයා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද ‘යන්න ඔහුගේ කේන්ති සහගත උපමාව විය.
පසුව පිලිතුර අවසන් කරද්දී තවත් දේවල් කටට ආවත් ඒවා මැඩ පවත්වමින් මෙන් ඔහු කියා තිබුනේ ‘මාව තරහ ගස්සන්න එපා.....‘ යනුවෙනි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ නිවේදිකාව ලෙස කටයුතු කළ කවින්ද්‍යා අධිකාරි නිවේදකයා ලබාදුන් පිළිතුර හරිමදි බව සැණින් වටහාගෙන අපි මේ වෙනුවෙන් ප්‍රේ කරා විෂ් කළා උදව් කරනවා ආදී ලෙස වෙනත් කරුණු ගෙන හැර දැක්වූවාය. නමුත් ඇය ලැබුණ ඇමතුම නම් කළේ ‘බාධාකාරී කෝල් එකක්‘ ලෙසයි.
මෙම සිද්ධිය නැවත නැවත නරඹන සමාජ ජාලා නරඹන්නන් නිවේදකයාට කේන්තියාම පිළිකුල් ලෙස හෙළාදැක තිබුණි.
රාත්‍රී ප්‍රවෘත්ති වලදී තරගයට ගංවතුර හා එම මරණ දුක ජනිත කරමින් විවිධ ලෙස වාර්තා කරන රූපවාහිනී නාලිකා තම වැඩසටහන් පෙළගැස්ම තුළ එම හැඟීම මතු නොකිරීම එහිදී විවේචනයට ලක්ව තිබේ.
එසේම මහජනතාවට අයත් තරංග මාලා වාර්ෂික බලපත්‍ර මත බද්ධට ගෙන වැඩසටහන් ගෙන එන රූපවාහිනී නාලිකා මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගැනීම කොතරම් උචිතද යන්නද ඒ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයන්ට ඇති අයිතිය හෑල්ලු කිරීමේ වරදද සාකච්ඡාවට බඳුන්වී තිබුණි.
එම ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්
|
දන්නා එකෙක් දාපන්කෝ මුගේ ගෙදර addres එක :@
| 62
|
POSITIVE
|
ncpp_train_0609
|
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද (31) පස්වරුව වනවිට මෙරට සියලු තාප බලාගාර අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසා තිබේ. එය අර්බුදය තවත් උග්‍ර කිරීමකි. සක්‍රීය මට්ටමේ තිබූ කැලණිතිස්ස බලාගාරය ද මේවනවිට සම්පූර්ණයෙන් අක්‍රීය වී තිබෙන අතර අද පස්වරු 05 ට පමණ එම බලාගාරයේ කටයුතු අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි තහවුරු කළේය.සෙසු ඩීසල් සහ දැවිතෙල් බලාගාර ද මේවනවිටත් අක්‍රීය මට්ටමේ ඇති බව ඔහු සඳහන් කළේය.
සපුගස්කන්ද බලාගාරයේ ජනන කටයුතු නතර වී ඇත්තේ දැවිතෙල් නොමැතිවීම හේතුවෙනි. කෙසේවෙතත් අද පස්වරුව වන විට කැළණි තිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා ඩිසල් මෙට්ට්‍රික් ටොන් මිලියන 1.5ක් නිකුත් කිරිම ආරම්භ කරනු ඇතැයි වාරඒතා කර තිබේ.විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබාදීමට ලංකා IOC සමාගම එකඟතාවය පළකර තිබේ.මෙම සඳහා ඩොලර් වෙනුවට රුපියල් ගෙවීමට එකඟ වූ බව ද වැඩිදුරටත් වාර්තා විය.
|
යකෝ තෙල් නැත්නම් ඉංජිනේරුවො බලාගාර වැඩකරවන්නේ චූකරලද? තෙල් නැත්තේ ඩොලර් නැති නිසා, මේ ඩොලර් ප්‍රශ්නෙ ඉංජිනේරුවො හදපු එකක්ද?
| 3
|
POSITIVE
|
ncpp_train_0610
|
යෝජිත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි
ජාතික නිදහස් පෙරමුණු නායක
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් කල ප‍්‍රකාශය ඇත්ත කතාවක් බවත් සමහරුන් විසින් අල්ලාගෙන ඇත්තේ වැරදි කොනකින් බවත්
ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
විමල්ගේ මස්සිනා වන අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ නඩුවේ නීතිීඥයෙකු ලෙසද තමා කටයුතු කළ බව කියන ඇමතිවරයා
‘විමල් ඒ කතාවෙන් කියන්න හැදුවේ එහෙම දෙයක් නොවෙයි. අලූත් ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැතිවුනොත් ඒ පාර්ලිමේන්තුව වැඩකටම නැති තත්වයකට පත්වෙනවා.
ඔහු උත්සාහ දැරුවේ එවැනි තැනකට පත්වුනු ආයතනයක් තිබීම වැදගත් නැති බව ඒත්තු ගැනීමයි’
කියා සිටියේය.
|
විමලයත්ින්නම වෙලාවක දාන්න ඕනා....!
| 9
|
POSITIVE
|
ncpp_train_0611
|
බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ
ඔහුගේ කතාවයි.
අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.'
තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය.
අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි.
ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි.
සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය.
බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි.
බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි.
බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි.
තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය.
වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි.
මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි.
තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි.
''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.''
බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි.
උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි.
තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි.
සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි.
"ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි.
"චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි.
බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි.
රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය.
සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි.
ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි.
"බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි.
බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි.
දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි.
බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි.
කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි.
'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි.
බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි.
ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා.
මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා.
කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
|
වැරදි කරන්න කලින් මෙහෙම දේවල් මතක් උනා නම්...
| 17
|
POSITIVE
|
ncpp_train_0612
|
ලංකාවට රසායනික පොහොර ලබා දීමට කිසිදු රටක් මෙතෙක් එකඟ වී නැතැයි ද එහෙයින් ආහාර ගෙන ඒමට හැකි නිශ්චිත දිනයක් කිව නොහැකි යැයි ද කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අඟුණකොළපෑලැස්සේ දී පෙරේදා (28) පැවසීය. රාසයනික පොහොර ගෙන ඒම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා සමඟ සඳහන් කළ බව කී අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික අංශය පොහොර ප්‍රමාණයක් ගෙනැවිත් තිබෙන බවත් ඒවායින් යම් ප්‍රමාණයක් මිල දී ගෙන ගොවීන්ට ලබා දෙන්නට පුළුවන් දැයි සොයා බලන බවත් කීවේය. රජය පොරොන්දු වූ පරිදි ගොවීන්ට වගා හානි දීමට ක්‍රමයක් නැතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව රුපියල් සියයක්වත් නැති අතර සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට, රත්නපුර, මොනරාගල ගොවි නියෝජිතයන් සමඟ අගුණකොළපැලැස්සෙදී පෙරේදා පැවැති සාකච්ඡාවකදීය. දැන් ලොව කිසිදු රටක් වගාවලට අවශ්‍ය රාසයනික පොහොර අපනයනය කරන්නට සූදානමක් නැති බව ද ඔහු සඳහන් කළේය. යල කන්නයට පොහොර ලබාදීමට කොහෙත්ම හැකියාවක් නැතැයි ද පොහොර ලැබුණත් දෙන්නට වනේ මහ කන්නයට යැයි ද අමාත්‍යවරයා කීය. ඉදිරි මාස තුන ඉතා දරුණු කාලයක් වනු ඇතැයි ද පවතින සහල් හිඟය සමඟ මෙරටට අඩුම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටහමාරක්වත් රටින් ගෙන්වන්නට සිදුවන්නේ යැයි ද ඔහු පැවැසීය. එහෙත් ඊට මුදල් කොහිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කළේය. එබැවින් ඇතිවිය හැකි අර්බුදයට මුහුණදීම සඳහා මඤ්ඤොක්කා දණ්ඩක් බතල වැලක් හෝ සිටුවීමට පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීවේය.(යොහාන් බාසුර - ලංකාදීප)
|
සහෝ, අමරවීරට ඉංග්‍රීසි තේරෙන්නෙ නැහැ. සිංහලෙන් කොටන්න. ජොනිය කසිප්පු කාරය. ඌ Ethanol ගෙන්නන්නේ නැහැ. සෙවනගල, හිගුරාන, පැල්වත්ත උක්ethanol ගන්න එකා.
| 6
|
POSITIVE
|
ncpp_train_0613
|
මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් ඊයේ 25 වැනිදා වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ. මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස්
බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙන කැඳවාගෙන පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිට වත්තල පොලිසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂව යටතේ මනාල යුවළ වත්තල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක් වෙත කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම මංගල උත්සවයට අමුත්තන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව වෙත ඇතුළත් කරනු ලැබුව්වේ පොලිසියේ දැඩි පරික්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.
මංගල උත්සවයේ ආරම්භයේ සිට අවසානය දක්වා පොලිස් නිලධාරීන් 20කට
අධික පිරිසක් යොදවා මංගල උත්සව ශාලාව අවට යොදවා ආරක්ෂාව තරකර තිබී ඇත.
මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බව ද පැවැසේ.
මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සදහා පිටව ගොස් ඇත්තේද පොලිස් ආරාක්ෂාව මැද බව ද පැවැසේ. මෙම මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛික නියෝගවලට අනුව බව ද පොලිසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඕහු ඝාතනය කරන බවට මොදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබිණැයි පැවැසේ. ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙන පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
|
අනේ මටත් කියන්නකෝ කොහොමද පාතාල සාමාජිකයෙක් වෙන්නේ කියලා
| 12
|
POSITIVE
|
ncpp_train_0614
|
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව නොව සන්ධානයක් ලෙස තරගවදින බව
ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසා තිබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව හෙට්ටිපොල සතිපොල භූමියේදී අද පැවති අතර එය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ දක්වා ලංකාවේ පැවති ආණ්ඩු සියල්ලම පාහේ තනිව තරග කර බලය පිහිටුවේ නැති බවත් ඒ නිසා ශ්‍රීලනිපයද සන්ධානගතවීම ගැටලුවක් නැති බවත් පෙන්වාදුන් ජනපතිවරයා කියා සිටියේ
ඉදිරියේ පාර්ලිමේන්තුවේ 225 න් 125 ගන්නා ආණ්ඩුව තැනීම ගැන අපි කියන්නෙ නෑ. අලුත් දේකට බාධා වැඩියි විවේචන වැඩියි නමුත් රටේ සංවර්ධනය වෙනුවෙන් අපි අලුත් ගමනක් යනවා. පිරිසිඳු දේශපාලනයක් තුළ ඒ ගමන යනවා. යනුවෙනි.
|
ඉතාමත් හොද තීරනයක්. ඉල්ලන්න.අපි සලකන්න බලන් ඉන්නෙ.
| 7
|
POSITIVE
|
ncpp_train_0615
|
නීතිවිරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කර සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් දසලක්ෂ හැටඅටදහස් තුන්සිය දාහතරක් (1,068,314) තිබෙන බවත්, දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය කියයි.
මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණි.
මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර කීවේය.
ජනවාරි මාසයේ සිට ලැබෙන කහ අස්වනු සතොස සහ සමුපකාර සමිති හරහා ක්‍රමානුකූලව වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.
කහ බීජ ලබාගැනීම සඳහා යුද හමුදාව සමග එකතු වී කහ පැළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, යටි වගාවක් ලෙස කහ වගා කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ කජු වගා කරන ලද ඉඩම් ගොවීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.
සාලිය කුමාර ගුණසේකර
|
ආපහු 1970 - 1977 යුගයට යන්න දැන්ම ලෑස්ති වෙයල්ලා. කහ කුඩු ටික ගන්නත් සතොසයි සමූපකාරෙයි පෝලිමේ ඉන්න වෙන දවස බොහොම ලඟයි. 69 ලක්ෂෙට බොහොම ස්තුතියි අපිට කරපු මේ උදව්වට. රෙස්පෙක්ට් ස'
| 27
|
POSITIVE
|
ncpp_train_0616
|
විදුලි බිල අඩු කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියේදී මේ වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.
විදුලි බිලෙන් පාරිභෝගිකයාට
සහන ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ තමා මේ දිනවල කරුණු අධ්‍යයනයක නියැළෙන බවත් ඔහු කීවේය. හැකි ඉක්මනින් අඩු මුදලට විදුලි ජනනය කිරීමේ ක්‍රම වෙත යොමු වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමටත් සිය මූල්‍ය සම්පත් පිළිබඳ දැනුම යොදාගනිමින් විදුලි ක්ෂේත්‍රයේ සියලු අංශවල වියදම් අඩු කරගනිමින් ලංවිම පාඩු නොලබන තත්ත්වයකට ගෙන ඒමටත් තමා බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.
මෙතෙක් අධික මිලක් විදුලි බිල සඳහා ගෙවීම නවතා එයට යම් ප්‍රතිලාභයක් ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළව තමා ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ ඒ පිළිබඳ නිපුණත්වයක් ඇති වෘත්තීයවේදීන් සමඟද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ඔහු කීය.
-හර්ෂනී අර්සකුලරත්න-
|
අපේ ජානාධිපති උතුමා වගේ කටිං බතල හිටවන්නැතුව , ක්‍රියාවෙන් ඔය කියන කාරනා ඔප්පු කරලා පෙන්නනවනං අගෙයි. ලංකාවේ තරං ප්‍රෙස් රිලීස් තියලා , කටිං රට සංවර්ධනය කරපු රටක් ලොවෙත් නැතුව ඇති. හැමදාම විසිල් විතරයි , බල්ටී න්හැ.
| 38
|
POSITIVE
|
ncpp_train_0617
|
අද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෛද්‍යවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ
ජීප් රථයක ගැටී මෙම
අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 ක් 5 ක්වූ පුතුන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇත. එකම පවුලේ සිව්දෙනා බරපතල තුවාල ලද පසුව අසල්වාසීන් එක්වී කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති නමුත් රිය පැදවූ පොලිස් නිලධාරියෙකුවූ පියා 2.20 ට පමණ මියගොස් ඇත. බරපතල තුවාල ලැබු ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 21 ක පුතු කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 05 පුතු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය අජන්ත ගාමිණි ගමගේ නමැති වයස අවුරුදු. 51 ක් වූ පියා නො. 68/11, වැව පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචිකරුවකු වන අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියේය.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය 2018.09.30 වන අද දින සිදු කිරීමට නියමිතය.
අනතුර සිදු කළ කාන්තාව වෛද්‍යවරියක බවත් ඇය රත්නපුර මහරෝහලට අනයුක්ත දියවැඩියා වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරියක වන දිලානි කාංවිගා නැමැත්තියක බවත් වාර්තාවේ.
අනතුර සිදුකරද්දී ඇය බීමත්ව සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත.වෛද්‍යවරිය ලබන මස 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානයක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.
අනතුර නිසා ඇය තුවාල ලබා ඇති අතර ඇය පොලිස් භාරයේ සිට කළුබෝවිල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන්නීය.
බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සිද්ධිය පිළිබඳ අලුත් වාර්තාව
පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ බොරලැස්ගමුවේ වෙසල් වැගන්-ආර් අනතුරින් පසු බීමත්ව සිටි වෛද්‍යවරිය මත්පැන් බී නැතැයි වෛද්‍ය වාර්තාවක්
|
ඇතුවත් බැරි නැතුවත් බැරි ජාතියක් ඇත්නම් ඒ තමයි දොස්තරලා..
| 78
|
POSITIVE
|
ncpp_train_0618
|
ඊයේ මහින්ද රාජපක්ෂ දෑත් ශක්තිමත් කරමින්
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූරය ලබාගත් විජේදාස රාජපක්‍ෂ
පෙරේදා 28 රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීත්වය පෙන්වමින් ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අවශ්‍ය උපදෙස්ද දෙමින් සිටි බව වාර්තා විය.
එම අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
|
රෑට නිදා ගන්න යන්නේ RW එක්ක, උදේ නැගිට්ටේ MR එක්ක. ලංකාවේ දේශපාලුවෝ අර බඩු pot එකේ කෑලි වාගේනේ.
| 198
|
POSITIVE
|
ncpp_train_0619
|
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාමකාමී උද්ඝෝෂණයට කිසිදු හේතුවකින් තොරව පොලිසිය පහරදුන් බවත් ඉන් තුවාල ලද 28 ක් අතරින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත්, ඉන් එක් අයෙක් මෙසේ මියගොස් ඇති බවත්ය.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ, ජාතික ජනබලවේගයෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ නිමල් අමරසිරි නමැති අයෙකි.60 හැවිරිදි ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකු වන්නට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකු බවද වාර්තා වේ.බරපතල තත්වයේ පසුවන අනෙක් තැනැත්තා තවම ප්‍රතිකාර ලබයි.ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවය.
ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ. නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය සුරැකීම සඳහා නිදහස් ජනතා සන්ධානය ඉදිරියටත් කොන්දේසි විරහිතව පෙනීසිටින බවය. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.එම මාධ්‍ය හමුව සඳහා ටිල්වින් සිල්වා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, විජිත හේරත් සහ ලාල්කාන්ත එක්වී සිටියහ.
|
මේ මරණය ගැන ලගම හිටපු කෙනෙක් ඊයේ නිව්ස් වල කියපු දෙයක් ගැනත් සදහන් කරන්න ඕනේ.මේ සාමාජිකයා කදුල ගෑස් කාලා පාරේ දුවලා නැවතිලා ටික වෙලාවක් ඉදලා වමනය දාලා තියනවා.ඊට පස්සේවත් ඔහුව රෝහල් ගත කරලා නැහැ.ටික වේලාවක් ඉදලා නැවත කට්ටියම නායල අනුර කුමාරගේ දේශනය අහන්න ඇවිත්.පස්සේ ටික වේලාවකින් වේව්ලීමක් ඇවිත් ඇද වැටෙන්න හදාලා.ඊට පස්සේ තමයි රෝහල් ගත කරලා තියෙන්නේ.කවුරු උනත් වයසක කෙනෙක් නිසා මුලින්ම රෝහල් ගත කල යුතුව තිබුණා.
| -7
|
NEGATIVE
|
ncpp_train_0620
|
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකඛන්ගේ වත්කම පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ඩොලර් බිලයන 17කින්අඩුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙය ඔහුගේ සමස්ත වත්කමින් පහෙන් පංගුවක් ලෙස සඳහන්ව තිබේ.
එසේම මෙහිදී ෆේස්බුක්හි කොටස් වටිනාකමද 20%කින් පමණ අවප්‍රමාණය වී ඇත. මේ තත්වය සමග සමාගමේ සභාපතිවරයා මෙම ප්‍රධාන විධායක නිලධාරියාද වන සකර්බර්ග් එම තනතුරුවලින් ඉවත්විය යුතු බවට සමාගමේ
ආයෝජකයන් පවසා සිටින බවත් වාර්තා සඳහන් කරයි.
අද වනවිට සකර්බර්ග්ගේ සම්පූර්ණ වත්කම ඇ.ඩො. බිලියන 70කි. මේ අඩුවීමත් සමග ඔහු පසුගිය සතිය වනවිට බ්ලුම්බර්ග්හි බිලියනපතියන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. මේ තත්වය සමග එක්සත් ජනපද කොටස් වෙළඳ පොළ තුළදී ෆේස් බුක් දිනක් තුළ ලබාගත් දරුණු පසුබැසීම මෙය වන අතර, එය ඇ.ඩො.බිලියන 119කි.
සකර්බර්ග් ෆේස් බුක් සමාගමේ වැඩි බලයක් හිමිකරගෙන සිටින බව ඇතැම් කොටස්හිමිකරුවන් චෝදනා කර සිටියි. ඒ අතරින් ෆේස්බුක්හි ඇ.ඩො.මිලියන 11ක කොටස් හිමි ආයෝජන සමාගමක් වන ට්‍රිලියම් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම, සකර්බර්ග් ෆේස්බුක්හි සභාපති සහ ප්‍රධාන විධායක ධුරවලින් ඉවත් විය යුතු බව පවසා සිටියි.
-එම්.සී.පෙරේරා-
|
මෙතන ඇත්ත සීන් ට්‍රම්ප් දිනපු එක. ට්‍රම්ප් දිනන්න ෆේස්බුක් එක හරහා ගත්ත දත්ත උදව් උනා. මේක තමයි කේම්බ්‍රිජ් ඇනලයිටිකා කියලා පහුගිය දවස් වල මාධ්‍යය වල ගියේ. ට්‍රම්ප් ජනාධිපතිවරනය දිනපු නිසා ලිබරල්වාදීන් ගොඩක් මලෙන් හිටියේ ට්‍රම්ප්ට උදව් කරපු හැම එකාත් එක්කම. පහුගිය දවස් වල ගිය MeToo එක හරහා ට්‍රම්ප්ට් ආධාර කරපු ගොඩක් මිනිස්සුන්ට දේපොළ පවා නැතිකරගන්න උනා. කේම්බ්‍රිජ් ඇනලයිටිකා එකට පස්සේ සකර්බර්ග්ටත් උනේ මේ සීන් එකමයි. බටහිර රටවල ලිබරල් වාදය දරුණුවට යනවා. ඒකට එරෙහි වෙන ඕනම කෙනෙක්ට ලිබරල්වාදීන්ගේ ත්‍රස්වාදයට මුහුණපාන්න වෙනවා. ගුගුල් ඒකේ ඉංජිනියර් කෙනෙකුත් පැන්නුවෙත් ලිබරල්වාදීන්.
| 2
|
POSITIVE
|
ncpp_train_0621
|
අද නුගේගොඩ පැවැත්වෙන පෙරළියක ඇරඹුුම ඒකාබද්ධ විපක්ෂ
විරෝධතා රැළියේ වේදිකාවේ තුන්වන පේළියේ අසුන්ගෙන සිටින්නේ විමල්ගේ බිරිය ශෂී වීරවංශ සහ විමල්ගේ දියණියයි. මෙවර රැළියට විමල්ට පැමිණෙන්නට නොහැකිවී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින නිසාය.
කෙසේ වෙතත් රැළිය අවසානය කිට්ටුව විමල්ගේ කතාවක වීඩියෝවක් තිරය මත විකාශය කරන්නටද අද කටයුතු යොදා ඇතැයි වාර්තා විය.
එම කතාව ඔහු පසුගියදා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ පටිගත කර තිබුණකි.
|
Okata ohomawela madi
| 1
|
POSITIVE
|
ncpp_train_0622
|
අද පාර්ලිමේන්තුවේදී අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය හා
මහා නගර බස්නාහිර සංවර්ධන මෙගා පොලිස් අමාත්‍යංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී
පරාජයට පත්වී තිබෙයි.
වජිර අබේගූණවර්ධන මහතාගේ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි.
පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශය වන බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි.
අද මෙම ඡන්ද විමසුම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටි පිරිස අවම වීම මෙම ගැටලුවට හේතු විය.
|
දැන් මහින්ද අගමැති වෙයිද?
| 4
|
POSITIVE
|
ncpp_train_0623
|
මෙම සතියේ ඇමරිකාවේ සුප්‍රකට වෝල් ස්ට්‍රීට් ජර්නලය සදහා අදහස් දැක්වීමක් කර තිබෙන ප්‍රකට කාමුක නිළි පැමිලා ඇන්ඩර්සන් සියලු ආකරයේ කාමුක දර්ශන අතහරින්නැයි ජනතාවගෙන් ඉල්ලා ඇත. ඇය කියා සිටින්නේ අසහාය වූ මිනිසෙකුගේ ආත්මය ගොඩනගාගැනීමේදී ස්වාමි පුරුෂයා ලෙස පියකු ලෙස කටයුතු කිරීමට සිදුවන බවත් මෙම නැඹුරුව නිසා තම හැකියාවන්ට කාමුකත්වයෙන් විඛාදන බලපෑමක් ඇතිකරන බවයි. අසභ්‍ය දර්ශන
අද කාලයේ කොපමණ නිදහසකින් ලබා දෙන වාද යත් පෙර නොවූ විරූ බරපතල මහජන අවදානමක් ඇති කිරීමට සමත් බව ඇය කියයි.
අසභ්‍ය දේ නිසා ජනතාව පරාජිතයන්, කම්මැලියන් හා නාස්තිකාරයන් බවට පත්කරන බවත් සෞඛ්‍ය සම්පන්න ලිංගිකත්වය හා එයින් ලද යුතු ප්‍රතිලාභ මෙහිදී අමතක කරවන බවත් ඇය කියයි.
මෙම ඇබ්බැහියෙන් ඈත්වන්නට අපේ දරුවන් දැනුවත් කළ යුතු බවද ඇය කියා ඇත.
1990 දශකයේ ආන්දෝලනයක් ඇති කළ පියයුරු මතුකර පෙන්වන සිලිකන් සැත්කම නිසා ප්‍රකට වූ පැමිලා බේවොච් වැනි හොලිවුඩ් චිත්‍රපට නිසාද කථාබහට ලක්විය. ඇය අර්ධ හා සම්පූර්ණ නිරුවත් ඡායාරූප වලට පෙනී සිටිම නිසාද ජනප්‍රිය වූ අතර ලොව පතල ප්ලෝ බෝයි කාමුක සගරාවේ පිටකවර 15 කට මේ දක්වා පෙනී සිට ඇත. ඇය මෙම කටයුතු වලින් දැන් ඉවත්ව සිටී.
|
උඩ ඉඳලා පහලට ගියා ප්ලේ බෝයි සඟරාවේ පොටෝස් බලන්න. නෙදකින්
| 33
|
POSITIVE
|
ncpp_train_0624
|
අභ්‍යාස පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි හිඟ වීම හා කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් අභ්‍යාස පොතක මිල රුපියල් 20ත් 35ත් අතර මිලකින් ඉහළ දැමීමට කටයුතු කරන බව පාසල් උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි රිල් එකක මිල රුපියල් 1,200 සිට රුපියල් 4,500 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පොත්වල පිටකවරය සකස් කිරීමට ගන්නා කාඩ්බෝට්වල මිලත් ඉහළ ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති. කඩ්බෝඩ් මිස්ල ඉහළ යාම නිසා බ්‍රිස්ටල් බෝඩ් එකක මිල රුපියල් 15කින් ඉහළ යන බවත්, ඩිමයි කොළයක මිල රුපියල් 10කින් පමණ ඉහළ යන බවත් ඔවුහු පවසා සිටිති.
මේ අනුව පිටු 40 පොතක මිල රුපියල් 35 සිට රුපියල් 55 දක්වාත්, පිටු 80 පොතක මිල රුපියල් 55 සිට රුපියල් 75 දක්වාත්, පිටු 120 පොතක මිල රුපියල් 70 සිට රුපියල් 98 දක්වාත්, පිටු 160 පොතක මිල රුපියල් 105 සිට රුපියල් 138 දක්වාත්, පිටු200 පොතක මිල රුපියල් 125 සිට රුපියල් 160 දක්වාත් ඉහළ දැමීමට සිදුව තිබෙන බවද උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. එසේම පිටු 40CR පොතක මිල රුපියල් 65 සිට රුපියල් 82 දක්වාත්, පිටු 80cR පොතක මිල රුපියල් 120 සිට රුපියල් 148 දක්වාත්, පිටු 120cR පොතක මිල රුපියල් 160 සිට රුපියල් 180 දක්වාත් ඉහළ යන බවද එම පිරිස් පෙන්වා දෙති. ප්‍රමිතියෙන් තොර කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා අඩු අගයන් ගත හැකි බවත්, ඉතාමත් උසස් තත්වයේ කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවත් ඔවුහු පවසා සිටිති. එමෙන්ම නව මිල ගණන් ඉදිරියේදී නිෂ්පාදනය කරන පොත් සඳහා අය කර ගන්නා බවත්,
පවතින තත්ත්වය තුළ රුපියල් 10කට අලෙවි කරන පෑනක මිල රුපියල් 15ක් දක්වා ඉහළ යන බවත් ප්‍රකාශ කළ එම පිරිස්, විවිධ ගම් වර්ග, පාට පැන්සල්, පාට කූරු, දිය සායම් මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවද පෙන්වා දෙති. පොත් අලෙවි කරන ස්ථාන මගින් අලුත් පාසල් වාරය නිමිති කරගෙන විශාල තොග ප්‍රමාණයන් ඉල්ලීම් කළත්, පවතින කඩදාසි හිඟය නිසා අදාළ ඉල්ලීම සම්පුර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන බවද ඔවුහු සඳහන් කරති.(ඉන්දික හේවාවිතාරණ)
|
කඩ්බෝඩ් මිස්ල ඉහළ යාම නිසා
| -5
|
NEGATIVE
|
ncpp_train_0625
|
ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව
සංවර්ධනයේ නව පියවරක් තබන බව
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
රටක් වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ඔහු කීය.
එසේම විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩ කොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉටුකළ බවද පෙන්වා දෙමිනි.
|
ඉදිරි මාස කිහිපයේ මෙරට ආර්ථිකය තවත් කඩා වැටෙනවා.. ජනාධිපතිවරණයෙන් පසු බාර ගන්නේ එහෙම රටක්.. නමුත් ඒ වගකීම මා බාරගන්නවා.. මේක තමයි අද ආර්ථිකයේ යථාර්ථය,ඉදිරි මාස කිහිපය තුල මේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනා බවට සැකයක් නැහැ. ජනාධිපතිවරණයෙන් පසු නව රජයකට වගකීම් බාරගන්නට සිදුවෙන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි - ගෝටාබය දිනකීපයකට කලින් ගෝටා කල මේ ප්‍රකාශයේ අරමුණ ඩොලර් මිලියන 480ක් ලබාගැනීමට මිලේනියම් චැලෙන්ජ් අත්සන් කීරීමට පසුබිම සැකසීමයි.
| 8
|
POSITIVE
|
ncpp_train_0626
|
දරුවන් තිදෙනා කෘරත්වයට පත්කර මාස ගණනාවක් අයාලයේ ගිය තරුණ මවකගෙන් දරු තිදෙනා හමුවට යෑමට කැමැති දැයි මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී විමසූ අවස්ථාවේ දරුවන් එපා කී සැකකාර මව තවදුරටත් ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා නියෝග කළේය.
අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරී මඟින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.
තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත
කෙරුණේ අනුරාධපුර විමුක්ති මාවතේ පදිංචි තිස් හතර හැවිරිදි විවාහක තිදරු මවකි. ඇයගේ සැමියා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පසුගිය 2017 වසරේ නොවැම්බර් මස කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණවලින් පසුව අයාලයේ යමින් සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ ළමා හා කාන්තා කාර්යාංශය කියා සිටියේ සැකකාරිය කීරීක්කුළම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිටින බවට ලැබුණු රහසිගත තොරතුරක් මත එම ස්ථානය වටලා ඇය අත්අඩංගුට ගත් බවයි. සැකකාර්යට වයස අවුරුදු හතරක දියණියක් හා පාසල් වයසේ පසුවන වයස අවුරුදු 11-15 ක පිරිමි දරුවන් දෙදෙනකු සිටින බවත් මවු සෙනෙහස අවශ්‍ය බව ඔවුන් පැවසුවත් සැකකාරිය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාරියගේ වැඩිමහල් පුත්‍රයා විසින් පොලිසියට ප්‍රකාශයක් කරමින් මව නොමැති නිසා නගී හා මල්ලී හඬා වැටෙන බවත් ඒ නිසා අම්මා ගෙනැවිත් දෙන ලෙසත් ඉල්ලමින් පොලිසියට ප්‍රකාශයක් කර තිබෙන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා තිබිණි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දරුවන් සහ සැමියා සමඟ නැවත එකට කාලය ගත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවත් දරුවන් තිදෙනා පිළිබඳව සිතා තීරණයක් ගන්නා ලෙසත් විනිසුරුවරයා විවෘත අධිකරණය අමතමින් පැවසුවේය.
නැවතත් දරුවන් හා සැමියා සමඟ තමන්ට ජීවත්වීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සැකකාරිය විවෘත අධිකරණයේදී පැවැසීම නිසා ඇය අප්‍රේල් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
|
අයාලෙ ගිහිං කියන්නෙ පොලීසියනෙ. ඒ ගෑණි තමන් කැමති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න ගිහිං ළමයිව තාත්තට භාරදීල. එතකොට ළමයි අත්හැරල ඩුබායි යන උනුත් වැරදිනෙ. එතකොට සිධාර්ථ කුමාරය ගෑණිව ළමයව දාලගියෙ ඒකත් වැරදිනෙ. ඔච්චර අමාරුවක් තියෙනවනම් නඩුකාරයයි මෙතන කමෙන්ට් කරල තියෙන සුද්දවන්තයොයි ළමයිව භාරගන්න.
| -10
|
NEGATIVE
|
ncpp_train_0627
|
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීමට අවසරයදීම සම්බන්ධයෙන් අවුකන රජමහ විහාරධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමි අද දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්ස් ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට එසේ පළඳවනු ලැබූයේ කඨින චීවරයක් බවත් එය මෙරට විශේෂඥ වෛද්‍යවරයකුගේ කඨින පිංකමට සමගාමීව කළ ඉල්ලීමක් මත එම පවුලේ පිරිස විසින් පඬු පොවා විශේෂයෙන් සැකසූ කඨින චීවරයක් බවත්ය.'සුගත චීවර පූජාවක්' ලෙස මෙම පූජාව වත්තල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් සිදු කළ බවට ඊයේ ආරංචි ලැබී තිබිණි. අද දින මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමි පැවසූයේ මෙය 'වෙළෙඳ ප්‍රචාරණ' කටයුත්තක් බවට තොරතුරු ලැබී ඇති බවයි.කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් එම කරුණු ප්‍රතික්ෂේප කළ අතර මෙම ක්‍රියාව විවේචනය කරන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට චීවරයක් පැළඳවීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා නූගත් අනාවබෝධයෙන් යුත් පිරිසක් බව චෝදනා කළහ.මීට දින කිහිපයකට ඉහත දී තමන්ගෙන් විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කඨීන චීවර පූජාවක් පැවැත්වීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කරනු ලැබූ විට එය ගැටලුවක් නැති බවට තමන් තීරණය කළ නිසා ඊයේ දිනට යෙදී තිබූ පුරපසළොස්වක පොහොය දිනයේ දී එම කඨින චීවරය අවුකන ප්‍රතිමාවට පූජා කළ බව හිමියෝ දන්වා සිටියහ. චීවරය උස අඩි 42කින් හා පළල අඩි 23කින් යුක්ත ව සකස් කර සම්ප්‍රදායානුකූල ව පඬු පොවා සකස් කිරීමට එම වෛද්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබූ බවත් ගෞරවනීය චාරිත්‍ර වලින් පසු චීවරය පැළඳූ බවත් කියා සිටියහ.කෙසේ වෙතත් පසුව පැය තුනක පමණ කාලයකින් පසුව ඔවුන් එම කඨින චීවරය ප්‍රතිමාවෙන් ඉවත්කර අවුකන විහාරස්ථානයට පූජා කිරීමට කටයුතු කරනු ලැබූ බවද දැන් චීවරය එහි රඳවා නැති බවද උන් වහන්සේ පැවසූහ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද පැමිණ මේ ගැන ප්‍රශ්න කළ බවත් පෞරාණිකත්වයට හෝ පිළිමයට කිසිදු හානියක් සිදු ව නොමැති බව තමන් සහතික වූ බවත් ඉදිරියටත් එසේ වීමට ඉඩ නොතබන බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ.
|
දැන් අපිටත් පුළුවන් නේද හාමුදුරුවනේ ඔබ වහන්සේටත් චීවරයක් අන්දලා ගලවන්න. මොකද බුදු හාමුදුරුවන්ටත් වඩා ඔබ වහන්සේ ලොකු වෙන්න බැහැනේ.
| 11
|
POSITIVE
|
ncpp_train_0628
|
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට ජනාධිපතිවරයා එම තනතුරට නුසුදුස්සෙකු බවට සිකුරාදා ඓතිහාසික තීන්දුවක් ලබාදුනි. මාස ගණනාවක් තිස්සේ ඔහුට විරුද්ධව පැවැති දූෂණ චෝදනා පිළිබඳ කරැණු විමසා බැලීමෙන් පසුව (පැනමා පේපර්ස්) නමින් හැඳින්වූ කළු සල්ලි රට බැංකුවල තැන්පත් කළ රහස්‍ය ගිනුම් හිමියකු ලෙස ඔහු තහවුරු විය.
ඔහුගේ දරුවන්ගේ නම් සඳහන් ගිණුම් වලින් කළු සල්ලි තැන්පත් කර තිබුණි.
67 හැවිරිදි නවාස් ෂරීෆ් සතුව ලන්ඩනයේ නිවාස 4ක් ද තිබෙන බව හෙළි විය. නවාස්ගේ දරුවන් තිදෙනකුගේ ඩොලර් මිලියන 25ක රහස් ගනුදෙනු එළිදරව් විය.
විපක්ෂයේ පිරිස් හා ජනතා පෙළගැස්මට මුල්තැන දුන් අධිකරණය මෙම ගැටලුව ස්වාධීන ලෙස විභාග කළ අතර ඉහළ පෙළේ පරීක්ෂණ කමිටුවක් මේ සම්බන්ධයෙන් පිහිටුවන්නට යෙදිනි. මෙහිදී ෂරීෆ් ඇතුළු පිරිස සිය වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්ව ඇති බව එළිදරව් විය. මේ හේතුවෙන් නවාස් හට දැන් එළියට බසින්නට සිදුව තිබේ. පාකිස්තානයේ 1958 සිට මේ දක්වා බලයට ආ කිසිදු අගමැතිවරයකුට වසර 5ක ධුර කාලය යහතින් ගත කරන්නට සිදුවූයේ නැත.
|
අැයි බං රට බේර ගත්තට පස්සේ එ්ක හත්මුතු පරම්පරාවෙම බුදලේ කියලා හිතාගෙන චිනෙට විකුනන්න පටං ගත්තෙ. මේ අාන්ඩුව කරන මගුලක් නැ.මුංගෙ කොන්ද පනත් නැ.ඒක හින්ද තමයි හොරැ රැල බල්ටි ගහන්නේ.මහින්ද නඩේට තියෙන්නේ කාපු රසේ නිසා මේවා දාලා යන්න බැ.පෙරේත කම.නැත්තං අැයි බං දෙපාරක් ජනාදිපති වෙලා අාපහු මන්ත්රි වුනේ.
| -3
|
NEGATIVE
|
ncpp_train_0629
|
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය තෙමසක කාලය තුළදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
පසුගිය 25 වැනිදා මැදපෙරදිග රටක සිට කටුනායකට පැමිනි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපොළෙ තිබූ ගමන්මල්ලක් ගුවන්තොටුපළ ( බැගේජ් බෙල්ට්) අසලදී අස්ථානගත වීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) නිරීක්ෂණය කර සිද්ධියට අදාළ ගමන්මල්ල රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇතැයි ගුවන්තොටුපළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබිලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.
ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑ පසු මගීන් පැමිණ තමන්ට
අයත් ගුමලු ලබා ගැනීම සඳහා පැමිණීම් පර්යත්තයේ රැඳී සිටින අවස්ථාවලදී ඇතැම් මගීන් අතපසු වීම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් මන්මලු රැගෙන ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස අස්ථානගත වී ඇති වටිනා දේපොළ සහිත ගමන් මලු සොයා දීමට සහ දින 21කට පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමග කටයුතු කිරීමේදී ගැටලු මතුව ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පැවසීය. සාවධ්‍ය පරිහරණය හා විශ්වාසය කඩකිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපොළ රැගෙන ගොස් ඇති සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුට නඩු පවරා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
|
මේ ආන්ඩුව ආපු දා ඉදන් නැති ප්‍රශ්න... තව ටික දවසකින් ටොය්ලට් පොච්චි කොමඩ් පවා හොරකන් කරන්ඩ ගනී.
| -3
|
NEGATIVE
|
ncpp_train_0630
|
සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි. කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ. වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
|
හැම දේටම දේශපාලනය ගාවන්න එපාබං කිව්වට මැරිච්ච එකා ගෝඨාභය කාලයේ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව පත්වීම් ගත්ත එඑකෙක් කියලා හිතෙනවා නැත්නම් උපස්ථායක සහායක වෙන්න බැහැ
| -7
|
NEGATIVE
|
ncpp_train_0631
|
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තවේන්තුවට අද (30) පැමිණ තිබේ.සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය.ඔහු දිවයිනට පැමිණ පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් දීමට කර තිබූ නියෝගය අනුව ඔහු එහි ගොස් ඇත.බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල ව තිබියදී දිවයිනෙන් බැහැරව සිටි ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මාස 6 කට පමණ පසුව ඊයේ (29) අලුයම දිවයිනට පැමිණියේය.ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා දෝහා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ අලුයම 1.30ට පමණ මෙරටට පැමිණි බවත්, මුදල් ගෙවා ‘රන් මාවත' විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළින් පිටව ගිය බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග දන්වා තිබුණි.බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටිය දී ඔහු ඉකුත් මැයි මස 16 වැනිදා සිය පවුලේ සාමාජිකයන් සමග විදේශගත වූ අතර එලෙස විදේශගත වී මාස 6 කට පමණ පසුව ඔහු ඊයේ යළි දිවයිනට පැමිණියේය.මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබු අතර, ගුවන් ගමන් තහනම ලබා ගැනීමට පැය කිහිපයකට පෙර ඔහු රටින් පිටත්ව ගියේය.ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා දැනුම් දී තිබිණි. ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකි බවද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.ඔහුට එරෙහිව පනවා තිබු ගුවන් ගමන් තහනම ද ඉවත් කර තිබු අතර ඔහු මෙරටට පැමිණ පැය 48 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් දිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබිණි.ඒ අනුව කට උත්තර දීමට ඔහු ගොස් තිබේ.
|
ඌටවත් දෙවියන්ගෙ බැල්මක් නැති මහලොකු දේවගැත්තා...... තුහ් නොදකින් පාහරයා. ක්‍රිස්තියානි අයටත් මහා නින්දාවක්....
| 16
|
POSITIVE
|
ncpp_train_0632
|
නිසාන් මෝටර් සමාගමේ ඊ-එන්වී 200 විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කුඩා වෑන් රථය පදනම් කරගෙන ජපානයේ යොකොහාමා නුවර මුල්වරට රියදුරු නැති වාහන යෙදවූ ටැක්සි සේවයක් අද (29) ඇරඹිණි. ජපානයේ අසාහි අසාහි ෂිම්බන් පුවත්පත වාර්තා කරන ආකාරයට මෙම වෑන් රථ වල කැමරා 20 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ සංවේදක රාශියක් යොදාගෙන ඇති අතර කලින් නියම කළ හැකි මාර්ග 500 කට වැඩි ගණනක බාධක සංචලනය කිරීමට භාවිතා කර කෘත්‍රීම බුද්ධිය ගබඩා කර ඇත.
පිකප් සහ ඩ්‍රොප් ලකුණු 23 ක් ඇති බවත් නිසාන් සහ ජංගම දුරකථන සේවා සපයන NTT DoCoMo සමග හවුල්වී මෙය පාලනයට ඇප් එකක් සම්බන්ධ කර ඇති බවත්ය. ඒ අනුවමගියෙකු තම ස්මාර්ට් ජංගම දුරකථනයේ පික්අප් පොයින්ට් එකක් එබීමෙන් ස්වයං-පැදවීමේ කුලී රථය ඔහු වෙත ළඟාවන අතර දොර ඇරීම වැසීම ගමන ඇරඹීම ඇතුළු අංග ගණනක් මගියාට ඇප් එක ඔස්සේම කළ හැකි පරිදි සකසා ඇත.කෙසේ වෙතත් මූලික අත්හදාබැලීම අවසන්වී ඇතත් මෙය දෙවන අදියරේ අත්හදාබැලීමක් සමග යොකොහාමාහි ක්‍රියාත්මක කර ඇති බව දන්වා ඇත. ඒ අනුව දැනට වාහන 4 ක් පමණක් සේවයේ යොදවා ඇති අතර කිලෝමීටර් 2 ක ප්‍රදේශයක වපසරියක් ආවරණය කරයි. ඔක්තෝබර් 30 දක්වා කාලයේ මෙම වාහනය ඇතුළේ රියදුරු අසුනේ පර්යේෂකයෙකුද ගමන් කරනු ඇත. ඔහු රිය පදවන්නේ නැත.වාහනයේ චලනයන් අධීක්ෂණය කිරීම ඔහුගේ කාර්යයයි.මෙහි ඔහුට අමතරව එකවර මගීන් තිදෙනෙකුට ගමන් කළ හැකිය.අයදුම්කරුවන්ගෙන් තෝරාගත් පුද්ගලයින් පරීක්ෂණය සඳහා දායක කරගෙන ඇත.
මෙම නව හඳුන්වාදීම සිදු කරමින් නිසාන් සමාගම් උප සභාපති කසුහිරෝ දෝයි පැවසුවේ,"තාක්‍ෂණය වාණිජකරණය කිරීමට පෙර විසඳිය යුතු සැබෑ තත්ත්‍වයේ කොන්දේසි යටතේ ගැටලු නිර්ණය කිරීමට අපට අවශ්‍යයි.‘ යනුවෙනි.මෙම අත්හදා බැලීමේදී දැනට ස්වයං-රිය පැදවීමේ තාක්‍ෂණය මාර්ග තීරණය කිරීම සඳහා ස්වයං ක්‍රියාකාරී ක්‍රමය කෘතිම බුද්ධිය (AI) සමඟ ඒකාබද්ධ කරමින් මෙම පද්ධතිය ඉදිරියේදී තවත් වැඩිදියුණු කරන බවත්ටෝකියෝ, හොක්කයිඩෝ සහ දිවයින පුරා ප්‍රාන්ත 19 ක ප්‍රදේශ 46 ක මෙම ටැක්සි සේවය පුළුල් කිරීමට නියමිතය.(අසාහි ෂිම්බන් පුවත්පත ඇසුරිනි Gossiplankanews.com)
|
ඉතින් මිනිහො automation පැත්ත ඉගෙන ganinko
| 7
|
POSITIVE
|
ncpp_train_0633
|
පසුගියදා ඇතිවූ රෝග තත්ව මත උතුරු පළාත් මහ ඇමති
සිවී විග්නේශ්වරන් මහතා
යාපනය මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අතර සතියක පමණ කාලයක් තිස්සේ ඔහු නේවාසිකව ප්‍රතිකාර ලද නමුත් සුවය ලබා නොතිබුණි. මේ අතර අද ඔහුව යාපනයේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත් ඇතුළත් කර තිබෙනවා.
ඔහුට ශ්වසන රෝග තත්ත්වයක් නිසා වරින්වර අසනීපව තිබුණ අතර මෙවර එම තත්වය වෙනුවට හදවත් රෝග තත්වයක් මතු විය.
විග්නේෂ්වරන් මහතාට
හදවත් සැත්කමක් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි අලුත්ම ආරංචි හෙළි කර තිබේ.
|
මෙයාව නෙවිල් ප්‍රනාන්දු රෝහලට යවල ප්‍රතිකාර කරන්න කියල ජයරත්න අන්කල් කියනවා. රෝහල් ගාස්තු ජයරත්නම ගෙවන්නම් කිව්වා කියල තමා ආරංචිය.
| 23
|
POSITIVE
|
ncpp_train_0634
|
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත. එම සිරුරු භූමිදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය 25 වැනිදා රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද ඔහු පවසා ඇත.
වාර්තාවන ආකාරයට භූමිදානයන් සාමාන්‍ය සුසාන භූමිවල සිදු නොකිරීමට රජය අදහස් කරයි. භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් සොයමින් පවතින අතර දැනට එවැනි දූපත් කිහිපයක් ගැන වැඩිදුර විමර්ශනය කරමින් පවතී. දූපතක් හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සඳහා කන්ඩායමක් පත්කර ඇති බවත් ඔවුන් දූපත් සොයා ඒවායේ ජල මට්ටම් ගැන පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තාවේ.මෙයට හේතුවී ඇත්තේ සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවට කමිටුව මින් ඉහත විද්‍යාත්මක හේතු දක්වා තිබීමය.
මේවනවිට අමාත්‍යාංශය මේ වෙනුවෙන් කටයුතු කරන බැවින් දේහ භූමිදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මෙකී කටයුතු නිමවනතුරු ප්‍රමාදවනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.වෙනත් පළාතක පිහිටි දූපතක් වෙත මළ සිරුරු භූමිදානයට ආරක්ෂිත ක්‍රමවේදයක් සලසන්නට අපේක්ෂා කරන අතර ප්‍රවාහනය, විශේෂ ඇඳුම් පැළඳුම්, දේහය බහාලුම් , සේවක ගාස්තු ආදී වියහියදම් මරණය ආදාහනයට වඩා විශාල ලෙස ඉහළ යා හැකි බවත් ඒවා අය කරගනු ඇත්තේ ආදාළ මරණකරුවන්ගේ පාර්ශ්ව විසින් බවද පැවසේ.
|
ඊළඟට වෙන්නේ ඒ දුපත උන්ගේ කියලා අයිතිවාසිකම් කියන එකයි.
| 66
|
POSITIVE
|
ncpp_train_0635
|
රජයේ අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටලවලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඊයේ (28දා)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
අද දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
|
ඒකානම් කනවා තමයි ඒකා හදන්ඩ බෑ මල්ලියේ
| 22
|
POSITIVE
|
ncpp_train_0636
|
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය තෙමසක කාලය තුළදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
පසුගිය 25 වැනිදා මැදපෙරදිග රටක සිට කටුනායකට පැමිනි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපොළෙ තිබූ ගමන්මල්ලක් ගුවන්තොටුපළ ( බැගේජ් බෙල්ට්) අසලදී අස්ථානගත වීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) නිරීක්ෂණය කර සිද්ධියට අදාළ ගමන්මල්ල රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇතැයි ගුවන්තොටුපළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබිලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.
ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑ පසු මගීන් පැමිණ තමන්ට
අයත් ගුමලු ලබා ගැනීම සඳහා පැමිණීම් පර්යත්තයේ රැඳී සිටින අවස්ථාවලදී ඇතැම් මගීන් අතපසු වීම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් මන්මලු රැගෙන ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස අස්ථානගත වී ඇති වටිනා දේපොළ සහිත ගමන් මලු සොයා දීමට සහ දින 21කට පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමග කටයුතු කිරීමේදී ගැටලු මතුව ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පැවසීය. සාවධ්‍ය පරිහරණය හා විශ්වාසය කඩකිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපොළ රැගෙන ගොස් ඇති සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුට නඩු පවරා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
|
හොරකම අපේ ලේවල තියෙන දෙයක්. අනුන්ගෙ දේවල් අතපත ගාන්න, හොරෙන් ගන්න, බලෙන් ගන්න අපේ උන්ට තියෙන්නේ පුදුම ආශාවක්.
| 71
|
POSITIVE
|
ncpp_train_0637
|
ව්‍යාපරික පියාගේ අවසන් කටයුතු සිදුකර පැය කිහිපයකින් එම පවුලේ පුතා, ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිවු දෙනාම කොරෝනා ආසදිතයන් බව අනාවරණය වීම නිසා අවමගුල පැවැති මල් ශාලාවේ හය දෙනකු එම මල්ශාලා පරිශ්‍රයේම නිරෝධායනයට ලක් කිරීමට මිරිගම සෞඛ්‍ය බලධාරීහු පසුගිය සිකුරාදා(28) පියවර ගත්හ. මීරිගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලුයම මරණයට පත්වී ඇති අතර පසුව ග්‍රාම නිලධාරී නිර්දේශය ඇතිව දේහය මශාලාවකට ගෙනැවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සඳහාද එම මල් ශාලාවේම තැබීමට පසුව පියවර ගෙන ඇත.
පවුලේ පිරිස මෙන්ම ප්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට සහභාගි වී ඇති අතර එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරිමට කටයුතු කර තිබේ. ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා, ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙළිවීම නිසා ඔවුනුත් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනාත් මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව දේහය සම්බන්ධයෙන් කටයුතු සිදු කළ බවත් දැන ගන්නට ලැබුණු කාරණා මත මේ තත්ත්වය උද්ගත වූ බවත් තමාටද එම පවුලේ පිරිස හා සමීපව දවස ගත කරන්නට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. මෙම අවමඟුලට සහභාගී වූ පිරිස් හඳුනා ගැනීමටත් අවශ්‍ය පරිදි ඔවුන් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමටත් නියමිත බව සෞඛ්‍ය බලධාරිහු සඳහන් කරති. -පුෂ්පකුමාර මල්ලවආරච්චි-
|
රටම වැනසෙනවා පාලකයෝ බයිලා කියනවා
| 3
|
POSITIVE
|
ncpp_train_0638
|
ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතරතුර මියගිය නිවිතිගල ප්‍රදේශයේ එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂක 61 හැවිරිදි නිමල් අමරසිරි රෝගාතුරව ඇදවැටෙන අවස්ථාවේ ඔහු ළඟින් සිටි මිතුරා ඔහුට අසනීප තත්වය මතුවූ ආකාරය ගැන මාධය වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.ඔහු මෙසේ පවසයි.‘ගෙදර ඉඳළම අපි දෙන්න එකට ආවේ සලාකා එක හරියෙදි අපට කඳුළු ගෑස් වැදුනා. ඒ වෙලාවෙ කොහේ ගියාද දැනගන්න බැරිවුණා.
ඒ නිසා මං නිමල් මහත්තයට කෝල් එකක් දුන්නා . එයා ඒ වෙලාවෙ හිටියේ එතන ඔසුසල ගාව අලුතින් හදන බිල්ඩිමේ මං විනාඩි 3 න් හම්බ වුණා. ඒත් එයාට අමාරුයි එයා ඒ වෙලාවෙ එක් සැරයක් වමනෙ කලා. වැටුණා. මං අසනීපෙ තත්වෙ හරිගස්සන්න බීම එකක් ගෙනත්දුන්නා. පස්සෙ අයිස්ක්‍රීම් එකකතු කෑවා. ඒත් එයාට දිගටම අමාරු ගතිය නිසා අපි ආපු බස් එකට යන්න තීරණය කළා. ඒක නවත්තල තිබුනෙ ග්‍රහලෝකාගාරය ගාව එතැනට අපි හිටපු තැන ඉඳල ටිකක් දුරයි. ඒත්ඒ වෙලාවෙ යන්න වාහන මුකුත් නෑ. අපි පයින්ම ඒ පැත්ත හොයාගෙන ගියා. පස්සෙ නිදහස් චත්‍රරශ්‍රය හරියෙදි ත්‍රීවිල් එකක් හම්බ වෙලා ඒකට නැග්ගා. ඒ වෙනකොට නිමල් මහත්තයට හොඳටම අසාධ්‍ය වෙලා හිටියේ එයා එක පාරටම වැටුණා. ඒ සැරේ ඉස් එකට නෙයා කෙලින්ම රෝහලට එක්කන් ගියා. කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගියේය. ඔහු දැඩි සත්කාර ඒකකයේදී ඇසට ආසන්න තුවාලයකට ප්‍රතිකාර ලබාදුන් බව මුල් වාර්තාවලින් කියැවුණි. ඔහුට හෘද ස්ටෙන්ට් සැත්කමක් සිදු කර ඇති බවද පැවසිණි.
නිවසේ නිරෝගී ලක්ෂණ සහිතව පැමිණි ඔහු එක්වරම රෝගී වූයේ කඳුළු ගෑස් ප්‍රහාරය නිසා බවට චෝදනා සිදු කර තිබේ.මියගිය නිමල් අමරසිරිගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කළේය.61 හැවිරිදි නිමල් අමරසිරි මහතා රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි අයෙකි.දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටි ඔහු සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහුගේ සිරුර භූමිදානය පිණිස පවුලේ අයට බාරදෙන ලදි.
|
උසාවි නියෝගයෙ තියෙන්නෙ සමහර ගොඩනැඟිලිවලට ඇතුල් වීම තහනම් කරලා විතරයි. ලංකාවෙ ප්‍රධාන මාධ්‍යයත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියපු එක මාධ්‍යවල දැම්මා ඒත් උසාවි නියෝගය පෙන්නුවෙ නෑ. මේ ගැන හොඳ විග්‍රහයක් තරිඳු උඩුවරගෙදර කරනවා, පොඩ්ඩක් ඒවත් බලන්න.රනිල් එදා එහෙම අද මෙහෙම.
| -3
|
NEGATIVE
|
ncpp_train_0639
|
රටේ හමුදාවට එරෙහිව සටන් කරන පැරාමිලිටරි බලකායට නායකත්වය දෙන සුඩානයේ ද්වන්ධ හමුදා ජෙනරාල්වරයෙකු බීබීසීයට පවසා ඇත්තේ සටන අවසන් වන තුරු තමන් සාකච්ඡා නොකරන බවයි.නමුත් Hemedti ලෙස ප්‍රකට ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ පැවසුවේ දින තුනක සටන් විරාමයක් දීර්ඝ කර ඇති නමුත් තම සටන්කාමීන්ට "ඉවක් බවක් නොමැතිව" බෝම්බ හෙලන බවයි."අපට සුඩානය විනාශ කිරීමට අවශ්‍ය නැත," ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන්ට දොස් පවරමින් ඔහු පැවසීය.ජෙනරල් බර්හාන් දකුණු සුඩානයේ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට තාවකාලිකව එකඟ වී තිබුණි.බ්‍රහස්පතින්දා රාත්‍රියේ නොසන්සුන් සටන් විරාමයක් දීර්ඝ කිරීම අසල්වැසි රටවල් මෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ දැඩි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් පසුව සිදු විය.සෙනසුරාදා වන විට ගුවන්, ටැංකි සහ කාලතුවක්කු ප්‍රහාර කාර්ටූම් හි කොටස්වල අඛණ්ඩව පවතින අතර, ප්‍රතිවාදී මිලිටරි කන්ඩායම් දෙක අතර පුළුල් සංවාදයක අපේක්ෂාව දුරස්ථ කර තිබුණි.
දින 14 කට පෙර ආරම්භ වූ දරුණු ගැටුම්වලින් පීඩා විඳීම නිසා දස දහස් ගනනක් මේ වනවිට රට අතැර ගොස් ඇති අතර 500 කට වැඩි පිරිසක් සටන් වලින් මියගොස් තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 512 ක් මිය ගොස් 4,193 ක් තුවාල ලබා ඇත, නමුත් සැබෑ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකිය.එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සුඩාන ජාතිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විට තම නිවෙස් අතහැර පලා ගොස් ඇති බවත්, බොහෝ විට විශාල මුදලක් ගෙවා පිටව ගොස් ඇති අතරමඟදී අපයෝජනයන්ට මුහුණ දෙන බවයි.ඉවත් කර ඇති දහස් ගණනක් විදේශිකයන් මෙන්ම, දස දහස් ගණනක් සුඩාන ජාතිකයන් චැඩ්, ඊජිප්තුව සහ දකුණු සුඩානය ඇතුළු අසල්වැසි රටවලට පැමිණ ඇත.රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, සමහරුන් කාර්ටූම් සිට දකුණු සුඩානයේ දේශසීමාව දක්වා කිලෝමීටර් 400 (සැතපුම් 250) ට වැඩි දුරක් පයින් ගමන් කර ඇති බවයි.කාර්ටූම් හි ඉතිරිව සිටින අය විස්තර කරන්නේ "නිරන්තර බියෙන්" ජීවත් වන බවයි.
ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන අප්‍රිකානු කලාපයට අයත් සුඩානය ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. දශක තුනක් බලයේ සිටි බෂීර්ගේ පාලන තන්ත්‍රය නිසා එහි ඉස්ලාමීය දෘෂ්ටිවාදය සහ ෂරියා නීති පැනවීම නිසා ප්‍රසිද්ධ විය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුද අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය.1989 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් බෂීර් 2019 දක්වා සුඩානය පාලනය කළ අතර ඔහුට එරෙහිව පැවති විරෝධතාවලින් පසුව හමුදාව මැදිහත්වී 2019 දී ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.
ඔහු නෙරපා හැරීමෙන් පසුව,දූෂණ චෝදනාවට වරදකරු කර වසර දෙකක සිර දඬුවමකට යටත් කරන ලදි.ඔහු නෙරපමින් හමුදා පාලනයක් බිහිවූයේ 2019 දීය. නමුත් මේ වනවිට හමුදා පාලනයට එරෙහිව පැරා මිලිටරි කන්ඩායම් සටන් වදිමින් සිටී.හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට කැරළි කණ්ඩායම් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.සුඩාන විමුක්ති ව්‍යාපාරය සහන දිනාගැනීම අරමුණු කරමින් ඩර්ෆූර් කැරළිකරුවන්ද සමග සිය කැරැල්ල උත්සන්න කර තිබේ.
|
දැන් මෙහි දේශීය ප්‍රවුර්ති පල නොවී අවදානය වෙන අතකට යොමු කිරීමට විවිද දේ පල වෙමින් ඇත. බඩගිනි වී අඬන පොඩි ළමුන් ගේ සිට සොරකම් කර සැප විදින පාලකයන් මැද පෙර සේම සමාජය ගලා යමින් ඇත. නමුත් අරගලය ඔබ කොහිද ? 😁😁😁😁
| 3
|
POSITIVE
|
ncpp_train_0640
|
පසුගිය දිනවල අරලියගහ මන්දිරය වෙත වරින්වර ගිය එජාප හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා මහින්ද
රාජපක්ෂගේ දෑත් ශක්තිමත්
කිරීමට එම රජය වෙත එක්වී තිබෙන බව අද දිවුරුම් දුන් කැබිනට් ඇමති ධූර වලින් හෙළිදරව් විය.
ඔහුට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූරය පිරිනමා ඇත.
විජේදාස රාජපක්ෂ මහතා පසුගිය රජයේ අධිකරණ ඇමති ධූරය දරද්දී මහින්දට පක්ෂපාතීව කටයුතු කළ බවට හා මහින්ද හිතවාදියෙකු යයි නම් කර විශ්වාස භංගයක් ගෙනවිත් ඇමති ධූරවලින් ඉවත් කර තිබූ අතර මාස කිහිපයක ඇවෑමෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් කර තිබුණි.
|
එකෙක්මද කොහෙද මේ හතර වරං ලියන්නෙ
| 57
|
POSITIVE
|
ncpp_train_0641
|
කුරුඳුගහහැතැප්මේදී ගින්නට හසුවූ
දිවයිනේ හොඳම තැපැල් ස්ථානාධිපතිනියගේඅභිරහස් මරණය
ඊයේ උදෑසන ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම උප තැපැල් කාර්යාලයේ ඇතිවූ ගින්නක් නිසා එහි ස්ථානාධිපතිනිය වූ කාංචනමාලා ද සිල්වා මහත්මිය මියගියාය. 48 හැවිරිදි වියේ පසුවූ දෙදරු මවකවූ ඇය ලංකාවේ කාර්යක්ෂම තැපැල් ස්ථානාධිපතිනිය ලෙස පස්වරක් සම්මානයට පවා පාත්‍රවූ රාජ්‍ය නිලධාරිනියකි. එමෙන්ම ඇය ව්‍යාපාරික කාන්තාවකි.
උදේ 8 ට වැඩ ඇරඹිය යුතුවුවත් පුරුද්දක් ලෙස ඇගේ කාර්යාලයේ වැඩට ඇය යන්නේ උදෑසන 6 ට පමණය. තැපැල් කාර්යාලය අසළ පොත් හළක් හා ලොතරැයි නියෝජිත හළක්ද පිහිටා අැත.ඒවා ඇයට අයත් වන අතර සේවකයින්
යොදවා ඇය පවත්වාගෙන යනු ලබයි
ඊයේ (29දා) උදෑසන ඇය වැඩට ගොස් පුරුදු පරිදි තනිව තැපැල් කාර්යාලයේ දොර වසාගෙන වැඩ කරමින් සිට ඇත. ගින්න හටගත් අවස්ථාව ගැන නිශ්චිත සාක්ෂි කිසිවක් නැති අතර ටික වේලාවකින් තැපැල් කාර්යාලය ඇතුළතින් ගින්නක් හටගෙන ඇති බව අසල්වාසීන් දැනුවත්වී ඒ ගැන සොයා බලා තිබේ.
කුරුඳුගහහැතැප්ම අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත ගිනිනිවන රථ පැමිණ ගින්න නිවූ පසු
පිලිස්සුම් තුවාල ලබා සිටි උප තැපැල් ස්ථානාධිපතිනිය හමුවූ අතර ඇයව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ මරණය සිදුව ඇත්තේ ගිනි තැබීමකින්ද නැතහොත් විදුලිය කාන්දුවීමකින් දැයි තවම පැහැදිලි නැත. තැපැල් කන්තෝරුවේ සියලු බඩු මූට්ටු පිළිස්සී ගොස් තිබුණ අතර ඒ සමඟ තැපැල් කාර්යාලයට අදාළ ලිපි ද්‍රව්‍යද විය. ඇගේ මළ සිරුර අසළ දිනපතා පත්තර මිටි කිහිපයක්ද අර්ධ වශයෙන් පිළිස්සී තිබී ඇත.ඒ ඇගේ පොත් හළේ අලෙවියට බෙදාහැර තිබුණ උදෑසන පත්තර තොගයේ කොටසකි.
තැපැල් කන්තෝරුවට කිලෝමීටරයක් පමණ දුරින් ඇගේ නිවස පිහිටා තිබී ඇත. එහි ඇයත් සැමියාත් දරු දෙදෙනාත් වාසය කරති.
කුරුඳුගහ හැතැප්ම හන්දියේ තැපැල් කඩය නමින් ප්‍රකටව තිබුණ ඇගේ වෙළෙඳ සල ඇයත් අම්බලන්ගොඩ නගර සභාවේ සේවය කරන සැමියාත් එක්ව සේවකයින් යොදවා පවත්වාගෙන ගිය එකකි. එහි පත්තර පොත් හා ලිපි ද්‍රව්‍ය
අලෙවියට තබා තිබුණ බව කියැවේ. එහි කටයුතු උදෑසන 8 පසුවී ආරම්භවීමට නියමිතව තිබූ නිසා ගින්න සිදුවන අවස්ථාවේ එහි සේවකයින් කිසිවෙකු සිට නැත.
අසල්වාසී වෙළෙඳසල් හිමියන් දන්වා ඇත්තේ ඇය ඇගේ රැකියා රාජකාරී හා ව්‍යාපාරික කටයුතු තමන්ගේ පාඩුවේ කරගෙන ගිය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක බවයි.
මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා සිදු වූවක්ද, වෙනත් කිසියම් හේතුවක් නිසා සිදුවූවක්ද? එසේ නැත්නම් කිසිවකු විසින් ගිනි තබා ඇත්ද? යන්න තවමත් අභිරහසකි. මේ පිළිබඳ ඊයේ රසපරීක්ෂක වාර්තා සඳහා පිරික්සීම අරඹා තිබුණ අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය මගින් මෙහෙයවයි.
UPDATEගින්නට පෙර වස ශරීරගතවෙලා තැපැල් ස්ථානාධිපතිනිය දිවිනසාගෙන ඇති බවට සැකයක්
|
වටිනා ජීවිත ඉක්මනින් නැතිවෙනවා..ඔබට නිවන් සුව..
| 133
|
POSITIVE
|
ncpp_train_0642
|
නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද (30) වනවිට චීනය පුරා මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. ආසාචිතයින් ගණන ලෝකය පුරා 7817 ක් බවත් ඉන් 7711 ක් චීනයේ බවත් නවතම සංඛ්‍යාලේඛන හෙළි කර තිබේ.වැඩිම බලපෑම චීනයේ
මධ්‍යම හුබෙයි පළාතෙන් වාර්තා වී ඇත.
පින්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ දිනයේ නවතම රෝගීන් නිසා කොරෝනා ආසාදිතයින් සිටින රටවල් ගොඩට ඇතුළුවිය.අද (30) උදෑසන ටිබෙටයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුව තිබේ.
දැනටමත් ආසාදිතයින් හමුව සිටි සිංගප්පූරුවෙන් හා හොංකොං
රාජ්‍යයෙන් තවත් වැඩිපුර රෝගීන් ඊයේ වාර්තා වයි.
මේ අතර කොරෝනා රෝගීන් වෙන්කර තැබීමට ඕස්ට්‍රෙලියානු තස්මේනියාවේ ස්ථානයක් නම් කර තිබුණි. ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට රෝගීන් 6 ක් වාර්තාවී ඇත.
2022 වසරේ ඔලිම්පික් පරීක්ෂණ ඉසව්ව පවත්වන්නට නියමිතව තිබූ චීනයේ බීජිංහි එම ඉසව්ව කල්දැමූ බව ඊයේ නිවේදනය විය.
වෛරස් ආසාදිතයින් වෙනුවෙන් වෙන් කළ චීන රෝහල් දෙක තවම අවසන් අදියරේ නිමවෙමින් පවතින අතර කොටසක් නිමවා රෝගීන් ඇතුළු කළ හැකි මට්ටමට පත්කර ඇති බව ඊයේ නිවේදනය විය.
හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් නගරය පසුගිය දිනවල අගුළු දමා තිබූ අතර අද (30) දින මුදාහරින බව දන්වා තිබුණි.
මේ අතර වුහාන්හි පාසල් සිසුන්ට දැන් පාසල් යාමේ අවස්තාව අහිමිවී අධ්‍යාපන කටයුතු කඩාකප්පල්වීමට ඉඩ නොදීමේ පියවරක් ලෙස අන්තර්ජාලය හරහා පාථමික හා ද්විතියික පාසල් වල සිය පාඩම් මාලා පවත්වා යන්නට පියවර ගත් බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා ඇත.
|
අපිට නම් බය වෙන්න දෙයක් නැහැ..... චිචී සර් අපිව බේර ගනියි...
| 185
|
POSITIVE
|
ncpp_train_0643
|
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් මාරු කරනු ලැබූ බවට වී.කේ.ඒ. අනුර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරමින් සඳහන් ඇත.
සිය ස්ථාන මාරුවට
ආණ්ඩුකාරවරයා කෙළින්ම මැදිහත්වූ බව ඊට මුල්වූ රාජ්‍ය නිලධාරින් සඳහන් කර ඇතැයි ද ආණ්ඩුකාරවරයා එම තනතුරට පත්වූ දා පටන්ම නීති විරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා තමාට විවිධ බලපෑම් කළ බවද අනුර මහතා කියා සිටී.
ආණ්ඩුකාරවරයාගේ මෙම නීති විරෝධි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමා අසාධාරණ ලෙස මාරුකර යවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ආර්ථික කටයුතු හා පොදු සැපයිම් අමාත්‍යංශයට තමාට ලබාදී ඇති ස්ථාන මාරුව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවද තමාට වඩා ජ්‍යෙෂ්ඨත්වයන් අඩු නිලධාරීන් රැසක් එහි ඉහළ නිලතල හොබවන බැවින් එම ස්ථාන මාරුවීම
නොපිළිගන්නා බවද අනුර මහතා කියා සිටියේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ගේ ස්ථාන මාරු අභියෝගයට අනුව බස්නාහිර පළාත් සභා ලේකම්වරයාගේ (CSWP/PTR/2-2/F1/6G) දරන 2016.05.28 දිනැති ලිපියෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යංශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබුණි.
|
බලුදීන්ට එරෙහිව අධිකරණයවත් හරියට සාදාරනයක් ඉටුවෙන්නේ නැතිකොට මේකෙදී කොහොමත් සාදාරනයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ
| 39
|
POSITIVE
|
ncpp_train_0644
|
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර තිබේ. අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා
සහ ව්‍යවස්ථාපිත ආයතන ද
අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශය යටතට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා යටතට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය ,රූපවාහිනී සංස්ථාව, ලේක්හවුස් ආයතනය පවරා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදිය පත් කර තිබේ.
කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මෙම යොමුවෙන් නරඹන්න
|
සිරි හීලෑ නෑ හරිම මුරණ්ඩුය් තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා
| 70
|
POSITIVE
|
ncpp_train_0645
|
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත.රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.කලෙක රාජපක්ෂ රජයට හිතවත්වූ විපක්ෂ දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස ලද පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත්නැවත සක්‍රීය කර තිබේ.
|
එතකොට පළවෙනි දෙවෙනි ලේකම්ලා ඉන්නෙ මොනව කරන්නද කියල නොතේරුන මම.
| 17
|
POSITIVE
|
ncpp_train_0646
|
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 28 දින රාත්‍රියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පූජ්‍ය ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ කියා සිටියහ.මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දකින්න ආවම, උන්වහන්සේ ඇහුවා, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න ඕන කියලා. මම කිව්වා අපි එතුමාට සෙත් පතන්නෙ නැතිව වෙන කාට සෙත් පතන්නද කියලා, අපි අහල තියෙනවා අතීතයේ එළාර ගැන දුටු ගැමුණු ගැන. අවුරුදු 44ක් එළාර මේ රට පාලනය කෙරුවා. දුටු ගැමුණු කියන රුහුණෙ පුත්‍රයෙක් ඇවිල්ලා අවුරුදු 44ක් අපිව පාගගෙන හිටපු එළාරගෙන් මේ රට බේරා ගත්තා.අවුරුදු 30කට පස්සෙ රුහුණෙන් ආපු මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට උත්තරය දීලා එළාරගෙන් රට බේරා ගත්ත වගේ අවුරුදු 30කට පස්සෙ මේ රට එක්සේසත් කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී මේසේ කීහ.මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.
|
අප්සරා තිලකරත්න ද මේ ?
| 12
|
POSITIVE
|
ncpp_train_0647
|
ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ස්ටේටන් අයිලන්ඩ් ගබඩාවේ ඇමසන් කම්කරුවන් සඳුදා වැඩ වර්ජනය කිරීමක් සිදු කළේ සමාගමේ “COVID-19 වසංගතය තුළ තමන්ට ආරක්ෂාව තහවුරු නැති බව
දක්වමිනි.ලෝකයේ අංක එකේ සමාගමක් වුවත් ලාභය ගැන සිතන සමාගම සේවකයන්ට තැනක් දෙන්නේ නැතියි වෘත්තීය සමිතිය චෝදනා කර තිබේ. එක් සේවකයෙකු ගබඩාව තුළදී කොරෝනා ධනාත්මක වීමෙන් පසු මෙම විරෝධය මතු විය.
"සියලු සේවා යෝජකයින් මේ අවස්ථාවේ දී
ඔවුන්ගේ ශ්‍රම බලකායේ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය. අවාසනාවකට මෙන්, ඇමසන් සිය සේවකයින්ගේ ආරක්ෂාව නොතකා අතිවිශාල ලාභය උපරිම කර ගැනීමට ප්‍රමුඛත්වය දෙන බව පෙනේ - මෙය පිළිගත නොහැකිය" යනුවෙන් RWDSU හි සභාපති ස්ටුවර්ට් ඇපල්බොම් පැවසීය.
JFK8 නමින් හැඳින්වෙන කම්කරුවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වර්ජනයට එක් වූහ.
කෙසේ වෙතත් ඇමේසන් ප්‍රකාශකයෙකු මෙසේ කියා තිබේ.
"දැනට පවතින කොරෝනා වෛරස් වසංගතය සමඟ පොරබදමින් සිටින සියලුම ව්‍යාපාර මෙන්ම, ප්‍රජාවන්ට සේවය කරන්නට අප කැපවුණ සමාගමකි. වඩාත් අවදානමට ලක්විය හැකි සේවකයින් ආරක්ෂා කර ගැනීමට අපි වෙහෙස මහන්සි වී සිටිමු. මිනිසුන් ආරක්ෂාකාරීව තබා ගැනීමට අපි දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු. අපගේ ගොඩනැඟිලිවල සිටින අය ආරක්ෂිත දුරක් තබා ගැනීම සහතික කර ඇත. අප වැඩ කරන්නේ මේ අර්බුදයෙන් රට ගොඩගන්නටය'
|
100ද ස්ට්‍රයික් එකට ඇවිත් තියෙන්නේ? මෙච්චර ලොකු කම්පනි එකක?
| -8
|
NEGATIVE
|
ncpp_train_0648
|
ගංවතුර සිදු කළ මහවිපතින් අවතැන් වු ජනතාවට සහන ලබාදී අවසන් වනතෙක් මැතිඇමැතිවරුන් සහ නිලධාරින් සඳහා රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීමට මෙම අවස්ථාව
සුදුසු නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ
‘දැන් චෝදනාවක් තියෙනවා රජයට මේ තරම් විශාල විනාශයක් සිදුවෙලා තියෙද්දී සමහර අමාත්‍යාංශවලට ගෘහ භාණ්ඩ මිල දී ගැනීමටත්, සමහර ඇමැතිවරුන්ගේ නිල නිවාස අලුත් වැඩියා කරන්නටත්, වාහන මිල දී ගන්නටත් විශාල මුදලක් වැය කිරීමට පරිපුරක ඇස්මේන්තුවකට අනුමැතිය දුන් බව. අවශ්‍යතා තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ මැතිඇමැතිවරුන් වගේම නිලධාරින් ද කැපකිරීම් කළ යුතුයි. විපතට පත් ජනතාවට සහන ලබාදීම අවසන් වන තෙක් රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීම අවශ්‍ය වෙන්නෙ නැති බව හා ඒ වරප්‍රසාද ලබා ගන්න දැන් මේ අවස්ථාව සුදුසු නොවන බවයි‘
|
යකෝ පැරදිලත් ගෙදර ගියේ නැති එස්බී වගේ කාලකන්නියෙක්ට තවත් ඇමැතිකම් එල්ලලා උට ඒකට අලුත් බිල්ඩින් හදන්න කෝටි තුනක් වෙන් කරලා. මේවට මොනවද කියන්නේ වල් පරයෝ කටට එන ඒවා කිව්වොත් අපේ ලේ රත්වෙනවා විතරයි
| 44
|
POSITIVE
|
ncpp_train_0649
|
ප්‍රවීණ රංගනවේදිනි ඇන්ජලා සෙනෙවිරත්නගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව
වෛද්‍ය නිගමනයවී ඇතැයි ඇය දන්වා තිබේ. ෙවකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන්නැයි ඇය මුහුණු පොත හරහා ඉල්ලා ඇත.
ඇගේ ඉල්ලීම පහතින්
ඇයව ෆේස් බුක් ඔස්සේ සම්බන්ධ වන්න මෙතැනින්
https://www.facebook.com/angela.seneviratne
|
අන්තර්ජාලයේ විවිධ සෝෂල් මිඩියා සයිට් වල කමෙන්ට් කරනවා සහ කමෙන්ට්ස් කියවනවා..ඒ උනත් අපේ රටේ වගේ ජාතිවාදී, ආගම්වාදී සහ පෞද්ගලික ජීවිත එල්ල කරල කරන කමෙන්ට්ස් ඉතාමත් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ. අනේ මන්ද අර එඩ්වඩ් ජයකොඩි ගායකයාගෙ සිංදුව මතක් වෙනවා.. බුදු බණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තාමත් වනන්තරේ
| 3
|
POSITIVE
|
ncpp_train_0650
|
අනුරාධපුර පැරණි පුජා නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයක් ආසන්නයෙන් පිහිටි අතුරු මාර්ගයකින් දහවල් සහ රාත‍්‍රී කාලයේ මීට මාස කිහිපයකට ඉහතදී මියගිය තරුණියකගේ රුවක් හදිසියේ දිස්වී අතරුදන්වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුම බියට හා ත‍්‍රාසයට පත්වීමේ
සංසිද්ධියක් ගැන වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණිය ඇයගේ උවමනාවමත සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණකර ඇති අතර ඊට සති කිහිපයකට පසුව එම ප‍්‍රදේශයේ පදිංචි මැදිවයසේ අයෙකුට මුලින්ම ඇයගේ රුව හමුවී තිබේ.
සුදු ඇදුමකින් සැරසුනු මෙම තරුණිය පුද්ගලයා සමග මීටර් කිහිපයක් දුර කථාබස් කරමින් ඉදිරියට යද්දී ඔහුට
එක්වරම තරුණිය මියගිය බව සිහියට නැගෙද්දී ඇය කොක් හඩලා සිනාසී අතුරුදන්ව ඇති අතර එම දර්ශනය දුටු තැනත්තා බියවී දහඩිය වගුරවමින් නිවසට ගොස් තිබේ.එම සිද්ධියෙන් අනතුරුව ඔහු දින කිහිපයක්ම රෝගාතූරව සිට ඇති අතර පසුව ඔහුට සෙත් ශාන්තියක් සිදුකිරිමෙන් අනතුරුව සුවවී තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුමත එම ප‍්‍රදේශයට ගොස් සොයා බැලිමේදී ප‍්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම පිටස්තරව පැමිණි කිහිපදෙනෙකුත් ඇයගේ රුව දිස්වීම නිසා බියට පත්වී ඇති අතර ඇය මියගිය තැනත්තියක් බව නොදැන කථාබස් කරමින් පැමිණි කිහිප දෙනෙකු පිළිබදවත් දැන ගන්නට ලැබුණි.
මියගිය තරුණියගේ රුව වැඩිවශයෙන් දිස්වී ඇත්තේ මධ්‍යහන කාලයේවීම විශේෂයක් වන අතර රාත‍්‍රී කාලයෙදි අවස්ථා කිහිපයකදී රුවදිස්වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකුම බියටපත්වී තිබේ. තවත් අවස්ථා කිහිපයකදීම ඇයගේ සම්පූර්ණ රුව අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන්නන්ට දැකගැණිමට හැකිවී ඇති අතර රාත‍්‍රී කාලයේ පිටස්තරන් පැමිණි අයෙකු සුදු ගවුමකින් සැරසුණු ශරිර උඩුකයක් පාවී යන අයුරු දැක තිබේ.
මාර්ගයේදී අනපේක්ෂිත ලෙස දිස්වන තරුණ කාන්තා රුව හේතුවෙන් බොහෝ පිරිසක් බියවී තැති ගැන්මට ලක්වී ඇතත් එම සිද්ධිය පිළිබදව එකිනේකා ලැජ්ජාව හේතුවෙන් රහස් රකින බව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් පැවසුවේය. එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ මධ්‍යාහන කාලයේ ගමන් බිමන් යෑම අඩුකර තිබෙන බවත් තමන්ද එම අමනුෂ්‍ය රුවට බියවූ බව ඔහු පැසුවේය.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
|
ඊට පස්සේ සතියේ රෑ ක්ලාස් ඉවර වෙලා බයික් එකේ එද්දී සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් ලමයෙක් වඩාගන බයික් එකට අත දැම්මා. මම ෆුල් රේස් කරලා ගියා පිටිපස්ස බලන් නැතුව. මතක් වෙද්දී තාම මයිල් කෙලින් වෙනවා.
| -8
|
NEGATIVE
|
ncpp_train_0651
|
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට ඊයේ (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූ අවස්ථාවේ හිතවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තවමත් වැඩෙමින් පවතින රැවුල සමග උන්වහන්සේ ඡායාරූපයට නැගුණේ මේ ආකාරයටයි.
|
වෙදපප්පා වගේ පෙනෙයි, මොකද අවුරුදු 6ක්නේ..
| 66
|
POSITIVE
|
ncpp_train_0652
|
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ජනතාව අතරේ ගිලිහී ගොස් ඇති ස්ථානය නැවත ලබා ගැනීමට තම ප්‍රචාරක උපාය මාර්ග නවීකරණය කරමින් දිටින අතර ජනතාව වෙත ළඟා වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එවැනි එක් පියවරක් වන්නේ ජනතාව වෙත ළඟා වීමට සමාජ මාධ්‍ය උපරිම ලෙස භාවිතා කිරීම පිළිබඳ පක්ෂයේ තරුණ සාමාජිකයින් අතර ධාරිතාව වර්ධනය කිරීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන බව වාර්තාවන්නේ ඔහු පැවැත්වූ වැඩමුළුවක් නිසාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා වැඩමුළුවක් ඉරිදා (19) පැවැත්වු අතර ඉිදරියට තවත් ඒවා පවත්වන්නට අදහස් කර තිබේ.මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ (CMC) හිටපු මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ ද සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක් මෙයට එක්වී ඇත.“ අපි ජීවත් වන්නේ සයිබර් අවකාශයකයි. ආචාරධාර්මික සහ වගකීම් සහිත ඩිජිටල් පුරවැසිභාවය තුළින් සෑම කෙනෙකුටම ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයට සම්බන්ධ වන්න.“ නාමල් මෙහිදී කියා තිබේ.
|
පොහොට්ටුවේ ගිලිහුණු සරමෙන් පෙනෙන හෙලුව සෝෂල් මීඩියා අතින් වසාගමු... මීට නෑමොළ.
| 34
|
POSITIVE
|
ncpp_train_0653
|
ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවා නැති බවයි. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුවද තවත් අංශ වල වෙනස්කම් සිදුවිය යුතු බවයි.විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි. "නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..."“වර්ධන වේගය අඩු මට්ටමක පවතීයි. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර සියයට 3.1 කින් හැකිලීම ඇත. ඉහළ-සංඛ්‍යාත ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සපයයි. මෑත මාසවලදී රාජ්‍ය සංචිත සමුච්චය මන්දගාමී වී ඇත” ශ්‍රී ලංකාවට එහි ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගෙන යන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට නුදුරු කාලීනව එළැඹීම සඳහා සාකච්ඡා කරන බව පමණක් දන්වා ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වෙතැයි අනුමාන කෙරේ.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් කියන්නට බැරි බවයි.
|
සමාජයේ අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනතාවට ජීවත්වෙන්න ක්‍රමයක් නැති වෙනකොට හොරකම් කරන්න පටන්ගන්නවා. මංකොල්ල කෑම් වැඩිවෙනවා. මිනිස්සුන්ට පාරක තොටක බැහැලා යන්න බැරිවෙනවා. සමහරවිට ගෙවල් ඇතුලේවත් ඉන්න බැරිවෙන තරමට හොරකම් මැරකම් උග්‍රවෙන්න ඉඩ තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදී අරාබියේ මිනිස්සු පාරේ යන හමුදා ආහාර සැපයුම් රථ පවා මංකොල්ල කාලා තියෙනවා. එහිදී ඔවුන්ට බයනෙත්තු වලින් පහර වැදිලා තියෙනවා. ඒ නිසා තමයි ජනසවිය, සමුර්ධි, අස්වැසුම වගේ සහනාධාර දෙන්නෙ.
| -9
|
NEGATIVE
|
ncpp_train_0654
|
'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ
නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්.
නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.
-නිදර්ශනී වික්‍රමසිංහ-
|
විමලේ හරි දේසප්‍රේමියා , හැම දේම කියලා හැබැයි ප්‍රධාන කරුණු තුන හතරක් අමතක කරලා , ගොඨාභය රාජපක්ශ මහතාට එතුමාගේ භාර්‍යාවටවත් එතුමා ට චන්දේ දෙන්න බෑ , ගොඨාභය රාජපක්ශ මහතා ඇමෙරිකාණුවෙක්ද ,ශ්‍රී ලාංකීකයෙක්ද කියලා හිතා ගන්නවත් බෑ , රොබර්ට් 'ඕ බ්ලේක් ලා ගොඨාභය ව වර්ණනා කරද්දී එව්වා විමලෙට පෙනිලා නෑ , සහාරාන්ලට ගොඨා ගේ බුද්ධි අංශය පඩි ගෙවද්දී විමලේ "මීක්" සද්දයක් නෑ , රටේ ආරක්ශක මර්මාස්ථානය චිනෙට සින්නක්කර ලියලා දෙද්දී විමලේ ඇමැටි මණ්ඩලේ. බොලා කොහෙන්ද විමලේ කතා කරන්නේ ?
| 117
|
POSITIVE
|
ncpp_train_0655
|
ටීනාගේ අලුත්ම වැලි කතරේ Photo Shoot එක
Pix By -Studio Golden Light
|
උඹ කොහොමද දන්නෙ කැලෑව කපල කියල ? එච්චර ඈතට පේන්නෙ නැහැනෙ ? අඩියක් පන්නපුවම උඹල හිතන දේවල් ?
| -8
|
NEGATIVE
|
ncpp_train_0656
|
ජාතික ජන බලවේගයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතා එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය."තෙල් සංස්ථාව තෙල් ගේනවා ඒක පෙට්‍රල් ෂෙඩ් එකේ විකුණනවා. ගබඩා කරන්නෙ, බෙදා හරින්නේ CPSTL එකේ. පුද්ගලික සමාගමක්. දැන් මෙතන පාඩු වෙන්නෙ කොතනද? ප්‍රධාන පාඩුව තියෙන්නෙ ආණ්ඩුව තීරණයක් කරනවා ඉස්සෙල්ලම තෙල් සඳහා සහනාධාරයක් දෙන්න. දැන් වෙලා තියෙන්නෙ ඒ සහනාධාරේ දරා ගන්න වෙලා තියෙනවා තෙල් සංස්ථාවට.භූමිතෙල් සහනාධාරේ විතරක් 2018 බිලියන 7යි. කෝටී 700ක්. කෝටි 700ක් දැන් සංස්ථාවට පාඩුයි. එහෙම සහනයක් දෙන්න ඕනේ. හැබැයි ඒක භාණ්ඩාගාරේ දරාගන්න ඕනේ.
මේ මිලට අරන් දෙන සහනාධාරය තෙල් සංස්ථාව මත පැටවීම තමයි එක ප්‍රධාන පාඩුවක් වෙන්නේ.දෙක, කෝටි 256ක් එයා ලංකා එක තෙල් සංස්ථාවට ණයයි. තෙල් සංස්ථාව ඒක අරන් තියෙන්නෙ බැංකුවෙන්. බැංකුවට පොළියක් ගෙවන්න ඕනේ. කෝටි 4700 ක් ණයයි විදුලි බල මණ්ඩලේ තෙල් සංස්ථාවට. පුද්ගලික විදුලි බලාගාර බිලියන 6.7ක් ණයයි. ත්‍රිවිධ හමුදාව මිලියන 820ක් ණයයි. සල්ලි හම්බුන් නැති වුණාම බැංකුවෙන් ණයක් ගන්නවා. මෙහෙම එකතු වෙලා තෙල් සංස්ථාවේ දැන් ණය රුපියල් ට්‍රිලියනයයි. ඇති මේ විදියට තියෙනවා.අපි ණයට තෙල් ගැහුවේ නැති බව ඇත්ත, නමුත් අපි නියමිත මිලට තෙල් ගත්තෙත් නැහැ.
තෙල් සංස්ථාව තෙල් ගේන්න ඕනෙ ඩොලර් වලින්, උපයන්නෙ රුපියල් වලින් ඒ රුපියල ඩොලර් වලට කන්වර්ට් වෙනකොට ගෙනාපු ගානට වඩා තෙල් මිල ඉහළ ගිහින්. 1%කින් රුපියල අවප්‍රමාණ වෙනකොට තෙල් සංස්ථාවේ ණය පංගුව කෝටි 570කින් වැඩි වෙනවා. මේ අවුරුද්දේ රුපියල අවප්‍රමාණ වෙලා තියෙනවා 80%කින්.ඊළඟට දේශපාලන පත්වීම්. ක්ෂණික මිලදී ගැනීම් වලින් අපිව හිර කරනවා බෙල්ලලටම. පහුගිය දවස්වල ප්‍රමාද ගාස්තු විතරක් ගෙවලා තියෙනවා නැව් වලට කෝටි 285ක්. පාඩුයිනෙ? තෙල් ගෙන්නල්ලා විකුණගන්න බැරි මිනිස්සු රටක් හදයිද?අපි පිරිපහදුවේ ධාරිතාවය වැඩි කරගන්න ඕනේ. ඒක තමයි අපේ රටේ ආර්ථිකේ ප්‍රධානම දේ.දැන් අපි මේගොල්ලන්ගෙන් අහන්නෙ මේ ගොල්ලො විකුණන්න හදන්නෙ කොයි කෑල්ලද? "
|
ඉතින් බං රනිල් අවුරුදු 45ක් හිටියේ?
| -7
|
NEGATIVE
|
ncpp_train_0657
|
සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ
සගයෝ කටයුතු කළහ.
ඒ ඔහු පිටියට පිවිසෙන අවස්ථාවේ ඔහුට ඉහළට පිති ඔසවමිනි.
දඹුල්ල ක්‍රීඩාංගණයට විශාල පිරිසක්ද පැමිණ සිටියහ.
මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් මෙන්ම සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වූ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනා මෙන්ම තිලකරත්න ඩිල්ෂාන් ද සිය කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දුන් බව ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා තිබේ.
අවසන් ඉනිමේදී ඩිල්ෂාන් 4 පහර 5 ක් සමගින් ලකුණු 42 ක් ගත් අතර ඕවර 4 ක් පමණක් පන්දු යවා ලකුණු 24 ක් ලබා දුන්නේය.
මෙම තරගය ජයගන්නට ලංකාවට නොහැකි විය.
|
උබ කියන්නෙ ආයි තරන්ගට නිලන්කාගෙන් බෙරිලා ඉන්න වෙන්නෙ නෑති සින් එකක් වෙන්නෙ.
| 2
|
POSITIVE
|
ncpp_train_0658
|
මහනුවර දිස්ත්‍රික් කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන අතරතුර ස්පුට්නික්5 එන්නතේ එක් මාත්‍රාවක් පමණක් හෝ ලබා ගැනීමට කැමති බවට අත්සන් ලබාගෙන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වාර්තාවේ. එන්නත ලබාදෙන ස්ථානවල කිසිවෙකුගේ නමක් සදහන් නැතිව සීල් සටහනක් මත අත්සන ලබාගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය මේ ගැන දැනුවත් නැති බව පැවසේ. මේ වනවිට වාර්තාවන්නේ එය දේශපාලන උවමනාවට සිද්ධවූ දෙයක් බවය. ශ්‍රී ලංකාවට ස්පුට්නික්5 එන්නත මාත්‍රා 15000 ක් මුලින් ලැබුණ අතර එම කොටස සෞඛ්‍ය අංශ හා දෙමටගොඩ අයිඩීඑච් අවට පිරිසකට මුලදී ලබාදුණි.
අනතුරුව දෙවැනි තොගය 65000 ක් ලැබේ යයි විශ්වාස කළද ලැබුනේ 50000 කි. එම 50000 ම මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනට යොදන ලදි. තවම එය ක්‍රියාත්මක වෙමින් පවතී. ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කළ රුසියාව මේ ගැන වෛද්‍ය සටහන් ප්‍රසිද්ධ කර ඇත්තේ එන්නතේ නිසිඵල ලැබීමට නම් පළමු මාත්‍රාව ලබා දින 21 ත් මාස 3 ත් අතර කාලයේ දෙවැනි එන්නත ලබාදිය යුතු බවකි.ඔවුන් තනි මාත්‍රාවේ එන්නතක් අත්හදාබලා ඇති මුත් එය තවම වෙනත් රටවල්වලට යැවීමට නිකුත් කර නැත.ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මාත්‍රා දෙකේ ස්පුට්නික් එන්නත ලබාදීම අනුමත කරන අතරම මෙම එන්නත් නිෂ්පාදනය හා ඒවා භාවිතාව ගැන උපදෙස් ලබාදී යම් රටක් නිවැරදි ලෙස එය යොදාගන්නේදැයි අධීක්ෂණයේ පසුවේ.එවැනි වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් තිබියදී මහනුවර ප්‍රදේශයේ එන්නත් ගැන විද්‍යාත්මකව අවබෝධයක් නොමැති සාමාන්‍ය පුද්ගලයින් ඉලක්ක කරගෙන ඔවුන් රවටමින් තනි එන්නතක් වුණත් ඇති යන්නට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම විමතිදායක වන අතර එම අත්සන් ගැනීම කරන්නට කිව්වේ කවුදැයි කිසිවෙකු නොදනී.
දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමාණවත් එන්නත් නොමැති බව වාර්තා වීම නිසා කඩිමුඩියේ “එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි“ ගිවිසුමකින් මෙම එන්නත ලබාදී ඇත්තේ දේශපාලක උවමනාවකට බව පැහැදිලිවී තිබේ.අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ එවැන්නකට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී නොමැති බවයි. එවැනි දෙයක් ගැන තමා තවම දන්නේ නැති බවද ඔහු කීය.
|
ස්පුට්නික් දෙවන මාත්‍රා ව පළවෙනි මාත්‍රා වේ කොටසක් නොව වෙනමම එකකි... එය අවශ්‍ය වේලාවට ගෙන්වා ගත යුතුය .. මිලදී ගන්නේ නම් දෙ වතාවකදී ගත යුතුය .
| 7
|
POSITIVE
|
ncpp_train_0659
|
දිර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු පිහියකින් හෙද නිලධාරිනියක් වු සිය බිරිඳගේ ගෙලකපා ඝාතනය කළ අයෙකු නිවස ආසන්නයේ වූ ජලය පිරි ගල්වලකට පැන දිවිනසාගන ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පෙරේදා (28) රාත්‍රී 9.30ට පමණ ඝාතනයට ලක්වී ඇත්තේ හිදෝගම පොලිස්වසමේ නෙළුබෑව රජයේ රෝහලේ සේවයේ නියුතුව සිටි අංක 07 ආතර් ද
සිල්වා මාවත ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ නානායක්කාරලාගේ මාලා ප්‍රියන්ති (31) හෙද නිලධාරිනියයි. ඇගේ සැමියා වන 36 හැවිරිදි ප්‍රසන්න කුමාර යන අය සියදිවි නසාගෙන ඇත. මරණකාරීයට මරණකරුටදාව මාස පහක දරුවකු සිටින බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වූ හෙදිය මීට පෙර පොලිස් කොස්තාපල්වරයකු සමග විවාහවී සිට දික්කසාදවී, රියදුරකු වූ අරනායක කැගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසන්න කුමාර (8) සැකකරු සමග විවාහ වී ඇති බවත් ඔහුටත් පෙර විවාහයෙන් දරු දෙදෙනකු සිටිනා බවත් පොලිසිය පැවසුවේය. මෙම හෙදිය සිය මවගේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුවී ඇත.හෙද බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව නිවස ආසන්නයේ පිහිටි අඩි 75 ක් පමණ ගැඹුර ගල්වලට පැන දිවිගසාගත් සැකකරුගේ සිරුර ඊයේ (29) දහවල් වනතුරුත් සොයා ගැනීමට නොහැකිවී තිබූ අතර
පොලිස් නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා තිසාවැව නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් ඔහු දිවිනසා ගත්තේද යන්න තහවුරුකර ගැනීම සඳහා සිරුර සොයා පරීක්ෂණ සිදුකළහ.
සැකකරු පැන්න බව කියන වළෙහි අඩි 45ක් පමණ ගැඹුරට ජලය පැවතීම නිසා සිරුර සොයා ගැනීම අපහසුවූ බවත් සැකකරු හෙදිය ඝාතනය කිරීමෙන් අනතුරුව ගලට පනින අයුරු මරණකාරියගේ මව දැක තිබෙන බවත් පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන සැකකරු නිතර නිතර බිරිඳ සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඇය වෛද්‍යවරයකු සමග අනියමි සම්බන්ධතාවක් පවත්වන බවට ඔහු තුළ තිබු සැකයක් නිසා ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
හෙදිය ඝාතනය වනවිට සැමියා සමග ඇතිව තිබු බහින් බස්වීමක් නිසා මවගේ නිවසට පැමිණ සිට ඇති බවත් පෙරේදා (28) රාත්‍රියේ එම නිවසට පැමිණි සැකකාර සැමියා ඇයව නිවස පිටුපසට කැඳවාගෙන ගොස් බහින් බස්වීමක් සිදුවු බවත් මරණිකාගේ මව පොලිසියට පවසා තිබුණි.
ටික වේලාවක් දෙදෙනා අතර ශබ්ද නගමින් බහින් බස්වීම නිසා නිවසට තුළට පැමිණ තිබෙන ප්‍රශ්නයක් විසඳා ගන්නා ලෙස තමන් පවසා විනාඩි කිහිපයක් ගතවෙද්දී දියණිය කගැසීම නිසා දරුවාත් සමග එහිගොස් බලද්දී සිය දියණිය බරපතළ තුවාල ලබා පිළිකනේ වැටී සිටිනු දුටුබවත් බවත් බෑනා දිවගොස් ගල්වලට පණින අයුරු දුටුබවත් මරණකාරියගේ මව පොලිසියට පවසා තිබුණාය.
ගෙළට හා මුහුණට බරපතළ තුවාල සිදුවූ හෙදිය ප්‍රතිකාර සඳහා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත් ඇය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන පුද්ගලයා ඝාතනය සඳහා සකසාගත් තියුණු මුවහත ඇති අගල් හයක් පමණ දිග දුනු පිහියක් ගල්වල ආසන්නයේ තිබී සොයා ගන්ධව පොලිසිය පැවසුවේය. අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
|
උබ වගේ එවුන් නැති වුනානම් එකා දෙන්නත් නැති වෙනව පුලුවන්නම් මකබෑවිලා පලයන්කො ලොකු උදව්වක්....
| 7
|
POSITIVE
|
ncpp_train_0660
|
අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය රහිතව විපක්ෂය ගෙන ආ
අගමැති ලේකම්වරයා
ලෙස පෙනී සිටින පුද්ගලයාට රජයේ වියදම් සිදුකිරීම වළක්වා ලීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මත විය. විරුද්ධව 0 කි.
මෙහිදී අද දින පාර්ලිමේන්තුවට සහභාගීවූ විජයදාස රාජපක්ෂ හා අතුරලියේ රතන හිමිද පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර කිසිවෙකු විරුද්ධවූයේ නැත.
ඡන්ද විමසීම කොටසක් ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට හා කොටසක් නම් අඩගසා සිදුවිය.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට හෝ අගමැති කාර්ය මන්ඩලයට ඉදිරියේ වියදම් සිදුකිරීමට හැකියාව අවහිර කර තිබේ.
ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව 30 හෙට උදෑසන දක්වා කල් තබන ලදි.
|
මෝඩ අප්පොච්චා ඒකනේ ඒ දවස්වලම කිව්වේ විමලා ගෙම්බන්පිලයා වගේ උන්ව විශ්වාස නොකර පැත්තකට වෙලා ඉන්න කිවුවේ. අද බලපන්න ඔබ තුමා ලෝකයා ඉදිරියේ ඹකොච්චර බලූ වෙලා පාච්චල් වෙලා ගිහින් තියෙන තරම.
| 74
|
POSITIVE
|
ncpp_train_0661
|
හදිසි අසනීප තත්ත්වයක්
හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ
ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා, එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.
|
රට දැහැමින් සෙමින් යන නිසා මෙතුමට ගෙදර ඉඳලා කම්මැලිත් ඇති වෙලාවකට.
| 4
|
POSITIVE
|
ncpp_train_0662
|
මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ
මහමග වැටී සිටියදී හමුවේ
අතුරුදන්වීම නිසා පසුගියදා ආන්දෝලනයක් ඇති වුණ සුප්‍රකට මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ මහතා ඔහු අතුරුදන්වූ කළුබෝවිල රෝහලේ සිට කිලෝ මීටරයකට ආසන්න දුරක කළුබෝවිල ප්‍රදේශයේම හාමතේ ගිලන්ව ඇදවැටී සිටියදී ඊයේ (30) සවස සොයාගෙන තිබේ.
මීට සතියකට පෙර
පසුගිය 23 වනදා රෝහල්ගතව සිටියදී අතුරුදන්වූ ඒ මහතා සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ කරමින් තිබිණි. ඔහුගේ මානසික තත්වය ව්‍යාකූල වීම මත සිහි මද ගතියෙන් රෝහලෙන් පිටවගොස් පාරවල් ගානේ ඇවිදිමින් සිටින්නට ඇති බවත් අනතුරුව
ආහාරයට යමක් සොයාගන්නට බැරිව ගිලන්ව ඇදවැටී සිටින්නට ඇති බවත් විශ්වාස කෙරේ.
අසල්වාසීන් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපයේම පාර අයිනේ වාඩිවී සිටි මෙම පුද්ගලයා යාචකයෙකු බවට සැකකළ බවයි.
ඇතැම් අය ඔහුට ආහාර ලබාදී ඇති අතර ඔහුගෙන් විස්තර කිසිවක් දැනගන්නට ලැබී නැත්තේ ඔහු පැහැදිලි ලෙස උච්චාරණය නොකරන සිහිමද ගතියෙන් පසුවූ නිසා බවද කොහුවල පොලිසිය අසල්වාසීන් සමග සිදුකළ කථාබහේදී අනාවරණයවී තිබේ.
ඔහු සිහිසුන්ව පාරේ ඇදවැටී සිටි අවස්ථාවේ අසල්වාසීන් ඔහුට උපකාර කර තිබුණ අතර පොලිසියට දැනුම්දීමෙන් පසුව ඇවිත් කළ විපරමේදී මෙම තැනැත්තා පසුගිය සතියේ අතුරුදන්වූ නිමල් පතිරණ මහතා බව අනාවරණය විය.
මේ වනවිට ඔහුව නැවත කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් පවතී.
ලංකාවේ මැණික් කර්මාන්තය ලෝකය තුළ ප්‍රචලිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ නිමල් පතිරණ මහතාගේ අවසන් කාලය ලෙඩ රෝග වලට ගොදුරුවී මේ ආකාර අනාරක්ෂිත තත්වයට පත්ව තිබීම ඇතැමුන්ගේ විමතියට හේතුවී තිබේ.
විවාහ දෙකකින් දරුවන් කිහිපදෙනෙකුද සිටින ඔහුව පුද්ගලික රෝහලකට අතුළත් නොකර රජයේ රෝහලක තබාගැනීම ගැනද මින් ඉහත ලිපියේ පාඨකයින් විමතිය පළ කර තිබුණි. සිහිමද ගතියෙන් ඇවිදින රෝග ලක්ෂණ සහිත කෙනෙකු නිසා ඔහුව බලාගන්නට කෙනෙකු සමග රජයේ රෝහලේ නතර කරන්නට උත්සාහ ගෙන නොතිබීමද ගැටලුකාරීය.
හොඳ සිහියෙන් සිටි කාලයේදී නිමල් පතිරණ මහතා දිවයිනේ විහාරස්ථාන වැඩිම ප්‍රමාණයකට බුදු පිළිම දායක කරදී පින්කම් සිදු කළ අයෙකි.
|
ආගමක් දහමක් නැති භෞතික වාදියොන්ට මේව දැක්කමවත් බුද්ධ දේශනාවේ සත්ය වැටහේවා. මෝහාන්දකාරය දුරැවේවෙ. අප්රමාදී වෙත්වා......
| 2
|
POSITIVE
|
ncpp_train_0663
|
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක්
සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු
අද (31) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.
රාජ්‍ය අමාත්‍ය ධූර
01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය ධූර
01- හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
|
හර්ශගෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන් .. ඉරානුත් එහෙමයි.. උගත් මිනිස්සු.. එහෙම ඉතින් දීලත් බෑ.. වැඩක් කලොත් අනිත් උන්ට හුපස් නේ...
| 244
|
POSITIVE
|
ncpp_train_0664
|
ප්‍රවීණ රංගනවේදිනි ඇන්ජලා සෙනෙවිරත්නගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව
වෛද්‍ය නිගමනයවී ඇතැයි ඇය දන්වා තිබේ. ෙවකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන්නැයි ඇය මුහුණු පොත හරහා ඉල්ලා ඇත.
ඇගේ ඉල්ලීම පහතින්
ඇයව ෆේස් බුක් ඔස්සේ සම්බන්ධ වන්න මෙතැනින්
https://www.facebook.com/angela.seneviratne
|
අවයව දන්දීම හොදින් දැන ගෙන කල යුතුයි . මුලින්ම්ම නාමල්ට දුන්නෙ අක්මාව වකුගඩු නොව් . අවයව දීමට කැමතිනම් ඒ පිලිබඳ වෛදවරු සමග සාකච්ඡාවට යන්න. මේ පිලිබඳ ඇති පිලිගත් වෙබ් අඩවි වල සොයා බලන්න. අතුරු ආබාධ පිලිබඳ හොදින් දැන ගන්න . මුදලට දන් දෙන්න එපා. රෝගියා යම් මුදලක් ඔබට දෙනවා නම් ඒ පිලිබඳ එකගත්වය පල කරන්න. රොගියා එම එකගත්වය කැඩුවා නම් ඔබට නීති මර්ගයට යා නොහැකිය . 3% ජෙප්පොත් ගේ මෙතන කොමෙන්ට් බලල තීරන ගන්න එපා...
| 17
|
POSITIVE
|
ncpp_train_0665
|
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකුත් ගෙන දැවැන්ත සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම වුවමනාවක් තිබුණේ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වේලාවේ තව කීප දෙනෙක් අරන් එන්න වුවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා, යැයි තමාට පැවැසූ බව ද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනක දී පැවැසූ බව කී හරීන් ප්‍රනාන්දු මහතා සමහර මිනිසුන්ගේ උන්මාදය වැඩිවී ඇඳුනුත් මසා තිබෙන බව කීය.බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ බව දේශපාලන වශයෙන් පක්ෂ හදපු, නායකයන් හදපු කෙනෙක් හැටියට මට හරි පැත්ත මොකද්ද කියා දැන් තීරණයක් ගන්න සිදු වී තිබෙනවා. එදා ගෝඨාභයට විරුද්ධව රජය වෙනුවෙන් මම තනියම වැඩ කොටසක් කරට අරගෙන කළා. මට වුවමනා වුණේ එදා මගේ නායකයා සජිත් ප්‍රධාන තැනකට ගෙන ඒමයි. නායකයෙක් කියන්නේ අභියෝගයක් ගන්න පුළුවන් මිනිහෙකුට. සජිත් අභියෝගය ගන්න බයයි.අංජුල මහික වීරරත්න
|
පරිස්සමෙන් මයේ පුතේ උබට තාත්තා කියන හැමදේම හරි නෑ. පස්කුවේ නම් හොස්පිටල් එකේ වත් හිටියා දැන් ඔය හීනෙන් ඇවිත් කියන ඒවා වැඩිය විශ්වාස කොරන්න එපා. රනිල් ලොක්කට දැන් අර වයසට ගිහාම හැදෙන ඩීමෙන්ශියාව හැදිලා තියෙන්නේ ශෙප් එකේ සජිත් ලොක්කට සෙට්වෙයන් ඊලග චන්දෙන් දිනලා අඩුම ගානේ විපක්ශේ මන්ත්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තු එන්න ඔ නේ නම්.
| 48
|
POSITIVE
|
ncpp_train_0666
|
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව, ජාතික මහජන සභාවේ කඳවුම්කරු
චමීර පෙරේරා මහතා පැවැසීය.
චමිර පෙරේරා මහතා ඒ බැව පැවැසුවේ පසුගියදා හිල්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.
ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර වෙනස් කළා. යුද්ධෙන් පස්සේ තමයි කොළඹ ප්‍රදේශයේ තරුණයෝ පැහැර
ගත්තේ. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ, මාධ්‍යවේදීන් අතුරුදන් කළේ. ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය
රෙද්ද පල්ලෙන් බේරෙනවා. සිහි කල්පනාවක් තියෙනවා නම් ගෝඨාභයට රෙදි ඇඳගෙන
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. රතුපස්වල මිනිස්සු වතුර ටිකක් ඉල්ලුවේ, තමන්ගේ හිතවත්
ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කර ගන්න, වෙඩි තිබ්බා මැරුවා මිනිසුන්ව. මෙන්න මහින්ද
රාජපක්ෂගෙයි ගෝඨාභය රාජපක්ෂගෙයි කෙරුවාව.
පන්සලකට පැනලා කඩුවක්
හොයන්න භික්ෂුන් වහන්සේ දෙනමක් මැරුවා. කාගේ කාලයේදීද ඔය
ප්‍රජාතන්ත්‍රවාදයේ තප්පුලන ප්‍රජා චණ්ඩවාදය තමයි වුණේ. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නෙවෙයි.
රාජපක්ෂලා කතා කරනවා නිදහස දුන්නේ කාටද?
ගෝඨාභය රාජපක්ෂට මිනීමැරුම් චෝදනා තියෙනවා. දූෂණ චෝදනා තියෙනවා. මේ දේවල් මේ විදියට
තියෙන නිසා තමයි කල්තියාම ප්‍රශ්නත් අහලා, උත්තරත් දීලා අන්තිමට ජනතාවට ප්‍රසිද්ධ කරන්න
බලන්නේ. මාධ්‍යවේදීන්ටත් දැන් තේරෙනවද? අන්න ඒ යකාගේ තරම. මෙයා දෙන්නේ නෑ
ප්‍රජාතන්ත්‍රවාදය. රාජපක්ෂලාගේ පැටිකිරියම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා නියෝජිතයන් පිළිගන්න කෙනෙක් නෙවෙයි.
දිස්ත්‍රික්කවල එයාගේ ටාස්ක් ෆෝස් (Task force) එකක් හදනවා. ඒක හැදුවට පස්සේ ඔය
සංවිධායකවරුන්ගේ ආසන සංවිධායකවරුන්ගේ ජනතා නියෝජිතයන්ගේ ජොබ් නැති වෙනවා. ඒකට පත්වෙන්නේ
හිටපු කෝප්‍රල්ලා, සාජන්ලා, මේජර්ලා, කපිතාන්වරු. ඒ අය අතට තමයි බල යන්නේ. බැසිල් රාජපක්ෂ
මහත්තයා හදපු සංවිධායකවරුන්ට එහෙම සුම්මා තමයි. අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් ජොබ් එක
නැති වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැට තියලා පරද්දන්නේ. කිසි කෙනකුට එන්න දෙන්නේ නෑ. ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය අවසන් කරන වැඩේ මේ කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ
කටයුතු කළේ
ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ආරක්ෂා කරන්න. ජනතාව ඉල්ලන අපේක්ෂා කරන, අභිලාෂයන් නියෝජනය
කරන දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්, ජනතා
පදනමක් තියෙන නියෝජිතයන් අයින් කරලා. කෙමින් කෙමින් එජාපයම රෝයල් ජුන්ටාවක් බවට පත්කරමින්
තියෙනවා. රෝයල් ජුන්ටාවට සක්ක ගහන කොළඹ කේන්ද්‍රිය සිවිල් ප්‍රභූන් කිහිපදෙනෙක් එකතු වෙලා මේ
ජනවාරි 08 ව්‍යාපාරය විනාශ කරන්න යනවා.
අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවලු මට කරදර කළොත් මං මේක
කරු ජයසූරිය මහත්තයට භාරදෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහන්නේ තමුන්ගේ බූදලයක්ද
ජනාධිපති අපේක්ෂකකම දෙන එක. තමුන් දෙවියන් වහන්සේද තමුන්ට ඕනි කෙනෙක්ට අපේක්ෂකකම දෙන්න.
ජනතාව ඉල්ලන කෙනාටයි මේක දෙන්න ඕනි. ජනතාව ඉල්ලන දෙය වැදගත් වෙන්නේ. ජනතාව ඉල්ලන
අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. රොයල් ෆැමිලි තියෙන්නත් බෑ. රොයල් ක්ලබ් තියෙන්නත් බෑ. අවශ්‍ය
කරන්නේ ජනතා නියේජිතයෙක්.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
|
100%ක් හරි චමීර. රනිල් හිතාගෙන ඉන්නෙත් මහින්ද හිතන විදියටමයි. ඒකාධිපති ස්වභාවය. පක්ෂයේ අයිතිකරු තමුන් කියලා. තමුන්ට ඕන ඕන විදියට තනතුරු දෙන්න ඒ අය දෙවියෝ හැටියට සලකලා, නරක් කරලා තියෙන්නෙත් අපේම පාක්ෂිකයෝ තමයි. දැන් ඉඳලා වත් වෙනස් වෙන්න ජනතාව වුනත් දැනගත යුතුයි. නැත්නම් මේ නායකයෝ හැරමිටියෙනුත් පාර්ලිමේන්තු එන්න හදාවි.
| 4
|
POSITIVE
|
ncpp_train_0667
|
පසුගිය වසරේ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් අනූනමයෙන් බේරුණ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පසුගිය රජය සමයේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
සැකපිට අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිද්ධිය සිදු වූ 2012 නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.ක්ෂේත්‍ර සටහන් පොතේ වෙනත් රාජපකාරියක් සඳහා යන බවට සටහන් කර මෙම කාර්යයට ඔහු ගොස් තිබුණ අතර ඇසින් දුටු සාක්ෂි මගින් ඔහු සැකකරුවෙකු ලෙස නම් කෙරිණි.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක්වූ රැඳවියන් හඳුනා ගැනීම සදහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන්ද අනාවරණය විය.
එම වාර්තාවට අනූව නියෝමාල් රංගජිව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි.
|
,,ඉහලින් ලිදට පනින්න කිව්වොත් පනිනවද 😜
| 4
|
POSITIVE
|
ncpp_train_0668
|
පසුගිය
දිනවල පිටියෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය මෙහෙයුම්වලටද භාජනයවූ ප්‍රකට ශ්‍රී ලංකා
ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අවසානයේ
සිය
සමුගැනිම නිවේදනය කර තිබේ.ඔහු පසුගිය කාලයේ ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටි නමුත්
එක්දින හා විස්සයි 20 තරග ක්‍රීඩා කළ අතර මෙවර ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසු එම
තරග වලින්ද ඉවත්ව පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා.
ඔහු මෙවර තරගාවලියේ තවම සුපුරුදු දක්ෂතා අතරට එළැඹ තිබුනේද නැත.
|
ඩිලා නම් ඉතින් යයි. පව් අර පොඩි කොල්ලා ඩිලාගෙ කලින් ගෑනි මිනිස්සු කීයක් එක්ක ගිහින් තාම පොඩි කොල්ලො තියන් ඉන්නවා ඌම ඩීලා ගිය සල්ලි වලින්.පව් පොඩි එකා. ලජ්ජ නෑති ගෑනු. පුතාව බලාගනින් ඩිලා.
| -4
|
NEGATIVE
|
ncpp_train_0669
|
පොලිස් නිලධාරීයෙක් ලෙස පෙනී සිටිමින් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළේ මගීන්ගේ බෑග් පරීක්ෂා කරමින් කටඋත්තර ගැනීමට පවසා කාත්තාවක් පිටතට රැගෙන යාමට තැත් කළ අයෙක් බස් නැවතුම්පොළේ
පිහිටි පොලිස් මුරපොළේ
නිලධාරීන් විසින් අත්අඩංගුචට ගෙන ඇත. මෙම පුද්ගලයා බස්නැවතුමේ නවතා තිබූ බස් රථවලට නැග මගීගේ බෑග් පරීක්ෂා කර ඇත්තේ පොලිස් නිලධාරියකු බව පවසමිනි. සැමියා පැමිණෙන තෙක් සිටි කාන්තාවක් අසලට ඔහු ගොස් ඇය පරීක්ෂා කර ඇයගේ ජාතික හැදුනුම්පතේද ඡායාරූපයක් ගෙන ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනයෙනි.
පසුව මොහු ඇය සැක බව පවසා කටඋත්තරයක් ගැනීමට පොලිසියට යාමට පැමිණෙන ලෙසට දන්වා ඇත. ඇය ඒ අවස්ථාවේ පවසා ඇත්තේ තමා සිටින්නේ තම ස්වාමිපුරුෂයා පැමිණෙන තෙක් බවයි. ඔහු ආපසු ආහැකි බවද ඇය පවසා ඇත. මෙම පුද්ගලයා එම කාන්තාව බලහත්කාරයක් කඳවාගෙන යාමට කටයුතු කර ඇත්තේ මහත්තයා එන තෙක් සිටිය නොහැකි බව පවසමිනි. එම සිද්ධිය දෙස විපරමින් බලා සිටි පොලිස් මුරපොළේ නිලධාරීන් දෙදෙනා වහාම එම ස්ථානයට ගොස් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
ඒ අවස්ථාවේ, හෙළි වී ඇත්තේ ඔහු හොරා පොලිස් නිලධාරියකු බවයි. ඒ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසිය වෙත රැගෙන ගොස් පැය දෙකක් ප්‍රශ්න කර පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ ඉදිරී දිනයකදී රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමිනි. සැකකරු කහවත්ත පදිංචි වයස 34ක අයෙකි.
-කේ.එස්.පියතිලක-
|
මේ විදියට රට පුරා ව්‍යාජ ආරක්ෂක අxශ සාමාජිකයින්, ව්‍යාජ නිළ ඇදුම් හමුවෙනකොට සාමාන්‍ය ජනතාව විදියට අපි කොච්චර අසරණ වෙනවද? ආණ්ඩුව ගැන කොහොමත් විශ්වාසයක් නැතුව හිටපු අපි විශ්වාසයෙන් හිටියෙ ආරක්ෂක අxශ ගැන. දැන් විශ්වාස කරන්නෙ කවුද? යුද්ධ කාලෙවත් අපි මෙච්චර අසරණ වෙලා නැතුව ඇති ජාතියක් විදියට. දැල් වලට තෝරු මෝරු අල්ලන්නෙ නැතුව හාල්මැස්සො ඇල්ලුවාම මෙහෙම වෙනවා :( .
| 13
|
POSITIVE
|
ncpp_train_0670
|
ඊයේ පෙරේදා දිනවල එජාප මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ පුවත් ආරංචි විය. ඔහු මහින්දගේ
කණ්ඩායමට එකතුවූ බව
පළවුවත් ලංකාවේ සිටියේ නැත. විදේශයක සිට නැවත පැමිණ කටුනායක ගුවන් තොටුපළෙ මාධ්‍ය වෙත කියා සිටියේ තමාට මහින්ද කථාකරේ නැති බවත් කොන්දේසි සහිතව පමනක් යනවා නම් යන බවත්ය.
කෙසේ වෙතත් සවස ඔහු අරලියගහ මැදුරට ගොස් රනිල් වික්‍රමසිංහවද බැහැදැක සහය පළ කළේ තමා එජාපය අතැර නොගිය බව පවසමිනි.
අද ඔහු මහින්ද යටතේ සංචාරක හා වනජීවී ඇමති ධූරය ලබා ඇත.
|
ශික්, මේ දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියා නම් දෙපැත්තම එක්ක ඩීල් එකක් දෙකක් දාල රුපියල් කෝටි 20ක් 30ක් ලේසියෙන්ම හොයා ගන්න තිබ්බා. ජෝක් නෙවේ, අපි ශ්‍රී ලාංකික පුරවැසියො විදියට ලැජ්ජ වෙන්න ඕන මේ වගේ සක්කිලි අපත දේශපාලුවො මොනව පක්ෂකයකින් හරි බලයට යවපු එකට. පේන්නෙ නැද්ද විජයදාසයා. ඌ ආණ්ඩු මාරු උනාට වඩා පැති මාරු කරලා ඇති. හැමදාම කැබිනට් ඇමතියෙක්. මුන් මේ පස්ස පෙන්නල හිනා වෙන්නේ අපිට. මහජනයාට. මේ රටේ මිනිස්සු නම් මහම මහ පොල් බූරුවො රැලක් කිය කිය මුන් හිනා වෙනවා ඇති.
| 262
|
POSITIVE
|
ncpp_train_0671
|
ටෙලිනාට්‍ය නිළි විනු සිරිවර්ධන අද (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ ජීවිතයට පිවිසුනා .
ඇගේ අත ගත්තේ ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේය.
ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර උපාධිධරයෙකු වන ඔහු
ගිය වර උසස් පෙළ විභාගයේදීත් දිවයිනෙන්ම ආර්ථික විද්‍යා ප්‍රථමයා ඇතුළු ඉහළ ස්ථාන බිහි කළ ගුරුවරයෙකි.
විවාහයට පෙර තම අනාගත සහකරු සම්බන්ධයෙන් විනූ පැවසුවේ…”එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජමාධ්‍යයේ දාලා නැහැ. විවාහ වෙනවා කියන දේ දන්වන්න මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේමුහුණ නොපෙනෙන ඡායාරූපයක්. එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා හඳුනාගෙන තිබුණා” ලෙසිනි.
විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් පහතින්
සම්පූර්ණ ඡායාරූප එකතුව පසුවට
|
මිනිහ බොන එකෙක් කියලා නම් 1000% සුවර්
| 42
|
POSITIVE
|
ncpp_train_0672
|
බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ
ඔහුගේ කතාවයි.
අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.'
තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය.
අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි.
ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි.
සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය.
බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි.
බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි.
බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි.
තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය.
වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි.
මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි.
තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි.
''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.''
බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි.
උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි.
තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි.
සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි.
"ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි.
"චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි.
බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි.
රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය.
සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි.
ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි.
"බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි.
බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි.
දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි.
බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි.
කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි.
'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි.
බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි.
ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා.
මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා.
කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
|
නිකන් පිනට කකා ඉන්න එකේ මුන් එල්ලන්ඩ ඕන. අන්න ඒකනම් ආදර්ශක් වෙයි
| 8
|
POSITIVE
|
ncpp_train_0673
|
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ජලනි ප්‍රේමදාස Salon Jaal නමින් සුඛෝපභෝගී රුපලාවන්‍ය සත්කාර මධ්‍යස්ථානයක් පසුගියදා කොළඹ 7, Maitland Crescent හි විවෘත කළාය.
නව ආරම්භය සැමරීම සඳහා, Salon Jaal දෙසැම්බර් 14 වන දින, රූපලාවන්‍යාගාරයේදී ඔවුන්ගේ හිතවතුන්ට හා අනුග්‍රාහකයින්ට උත්සවයක් සඳහා ආරාධනා කර තිබුණි. ඒ සඳහා විපක්ෂ නායකවරයා හා ඔහුගේ හිතවතුන්, රෝසි සේනානායක, කුමාර් සංගක්කාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු නමගිය අයද පැමිණ තිබුණි. ඔවුන්ගේ නව ගමනේ ආරම්භය ඡායාරූප කිහිපයක් පහතින්
(Some Pictures - Courtesy by -Hi!)
|
ආරියා සැලෝන් කිව්වනම් තමයි ගැලපෙන්නේ. කොහොම උනත් ජන්ජාල් කියන නමේ වරදක් නෑ.
| 39
|
POSITIVE
|
ncpp_train_0674
|
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.
එසේම ඇය සමග සමීපව අසුරුකළ
දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර ආසාදනයට ලක්ව ඇති
ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.
මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.
මිට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ.
|
මේකා නං ලේසියෙන් ඉවරවෙන මගුලක් නෙමෙයි ...කොටිවලිගෙ වගේ...!
| 38
|
POSITIVE
|
ncpp_train_0675
|
ලෝකය පුරා අලුතින් ඔමික්‍රෝන් නමැති කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ශ්‍රී ලංකාවේද එය පැතිරීම වැළැත්විය නොහැකි අවදානමක් මතුව ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය
පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මෙසේ කීවාය.
මේ අවස්ථාවේ අපට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර තිබෙනවා. ඔමික්‍රොන් කියන මෙම ප්‍රබේදය කොරෝනා සම්බන්ධ විකෘතිවීම් විශාල ප්‍රමාණයක් ඇති බව. එස් ප්‍රෝටීනය බොහෝ විකෘති වන නිසා මෙය ඉතා වේගයෙන් පැතිරෙන බව හඳුනාගෙන තිබෙනවා.
අප දැනට භාවිත කරන එන්නත් මීට ඵලදායිද යන්න ගැටලුවක්වී තිබෙනවා.
ඉතා වේගයෙන් පැතිරෙන නිසා තවත් රටවල් වල පැතිරෙන නිසා මේ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේද පැතිරෙන එක ගැන අවදානමක් තිබෙනවා.
ලබාදී තිබෙන එන්නත උපරිම වශයෙන් භාවිතකිරීම මෙම අවස්ථාවේ වැදගත්,වෛරසය ගැන නොදැනුවත් බොහෝ අය. මෙය ඩෙල්ටාවට වඩා 500 ගුණයකින් වේගවත්. ලංකාවට ඒම වළක්වා ගැනීමට පුළුවන්ද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේ අපි හැසිරෙන්න ඕන විදිහ ගැන කල්පණාකාරී විය යුතුයි.
|
මිනිස්සු දැනුවත් කරනවා වෙනුවට භය කරනවා මේ මිනිස්සු. කාට මොනවා හරි ලේසියෙන් කරගන්න පුලුවන් වෙන්න ද දන්නේ නෑ. මේ වෙනකොට මිනිස්සු දන්නවා ඕක හැදෙන කෙනාට කොහොමත් හැදෙනවා නැති කෙනා ට නෑ කියලා. ආයෙත් රට වහලා අබ්බගාත කරලා ම දායි වගේ මේක පිටින් දාලා.
| 5
|
POSITIVE
|
ncpp_train_0676
|
●අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක....ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න...ආයුබෝවන් ඔබට....මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද...? ''අඩි පහයි අඟල් පහ මාරයි....'' ●මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද....? ''NGBC කියලා GROUP එකක් තියෙනවා අපේ....ඒක එකක් හැටියට ගත්තොත් ඒ NGBC GROUP එක තමයි මුලින්ම...ඒ GROUP එකෙන් පිට ඉන්න ජීවන් අයියා,දිල්හානි....''●ඔබට උයන්න පුළුවන්ද....? ''පුළුවන්....''●මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන...? ''කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා....''●හරි ඒනම් උයන්න පුළුවන් මොනාද....? '' පැණි රස දේවල්.....අතුරුපස....මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්,milk toffee හදන්න පුළුවන්,.....''●ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද...? ''විවාහක නොවු හැම දෙනාම....''●ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ...කියන්න පුළුවන්ද...? ''ඔව්....නෑ ඕන නෑ.....මගේ යාළුවෝ දන්නවා මම කිව්ව group එකත් දන්නවා...ඒ ඇති....''●ඔබේ ආදරණීය සැමියා ඔබව පිස්සු වට්ටන,කැමතිම නැති ගුණාංග තුනක් කියන්න බලන්න....? ''මගේ වැරැද්දක් තියෙනවා කියමුකෝ දිගින් දිගටම ඒ වැරුද්දම මට පෙන්නනවා,මම දන්නවා මම වැරදි කරනවා කියලා,මම මහතයි කියලා හිතමුකො සංගීතා gym යන්න,සංගීතා gym යන්න කියනවා මම යන්නේ නෑ...එතකොට එපා වෙනවා ඒක කරන්න හැබැයි ඉතිං මම දන්නවා එයා හරි කියලා නමුත් මම ආස නෑ....එයා හැමෙදේම හැඟීම් වලට නෙවෙයි මනසට තමයි ඉඩ දෙන්නේ...ඒක හරිම හොඳයි ජීවිතේ හැමතැනදිම,සැමියයි බිරිඳගෙයි තියෙන සම්බන්ධයටත් මේක යෙදෙව්වාම ටිකක් අසීරුයි ඒ දෙවනි එක.....එයා ගෙදර කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නෑ....ඒක හොදයි හැබැයි මම ආසයි එයා කියනවනම්,චුට්ටක් හොයලා බලනවට....ගොඩක් හොයලා බලන්න ඕන නෑ...පවුලේ හැමදේම කරන්නේ මම...''
●උදේ පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද...? ''ධනංජය,චන්න විජේවර්ධන,ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ....කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ....ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා.....තුන්වෙනි එක්කෙනා ලෂ්.....''●මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා...මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්...හේමාල් රණසිංහ,රොෂාන් රණවන,අනූජ්,සාරංග,දිනෙත්.....? ''මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්.....නමුත් ඔවුන් දක්ෂ වෙන්නපුළුවන්...නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ.... මුලින්ම සාරංග,හේමාල්,රොෂාන්,අනූජ්,දිනෙත්ව මම දැකලා නෑ....''●දැන් අපි අහනවා ඒ ප්‍රශ්නෙම රංගන ශිල්පිණියන් ගැන....ශලිනි තාරකා,සමනලී ෆොන්සේකා,පබෝධා සංදීපනී,දුලානි අනුරාධා,උමාලි තිලකරත්න....? ''MY GOD....ඔයාට පිස්සුද....they are so talented....කරන්න ඕනම නිසා නැත්තම් මම මේ වගේ talent එකක් great කරන්නේ නෑ...හරිම talented පස් දෙනෙක් ඔයා මට කිව්වේ...හැබැයි මම දකිනවා සමනලීගේ විශේෂත්වයක් samanali has a graet at number one,මම උමාලිව දැකලා තියෙන්නේ එක පරාසයක විතරයි නමුත් මම changes දැකලා තියෙනවා ශලනිගේ,shalani has number two,මම ගොඩක් ටෙලිනාට්‍ය බලලා නැති නිසා චිත්‍රපට වලින් මම දැකලා තියෙන්නෙ ගින්දරි ඒ වගේ චිත්‍රපට තමයි ඒ නිසා i will put umali has number three,paboda has number four,දුලානිගේ මම දැකලා තියෙන්නේ එක චිත්‍රපටයයි දිනෙත්ට කරපු දේම අපි දුලානිටත් කරමු....''●මීළඟ ප්‍රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම ඒක විවිධාකාර හේතු නිසා වෙන්න පුළුවන්..මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල...රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා...? ''ඊට වැඩිය ලේසි බෙල්ලේ තොන්ඩුවක් දාලා එල්ලුනානම්.....මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය,ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට මව hard කරලා තියෙන එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා,නමුත් ඒකත් මම කියන්න කැමති නෑ....නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ....මං කිසිම දෙයක් කියන්නේ නෑ....''●ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත....? ''කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ...අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ....ඒනිසා එයා පහ....ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්...ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number....''●ඔබ කැමති විවාහයටද නැතිනම් දැන් තියෙන living together ද මොකක්ද අනුමත කරන්නේ...? ''අනිවාර්යෙන් විවාහය...living together හොදයි එවැනි මානසිකත්වයකින් හැදිලා තියෙනවනම්...මම හැදිලා එහෙම....මම විශ්වාස කරනවා ඕනම දේකට අපි වගකියන්න ඕන කියලා...ඕනම බැඳීමකට හෝ නිදහසකට....''●විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්...? ''එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා...එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද....විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ...දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා....''
●ඔබ කැමතිම හිංදි නළුවෝ තුන්දෙනා කවුද..? ''ෂාරුක් ඛාන්,අමිතා බච්ඡන්,අමිතා බච්ඡන් මගේ පොඩි කාලේ ඉදන් crush.....දැන් ආසයි රන්වීර් සින්....''●ඔබ කැමතිම හිංදි නිළියෝ තුන්දෙනා කවුද..? ''මම ආස actress කෙනෙක් තමයි සමිතා පටේල් ඒ කාලෙම මම ආසයි ශ්‍රී දේවිට...ඊට පස්සේ මදුරි ඩක්සිත්,දැන් කාලේ මම ආස දීපිකාට....''●ඔබට ලැබෙන චිත්‍රපටයක ඔබට කියනාවා ඔබ කැමතිම නළුවාව තෝරගන්නකියලා ඔබ කාවද තෝරගන්නේ...? ''ෂාරුක් ඛාන්.....එයා actor කෙනෙක් විදිහට මට challenge එකක් වෙනවා එයා එක්ක act කරන එක...මම ඒකටයි කැමති....''●දැන්මම පුද්ගලයෝ කීපදෙනෙක් ඔබට කියනවා...මේ අයගේ හොඳ ගුණාංගයක් සහ ඔබ අකමැති ගුණාංගයක් ඔබ කියන්න ඕන...වීණා ජයකොඩි මහත්මිය...? ''වීණා අක්කගෙන් මම ගුටි කනවා sure එකටම....වීණා අක්කි හරිම honest....ඒකට තමයි මම කැමතිම ....සමහර වෙලාවට ඒ honest එකෙන් හිත රිදෙනවා...ඒකට කැමති නෑ...''●ජීවන් කුමාරතුංග මහතා..? "එයා කොතනක හිටියත්,ලොකු ඇමතිවරයෙක් වෙලා හිටියත්,ජනප්‍රියම නළුවා වෙලා හිටියත් අවුරුදු 31 මම ඔහුව දන්නවා මේ හැම කාල වකවානුවකම මම දැක්කේ එක ජීවන් කුමාරතුංගයි ඒ මනුස්සකමට මම හරිම ආදරෙයි...අකමැති දේ තමයි එයා මට විහිළු කරනවා මට එක විහිළුවක් කරනවා හැමතිස්සේම....''●සමිතා මුදුන්කොටුව මහත්මිය..? ''එයාගේ කටහඬට කැමති.....මම සමිතව පෞද්ගලිකව දන්නේ නෑ....නමුත ජීවිතේ සමහර දේවල් වල බැරෑරුම්කම අඩුවෙන් දකිනවද කියලා මට හිතෙනවා මම එයාට ගෞරව කරනවා artist කෙනෙක් විදිහට කලා කරුවෙක් ඉන්නේ එයාගේ ජීවිතේ කරන කියන හැමදේම මිනිසුන්ගේ ජනප්‍රියතාම මත තමයි එයාගේ රඳාපැවැත්ම තියෙන්නේ එතකොට එයාට පොඩි වගකීමක් තියෙනවා මිනිස්සුන්ට කියන දේ දෙන දේ....එතනදි පෞද්ගලික ජීවිතේ සමහර ගන්න තීරණ වලදි වගකීම චුට්ටක් අඩුයි කියලා මට හිතෙනවා...ඒක ගැන මට දුකයි....''●අපේ ගරු අගමැතිතුමා....? ''ඔහු ජනාධිපතිවරයෙක් විදිහට හිටියකෙනෙක්...මම ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක් ඔහු දේශපාලනය කරපු චරිතයක්...එතුමගේ කැමති අකමැති දේවල් ඔහුට කරන ගෞරවයක් විදිහට නොකලයුතුයි කියලා...''●ශෙරින් කුමරතුංග මහත්මිය..? ''list එකක් තියෙනවා දෙපැත්තටම...ඇය හරිම සුන්දර අවංක යාළුවෙක්...ඒකට මම කැමති ඒ අවංකකම නිසා හරිම මෝඩ වැඩ කරනවා...අසීමිතව මෝඩවැඩ කරනවා...ඒකට අකමැති....''●සනත් ගුණතිලක මහතා? ''එයාගේ කැමතිම දේමතමයි he has an elephant memory...එයා සම්බන්ධයෙන් තැන,වෙලාව,ඇඳන් හිටිය ඇඳුම,ආව විදිහ,සියලුම දේ මතකයි....මම හරිම කැමති ඒ ගුණාංගයට මොකද මට නැති හිංදා....''●ඊළඟට මම පුද්ගලයන්ගෙක් කීපදෙනෙක්ගේ නම් කියනවා...මේ අය එක එක වෘත්තින් වල නිරතවෙලා ඉන්නඅය...ඔබ මේ අයට වෙනත් වෘත්තියක් යෝජනා කරන්නඕන සුදුසුයි කියලා හිතන...? ●ධනංජය බණ්ඩාර මහත්මයා..? ''he can be a cheif....ඔයා makeup කරන්න අකමැති කාලෙක ඔයා උයන්න පටන් ගන්න කියලා මම කියනවා ලස්සනට makeup දානවට වඩා හොදට ඔයා උයන්න දන්නවා කියනවා මම......''●ගීතා කුමාරසිංහ මහත්මිය...? ''she is became makeup and fashion...she is eys fall those thing...''●දමිත් ෆොන්සේකා මහතා..? ''cameraman.....''●රනිල් වික්‍රමසිංහ මහත්මයා...? ''no.......''●කැරොලයින් ජූරී මහත්මිය...? ''එයා mrs world....එතකොට එයාට තියෙනවා එයාට පිටිපස්සේ ජාත්‍යන්තර title එකක්... එතකොට එයාට පුළුවන් අපි හඬක් නැගිය යුතු ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ජාත්‍යන්තරව හඬක් නගන්න....ambassador කෙනෙක් වෙන්න,ambassador for the women....''●හරේන් ප්‍රනාන්දු මහත්මයා..? ''he can became a singer i think....''●දයාසිරි ජයසේකර මහත්මයා...? ''අපි නර්තනය දෙමු....traditional dancing....''●ඔබ කැමතිම චිත්‍රපට තුන....? ''මමත් චිත්‍රපට හැටක විතර රඟපාලා තියෙනවා...ඔයා හිතුවේ මම අකමැත්තෙන් රඟපෑවා කියලද...රඟපෑවෙත් මම කැමති ඒවා,බැළුවෙත් මම කැමති ඒවා...ඒවයින් තුනක් කියන්න බෑ.....''●ඔබේ අවංක අදහස මොකක්ද අද කාලේ ජනප්‍රියම නිළිය සම්මානය තෝරන ක්‍රමවේදය පිළිබඳව.....? ''ඉස්සර කාලෙට වඩා වැඩි වෙනසකුත් නෑ....මම හිතන විදිහට ඇත්ත කියන්න එපැයි....ඉස්සරකාලේ පත්තර කපලා යවනවා දැන් කාලේ sms වලින් යවනවා කියලා මම කිව්වේ....ඉස්සර තමන්ම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ මොකද දැන් තියෙන ක්‍රමය වැරදි....''●ඔබ බොරු කියපු අවස්ථා තුනක්.....? ''සාමාන්‍යයෙන් මම බහුලව බොරු කියන්නේ පැණිරස කෑවා කෑවේ නෑ කියන එක...ඒක තමයි මගේ ජීවිතේ වැඩිම කාලයක් මුලින් දෙමව්පියන්ට ඊට පස්සේ මහත්තයට,යාළුවන්ට,මේ ඔක්කොටම කියපු බොරුව තමයි....සුන්දර බොරු කියන ඉතිං ඕනතරම් යාළුවො රවට්ටන්න ...''●ඔබ ශ්‍රී ලංකා රූ රැජින තරඟ සංවිධානය කරනවානේ...all time favorite miss sri lanka කවුද... ? ''රෝසි සේනානායක....''●ඔබ cricket වලට කැමතිද....කැමතිම cricket ක්‍රීඩකයෝ තුන් දෙනා....? ''මම දන්න කට්ටියගෙන් මම කැමතිම cricket වලට කිසිම සම්බන්ධතාවයක් නෑ මේක..සිදත්වෙත්තමුණිට....එයා සෙල්ලම් කරනවා හරිද කියලවත් මම දන්නේ නෑ එයා ගහන විදිහ බලන් ඉන්න හරිම ලස්සනයි....ඒ නිසා එයාට කැමති....අපේ cricket කණ්ඩායම ජයග්‍රහණය කරා අරන්ගිය නිසා අර්ජුන රණතුංග...තුනතමයි ප්‍රශ්නේ මොකද මට list එකක් ඉන්නවා තුනට....''●අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න...? ''ඒක දන්නේ නැතිතරමටම ඉදිරියටත් තියෙනවනම් වඩාත් හොදයි.....දැනගන්න ඕන නැති නිසානේ ඒව දන්නේ නැත්තේ....''●ඔබේ ප්‍රියතම දේශපාලඥයින් කවුද...? ''ලෝකෙන් ගන්න බෑනේ...ලේසි කරන්නකො අනෙ....කොච්චර අමාරුදු මෙහෙ මිනිස්සුන්ව හම්බුවෙනවා හැමදාම වගේ විවිධ අවස්ථාවන් වල ඊට පස්සේ ඇහුවොත් ඇයි ඔයාට මගෙ නම කියාගන්න බැරි උනාද කියලා...ඔය තුන් දෙනාට මම නැත්තෙ ඇයි කියලා ඇහුවොත්....දේශපාලඥයින් විදිහට නෙවෙයිනේ මට හම්බවෙන්නෙ යාළුවෝ විදිහට....එහෙමත් කියන්න බෑනේ ඉතිං...දේශපාලඥයින් සහ දේශපාලනය හරිම කරදර දෙයක්...''●ජීවිතේ ඔබට ලැබිලා තියෙන මිලකල හැකි වටිනම දේ මොකක්ද..? ''දෙමව්පියන්ගෙන් මට ලැබුන ඉඩම්,ව්‍යාපර,ගෙවල්,ඒ දේවල් දැන් ඒවා වටිනා කමින් ගොඩාක්....''●ඔබ කෙනෙකුට දීපු වටිනාම ත්‍යාගය කුමක්ද...? ''මම jewellery අරන් දීලා තියෙනවා...ලක්ෂ ගණන් වියදම් කරලා jewellery අරන් දිලා තියෙනව මගේ යාළුවන්ට,මගේ නෑදෑ වෙන අයට...අරන්දිලා තියෙනවා ඒත ගණන් ඔළුවේ තියාගෙන නෑ.....''
●ධනංජය බණ්ඩාර හැරුණුකොට ඔබ කැමති ඔබ ලස්සන කරන්න කැමති රූපලාවන්‍යශිල්පීන් තිදෙනා කවුද...? ''hair and makeup ධනංජයට ඉස්සෙල්ලා hair and makeup හැමදේම මට කලේ lochin vorn ඒ නිසා ඔහු මගේ ප්‍රියතම කෙනෙක්...බොහො දුරට මම මගේ makeup එක මමමයි කරගන්නේ...මගේ කොණ්ඩෙ කරගන්න කැමති ප්‍රියන්ත එස්ටීවා එකේ...නැත්තම් අසංක අවීරා එකේ....''●ඔබ ඉන්නවනේ කොළඹ සමාජයේ බොහෝ විට සම්බාෂන වලට උත්සව වලට අනිවාර්යෙන් අපිට ඔබට දකින්න ලැබෙනවා...කවුද කොළඹ ඉන්න නෝනලා තුන්දෙනා ලස්සනටම අඳින...? ''නෝනලා පෝළිමක් ඉන්නවා ලස්සනටම අඳින....බෑනේ කියන්න...මොකෝ beauties ලා කියලා තියෙනවා whatsup group එකක් තියෙනවා ඒ whatsup group එකේ ඉන්නවා 24ක් කාන්තාවන් මේ ඔක්කොම කොළඹ ඉන්න කාන්තාවන් ඉතිං ශෙරින්,සුජීවා,ප්‍රීති,ශාරිකා,හිමාලි,සබීතා අක්කි,ගයත්‍රි,කුමාරි,...''●ඔබ දකිනවනේ බොහොම ලස්සනට ඇඳගෙන එන ලස්සන පිරිමි දෙපාරක් හැරිලා බලන්න හිතෙන පිරිමි තුන්දෙනා කවුද....? ''හැමොම අදින්නේ එකම විදිහටනේ....ඒකේ මොකක්ද විශේෂත්වය...''●ඔබේ මනාපය පරිදි කියන්න හෙට දිනයේ රිදී තිරය,පුංචි තිරය ජයගන්න ඉන්න නළුවො තුන් දෙනා කවුද...? ''මම හිතනවා මේක අතිශයින්ම ජනප්‍රියයි...සාරංග,පුබුදු,හේමාල්,රොෂාන්,චන්න.....''●නිළියො පස්දෙනා...? ''මම හිතනවා ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයිකියලා...ප්‍රියසාද් පවුල ගත්තම තුනක් ඉන්නවනේ...එක්කෙනෙක් ගන්නම් අනිත් දෙන්න support කරන්න කියමු අපි....මම බාලයවම ගන්නවා මොකද එයාට වැඩි කාලයක් වැඩකරන්න පුළුවන්නේ..ශනුගේ talent එකට මම ආසයි එයාගේ approach එක වෙනස් අනිත් දෙන්නටම වැඩිය...දිනක්ෂි තමයි මම පෞද්ගලිකව කැමතිම කෙනා....ශලනි,සචිනි,උදාරි,මේ අය....''●ඔබට වරමක් ලැබෙනවා ඔබේ ජීවිතේ දේවල් තුනක් වෙනස් කරගන්න මොකක්ද් ඔබ වෙනස්කරගන්නේ..? ''චොකලට් කන එක නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද...ඒක හොදයි මම හැමොගෙන්ම බැනුම් අහන්නෙත් ඕකටනේ...ඒක නවත්තගත්තම ඇති....එච්චරයි...මම කෙට්ටුවෙලා ඉන්න ඕන....''●මේ අය අදටත් ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මැරිලා....එහෙම තුන් දෙනෙක් කියන්න...? ''මම දන්නේ නැති හැමොම එහෙම තමයි....මම අකමැති කට්ටිය නේද...මම එහෙම අකමැති නෑ කාටවත්...මමකලින් කිව්වේ මට hart කරපු එක්කෙනෙක් ඉන්නවා මම එයාට අකමැති නෙවෙයි යාළුවො කියන කෙනා තමන්ව වැටෙන්න දෙන්නේ නෑනෙ වැටෙන්න දෙනවා කියන එක වෙනම දෙයක් මට තේරෙන්නේ නෑ ඒක කියන්නේ කොහෙමද කියලා...විශ්වාසය කඩ කරන යාළුවෙක් ඒ වගේ දෙයක් උනේ....ඒ ඇරෙන්න මට එහෙම නෑ...''●ඔබට එක මොහොතකට ලැබෙනවා මේ රටේ පාලකයා වෙන්න...මොකක්ද ඔබ කරන්නේ මේ කෙරෝනා විසදීමේ වසංගතය හැර...? ''මම දකින දරුණුතම දේ තමයි මත්ද්‍රව්‍ය...තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රවය තමයි....''●අප හිතමු ඔබ හොඳ නිවාඩුවකට යනවා කියලා...තනියම ගිහින් හොද සුව නින්දක් ලබලා උදේ නැගිටිනවා බලනකොට ඔබ දකිනවා සනත් ගුණතිලක එහා පැත්තේ මොකද වෙන්නේ...? ''ආපහු නිදාගන්නවා....bad dream කියලා නිදාගන්නවා....'' සාකච්ඡාව - කැලුම් විජේසූරියඋපුටාගැනීම - https://www.youtube.com/watch?v=vQDDnYd2ZcQ
|
කරේ යනකොට මතක නැ.
| 9
|
POSITIVE
|
ncpp_train_0677
|
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙසපරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබුණුනඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද (25) කැඳවූඅවස්ථාවේදී ය. පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කර නොමැති බවත් මහින්දානන්දඅලුත්ගමගේ මහතා විසින් එම ලක්ෂ 39ක මුදල ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ලෙස සිටිමින්නීත්‍යානුකූල ලෙස ලබාගෙන ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළ අතර එම ණය මුදල පසුව ගෙවා අවසන්කර ඇති බවත් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි වලින් ම එය සනාථ වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුවප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.ඒ අනුව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවවිනිසුරුවරයා පැවසීය.හංසි නානායක්කාර
|
ඇත්ත නේන්නම් ..මේ වගේ සත් ගුණවත් අහිංසකයෙක් හීනෙකින්වත් ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නෙ නෑ
| 165
|
POSITIVE
|
ncpp_train_0678
|
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ.
ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි.
‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව
පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.
ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.
ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.
පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි
ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.
මම තමයි මේ දවස්‌වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.
පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා.
සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්.
2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්.
ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්‌නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්‌වර්ක් එකක් තිබුණා.
ඒ දක්‍ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා.
ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්‌ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්.
අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.
ජනාධිපතිතුමා රැස්‌වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්‌වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්‌වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි.
හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්‍ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්‌කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්‌ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්‌ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.
මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා.
මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.
මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.
මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.
සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින)
ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
|
සුදු බෝල කෑල්ල :)
| 44
|
POSITIVE
|
ncpp_train_0679
|
අස්ගිරි මහා නා හිමියන් පසුගියදා සඳහන් කළ පරිදි , රඳවාගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් වහා. පොදු
සමාවක් යටතේ
නිදහස් කළ යුතු බවත් ඔවුන්ගේ උත්තරීතර සේවාව මේ මොහොතේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය යුතු බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසා සිටියි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයේන පැවති මාධ්‍ය හමුවකදීය.
සියළුම ජන කොටස් වල ඉදිරි අනාගතය වෙනුවෙන් මෙම තීරණය ගත යුතු බව උන්වහන්සේ සඳහන් කර සිටියේය.
|
බුද්ධි අංශය ෂපාන් එකේ පුටු වල ඉඳගෙන කරන වැඩක් නෙමේ, උන් අඳුන ගත්තොත් තමුන්ගෙම ඇට තමයි කන්න දෙන්නෙ, මේවට හිත දරුනු කපටි නමුත් රට වෙනුවෙන් පන දෙන්න අය ඉන්නෙ, ඒ අය නිරතුරුව සම්බන්ධකම් පවත්වමින්, මොනිට කරමින්, උපදෙස් දෙමින් හසුරවිය යුතුයි, ලොකුම අපරාදය මිනීමරු IS සවිධානය මෙතරම් සංවිධාන වෙමින් ව්‍යාප්ත වීමට ඉඩ දීමයි, තමුන්ගෙ තනතුරු නැතිවේ යන බියෙන්, උදවු කරන්න එන අයත් දේශපාලන වාසි ගන්න එපා කියමින් හරවා යවන්නෙ මෝඩයො, මම කිවුවෙ මිනිස්සු උපරිම 10 ඉන්දි, හිස් ඇකිලුන බෑගයත් බයෙන් පරීක්ෂා කල, හැමදාම යන සුපර් මාර්කට් එකේ අලුත් සිකියුරිටි වගේ වෙන්න එපා
| 26
|
POSITIVE
|
ncpp_train_0680
|
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේබ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව
පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්‍රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්‍රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
ඇත්ත වශයෙන්ම
රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම
සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.
|
මෙ දරුව වෙනත් අන්ශ වලින් මෙච්චර දක්ශතා පෙන්නල තියෙද්දිත් බලෙන් විභාග පාස් කරවා දක්ශතා වයක් නොමැති දෙයකට තල්ලුකර දාන එක හරිම අපරාධක් නෙ. දැන් තාත්තා ට සනීප ඇති. මේ රටේ මිනිස්සුන්ට ඔය ගතිය අතෑරගන්න බෑ කවදාවත් .
| 197
|
POSITIVE
|
ncpp_train_0681
|
'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ
නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්.
නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.
-නිදර්ශනී වික්‍රමසිංහ-
|
ෆොන්සේකා ඉල්ලන කොට ඕක මතක් වුණේ නැද්ද යෝධයෝ,තෝ කියන ඒවට රැවටෙන එවුන් නෑ බොල, උඩ දෙකට යට දෙක කැපුනාම බිංදුව කියපු හාදයාණේ
| 190
|
POSITIVE
|
ncpp_train_0682
|
මත් පෙතිලු වඳ පෙතිලුඅම්පාරේ කලබලයකින් හෝටලයක් විනාශයි
ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා
- ඇමති දයා ගමගේ
ඊයේ 26 රාත්‍රී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ මුස්ලිම් ජාතික පිරිසක් පවත්වා යන ‘නිව් කසීම් හොටෙල්‘ නමැති හෝටලයකින් ලබාගත් ආහාරයක පෙතිවර්ගයක් ඇතැයි කියමින් සිංහල ජාතික පිිරිසක් කලබලයක් සිදු කර තිබේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ජාතීන් වඳ කිරීමේ අටියෙන් වඳ පෙති ආහාරයට එක්කර ඔවුන්ට පිළිගැන්වූ බවකි. කෙසේ වෙතත් මෙම දම් පැහැති පෙති වර්ගය
එසේ නොවන බවත් ‘පාටි පෙති‘
යනුවෙන් තරුණයින් අතර ප්‍රකට මත්වන පෙති වර්ගයක් බවත් ඇතැම් අය අදහස් දක්වා තිබේ.
මෙම කලබලයෙන් පසුවඊයේ (26) රාත්‍රී එම හෝටලයට කඩා වැඳුණු දෙසීයකට අධික පිරිසක් එහි සිටියවුන්ට පහර දී බඩුබාහිරාදියට ගිනි තබා අසළ පිහිටි මුස්ලිම් ආගමික ස්ථානයට සහ ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ප්‍රහාරයක් එල්ලකොට තිබේ.
ජාතීන් අතර ඇතිවූ නොසන්සුන් තත්වය පාලනය කිරීමට සිද්ධියට පොලිසිය මැදිහත්වූ අතර අද උදෑසන වනවිටත් එම තත්වය පාලනය වී නොතිබුණි. දහවල් එහි පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය තත්වය පාලනය කොට
තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ,
‘ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබෙනවා.
රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිදියාව කඩා බිඳදැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය වහා මැඩපැවැත්වීමට මේ වන විටත් මා විසින් පියවර ගෙන තිබෙනවා.
මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා‘ යනුවෙනි.
මෙම සිද්ධිය අවස්ථාවේ වඳ පෙති දුන්නා නේද අසමින් හෝටල් සේවකයෙකු ප්‍රශ්න කරන වීඩියෝවක් හා මුස්ලිම් අයගෙන්ම වොයිස් කට් ගන්න එපා කියමින් සිංහල ජාතිකයින් කලබල කරන වීඩියෝවක් අන්තර්ජාලය තුළ සැරිසරයි.
|
කොහොම උනත් අපේ රටට විදේශීය බලපෑම් තියෙන බව දැනගන්න ඕනේ. අන් කොන් ඒවායේ කැලි වෙන්න පුළුවන්.මුල් කොහෙද කියල හිතන්නත් බැහැ .අලුත්ගම සිද්දියත් ඒවගේ එක්කක්.සමහර පක්ෂ වලට චන්ද අඩු කරන්න වෙන්න පුළුවන්.පල්ලි 400 විතර ගැහැව්වා. කොහොම උනත් ඉතා කල්පනාවෙන් කටුතු කරන්න ඕනේ.අනිවාර්යෙන් කොන් ඇත්තේ ඇත කෙළවරක.
| 2
|
POSITIVE
|
ncpp_train_0683
|
හෝකන්දර - දකුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී සිය පියා ඝාතනය කර සැඟව සිටි 26 හැවිරිදි පුත්‍රයකු අද දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.හෝකන්දර දකුණ විනරාජ මාවතේ නිවෙසක් තුළ ඊයේ (28) අලුයම ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම පුත්‍රයා උදැල්ලකින් පහරදී පියා ඝාතනය කර තිබූ අතර නිවස ඉදිරිපිටම පියා පුළුස්සා ඇතැයි මාලබේ පොලිසිය කියයි.ඝාතනයෙන් පසු අතුරුගිරිය ප්‍රදේශයේ සැඟව සිටි පුත්‍රයා සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන කළ අතර අද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. පියා උදැල්ලෙන් පහරදී ඝාතනය කරද්දී වැළැක්වීමට ගිය මවටද ඔහුගේ පහර වැදී තිබූ අතර මේ වන විට තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.ඇයගේ දෑත්වලට හානි සිදුව ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ.දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු මෙම ඝාතකයා පුනරුත්ථාපනය සඳහා යොමුකර යළිත් ඉන් පිටව ආ අයෙකු බවත් මත්කුඩු ලබාගැනීමට බැරිව දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ගැටුම් ඇතිකර ගැනීම නිරන්තරයෙන් සිදු කළ බවත් පැවසිණි.
ඊයේ අලුයම මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මුදල් ඉල්ලා පියා සමඟ ඇතිකර ගත් කතාබහක් දුරදිග යාම හේතුවෙන් උදළු පහර සිදු කර ඇති අතර එයින් නොනැවතී පියාගේ සිරුර සමග කෝපයෙන් එය නිවස ඉදිරිපිට ම්ලේච්ඡ ලෙස ගිනි තබන්නටද ඔහු කටයුතුකර තිබුණි. මෙම ආරවුල බේරීමට ඉදිරිපත් වූ තවත් අයකුද කැපුම් තුවාල ලබා අයි.ඩී. එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රංජිත් සේනාරත්න නමැති දෙදරු පියෙකි. 57 හැවිරිදි ඔහු ත්‍රීරෝද රථ රියදුරකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. මෙම සැකකරු මව සහ පියා සමග මෙම නිවෙසේ පදිංචිව සිටින බවත්, දියණිය විවාහ වී ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි. අයිස් මන්ද්‍රව්‍ය පානය කිරීම සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ සිටම මව සහ පියා සැකකරුට බැණ වදින හඬ සහ ඔවුන් බහින් බස්වන අයුරු අවට පිරිසට ඇසී ඇත.අලුයම 3 ට පමණ ද නිවෙස දෙසින් පහර දෙන හඬ හා මවගේ සහ පියාගේ කෑ ගැසීම ඇසී අවට පිරිස් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ඇත. සැකකාර පුතා මව්පියන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පුතා තියුණු ආයුධයකින් පියාට පහර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආරවුල දුරදිග ගොස් සැකකාර පුතා නිවෙස ඉදිරිපිට මිදුලේ තිබූ උදැල්ලකින් ද පියාට පහර දී තුවාල සිදුකර ඇති බවත්, පුතාගෙන් බේරීම සඳහා පියා නිවෙසේ සිට මීටර් 25 ක් පමණ ගේට්ටුව දෙසට දිව ගොස් ඇති බවත් පොලිසිය කියයි. පුතා පියා පසුපස හඹාගොස් පියාට පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් බිම වැටුණු පියාගේ සිරුරට පුතා කිසියම් ඉන්ධනයක් දමා ගේට්ටුව අසලදී ගිනි තබා ඇති බවද පොලිසිය කියයි. අවට සිටි පිරිස නිවෙස වෙත පැමිණෙමින් සිටියදී නිවෙසේ ගේට්ටුව අසල ගිනි ජාලාවක් හටගෙන තිබෙනු දැක ඇති අතර , සැකකරු ද එම ස්ථානයේ සිටිනු දැක ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමේදී කුණු වගයක් ගිනි තැබූ බව ඔවුනට ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
|
අපාය කොහෙද මචං තියෙන්නෙ ?
| -12
|
NEGATIVE
|
ncpp_train_0684
|
අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාණ්ඩ හතරක් යටතේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
●වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට (මින් පෙර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ)●පිළිකා, වකුගඩු රෝගවලින් පෙළෙන සියලුදෙනාට ●ලෙඩ රෝග, ආබාධවලින් පෙළෙන වයස අවුරුදු 30ත් 60 ත් අතර අයට ●සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්නට ඒ අනුව නිර්දේශ කර තිබේ. මේ සියලු අයට ලැබෙන්නේ ෆයිසර් එන්නත වන අතර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ අයටද තුන්වැන්න ලෙස ෆයිසර් ලැබෙනු ඇත.
|
වැක්සින් කොක්ටේල් දාන්න වගේ හදන්නේ. හොදටම කරයි වගේ
| 1
|
POSITIVE
|
ncpp_train_0685
|
නාවලපිටිය සතොස ආයතනය තුළ තබා ගනිමින් කේරළ ගංජා අලෙවි කළ එහි සේවකයකු, තැරැව්කරුවකු සහ පාසල් ළමුන් දෙදෙනකු නාවලපිටිය පොලිසිය මගින් 24දා අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් ළමයකු ළඟ ගංජා පැකට් ඇති බවට ලද තොරතුරකට නාවලපිටිය බස් නැවතුම්පළ වෙත ගිය කාන්තා පොලිස් කොස්‌තාපල් (3660) සමන්මලී, පොලිස් කොස්‌තාපල් (37426) ජයසේකර සහාය කර ගනිමින් එම සිසුවා පරීක්‌ෂා කර තිබේ.
ඒ අනුව එම ගංජා පැකට් සොයාගෙන එම සිසුවාගෙන් ලද තොරතුරු මත හරංගල ප්‍රදේශයට ගොස් කේරළ ගංජා සමඟ තවත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව එම සිසුවාට කේරළ ගංජා ගෙනවිත් දුන් අයට උපායශීලීව දුරකථන ඇමතුමක් දී තවත් ගංජා පැකට් අවශ්‍ය බව දන්වා තිබේ.
එම තැරැව්කරුවා යතුරුපැදියකින් ගංජා රැගෙන පැමිණි අවස්‌ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් මෙහි ප්‍රධාන ජාවාරම්කරුවා සොයාගෙන තිබේ.
ඒ අනුව පොලිස් කණ්‌ඩායමක් නාවලපිටිය සතොස ආයතනය වෙත යන විටත් ප්‍රධාන විකුණුම්කරුවා එහි සේවය කරමින් සිට ඇති අතර, සතොස ආයතනය තුළ තබා තිබූ ඔහුගේ ගමන් බෑගයේ තිබී කේරළ ගංජා පැකට් 6 ක් සොයාගෙන තිබේ.
මෙම ප්‍රධාන සැකකරු කොට්‌ටාව ප්‍රදේශයේ සිට අවිස්‌සාවේල්ල හරහා මෙම කේරළ ගංජා රැගෙනවිත් රාජ්‍ය ආයතනයක රැකවරණය ලබා ගනිමින් පාසල් ළමුන්ටද මෙසේ ගංජා අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.
සියලු සැකකරුවන් නාවලපිටිය මහෙස්‌ත්‍රාත් ශ්‍රීනාත් විඡේසේකර මහතා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන සැකකරු වන උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචි සමීර මධුරසිංහ නමැත්තාට රුපියල් දසදහසක දඩයක් හා බරපතළ වැඩ ඇතිව වසරක සිර දඬුවමක් ලබා දී එය වසර දහයකට අත්හිටු වීය. තැරැව්කරුවාටද රුපියල් දසදහසක දඩයක් නියම කර මාස හයක සිරදඬුවමක් ලබා දී එය වසර 10 කට අත්හිටුවනු ලැබීය.
සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් දසදහසක දඩයක් ද අනෙක් කෙනාට රුපියල් දසදහසක රජයේ ගාස්‌තුවක් ද නියම කෙරිණි.
-සුරංග දිල්හාන්-
|
නොදකින් අප්පච්චි වහල
| -14
|
NEGATIVE
|
ncpp_train_0686
|
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය සාකච්චා කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ
දේශගුණික විපර්යාස මැඬලීමට සහ අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව සහාය දෙන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන් බවයි.රනිල් ගේ සටහන මෙසේය.‘@BorisJohnson සමඟ පැවති සාකච්ඡාවකදී අද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව මම ඔහුට විස්තර කළෙමි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ක්‍ෂේත්‍රවලදී සහ අපනයනය මූලික කරගත් විවෘත ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අපට සහාය වීමට ඔහු ප්‍රතිඥා දුන්නේය.‘
|
ඔව් ඔබ හරි. යුරෝපය දියුණු වෙලා තියෙන්නේ දේශගුණය හරි හැටි තේරුම් අරන් වැඩ කරන නිසා. අවූරුද්ද කට තිබෙන Siezon හතර හරි හැටි වෙන් කර හඳුනා ගෙන ඇති නිසා. ඔවුන් හැම වෙලේම අස්වෙන්න නොමැති කාලයට wikalpa සොයනවා. තාක්ෂණය හරි දියුණුයි. ලංකාවේ මිනිස්සු අව්ව වැස්ස ගැන බල බල දොස් කියනවා. ධෛර්යය කෙනා ට ආණ්ඩුවෙන් පිහිටක් නැහැ
| 5
|
POSITIVE
|
ncpp_train_0687
|
මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස රැඳවියන් ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ තවත් අලුත් වාර්තා මේවනවිට ලැබී තිබේ. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කිරීමේදී මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇත. මෙම ගැටලුව මුලින්ම හටගත්තේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් කළ කලහයෙන් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී තිබුණි.
ඒ සා විශාල සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී තිබියදී තමන්ට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර නොගැනීම ගැන රඳවියන් ප්‍රශ්න කර තිබුණි.එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරාද්දී මහර බන්ධනාගාරයේ නිළධාරින් වෙඩි තැබිමක් සිදු කර ඇතිඅතර ඒ අවස්ථාවේදී එක් රැඳවියකු මියයාම සිදුවිය.එම මරණයත් සමග ඇතිවූ කෝලාහල තත්වය ඇතුළේ නිලධාරින්ට පාලනය කිරීම දුෂ්කර විය.මෙහිදී තවත් රැඳවියන් පිරිසක්පළා යාමට උත්සහ කර ඇති අතර රැඳවියන් 3000ක් පමන සිරමැදිරි තුළින් එළියට පැමිණ කලහකාරි ලෙස හැසිරීමට පටන්ගෙන ඇත.එම අවස්ථාවේ එක්තරා පිරිසක් බන්ධනාගාර නියාමක වරුන් ප්‍රාණ ඇපයට ගත් බව පැවසෙන අතර ඔවුන් මුදවාගැනීමට ආරක්ෂක අංශ වලට වෙඩි තැබීම් සිදු කරන්නට සිදුවිය. එම වෙඩි පහර නිසා තවත් 5 දෙනෙකු මියගොස් 37 ක් පමණ තුවාල ලැබීය.මෙම අවස්ථාවේ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවන ලදි. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට හා ලේඛනාගාරයකට රැඳවූවන් විසින් ගිනි තබන ලද අතර ගින්න විශාල ලෙස පැතිරෙන්නට පටන්ගෙන තිබුණි. ගිනි නිවන හමුදා රථ 6 ක් යොදවා ගින්න පාලනය කරන ලදි.ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද උදෑසන වන විටත් අවසන් වී තිබුනේ නැත.මහර බන්ධනාගාරයේ මෙන්ම සෙසු බන්ධනාගාරවලද නිර්මාණය වී ඇති උණුසුම්කාරී තත්ත්වයන් පසුපසඇතැම් බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවට හෙළිදරව් වී ඇති බවත් මෙම තත්ත්ව පාලනය කිරිමට පියරගන්නා අතරේ ඔවුන් සම්බන්ධයෙන්ද අදාළ පියවර ගන්නා බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු සහසිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මේ අතර පවසා තිබේ.
මහර සිරගෙදර සිද්ධවුනේ මේකයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කිරීම
|
ඔහොමම ටිකක් වැඩිපුර මරල දැම්මනම් ඉවරයි කාලකන්නි යක්කුන්ව. හිරේ ගියානම් ඒ විදියට හිටපන්. එළියේ සෙල්ලම් ඇතුලේ දාන්න ගිහින් ඉල්ලන් කාල . ඕක STF එකට බලාගන්න දුන්න නම් ඉවරයි. පුසෝ වගේ ඉන්නේ එහෙනම්
| -10
|
NEGATIVE
|
ncpp_train_0688
|
මේ වනවිට පාර්ලිමේන්තු බහුතරය තමන් අත යයි පෙන්වා අගමැති ධූරය අංගසම්පූර්ණයෙන් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර සටනක් පවතී. 19 සංශෝධනය ගැන කියමින් නීති තර්ක නැගීම ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීම කවරක් සිදු කළත් එහි එකම විකල්පය මුදලට හෝ වරදාන ලබාදී
තමන්ගේ ගොඩට වැඩිපිරිසක් අල්ලා ගැනීම බව දේශපාලන දෙගොල්ලන්ටම වැටහී තිබෙන අතර මහජන මතය හෝ වෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නොසිතා තම කෛරාටික උපායයන් යොදවා ගොඩ වැඩිකිරීම ඔවුනගේ උපාය වී තිබේ.
මේ යටතේ සන්ධානෙන් මෙන්ම එජාපයෙන් මෙහෙයුම් දෙකක් දියත්ව ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි. හිටපු නායිකාවක් එක් මෙහෙයුමක සහායිකාවකි. ඇය සිදු කරන්නේ මුදලට හෝ වරදාන වලට පිරිස උදුරාගැනීම නොව තම පක්ෂයට හිතවතුන් පිරිසට උපදේශයන් සපයා එළැඹෙන බහුතරය විමසන ඡන්දයකදී ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලීමයි.
මේ මෙහෙයුම් වලට දායකත්වය සපයන්නට කළුසල්ලි හා විදේශ මුදල් යහමින් හුවමාරු වන බවටද දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. එය බොහෝ දුරට සමාන වී ඇත්තේ ඉන්දියාවේ පවත්වන අයිසීසී වෙන්දේසියටය. මාලිංග සංගක්කාර වැනි ක්‍රීඩකයින් වැඩි මිලට ලන්සු තැබීම හා එතරම් ඉහළ නමක් නැති නවක ක්‍රීඩකයින් අඩුවට ලන්සු තැබීම වැනි ක්‍රමවේදයක් එහි ක්‍රියාත්මක වන බව පැවසේ.
ක්‍රිකට් වෙන්දේසියේ ආකාරයටම ලක්ෂ 2500 කියන අය 2600 කියා නම්මවා ගැනීමටද දෙපිළම පෙළැඹ තිබෙන අතර අවසානයේ රහසේම තමන්ට හිමි උපරිමය ලබාගන්නා ක්‍රීඩකයා කන්ඩායමේ නම මුම්බායිස්ද චෙන්නායිද කියා වගක් නැතිව එය වෙත නැඹුරු වන තත්වයක් ඇතිව තිබේ.
මෙම දේශපාලන වෙන්දේසියේ වඩාත් උපායශීලී ක්‍රීඩකයින් තමන් අරහෙට ගියා මෙහෙට යනවා ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ ආරංචි පතුරා තමන්ගේ වටිනාකම ඉහළ දමාගැනීමේ කටයුත්තකද නිරතවේ. ඊයේ රෑ එකට කාබී නෑ නෑ කියා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා ඉහළම ඩීල් එකට යන්නේද මේ අනුවය.
මේ මෙහෙයුම් දෙකේදී දෙපිරිස අතර එකතුකිරීම් (කවුන්ටින්) අවුල් කිරීමටද මේ ආකාරයට රඟපාන්න යයි උපදෙස් සපයා ඇත. ඒ අනුව තමන් ඩීල් එක අහවර කළත් අවස්තාව එනතුරු එසේ ගිය බව අඟවන්නේ නැතිව සිටීමෙන් අනෙක් පාර්ශ්වයේ එකතු කිරීම් අවුල් කරදමන්නට හැකියාව ලැබී ඇත.
මුද්දර උඩ අත්සන් තබා කෑගසා දිවුරා කවරක් කීවත් මුදල් හා බලය ලෝලීත්වය මුසු මිනිස් දුර්ගතිය හමුවේ මේ සියල්ල වෙනස්වන්නට හැකියාව ඇත්තේ එක් මොහොතකිනි.
ඡන්දය පවත්වන තුරු අවසන් මොහොත දක්වා කිසිවෙකු විශ්වාස කරන්නට බැරි මෙම ක්‍රීඩාව රසවත්ව ඇත්තේ මේ නිසාය.
කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ රටේ මහජනතාවගේ අනාගතය පැත්තෙන් මෙම ප්‍රවණතාව ඉතා භයානක හැසිරීමකි.
|
අපරාදෙ සුද්ද අපිට නිදහස දුන්නෙ. එහෙම නොවුනනම් අපේ රට මේ අවුරුදු 70 දි මීට වඩා ගොඩක් දියුනු තැනක තියෙන්න තිබුනා. නිදහසින් පස්සෙ ආපු අපේම දශපාලකයො රට කෑවා. අද අපේ රට ජරා දේශපාලකයන්ගේ කොලනියක්. ගැලවීමක් පේන මානයක නෑ.
| 306
|
POSITIVE
|
ncpp_train_0689
|
සිය මව සමග දබරවී නිවසින් පැන ගිය 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සංගීත ප්‍රසංග භූමියක සිටිය දී රවටා රැගෙන ගොස් දින 10 ක් විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලීසි මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අට දෙනකු සහ මෙම අපරාධයට ආධාර අනුබල දුන් බව කියන හෝටලයක කළමනාකාරිණියක ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්. ගස්සාලි මහතා නියෝග කළේය.
අතවරයට පත් දැරිය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පරිවාස බාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට තවදුරටත් නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. මෙම අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට තවදුරටත් නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් කළේ ටී. කුමාරසේකර, අසිස් අහමඩ්, සහරාන් නියාස්, එස්. විශ්වනාත්, එම්. ආයාස්, එස්.එල්. ඒකනායක, කිත්සිරි ඉලංගසිංහ, කරුණාතිලක ජයසිංහ සහ ඉපලෝගම කැකිරාව පාර පිහිටි ඒ වූ ඉසඩ් හෝටලයේ කළමකාරිනි සබීතා කුමාරිහාමි යන නව දෙනාටය.
ඔවුහු කැකිරාව රත්මල්කන්ද තිබ්බටුවැව සහ ඉපලෝගම පදිංචිකරුවෝ වෙති.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කැකිරාව සහ ඉපලෝගම පොලිසි සඳහන් කළේ, සිය මව සමග දබරව අමනාප වී ඇති මෙම දැරිය ඉකුත් 14 වැනිදා සිය නිවෙසින් පැන ගොස් ඇති බවයි. එසේ පැනගොස් සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයකට ගොස් එහි සිටින අතරතුර සැකකරුවන් කිහිප දෙනකු දැරිය රවටාගෙන රැගෙන ගොස් බරපතළ ලෙස රංචු ගැසී වරින් වර දූෂණය කර ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය පසුව සෙසු සැකකරුවන්ට ද දැරිය දූෂණය කිරීම සදහා ලබා දී ඇති බව ද කීවේය.
කැකිරාව සහ ඉපලෝගම පොලිස් බල ප්‍රදේශවල පිහිටි පැන්නුම වලව්වේගම සහ කන්නන්මඩුව සහ තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි හෝටල සහ නිවාස කිහිපයක දින 10 ක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් දැරිය දූෂණය කර ඇති බව ද අධිකරණයට සැළකළ පොලිසිය තම දැරිය ආගිය තැනක් නොමැති බවට ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය. මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව ද පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වීය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුර මැද පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුරිතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා වෙනමම තවත් විමර්ශනයක් සිදු කරයි.
|
උබට මොනවද බන් තව වෙන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ
| 26
|
POSITIVE
|
ncpp_train_0690
|
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ.
කොළඹ මහානාම,ඉසිපතන, ලුම්බිණි, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය සාන්ත පීතර, බොරැල්ල සී.ඩබ්ලිව්, ඩබ්ලිව්. කන්නන්ගර, රත්නාවලී බාලිකා, කොටහේන සිංහල විදුහල හා දෙමළ විදුහල, මෝදර ද ලාසාල්, මරදාන අල්හිදායා, මාලිගාවත්ත බාරොන් ජයතිලක, කිරුළපන මහාමාත්‍ය , නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක, මධ්‍යම පළාතේ දඹුල්ල වීර විජය විමලරත්න හා මහනුවර හේවාහැට මහා විදුහල එලෙස යොදාගෙන ඇති සෙසු පාසල් වේ.
මෙම පාසල් යොදා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොව නිවාඩු අවලංගු කිරීම නිසා නිවෙස්වල සිට පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දින 14ක ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය.
මීට අමතරව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හා මහජන පුස්තකාලය ද ලබා ගෙන තිබේ.
මධ්‍යම පළාතේ පාසල් දෙකට අමතරව කොත්මලේ හා මහනුවර තවත් පාසල් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක ඊයේ (28 වැනිදා) පැවසීය.
නිලන්ත මදුරාවල
|
මීට පස්සේ රාළහාමිලා අපි බීලද කියලා ගඳ බලන්න ලඟට නම් එන්නේ නෑ ආත්මෙකට.දඩ කොල දෙන්න එනකොටත් දෙපාරක් විතර කැස්ස නම් දුවයි කට්ටිය.. හොරැ පස්සේ පැන්නුවත් රාළහාමිලාට මීටරයක් පරතරේ තියාගෙන තමා පන්නන්න වෙන්නේ. අනාගතේ ගැන හිතනකොටත් සන්තෝසේ බැරැවා.
| 34
|
POSITIVE
|
ncpp_train_0691
|
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන "නිවසක් වෙනුවට ජීවිතයක්" නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ කොළඹ නගරයේ පැල්පත්
නිවාස වල පදිංචි අඩු ආදයම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකල නව නිවාස 20,000ක් ඉදිරි වසරක කාලය තුලදී ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ඊයේ (23) උදෑසන කොළඹ 15, හේනෙමුල්ල "මෙත්සද සෙවණ" නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 722ක් ජනතා අයිතියට පත් කල අතර ඒ සමඟ 2016 වසරේ සිට මේ දක්වා නව නිවාස 3,429ක් ජනතා අයිතියට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත්වී තිබේ.
2016 - 2017 වර්ශ වලදී රුපියල් මිලියන 9080ක් ආයෝජනය කර නව නිවාස 2,270ක් ජනතා අයිතියට පත් කල නාගරික සංවර්ධන අධිකාරිය 2018 වර්ශයේදී රුපියල් මිලියන 44,515 ආයෝජනය කර නිවාස ඒකක 8903ක් ජනතා අයිතියට පත්කිරීම සදහා කටයුතු කරමින් සිටියි.
එසේම තවත් නිවාස 9,904ක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 49,520ක් ආයෝජනය කර ඇති අතර සියලූ ව්‍යාපෘතීන් අවසන් වන විට අමාත්‍ය චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරට පෙර ජනතා අයිතියට පත්කරනු ලබන සම්පූර්ණ නිවාස ඒකක ගණන 20,000 ඉක්මවනු ලබයි.
කොළඹ නගරයේ යටින් ඇති ගඳ ගහන යථාර්ථය වෙනස් නොකර උඩින් මල් පෝච්චි තැබිමෙන් පලක් නොවන බව අමාත්‍යවරයාගේ මතයයි.
අඩු ආදයම්ලාභි පැල්පත් නිවාසවල ජනතාවට ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි නව නිවසක් ලබාදීම හරහා එම ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම තුලින් කොළඹ නගරයට යහපත් අනාගතයක් උදා වනු ඇත.
නව නිවාස ලාභීන්ට අලූත් නිවසක් සමගම අලූත් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අවශය සියළු වැඩපිළිවෙල සහ පහසුකම් සැපයීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.
එම නිවාස වල ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම, කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය මාර්ගෝපදේශණය සැපයීම සඳහා විශේෂ වැඩසටහන් රැසක්ද දැනට ජනතා අයිතියට පත්වූ නිවාස ව්‍යාපෘති තුල ක්‍රියාත්මක වෙමින් තිබේ.
තවද නිවාස සංකීර්ණයෙන් වෙන් වූ කළමනාකරණ කමිටු පත් කිරීම, නිවාස සංකීර්ණ අසල ක්‍රීඩා පිටි, ප්‍රජා ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට කටයුතු කර ඇත. ඒ හරහා කොළඹ නගරය තුල තවත් උප නගර පහක් නිර්මාණය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණයි.
රාජ්‍ය බලය යොදවා බලහත්කාරයෙන් කොළඹ පදිංචිකරුවන් එළවා දමා ඒ මත සුන්දර මල් උයන් නිර්මාණය කරනු වෙනුවට දීර්ඝ කාලීන සැලසුමකට අනුව ක‍්‍රමානුකූලව කොළඹ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සදහා ක්‍රියාත්මක වන "නිවසක් වෙනුවට ජීවිතයක්" ව්‍යාපෘතිය මහනගර සංවර්ධනයේ සැබෑ අරමුණු හදුනාගත් මිනිසෙකුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අනාගත කොළඹ ජනතාවගේ ජීවන ප්‍රබෝධයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියයි.
|
හිතං ඉන්නවා ඇත්තේ, 2020 ජනාධිපතිවරණයට තරග කරන්න....බලං ඉන්න හම්බු වෙයි ...මේං කියලා ජනාධිපති වෙන්න...හැබැයි අපේ රටේ ගොං හරකින්නව 89%ට වැඩියෙන් ...ඒ හින්දා වෙන්න බැරි කමකුත් නැහැ ...
| 11
|
POSITIVE
|
ncpp_train_0692
|
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගසන බව පැවසුව ද ඔහුට. ඩප්පියක් හෝ ගැසිය නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මග නැගුම ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27)
පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ද පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට ඡන්දය ලබා දෙන අයට වෙඩි තියන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා සිටින නමුත් වෙඩි තියන්න සුදානම් වන්නේ නම් වෙඩි කෑමට ද සුදානම් විය යුතු බව කියා සිටියේය.
කෙසේ වෙතත් අතීතයේ මහින්දගේ පාලන කාලය තුළ රට තුළ පැවතියේ කැළෑ නිතිය බවත් අද එවැනි තත්ත්වයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
|
විමල්ට පුළුවන් කොළඹින් වැඩි ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට යන්න, ඔබට ප්‍රාදේශීය සභාවටවත් යන්න හැකි තරම් ඡන්ද ලබා ගැනීමට බැහැ. ඔබට ලොකු බෝම්බ ගහන්න පුළුවන් විමල්ට ඩප්පිත් බැහැ. දේශපාලනයට වඩාත් සුදුසු කවුද?
| -8
|
NEGATIVE
|
ncpp_train_0693
|
සිය උපන් දිනයට සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූති කරමින් හිටපු ජනපති චන්ද්‍රිකා අමුතු සටහනක් තබා තිබේ. එහි මෙසේ දැක්වේ. ‘මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා.
මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !’
|
හිස් අතින් ඇවිල්ලා බලයෙ ඉන්න කාලේ සුපිරි ගේම් දුන්න අනිත් දේශපාලුවන් වගේ. දැන් පොර talk දෙනවා. මිනිස්සුන්ට දැන් ඒවා මතක නෑ. .
| 15
|
POSITIVE
|
ncpp_train_0694
|
2019, අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය නොදන්නා බව ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එස්. පී. සතරසිංහ මහතා පාස්කු ඉරිදා පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ දින
පවසා සිටියේය.
කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජිකයෙකු සමඟ මාසික රැස්වීම් පැවැත්වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇගයීම් වාර්තවක් සකස් කරන බවයි.
"සාමාන්‍යයෙන් මෙම රැස්වීම්වලදී ජනාධිපතිවරයාගේ වර්තමාන ආරක්ෂක්ෂාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් අප වෙත ලැබේ. සහභාගී වීමට නියමිත විශේෂ උත්සවයක් තිබේ නම්, එම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හඳුනා ගැනීමට අපි මෙම රැස්වීම තුළදී පියවර ගන්න, "ඔහු පවසා සිටියේය.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විසින් 2019 අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීම පිළිබඳව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය. අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවත්, එම රැස්වීමට 5000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවත් කොමිසමට වාර්තා විය.
වෙබර් ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපතිවරයන්ගේ ආරක්ෂාව තක්සේරු කිර්ම සම්බන්ධයෙන්
ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වර්යා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගී වීමට පෙර ආරක්ෂක ඇගයීම් රැස්වීමක් පවත්වා නොමැති බවයි.
"ආරක්ෂක ඇගයීම් රැස්වීමක් නොතිබුණද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 10 වන දින මඩකලපුව ප්‍රදේශය පිළිබඳ ආරක්ෂක ඇගයීමක් සඳහන් කරමින් රහස් ලිපියක් අප වෙත යොමු කර ඇත." සතරසිංහ මහතා පවසා සිටියේය.
සාක්ෂිකරු කොමිසමට දන්වා සිටියේ මේ දක්වා ජනාධිපතිවරයාට පැහැදිලි ආරක්ෂක තර්ජන කිසිවක් වාර්තා වී නොමැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සහතික කළ යුතු බව එම ලිපියේ සටහන් වී තිබු බවයි.
"අයිඑස්අයිඑස් අනුගාමිකයන් මඩකලපුව ප්‍රදේශය තුළ වාර්තා වී ඇති බැවින් ජනාධිපති ආරක්ෂක අංශය විසින් විශේෂ ආරක්ෂක පියවර ගත යුතු බව නිලන්ත ජයවර්ධන මහතා ලිපියේ සඳහන් කර ඇත. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා
මෙම ප්‍රදේශය ජනප්‍රිය බවත් ඔහු එම ලිපියේ පවසා ඇත" යනුවෙන් සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත්, මීට පෙර කොමිසමේ සාක්ෂි තුළින් දන්වා තිබුණේ එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ජාතික තව්හීදී ජමාද් හි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇතුළු තොරතුරු 2019 අප්‍රේල් 09 වන දින වන විට පොලිස්පතිවරයාට යවා ඇති බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විසින් 'ටොප් සීක්‍රට්' යනුවෙන් සලකුණු කරන ලද එම ලිපිය පොලිස්පතිවරයාට මෙන්ම එහි පිටපත් ජාතික ආරක්ෂක්ෂාව පිළිබඳ ප්‍රධානියාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
නිදහස් දිනයට පෙර 2019 පෙබරවාරි 03 වන දින පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම පිළිබඳ රජයේ අතිරේක සොලිසිටර්ජනරාල්වය තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
නිදහස් දිනයට පෙර පැවති ඇගයීම් රැස්වීම තුළදී ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් හා සම්බන්ධ පුද්ගලයන් 125ක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල ජීවත් වූ බවත් වාර්තා වී ඇති බව සතරසිංහ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ඉරාකයේ හා ඉරානයේ අයිඑස්අයිඑස් පරාජයෙන් පසු ඔවුන් වෙනත් රටවලට පහර දීමට සැලසුම් කර ඇති බව එම ලිපියේ ජේෂ්ඨ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ලලිත් නනායක්කාර මහතා සඳහන් කළේය.
සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ 2019 මාර්තු මාසයේ සිට පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම් තුල දී තව දුරටත් ජනාධිපති ආරක්ෂක අංශයට රට තුළ අන්තවාදී ක්‍රියා පිළිවෙත් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා සහ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ජනක සෛශ්නවිරත්න මහතා සහභාගී වූ බව සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
යෝෂීතා පෙරේරා
|
Haringe Thaththa danagaththa
| 4
|
POSITIVE
|
ncpp_train_0695
|
සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර
වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ
ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් හා එම සිද්ධිය අන්තර්ජාලයට යොමු කළ අය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ආබාධිත යුද හමුදා සෙබළකුගේ බිරියක බව කියන මෙම එක් දරු මවට මෙම හිංසනයට ලක්වන්නට සිදුව ඇත්තේ සෙබළාගේම හිතවතුන් 10 දෙනෙකු
නිසාය. ඔවුන්
තම සැමියා සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු බව ඇය පොලිසියට දන්වා ඇත. සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක් බලා නිවසට පැමිණ එම 10 දෙනා එකින් එක්කෙනා බැගින් පැමිණ තමා සමග අඹුසැමි හැසිරීමක නිරතවූ බවත් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ ජංගම දුරකථන මගින් එය වීඩියෝගත කිරීමටද ඔවුන් කුරිරු ලෙස කටයුතු කළ බවත් ඇය පවසා තිබේ.
මීට වසරකට පමණ එපිට සිදුවූ අතවර සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනතුරුව ඒ දිනවලම ඥාතීන්ද දැනුවත් කර ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ නඩුව වසරක් තිස්සේ විභාග වෙද්දී දිගින් දිගටම ඇප ලබාදී තිබුනේද නැත.රක්ෂිත බන්ධනාගාර ගතව දිගු කාලයක් එහි ගත කළ ඔවුන් පසුව පසුගිය මාසයේ ඇප ලබා එළියට ඇවිත් තිබේ.
අනතුරුව ඔවුන් මෙම කාන්තාවගෙන් පලිගැනීමේ අටියෙන් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියැවේ.
ඇය නැවත වතාවක් පොලිසියට ගොස් මෙම හිරිහැරය දන්වා සිටින්නේ ඒ අනුවයි. ඇගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් දැන් අරඹා ඇත.
මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියෙන් පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමන්නට ඇති බවට සැක කෙරේ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.
|
මේ කාන්තාව දූෂණය කල එක වැරදි. එහෙත් 10 දෙනෙක් වරින් වර එන්න කලින් ඇයි පළමු දූෂකයා එනකොටම පොලිසියට නොගියේ. සැමියත් එක්ක නම් ඒ දූෂකයෝ බොන්නේ සමහර වෙලාවට කටගැස්මත් මේ කාන්තාව අතින්ම හදලා දෙන්නත් ඇති. අද රටේ හුගක් සමාජ ප්‍රශ්න වලට මුල සමාජය පිලිබදව හුගක් අයට අවබෝධයක් නැති නිසා. මට නම් හිතෙන්නේ මේ ගෙදර අයත් මේකට යම් වගකිමක් දරන්න ඕනේ කියලා
| -39
|
NEGATIVE
|
ncpp_train_0696
|
වත්කම් සහ බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩු පහෙන් 2010 වර්ෂයට අදාළ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා)
නියෝග කළාය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය. මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගයේ මෙසේ සඳහන් කර සිටියාය.
"විත්තිකාර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබුණේ වී නමුත් එවැන්නක් ගෙවූ බවට විත්තිකරු වෙතට ලැබුණු දැන්වීම් ඉදිරිපත් කර නොමැති වීම මත අදාළ වරද සිදු කළ බවට නිගමනය කළ නොහැක. විශේෂයෙන් අපරාධ චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුත්තේ පැමිණිල්ල විසිනි. මෙම ව්‍යවස්ථාපිත වරදක් වුවද එවැනි වරදක මූලික අංග ඔප්පු කිරීමේ භාරය පැවරෙනුයේ පැමිණිල්ල වෙතය.
එහෙත් මෙම නඩුවේ විත්තිකරු විසින් 2010 වර්ෂයට අදාළව වත්කම් බැරකම් 2010 වර්ෂයේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැති බවට තහවුරු වීමක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මඟින් සිදුවී නොමැති බව සඳහන් කළ යුතුය.
ඒ අනුව මේ නඩුවේ චෝදනාවට අදාළ මූලිකම කාරණය වන 2010 ජනවාරි 31න් අවසන් වර්ෂය සඳහා වූ කාල වකවානුවට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් විත්තිකරු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බවට වූ කාරණය පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමක් සිදු කර නොමැති බැවින් චූදිතට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට වැරැදිකරු කළ නොහැකිය.
ඒ අනුව චූදිත නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය. චූදිතට එරෙහිව නඩු විභාගයට අදාළ සාක්‍ෂි විමසීම අවසන් වීමත් සමඟ ඉකුත් ජූලි 23 වැනිදා විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ තමා මෙම වරද සිදු නොකළ බවය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පහ ගොනු කර තිබිණ.
-කවින්ධ්‍යා පෙරේරා-
|
දැන් ඉතින් ඔය අල්ලස් කොමිසන්වල ඉන්න උන් රට හරි ලිදකට හරි පැනපියව්. මතකයි නේද කිව්වා?
| 5
|
POSITIVE
|
ncpp_train_0697
|
කෙසේ හෝ නාසා ආයතනයට එකතු වීමේ ආශාවෙන් පසු වූ මින් ඉහත උසස් පෙළ ජීව විද්‍යාවෙන් ඒ සාමාර්ථ 3 ක් ගත් සිසුවෙකු මෙවර ගණිත අංශයෙන්ද උසස් පෙළ විභාගයට මුහුණ දී A සාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්ව ඇත.ගාල්ල පෝද්දල පදිංචි ඒ.එස්. රවීන් වීරනායක වන ඔහු දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
‘මම දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙක්
ලෙස වෛද්‍ය අධ්‍යාපනය හදාරනවා. මගේ ආශාව තමයි නාසා ආයතනයට එකතු වන්න. ඒ නිසා මට දැනගන්නට ලැබුණා විෂය ක්ෂේත්‍ර දෙකකින් සමත්ව තිබීම නාසා ආයතනයට එකතු වන්න සුදුසුකමක් කියලා.
ඒ නිසා මම විද්‍යා විෂය ධාරාවෙන් සමත් වෙලා තියෙද්දීම ගණිත විෂය ධාරාවෙන් නැවතත්
උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්න තීරණය කළා. ඒ අනුව තමයි මම පසුගිය වාරයේ උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ.
ඇත්තටම මෙම ජයග්‍රහණය ගැන මට සතුටුයි. මගේ දෙමාපියන් මේ සඳහා ලබා දීපු අනුග්‍රහයත් මේ වෙලාවෙදි සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි රිච්මන්ඩ් විද්‍යාලයෙන් මේ වෙනුවෙන් ලැබුණු අනුග්‍රහයත් සිහිපත් කරන්න කැමැතියි.
කොහොමත් වුණත් උත්සාහය තියෙනවා නම් දිනාගන්න බැරි කිසිවක් නැහැ. මමත් මගේ අරමුණට යන්න ඉලක්කයක් ලෙස මේ විභාගයෙන් සමත් වෙන්න කටයුතු කළා. අවසානයේ මගේ ඉලක්කය දිනාගන්න පුළුවන් වුණා.'
රවීන් නිවුන් සහෝදරයකු සහ තවත් සහෝදරියකගෙන් යුතු පවුලේ වැඩිමලාය. රවීන්ගේ පියා එස්.එච්. වීරනායකය. වෘත්තියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරිවරයෙකි. ඔහුගේ මව වන නිලන්ති සමන්ලතා තමන්ගේ දරුවන්ගේ මෙන්ම ගේ දොර කටයුතු වෙනුවෙන් සිය කාලය කැප කළාය.
රවීන් සහ ඔහුගේ සොහොයුරා ඉකුත් වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර රවීන් ඉදිරිපත් වූයේ ජීව විද්‍යා අංශයෙනි. එහිදී රවීන් ගේ නිවුන් සොහොයුරා උසස් ලෙස ගණිත අංශයෙන් සමත්ව විශ්වවිද්‍යාල
සුදුසුකම් ලබා ගත්තේය.
රවීන් ද ඉකුත් වසරේ උසස් පෙළ විභාගය සමත් වූයේ ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබා ගනිමිනි.
කෙසේ වෙතත් මෙවර රවීන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්නේ ගණිත අංශයෙනි. එයින්ද ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට රවීන් සමත්වීම විශේෂිතය.
කෙසේ වෙතත් නාසා ආයතනයට බදවා ගැනීමට මෙවැනි ක්‍රමවේදයක් තිබෙද යන්න කිසි තැනක ප්‍රසිද්ධ කර නැත.
(තොරතුරු - රවීන්ද්‍ර චන්ද්‍රලාල් සහ යූ.එම්. තිලකරත්න)
|
මේවා දැක්කම පිස්සු හැදිලා ආයිත් හැදෙනවා කියාංකෝ...
| 85
|
POSITIVE
|
ncpp_train_0698
|
ගෑස් කාන්දූවීම් නිසා නිවාස වල ඇතිවූ පිපිරීම් සිදුවීම් 30 ක් පිළිබඳව ඊයේ (29) වනවිට වාර්තාවී තිබුණි. ගත වූ පැය හතළිස් අටක කාලයේ පිපිරීම් 11ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවීම විශේෂිතය.සංයුතියේ ප්‍රශ්නයක් නිසා මෙම අනතුරු සිදුවුනු බවට විමර්ශනයක් කළ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව අනුව සංයුතියේ ප්‍රශ්නයක් ඇති බව හෙළි විය. එනම් තමන් ප්‍රොපේන්- බියුටේන් පිරවූයේ 30-70 අනුපාතයට යයි කියන ගෑස් සමාගම් බොරු කර ඇති බවටත් සත්‍ය සංයුතිය 49-51 බවටත් කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව වැඩි වාසි තකා ගෑස් සිලින්ඩරය තුළ පවතින බියුටේන් වායුව සියයට 70 ක් වෙනුවට 51 දක්වා බස්සවා අලෙවි කර ඇති බව සොයාගෙන තිබේ.ශ්‍රී ලංකාවේ උෂ්ණත්වයට නොගැලපෙණ මෙම සංයුතිය හේතුවෙන් පිපිරීම් සිදුවූ බව මීට ඉහත විද්‍යාඥයින් පෙන්වාදී තිබුණි.
ආසන්න දිනවල මාරවිල, පාදුක්ක, හංවැල්ල, කැකිරාව, මානිප්පායි, හලාවත, හැටන් යන ප්‍රදේශවල එම අනතුරු සිදුව තිබේ.මාරවිල ගරාජ් පාරේ නිවෙසක ගෑස් සිලින්ඩරය සවිකර තිබූ ළිපක් ද ඊයේ (29) පිපිරීමට ලක්විය.එමෙන්ම හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවකද ගෑස් කාන්දුවක් හේතුවෙන් ඊයේ (29) පිපිරීමක් සිදුව තිබේ.ආපනශාලාවට හානි සිදුවී ඇත.එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ ඇල්පිටිය ප්‍රදේශයේ පාදුක්ක අරුක්වත්ත ප්රදේශයේ ජාඇල, තුඩැල්ල, පොල්ගස්ඕවිට,හලාවත කාක්කාපල්ලිය සේමා ඉරිප්පුව ප්‍රදේශයේ, හංවැල්ල දිද්දෙණිය ප්රදේශයේ, සියඹලාගොඩ සහ හාලිඇල එංගඔයගම ප්‍රදේශයන්හි මේ ආකාරයේ පිපිරීම් අනාවරණය වී තිබිණි. සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්රකාශ කළේ ගෑස්වල ප‍්‍රමිතිය හා ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙතෙක් කලක් කටයුතු කර නැති බවයි.ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් රසායනාගාරය වෙත අදාළ ගෑස් සාම්පල ලැබුණු බවත් එකී සාම්පල් පිළිබඳ එකී රහස්‍ය වාර්තාව කෙළින්ම පාරිභෝගික අධිකාරිය වෙත යොමුකළ බවත් සඳහන් කළේය.
රජයේ රස පරික්‍ෂකවරිය වන ජී. රමානා මහත්මිය කියා සිටියේ එම සිද්ධීන් වී ඇති ආකාරය පිළිබඳව රස පරික්‍ෂක දෙපාර්තමේන්තුව පරික්‍ෂණ සිදුකළත් ගෑස් සංයුතිය හෝ සංඝටක පිළිබඳ පරික්‍ෂා කිරීමට රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට කිසිදු තාක්‍ෂණික පහසුකමක් නැති බවයි. මේ වනවිට එවැනි පරික්‍ෂණයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා හා ක‍්‍රමවේද සොයමින් සිටින බවද රජයේ රස පරික්‍ෂකවරිය සඳහන් කළාය.මේ අතර මොරටුව විශ්වවිද්‍යාලය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර විද්වත් කමිටුවක්ද වෙනම මේ පිළිබඳ සොයා බැලීමට පටන්ගෙන තිබේ.ගෑස් මිල ඉහළ ගොස් තිබෙන මොහොතක ගෑස් සිලින්ඩර පුපුරායාම හා ගිනි ගැනීම නිසා පාරිභෝගිකයින් ගෑස් භාවිතා කිරීම සම්බන්ධව දැඩි තැති ගැනීමට ලක්ව ඇත.
|
ප්‍රභාටත් බැරිඋන වැඩේ විරුව කෙරුව. එක නිවසකට එක බෝම්බයක්.
| 209
|
POSITIVE
|
ncpp_train_0699
|
එක්සත් ජාතික පක්‍ෂය තුළ ඩීල් දමන පුද්ගලයන් හත්දෙනෙකු සිටින බවත්, ඒ හේතුවෙන් පසුගිය රජය පැවැති සමයේ හොරුන්ට දඬුවම් ලබාදීමට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
මෙවැනි පුද්ගලයන් හට නව සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස තමා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඒ මහත්මිය පවසා සිටියාය.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,
"එක්සත් ජාතික පක්‍ෂය තුළ ඩීල් දමන ප්‍රබල පුද්ගලයන් හත්දෙනෙකු ඉන්නවා. ඔවුන් නිසා තමයි අපට පහුගිය කාලේ හොරු අල්ලන්න බැරි වුණේ. අපි දැක්කා සමහරක් චෝදනා තියෙන කට්ටියගේ ගෙවල්වලට ගිහිල්ලා සී.අයි.ඩී. (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තු) නිලධාරීන් කටඋත්තර ගන්නවා. අපිත් යනවා කටඋත්තර දෙන්න සී.අයි.ඩී එකට. සමහරු වර්තමාන අගමැතිගේ ලේකම්වරු ඒ දවස්වල ඔවුන්ගේ ගෙවල්වල සඟවගෙන සිටියා. ඒක තමයි අපට මෙහෙම වුණේ” යැයිද පැවසුවාය.
මේ අතර රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරියගෙන් අදහස් විමසා සිටි අතර, ඒ මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස පිළිතුරු ලබා දුන්නාය.
"ඔහුට ඇප ලැබුණ එක ගැන අපි පක්‍ෂයක් විදියට සතුටු වෙන්න ඕන. ඒ වගේම ඔහුට සතුටු ඇති. ඉතින් හොඳයි ඔහු එළියට ආපු එක. ඉස්සරහට ගොඩක් හඬපට එළියට එයි.”
-දිනේෂ් සමරකෝන්-
|
සත්‍යයය කවදා හෝ ජය ගනී................. ජය වේවා!!
| 133
|
POSITIVE
|
ncpp_train_0700
|
දළදා මාලිගාව සම්බන්ධයෙන් ‘ලබ්බක්‘ යයි අගෞරවනීය ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රකට ශ්‍රී ලාංකේය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව සිය නීතිඥවරයා මාර්ගයෙන් නිවේදනය කර තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් වෙත ලිපියක් යවමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ ප්‍රකාශය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ ලෝකය පුරා. බෞද්ධ ප්‍රජාවගේ සිත් රිදවන්නේ නම් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි. නීතීඥ දර්ශන කුරුප්පු මහතා ප්රකාශ කළේ බෞද්ධ දර්ශනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දීමට කිසිදු අදහසක් නොමැති බව ප්‍රකාශ කරන ලෙස තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි.මේ අතර අද (31) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සේපාල් අමරසිංහ ලබන මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
|
චොදනාව පැමිණිල්ල විමර්ශනය තීන්දුව එක පෙළට. 😂 ඔබට සතුටුයිද දැන් 😂😂
| 4
|
POSITIVE
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.